ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday, 12 January 2019

බෞද්ධ වන්දනා පිරිත් පොත

බෞද්ධ වන්දනා පිරිත් පොත ...

මෙම පිරිත් පොත සැම බෞද්ධයෙක් ලගම තබා ගත යුතු පොතකි. පුළුවන්නම් මෙය ධර්ම ධානයක් විදියට බෙදාහරින්න. 




දිගටම කියවන්න ->>

Sunday, 28 October 2018

2020 එන්නේ වෙනම කෙනෙක්

ලංකාවේ පසුගිය දශක දෙකක විතර දේශපාලනය දෙස ආපස්සට බැලුවම 2020 ගැන මේ කෙනා කියන දේ ඇත්තක් වෙන්න පුළුවන්.

මොකද දැන් 1994 ගමු. චන්ද්‍රිකා ඇවිත් දිනයි කියලා කවුරුත් හිතුවේ නෑ. ඒත් ප්‍රේමදාස මැරුණා, ලලිත් ගාමිණි මැරුණා. චන්ද්‍රිකා දින්නා.

ඊළගට 99 දී කොටි බෝම්බය නැත්තන් චන්ද්‍රිකා පැරදිලා රනිල් දිනන සීන් එකක්ම තිබ්බේ.

2005 දීත් එහෙමයි. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා රනිල් එකක් සටනට. ඒ ආවත් රනිල් දිනයි කියලා හිතුවේ. හැබැයි මහින්ද ඇවිත් දින්නා.
2015 දීත් එහෙමයි. මහින්දට රැල්ල. මයිත්‍රී අන්තිම මාස දෙකේ එලියට ඇවිත් ජන්දේ දින්නා.

අපේ රටේ දේශපාලනයේ හැටියට අහම්බෙන් එන අය ජනාධිපති පුටුවට එනවද මන්දා.

දැන් කවුද හිතුවේ මහින්ද එක්ක මයිත්‍රී එකතු වෙයි කියලා. ඒ වගේ කැළඹීම් සහිත දේශපාලනික තත්වයක් අපේ රටේ තියෙන්නේ.

ඉදිරි දිනවල මොනවා වෙයිද කියලා බලමු.

ඒත් හැබැයි චන්ද්‍රිකා තරම් ජනාධිපති ධුර කාලයේ වැඩිම වසර ගානක් හිටපු කෙනෙක් තාම නෑ නේද?
දිගටම කියවන්න ->>

Thursday, 21 December 2017

10 GREAT VALUE SKI HOTELS IN EUROPE

Scaling the slopes doesn't have to mean sky-high prices. Now a savvy set of good-looking, great-value boltholes are rocking the winter-break scene.. 10 GREAT VALUE SKI HOTELS IN EUROPE


දිගටම කියවන්න ->>

Wednesday, 20 December 2017

ලෝකයේ ඇති හොදම වෙරලතිරයන් 20ය - The 20 Best Beaches in the World

ලෝකයේ ඇති හොදම වෙරලතිරයන් 10ය  මොනවද කියලා ඇසුවෝත් ඔබ එය දන්නවාද? බලන්න කොතරම් සුන්දර වෙරළතීරන්ද කියලා... ඒත් අපි කියෙන් කී දෙනාද මෙවැනි සුන්දර වෙරළ තීරයන් ආරක්ශා කරන්නේ.... 


1. Honokalani Beach, Wai'anapanapa State Park, Maui, Hawaii

2. Honopu Beach, Kauai, Hawaii


3. Sunset Beach, Oahu, Hawaii

4.El-Nido-Palawan-cr-alamy

5. Reduit Beach, St. Lucia

6. Palm Beach, Aruba

7. Matira Beach, Bora Bora, French Polynesia

8. Treasure Beach, Jamaica

9. Orient Bay Beach, St. Martin

10. Lindquist Beach, St. Thomas

11. Parrot Cay, Turks and Caicos

12. Waipio Valley Beach, Big Island, Hawaii

13. Trunk Bay, St. John, USVI

14. Blue Beach (La Chiva), Vieques, Puerto Rico

15. Harbour Island, Bahamas

16. Horseshoe Bay, Bermuda

17. Seven Mile Beach, Grand Cayman, Cayman Islands

18. Bathsheba Beach, Barbados

19. Dreamland Beach, Bali

20. Tikehau Island, French Polynesia

හැබැයි මේවා මේ විදියට නම් කරලා තියෙන්නේ  කියන Cntraveler.com වෙබ් අඩවියයි. ඒත් අපේ රටේ ඇති මුහුදු වෙරළත් මීට දෙවැනි වෙන්නේ නැහැ නේද ?

Nilaweli beach -Sri Lanka



දිගටම කියවන්න ->>

Top 10 Restaurants in Down South - Sri Lanka

දකුණු පළාතේ සංචාරක පුරවරයක් වන මිරිස්ස ප්‍රදේශය අවට ඇති අවන්හල්...

