ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 12 January 2011

බද්‍රකාලි අම්මාන් දේවාලයේ නිරුවත නෙත් F.M හෙලිකරයි....



කවුරුත් දන්නවනේ මහනුවර ගාල්තැන්නේ තියෙන බද්‍රකාලි අම්මාන් දේවාලය. නොදන්න කෙනෙක් නැතුව ඇති. මොකද ස්වර්ණවාහිනියෙන් මේ ගැන හොද ප්‍රසිද්ධියක් ලබා දෙනවානේ.
මෙම දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණි ආනන්ද, සෝමා එදිරිසිංහ සමග වියලිසලාක ආදිය බෙදාදෙන අවස්ථාවක්ද මම නම් ස්වර්ණවාහිණියෙන් දැක ඇත. එහෙත් ඒය මෙම පුද්ගලයාගේ චරිතය සුදු විමට ගන්නා එක් උත්සාහයක් පමණකි කියා මට දැන් වැටහේ.


නේත් FM බැලුම්ගලින් සාක්ෂි සහිතව මෙම පුද්ගලයා හා මෙම දේවාලයෙන් කරන බොරුව ඔප්පු කොට ඇත. එහෙත් තවමත් මේ සම්බන්දව වගකිවයුතු කිසිවකුත් නිතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැත. එයටද එක්තරා හේතුවක් ඇත. මේ පුද්ගලයාහට විශාල දේශපාලන හස්තයක ආධාර ලැබෙන බවද කියනු ලැබේ.
එහෙත් මට තියෙන ප්‍රශ්නය නම් මේවා බොරු වැඩ බව දැන ගෙනත් මෙතරම් මිනිසුන් මේ කරා ඇදි යන්නේ කුමන හේතුවකටද? මට හිතෙන්නේ මැරෙන්න යන මිනිහා තණකොල ගහෙත් එල්ලෙනවා කියනවා වාගේ... කිසිම හවුහරනක් නැති මිනිසුන් කුමන හෝ සෙතක් බලාගෙන මෙවැන් තැන් කරා රොක්වෙන බවයි.
එහෙමත් නැතිනම් අපේ රටේ වැඩිපුර සිටිනුයේ මිත්‍ය ලබ්දිකයින් බවත් ය. මෙතරම් පිරිසිදු,නිර්මල බුදු දහමක් පවතින රටකත් මෙවැනි දේවල් සිදුවෙනවා නම් අනිත් රටවල් ගැන කවර කථාද?
(‍රැවටෙන්නන් සිටිනකම්, රවටන්නන්ද සිටි...)
මේ පිලිබද වැඩිපුර ලියවු ලිපි මෙතනින් කියවන්න.
Post 1
Post 2
නෙත් FM බැලුම්ගල වැඩසටහන මෙතනින් අසන්න.
දිගටම කියවන්න ->>

Monday 3 January 2011

රාජ්‍ය මැදිහත් විමක් විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් සදහා අවශ්‍ය වන්නේ ඇයි?


අද අපේ රටේ ප්‍රධාන විද්්‍යුත් මාධ්‍ය සියල්ලක්ම පාහේ එක්තරා ‍රැල්ලකට අසුවි තිබේ. එනම් Reality වැඩසටහන් ඉවක් බවක් නැතිව නිර්මාණය කිරිමයි. මෙහි ගුණාත්මක බාවය පිලිබදව මෙය කලාතුරකින් හෝ නරබන කෙනෙකුට සිතාගත හැකිය. මෙම ‍රැල්ල අපේ රටට මුලින්ම හදුන්වා දුන්නේ මහරාජාගේ "සිරස" ආයතනයයි. ඉන් අනතුරුව අනෙකුත් නාලිකාත් මෙවැනිම වැඩසටහන් විකාශය කිරිම ඇරබුවේය. දැන්නම් මෙම රියැලිටි වැඩසටහන් රටට හෙනයක් වි ඇත. බලන බලන හැම නාලිකාවකම ඇත්තේ මෙවැනි වැඩසටහන්ය. ප්‍රෙක්ශකයාට බලෙන්ම මෙවැනි වැඩසටහන් බැලිමට පොලබවා ඇත. කෙනෙකුට සිතෙන්න පුලුවන් රිමොට් එක අපේ අතේ තියෙන නිසා අපිට ඔන වැඩසටහනක් අපිට නැරබිමේ හැකියාවක් ඇති බව. නමුත් බලන බලන සැම නාලිකාවක්ම රියැලිටිවිමේ මේනියාවකින් පෙලෙන නිසා දැන් අපට සිදු වි ඇත්තේ ටි.වි නොබලා සිටිමය.

