
(මුලාශ්‍රය :lankacnews)
අල්කයිඬා නයක ඔසාමා බින් ලාඩන් විසින් භාවිතා කළ ඹෞෂධ අතර බෙලහීනතාවයට ප්‍රතිකාර ලබා ගන්නා ව්‍යාඝ්‍රා ඹෞෂධය ද තිබී ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කර සිටියි. එපමණක් නොව, බින් ලාඩන් සැගව සිටි පකිස්ථානයේ අබ්බොත්තාබාඩ් මන්දිරයේ තිබී කාමූක නිල් චිත්‍රපට ද, සොයා ගත් බව නවතම බටහිර මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
බින් ලාඩන් සැඟව සිටි ඉහත මන්දිරයට කිසිදු ජනමාධ්‍යවේදීවෙකුට මේ වන තෙක් ඇතුල්වීමට නොහැකි වී ඇති පසුබිමක බටහිර මාධ්‍ය ජාලය විසින් බින් ලාඩන්ගේ මන්දිරයේ තිබී මෙම ද්‍රව්‍ය කෙසේ සොයා ගත්තේ දැයි සනාත කළ නොහැකි වාර්තා මත පදනම්ව පළ කිරීම තුළින් ඔවුන් විසින් බින් ලාඩන් ගේ චරිතය ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බවක් ද පෙනී යයි.
ඇමෙරිකානු සීල් හමුදා කණ්ඩායම විසින් බින් ලාඬන් සැඟව සිටි මන්දිරයේ තිබී සොයා ගනු ලැබූ ඡායාරූප විශ්ලේෂණය කිරීමේ දී “අවෙනා” නැමැති ව්‍යාඝ්‍රා පැණිය ද, දැක ගත හැකි බව බ්‍රිතාන්‍යය ටෙලිග්‍රාෆ් මාධ්‍යය වාර්තාවක සඳහන් වේ.
ඉතාලි අන්සා වෙබ් අඩවි වාර්තා වලට අනුව බින් ලාඩන් විසින් ව්‍යාඝ්‍රා භාවිතා කළ බවට පකිස්ථානු මාධ්‍ය වාර්තා වල සඳහන් වන බව සඳහන් කර සිටියි.
සම්පුර්ණ පුවත මෙතනින්
Read this
මෙක මෙයාලා කොපි කරෙ අපෙන් වෙන්න ඔනා...
ReplyDelete