දිගටම කියවන්න ->>

Wednesday, 29 November 2017

Remove malicious extensions from Google Chrome..

Are you Suffering from displays pop-up ads and unwanted advertisements...

i mention the First solution for this in my Previous Post. if there is no resolve the issue.. this is the another method how to remove this adds...

Google Chrome logoRemove malicious extensions from Google Chrome:


Click the Chrome menu icon Google Chrome options icon (at the top right corner of Google Chrome), select "Tools" and click "Extensions". Locate all recently-installed suspicious browser add-ons, select these entries and click the trash can icon.


Optional method:
If you continue to have problems with removal of the ads by dns-unlocker, reset your Google Chrome browser settings. Click the Chrome menu icon Google Chrome menu icon (at the top right corner of Google Chrome) and select Settings. Scroll down to the bottom of the screen. Click the Advanced… link.

After scrolling to the bottom of the screen, click the Reset (Restore settings to their original defaults) button.


In the opened window, confirm that you wish to reset Google Chrome settings to default by clicking the Resetbutton.



Source File : https://aoo3dcad.blogspot.com/




දිගටම කියවන්න ->>

Sunday, 26 November 2017

වොක්ස්වැගන් සී.ඊ.ඕ මැතීස් මලර් ටෙස්ලා කොම්පැණියට ඇනෙන්න කිව්ව කතාව.

වොක්ස්වැගන් සමාගමේ සී.ඊ.ඕ මැතීස් මලර් ලඟදී ජර්මන් රූපවාහිණී සංවාදයකදී අපූරු කතාවක් කලා. ඒ තමයි ටෙස්ලා ගැන වොක්ස්වැගන්ලා ඇත්තටම හිතන විධිය ලෝකෙටම ඇහෙන්න කියපු කතාව.

මෙහෙම කෙලින් කතාකරන මලර් සී.ඊ.ඕ වෙන්න ඉස්සෙල්ලත් වොක්ස්වැගන් එකේ ප්‍රධානියා වෙලා හිටියේ මාර්ටින් වින්ටර්කෝන් නමැති හොඳ වැඩකාරයෙක්. ජපන් වාහනවලින් ලැබෙන තරඟයට මුහුණ දෙන්න බැරුව හොම්බෙන් යමින් සිටි වොක්ස්වැගන් නැවතත් ජපානයේ ටොයෝටා හා ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් හා කරට කර තරඟ කරන්න පුලුවන් දැවැන්ත සමාගමක් බවට පත්කලේ මාර්ටින් වින්ටර්කෝන්. වොක්ස්වැගන් සුක්කානම භාරගත්තට පස්සේ සමාගමේ දියුණුව වැඩි කරන්නත්, අලුත් තාක්ෂණය ඇද ගන්නත් පෝෂ්, අව්ඩි, බෙන්ට්ලි, ලැම්බෝගිනි, බුගාටි ආදී සුපිරි මෝටර් රථ සමාගම් වොක්ස්වැගන් පවුලට එක්කර එක්කර ගන්නට මාටින් වින්ටර්කෝන් සමත්වුනා.

බොහෝ කාලයක් වොක්ස්වැගන් ප්‍රධානියා වෙලා හිටපු මාර්ටින් වින්ටර්කෝන්, වොක්ස්වැගන් සමාගම දුම් පරීක්ෂණවලදී හොර කල හැකි ලෙස ඩීසල් වොක්ස්වැගන් කාර්වලට හොර සොෆ්ට්වෙයාර් ඇතුලු කිරීමේ අලකලංචිය නිසා ඉල්ලා අස්වුනා. එච්චර වැඩ කලත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ලා කරපු නොපනත් වැඩේ නිසා රස්සාවෙන් යන්න වුනේ අවාසනාවන්ත විධියට. මේ කොම්පියුටර් ජිල්මාට් එකට වින්ටර්කෝන් සම්බන්ධ නොවුනත්, සමාගමේ ප්‍රධානියා ලෙස එයා වගකීම අරගෙන ගෙදරගියා.

ඊට පස්සේ ලෝකේ රටවල් ගණනාවකින් වැටුනු නඩු හා කෝටි ගණන් දඩ වගේම, රන් හා සමානව තිබූ වොක්ස්වැගන් සන්නාමයට වුනු හානියෙන් ගොඩ එන්න වොක්ස්වැගන් අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගත්තේ මැතීස් මලර්. මලර් මීට ඉස්සෙල්ලා වොක්ස්වැගන් සමාගමේ සහෝදර සමාගමක් වන පෝෂ් සුපිරි කාර් රථ සමාගමේ ප්‍රධානියා වෙලා හිටියා. වෘත්තියෙන් පරිගණක ඉන්ජිනේරුවෙකු වූ මැතීස් මලර් ඉස්සෙල්ලම වැඩ කලේ අව්ඩි සමාගමේ.