රටක විද්‍යුත් මාධ්‍යකට පුලුවන් කම තියෙනවා එමරටේ ජනතාවගේ අදහස් හා මතවාද වලට සෘජුවම බලපැමක් එල්ල කිරිමට. එම නිසා පවතින රජයක යුතුකම වන්නේ තම රටේ නිපදවෙන රුපවාහිනි වැඩසටහන් වල ප්‍රමිතිය පිලිබදව සැලකිල්ලක් දැක්විම. නමුත් අපේ රටේ වල්බුරු මාධ්‍ය නිදහස බාවිතා කරමින් කරගෙන යන මේ සංස්කෘතික හා සමාජ විනාශය පිලිබද ව රජය කිසිම මැදිහත් විමක් නොදැක්විම පුදුමයට කාරුනකි. රුපවාහිනි වැඩසටහනකදි අරක්කු සිගරට් බිමේදි කො‍ටු දැම්මට මෙම සමාජ විකෘතිවිම් වලක්වා ගත නොහැක.

මිට අවුරුදු හතරපහකට පමණ පෙර නම් අපේ රටේ ඩිස්කවරි වැඩසටහන්,නැසනල් ජියොග්‍රැපි වැඩසටහන් විකාශය වුවා මට හොදට මතකයි. අපි ඒවා බොහොම ආසාවෙන් රසවින්දා. නමුත් ලාභය පමනක් අරමුණු කරගෙන නිපදවන බාල ගනයේ වැඩසටහන් නිසා අද බාල පරම්පරාව පවා මේ රියැලිටි ‍රැල්ලට ගොදුරු වි හමාරයි. දැන්වත් වගකිවයුත්තන්ගේ ඇස්කන් ඇරි මෙවැනි වැඩසටහන් වල ප්‍රමිතිය හා ගුණාත්මක බාවය පිලිබදව අවධානය යොමුකර දිගින් දිගටම විකාශය කෙරෙන මෙම රියැලිටි ‍රැල්ල පාලනය කිරිමට මැදිහත් වන්නේ නම් ......

දිගටම කියවන්න ->>

Saturday 1 January 2011

ලැබුවාවු 2011 නව වසර සියළු පැතුම් ඉ‍ටුවන සුභ නව වසරක් වේවා !



ඕන් එහෙනම් අලුත් අවුරුද්දේ හා හා පුරාකියලා ලියන්න පටන් ගත්තා. එහෙනම් සියළුම ලක්වැසියන්ටත් ලෝක වාසි සැම දෙනාටමත් ලැබුවා වු මේ නව වසර සාමය,සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා. පහුගිය අවුරුද්දේ සිදුවෙච්ච වැරදි අඩුපාඩුකම් නිවරදි කරගෙන , නිවරදි දැක්මකින් හා විශ්වාසයකින් මේ අවුරුද්ද පටන් ගන්න හැමොම සුදානම් වෙන්න. අතපසු උන , මගහැරුණු සියළු දේවල් ගැන ලතැවිම අමතක කරලා දාන්න. නව ප්‍රබෝදයකින් මේ අවුරුද්ද පසුගිය අවුරුද්දටත් වැඩිය හොදින් , සැලසුම් සහගතව ගත කරනවා කියලා ස්ථිර අදිටනක් ඇතුව පටන් ගන්න ඔබ සියළු දෙනාටම ශක්තිය ලැබේවා !
දිගටම කියවන්න ->>