වොක්ස්වැගන් සී.ඊ.ඕ මැතීස් මලර් ටෙස්ලා කොම්පැණියට ඇනෙන්න කිව්ව කතාව.

ඇත්තටම මම ටෙස්ලා ගැන ටිකක් කියන කැමතියි. මම අපහාසයක් නොවන ලෙස බොහොම ගෞරවයෙන් කියනවා ලෝකෙටම කයිවාරු ගහන කයිවාරු චැම්පියන්ලා ඉන්න බව - මම ඒ පුද්ගලයින්ගේ නම් කියන්නේ නෑ.

මේ චැම්පියන්ලා කයිවාරු ගැහුවට වැඩ නෑ. පෞද්ගලික මගී ප්‍රවාහනයේ විප්ලව කරන්න ගියාට මෙයාලට තවම අවුරුද්දකට කාර් 80,000ක් වත් හදාගන්න බෑ. සල්ලි ගෙවලා මාස ගණන් මිනිස්සු බලන් ඉන්නවා මෙයාලගෙන් කාර් ගන්න.

බලන්න වොක්ස්වැගන් කොම්පැණිය මේ අවුරුද්දේ කාර් මිලියන 11ක් විකුණලා තියෙනවා. කයිවාරු කාරයෝ 80,000ක් විතරයි. අපේ දළ ලාබෙ යුරෝ බිලියන 13ක් 14ක් විතර. එතකොට ටෙස්ලා? එයාලා හැම කාර්තුවකම ඩොලර් මිලියන ගණන් පාඩුයි.


https://youtu.be/wSklSKRkIpk


මේ ලඟදී මේගොල්ලෝ සේවකයෝ සිය ගාණක් ගෙදර යැව්වා. එහෙම යවන ගමන් එයාලා කතාකරන්නේ සමාජ වගකීම් ගැන.

මේ නිසා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා අපිව ටෙස්ලා වගේ කොම්පැණි එක්ක සමාන නොකරන ලෙස. ඇපල් සසඳන්න ඕනෑ ඇපල් එක්ක, පැපොල් එක්ක නෙමෙයි.



ටොයෝටා රථවාහන ලොවේ යෝධයෙකු බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. අපේ රටේ ඇත්තන්ට පරණ ටොයෝටාවක්, බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් සුසුකියකට වඩා බොහෝ වටිනවාය...හද හදා දුවනවාය...සමහර ඒවා දුවනවාට වඩා හදනවාය. මේ සන්තෑසිය ටොයෝටාවල ඇති වැරැද්දකට වඩා අපේ මකබාස්ලාගේ ටැලන්ට් එකය. ගලවා හයිකෙරුවොත් කෑල්ලක් දෙකක් වැඩිය. අයිතිකාරයා ලඟ නැතිනම්, ස්ටාර්ට් වෙනවානම් වැඩිපුර කෑලි ගරාජ් එකේ පරණ කෑලි ගොඩට වැටෙනවාය.

රථවාහන තාක්ෂණයේ ඉදිරියෙන්ම සිටින ටොයෝටා රථවාහන මගින් සිදුවන නොනවතින පරිසර දූෂණයට සෑහීමකට පත්විය හැකි පිලිතුරක් ගෙනාවේ ප්‍රියස් හයිබ්‍රිඩ් රථය හඳුන්වාදීමෙනි. පලමු ප්‍රියස් රථය හඳුන්වා දුන්නේ 1997 වසරේ, එනම් මීට වසර 20කට කලිනි. ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනු, සැබැවින්ම් පිරිමැසුම්දායක හයිබ්‍රිඩ් වෙළඳපොල වනසා දැමුවේ පසුගිය බජට් එක හැදූ මැට්ටන් විසින්ය. එයින් රටට වුනු පාඩුවෙන් උන්ට අමාරුවක් නැත්තේ ඇමති වුනත්, නිළධාරීන් වුනත් දෙගොල්ලන්ටම ඩියුටිෆී ස්වීප් ඇදෙන නිසාය.

ටොයෝටා ඇරඹූ හයිබ්‍රිඩ් විප්ලවයට ඇමරිකන්, ජර්මන්, කොරියන් කාර් සමාගම්ද දායකවූ අතර විවිධ නම් වලින් තම තමන්ගේම හයිබ්‍රිඩ් තාක්ෂණයන් හෝ ටොයෝටා වැනි සමාගම් වලින් ලබාගත් තාක්ෂණයන් යොදාගෙන හයිබ්‍රිඩ් රථ වෙළඳපොලට එවුනි.

හයිබ්‍රිඩ් විප්ලවයෙ හිරු බැස යන්නට පටන්ගත්තේ ඇමරිකාවේ ඊලෝන් මස්ක් පුතයා ළදරු අවදියේදී මිළදීගෙන දැඩි උනන්දුවෙන් හදාවඩා ගත් ටෙස්ලා කොම්පැණිය මොඩල් S ඉලෙක්ට්‍රික් කාර් එක හඳුන්වාදීමෙනි. ඒ 2012 වසරේදී. ඊට පෙර 2011දී නිසාන් සමාගම ලීෆ් ඉලෙක්ට්‍රික් කාර් එක හඳුන්වාදී තිබුණත්, සැබැවින්ම කිලෝමීටර් 120ක් පමණය යාගන්නට පුලුවන් වූ ලීෆ් එක නෝනලාට ශොපින් යන්නට ගෙදර තබාගත් සෙකන්ඩ් වාහනයක් වීමට සුදුසු වුනා මිස බය නැතුව නෑදෑ ගෙදරක යන්න, කතරගම යන්න පුලුවන් වාහනයක් නොවීම එහි ජනප්‍රියතාවය හීනවීමට බලපෑ බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

ඒත් මස්ක් පුතයාගේ මොඩල් S ඉලෙක්ට්‍රික් කාර් එක කිලෝමීටර් 400ක් පමණ දුවාගන්නට පුලුවන්වූ නිසා, සැබැවින්ම පෙරලිකාරී වූ අතර එයින් ඉලෙක්ට්‍රික් කාර් විප්ලවය ඇරඹුනු බව නොබියව කියන්නට පුලුවන. මේ වනවිට බොහෝ කාර් සමාගම් හයිබ්‍රිඩ් විප්ලවය අතහැර ඊලෝන් ගේ ටෙස්ලා බිහිකල ඉලෙක්ට්‍රික් විප්ලවයට හදවතින්ම අවතීර්ණ වී තිබෙනවා. ඇමරිකන්, ජපන්, ජර්මන් කාර් හා කොරියන් කාර් සමාගම් පමණක් නොව චීනයේ කාර් සමාගම් පවා ඉලෙට්‍රික් යුද්ධයට බිලියන ගණනින් ආයෝජනය කරන්නට පටන් අරගෙන තියෙනවා.

මේ අතර පැට්‍රෝල් හා ඩීසල් වාහන විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රටවල් ගණනාවක් සූදානම් වනවා. නෙදර්ලන්තය (2025), නෝර්වේ (2030), ඉන්දියාව (2030), බ්‍රිතාන්‍යය (2040), ප්‍රංශය (2040) මේ ව්‍යායාමයේ පෙරමුණ ගෙන සිටිනවා.


ඉලෙක්ට්‍රික් ලොවේ අතරමං වුනු ටොයෝටා


ඉලෙක්ට්‍රික් තාක්ෂණය හොඳින් හුරුපුරුදු ටොයෝටා ඉලෙක්ට්‍රික් වාහනයක් ජපන් වෙළඳපොලට හඳුන්වා දුන්නේ 1991 තරම් ඈතකදී. ඒ වගේම 1993දී ටොයෝටා ක්‍රවුන් රථයේ ඉලෙක්ට්‍රික් මාදිලියේ කාරයක් ටෝකියෝ නාගරසභාවේ භාවිතය සඳහා නිෂ්පාදනය කලා. එමෙන්ම 1997දී RAV4 කුඩා ජීප් රථමාදිලියේ ඉලෙක්ට්‍රික් අනුවර්තනයක්ද ජපන් වෙළඳපොලට හඳුන්වා දුන්නා. ඒ වගේම හයිබ්‍රිඩ් තාක්ෂණය දියුණු කිරීමේ ව්‍යායාමයේදීද සිය බැටරි තාක්ෂණය, අධිබල විදුලි මෝටර් තාක්ෂණය හා විදුලි වාහන සඳහා ඇවැසි වෙනත් තාක්ෂණයන්ද බොහෝ සෙයින් දියුණුකර ගත් බවයි ටොයෝටා සමාගමේ ජ්‍යේෂ්ඨයින් පවසන්නේ.

එත් ටොයෝටා ඉලෙක්ට්‍රික් තාක්ෂණයට දක්වන්නේ ඇල් මැරුණු උනන්දුවක්. ටොයෝටා සභාපති තකේෂි උචියමාදා පවසන්නේ ඉලෙක්ට්‍රික් වාහන භාවිතයේදී තවමත් විශාල ප්‍රායෝගික ගැටලු පවතින බවයි. පලමු වැන්න වන්නේ පැට්‍රෝල් ටැංකියකින් සාමාන්‍ය කාරයක් කිලෝමීටර් 1000ක් පමණද, නූතන හයිබ්ඩ්‍රිඩ් රථයක් කිලෝමීටර් 1500ක් පමණද ගමන් කරද්දී තවමත් ඉලෙක්ට්‍රික් වාහනයක් එක් ආරෝපණයකින් කිලෝමීටර් 400-500ක් පමණක් ගමන් කිරීමයි. දෙවැන්න බැටරි ආරෝපණයට ගතවන කාළය නිසා සිදුවන ප්‍රමාදයයි. එමෙන්ම බැටරියේ ආරෝපණ ශක්තිය කෙමෙන් දුර්වලවීමත්, අලුත් බැටරි අධික මිළවීමත් නිසා ඉලෙක්ට්‍රික් වාහන වල දෙවැනි වෙළඳපොල (second-hand market) ඉතා පහල බවයි උචියමාදා තර්ක කරන්නේ.

මේ ටොයෝටා දැක්මට අනුව ඉලෙක්ට්‍රික් වාහන යනු වාහන තාක්ෂණයේ හිනිපෙත්ත නොව, හයිබ්‍රිඩ් වැනි අතරමැදි අවස්ථාවක් වනවා. ටොයෝටා දැක්මට අනුව රථවාහන තාක්ෂණයේ සබෑ හිණිපෙත්ත වන්නේ සුපිරිසිදු හයිඩ්‍රජන් වලින් දුවන, දුම ලෙස ජලවාෂ්ප පමණක් පිටකරන හයිඩ්‍රජන් වාහනයි.

මේ හයිඩ්‍රජන් පෙරලියේ ආරම්භක වෙඩිමුරය ලෙස 2014දී ටොයෝටා සමාගම සිය පලමු හයිඩ්‍රජන් කාරය වන ටොයෝටා මිරායි රථය කැලිෆෝනියාවේ වෙළඳපොලට හඳුන්වා දුන්නා.කෙසේ වෙතත් හයිඩ්‍රජන් බිහිසුණු ලෙස පුපුරායන, අන්තරායකාරී වායුවක් නිසා හයිඩ්‍රජන් පිරවුම් හලක් බිහිකිරීමට ඩොලර් මිලියනයක් පමණ වැයවනවා. මේ හේතුව වෙනත් රථවාහන නිෂ්පාදකයින් හයිඩ්‍රජන් වාහන නිපදවීමට මැළිකමක් දැක්වීමට ප්‍රධාන හේතුවක් වනවා.

කෙසේ වෙතත් ටොයෝටා පවසන්නේ තමන් නිර්මාණය කල හයිබ්‍රිඩ් තාක්ෂණය ජනප්‍රිය වීමට වසර 10ක් පමණ ගතවූ බවත්, හයිඩ්‍රජන් වාහන ප්‍රධාන ධාරාවට එක්වීමට වසර 15-20 පමණ ගතවිය හැකි බවත්, ඒ නිසා කළබල නොවී ඉවසීමෙන් ක්‍රියාකල යුතු බවත්ය. මේ අතරවාරයේ හයිබ්‍රිඩ්, ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණයන් නිර්මාණය සඳහාද ආයෝජනය කිරීමට ටොයෝටා සූදානමින් සිටිනවා.
(ලිපියේ කතෘ අයිතිය :https://goo.gl/6PCqc3 )
දිගටම කියවන්න ->>

Tuesday, 21 November 2017

Nissan Leaf 2018 - Electrical Car


Is the Nissan Leaf 2018 Electrical Car of the next Generation Car ?









දිගටම කියවන්න ->>

Wednesday, 18 September 2013

කොස්ටා කොන්කෝඩියා මාස 20 කට පසු ගොඩ ගනි..(Salvaging the Costa Concordia)



කාටත් මතක ඇතිනේ මිට මාස 20 කට පෙර ඉතාලියේ ගිග්ලියෝ දුපත ආසන්නයේ ගිලුනු කොස්ටා කොන්කෝඩියා නැව.ඔන්න ඉතින් ඊයේ ඒ නැව ගොඩාරගෙන තියෙනවා. කොහොමින් කොහොම හරි ලෝක ඉතිහසයේ වැඩිම වියදමක් දරපු නැව්ගොඩ ගැනිම මේක කියලයි සදහන් වෙන්නේ. සම්පුරන වියදම ඇ.ඩො. මිලියන 800ක් විතරවෙනවලු. මේවැඩේට ලොකේ වටේ විවිධ ජාතින් 24 කට අයිති 500 දෙනෙක් විතර සහබාගිවෙලා තියෙනවලු..  B.B.C  අඩවියේ මෙන්න මේවිදියට තමයි මේ ගැන වාර්ථාවෙලා තියෙන්නේ.
On 16 September 2013, after 612 days partially submerged in 50ft (15 metres) of water, the huge vessel was painstakingly hauled upright in the most critical phase of the salvage operation.
A process called "parbuckling" used pulling cables and the weight of water contained in huge metal boxes welded to the ship's sides to roll it upright.
The procedure took 19 hours to complete as pulling jacks applied some 6,000 tonnes of force to dislodge the vessel from the rocky sea bed on the shore of Giglio island.
Once the ship had rotated to 25 degrees, no further pulling was required as it continued to rotate under both its own weight, and the weight of water contained in the metal boxes.
As daylight broke the scale of damage to the ship's submerged flank - ground into a reef and crushed under the weight of the hull - became clear.
The ship is now resting on five huge metal platforms, constructed and lowered to the sea bed earlier this year.

Next phase
The next phase will see more boxes - known as caissons - attached to the other side to stabilise the ship over the winter months.
In spring 2014, water in the caissons will then be pumped out and replaced with air to give buoyancy, allowing the vessel to be finally towed away and scrapped.
The salvage operation is estimated to have cost at least 500 million euros (£420m) so far, with some insurance analysts predicting that this could rise.
The project has faced delays due to bad weather and difficulties in drilling support structures into the hard granite sea bed.
During the early phases of the operation, there were fears that the wreck could slide into deeper water and sink completely, so divers attached heavy steel anchor cables to stabilise it.
Environmental threat
The vessel still contains tonnes of rotting food, furniture, bedding and passengers' belongings, and environmental contamination has been a constant risk during the operation.
One of the project's directors, Franco Porcellacchia, told the BBC: "This is a very delicate and unusual operation. We have no reference here".
"So far we have recorded no pollution and the situation is being constantly monitored by the authorities."
With the ship considered a write-off, its final destination is expected to be a dry dock in Sicily, where it will be cut up.
"The salvage is a joint venture [between Titan and Micoperi], but that contract is terminated when the ship is raised," Mr Porcellacchia said.
"Dismantling it is another ball game".
Chaotic evacuation
Thirty-two passengers and crew members died in the accident, which unfolded just off Giglio island on Italy's west coast on Friday 13 January 2012.
Capt Francesco Schettino is alleged to have steered the ship too close to shore while trying to show it off to islanders, and hit a rock.
The huge vessel then drifted and partially capsized with more than 4,000 people on board.
The evacuation of the ship was slow and chaotic, with conflicting information passed between the captain, the ship's crew and the coastguard authorities.
The bodies of two people - an Italian passenger and a Filipino crew member - remain unaccounted for.
Schettino has been charged with manslaughter, causing a shipwreck and abandoning ship before passengers were evacuated.
The captain went on trial in July and could face up to 20 years in prison if found guilty.
Five other senior crew members were found guilty of manslaughter in July and given sentences of up to two years and 10 months, but may avoid prison due to plea bargains.
Source: BBC
දිගටම කියවන්න ->>

Saturday, 14 September 2013

Illustrator ඉගන ගන්න කැමති අය ඉන්නවද? මෙන්න එහෙනම් පලමු විඩියෝ පාඩම.


කවුරුත් දන්නව ඇතිනේ Illustrator වලින් කරන්න පුළුවන් වැඩ ගැන. (පොඩ්ඩක් ගුගල් දෙයියන්ගෙන් අහලා බලන්න.) වැඩිපුරම ඉතින් ලොගෝ ඩිසයින් වගේ ඒවට තමයි නියම. ඉතින් Illustrator වලින් කොහොමද Map එකක් නිර්මානය කරගන්න විදිය මේ විඩියෝ පාඩමේ අන්තර්ගත වෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ වීඩියෝ පාඩම් කියලා දෙන Linda.com අඩවිය ගැන. ඉතින් මෙම විඩියෝවත් ලින්ඩා වල තවත් සුපිරි ඉදිරිපත් කිරිමක්.
මෙම විඩියෝවේ අන්තර්ගතය පිලිබදව පොඩ්ඩක් සදහන් කරොත්..
Learn to create a custom map that provides clean and accurate directions and points out the landmarks you want to highlight. In this course, William Everhart shows how to build a road map in Adobe Illustrator, which you can then print or embed on a website. Discover how to obtain a source image; trace the map; draw and style different roads, landmarks, and basic geographic features; and label your map with type and symbols. Finally, learn to add turn-by-turn directions and prepare your map for print or sharing online.
Topics include:
  • Understanding different types of maps
  • Extracting a map from an online source
  • Sketching out a map
  • Creating a tracing template
  • Drawing major and minor roadways
  • Using graphic styles
  • Creating train tracks
  • Drawing bodies of water, parks, and other landmarks
  • Labeling roads
  • Adding a map legend
  • Saving for print
  • Sharing a map online


  • author-William Everhart
  • subjectDesign- Projects
  • software- Illustrator CS6, CC
  • level - Intermediate
  • duration- 2h 48m 
  • released - Aug 14, 2013


මම මෙතනදි ලබා දෙන්න යන්නේ ටොරන්ට් ෆයිල් එකක්. ධාරිතාවය 1.3GB
 (torrent file එකේ Seeds  ප්‍රමානය අනුව ඩවුන්ලෝඩ් විමට ගතවන කාලය අඩු වැඩිවිය හැක. ඔබත් ඩවුන්ලොඩ් කර අවසන් වු පසු යම් කිසි කාලයක් seeds  විමට දෙනව නම් එය කාටත් වටි)

තවදෙයක් සදහන් කරන්න අවශ්‍යයි. ඔබට යම් Lerning Video එකක් අවශ්‍යතාවය තියෙනව නම් කොමන්‍ටුවක් විදියට සදහන් කරන්න. වැඩි දෙනාගේ ඉල්ලිම් ඇති Lerning Video ෆයිල් එක ලබාදෙන්න උපරිම උත්සාහ කරන්නම්.  මොකද මමත් වැඩිපුර සොෆ්ට්වෙයා lerning ඉගන ගත්තේ විඩියෝස් බලලමයි.
දිගටම කියවන්න ->>

පොටො ෂොප් කරන අයට මේ මාසේ Advanced Photoshop මැගසින් එක ( Advanced Photoshop - Issue 112, 2013)


Advanced Photoshop - Issue 112, 2013
ඔන්න පොටො ෂොප් කරන අයට මේ මාසේ පලවන මැගසින් එක ගෙනාවා.
 English | 100 pages | True PDF | 25.00 Mb

 මැගසින් එක ගැන විස්තර මෙතනින් බලන්න.
මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න.
ටොරන්ට් ෆයිල් එක අවශ්‍යය මෙතනට යන්න
දිගටම කියවන්න ->>

Tuesday, 10 September 2013

මහා ලක්ෂ්මි ස්තෝත්‍ර සහ මන්ත්‍ර.

පහුගිය දවසක feng shui සගරාවක වලවුන ලිපියක තිබුනා, මහා ලක්ෂ්මි දේවිය සම්බන්දව බලගතු ස්තෝත්‍ර වගයක්. ඉතින් මට අපේ ගෙදර අය කිව්වා මේ CD එක , අහවල් feng shui මධ්‍යස්ථානයෙන් මිළඩිගෙන එන්න කියලා. ඒත් සගරාවේ සදහන් වෙලා තිබුන විදියට CD එක රුපියල් 500ක්. කොකටත් කියලා අන්තර්ජාලයේ පොඩි සර්ච් පාරක් දාද්දි ගෙඩි පිටින්ම මේ CD එකේ තිබුන ස්තෝත්‍ර සහ මන්ත්‍ර ටික නොමිලේ ඩවුන්ලොඩ් කරගන්න අවස්ථාව දිලා තිබුනා. ඉතින් මොනවටද රු 500ක් දිලා ගන්නේ. මේ ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවනම් මේ ස්තෝත්‍ර සහ මන්ත්‍ර ටික පහත ලින්කුවෙන් බාගන්න.

 ලක්ෂ්මි දේවියගේ මෙම ස්තෝත්‍ර සහ මන්ත්‍ර වලින් ඔබට ලැබෙන ප්‍රයෝජන.
 1.දුෂ්ට බලවේගවලින් නිදහස ලැබෙනවා.
 2.අපල අඩුවෙනවා.
 3.ජිවිතයේ සාර්ථක බව වැඩිවෙනවා.
 4.නිවසට ධනය ලැබෙනවා.
 5.මුදල් ප්‍රශ්න නැතිවෙනවා.
 6.ජිවිතයේ ප්‍රධාන අර්මුනු කෙරෙහි අවධානය යොමුකිරිමට හැකිවෙනවා.
 7.ඉසුරුමත් බව ,බලය සහ සාමය ලැබෙනවා.

  මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

දිගටම කියවන්න ->>

Monday, 2 September 2013

Fiverr Not Just $5 Anymore


Fiverr reinvented itself today, keeping the five but adding two zeroes behind it as the everything-for-five-dollars marketplace goes upscale, seeking to power the emerging "gig economy." The new Fiverr will offer a dramatic new design that transforms the existing mostly text-based Fiverr into a very visual, almost app-store-like experience. The new look also extends to individual "Gig Pages" for Fiverr users, which offers a richer display of sellers, their talents, and their buyer feedback. In addition, the new marketplace gives buyers better visibility of seller ratings and delivery time, plus a new "mission control" dashboard for sellers that helps them manage multiple gigs, track their revenues, and access analytics on monthly trends, cancellation rates, buyer demographics, and more. The gig economy, the company says, is all about a new model of work. "The new Fiverr is a reflection of the shift from an outdated work model to the new entrepreneur," Micha Kaufman, CEO and co-founder of Fiverr, said in a statement. "We will continue to follow this passion and drive this movement forward." Originally on Fiverr, if sellers wanted to charge more than $5 for services, they needed to ask buyers to purchase multiple orders, or purchase add-on extras. Now, Fiverr enables prices up to $500 for services that are definitely moving up the ladder in categories like branding and animation that could benefit from more work than even very inexpensive hires could previously offer for $5. And making more money is critical to Fiverr users' success, says Kaufman. "We're seeing users buy houses, cars, and settling college loans with the money they’re making on Fiverr." Fiverr currently offers 1.7 million gigs in 120 categories and has millions of users from more than 200 countries. The new look and features will be rolling out to Fiverr users over the next few weeks.
Original Article
දිගටම කියවන්න ->>

Thursday, 29 August 2013

Fiverr Community Milestone: Two Million Reasons To Celebrate (‍ෆිවර් සල්ලි උල්පත)

‍ෆිවර් 2 000 000 වෙනි ගිග්ස් එකත් අරබයි.
ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ ‍ෆිවර් කියන්නේ සල්ලි උපයන්න පුළුවන් හොදම තැනක්, හැබැයි දක්ශයන්ට හා උත්සහාවන්තයන්ට පමනයි. මමත් දැනට වසර දෙකක පමන සිට ‍ෆිවර් එකේ වැඩ කරනවා. දැනට සැලකියයුතු මුදලක් මේයින් උපයා තියෙනවා. ඔබත් උත්සාහ කර බලන්න.
දිගටම කියවන්න ->>

Wednesday, 28 August 2013

මම ආයෙත් මේ බ්ලොග් එක ලියනවෝ....



සමාවෙන්න ඔනි ඉදලා හිටලා හරි මගේ බ්ලොග් එක පැත්තේ ආව ගියපු යාළුවන්ට, මගේ බ්ලොග් එක ලියන්න බැරිවෙච්ච එක ගැන.  හරියට ම කියනවනම් අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලත් මට මේ බ්ලොග් එක යාවත්කාලින කරන්න බැරි වුනා. එයට හේතුවකුත් තිබුනා.  ඉතින් මම බලාපොරොත්තු වෙනවා අදින් පසුව පුළු පුළුවන් විදියට බ්ලොග් පොස්ට් එකක් දාන්න.
එහෙමනම් සියළු දෙනාට යලිත් ඉ-කොළමට ඉදලා හිටලා හරි ඇවිත් යන්න එන්න කියනවා.

දිගටම කියවන්න ->>

Saturday, 14 April 2012

Google ඇඩ්සෙන්ස් චෙක්කුවක් ගෙදරටම ආවෝ....

හැමෝටම ලැබුවා වු අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
ඉතින් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා දාන්න යන්නේ සතු‍ටු හිතෙන කාරනයක්... ඔන් මට google adsense චෙක්කුවක් ගෙදරටම ලැබුනා.. චෙක්කුවේ වටිනාකම් ඩොලර් 103ක්.. අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම නරක නැ වගේ... ඇඩ්සෙන්ස් එක්ක ඔට්‍ටුවෙලා හා හා පුරා කියලා ලබා ගත්තු මුල්ම මුදල...
දැන් ඉතින් තියෙන්නේ මේක මාරු කරගන්න එක තමයි..

මගේ කොමර්ෂල් බැංකුවේ ගිනුමට මේක දාගන්න පුළුවන් වේවිද? දන්න අය ඉන්නවනම් කමේන්‍ටුවක් දාලා විස්තරේ කියලම යන්න කෝ... කොහොමද මේක සල්ලි කරගන්න පුළුවන් විදිය කියලා...

ඉහෙනම් ඉතින් ඇඩ්සෙන්ස් තවදුරටත් හිනයක් නොවෙයි..


දිගටම කියවන්න ->>

Thursday, 16 February 2012

තෙල් මිළ වැඩි කිරිමට බලපැ ඇත්තම හේතුන්...


තෙල් මිළ වැඩිවිම ගැන අද රටේ සැම තරාතිරමකම පුද්ගලයින්ගේ ප්‍රදාන මතෘකාවක් බවට පත් වෙලයි තියෙන්නේ.ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් ඩීසල් මිළ වෙවර වැඩිකර තියෙනවා.ඇත්තටම රජය මේතරම් විශාල ලෙස තෙල් මිළ වැඩි කිරිමට හේතුව කුමක්ද? ඇත්තටම රජය කියන ආකාරයට මෙසේ තෙල් මිළ වැඩි කිරිමට හේතුව ලෝක වෙළද පොලේ තෙල් බැරලයක මිළ ඉහල යාම හා ඉරානයට එරෙහිව ඇති සම්බාධක ප්‍රශ්නයද? එසේ නම් අපි ලංකාවට තෙල් ලබාගන්නා ආකාරය හා පහුගිය කාලය තුල ලංකාවට තෙල් ගෙනා කාලවකවානු හා තෙල් බැරලයක් මිලදිගෙන ඇති මිළ සලකා බලමු..
*පසුගිය නොවැම්බර් 04 වෙනිදා ලංකාවට ඉන්ධන ආනයනය කර ඇත්තේ තෙල් බැරලයක් ඇ.ඩො 94.26 ට
* ඉන්පසු පසුගිය දේසැම්බර් 02 වනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 100.96 කට
*මේ වසරේ ජනවාරි 06 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 101.56
*තෙල් මිළ වැඩි කිරිමට දවස් කිපයකට කලින් එනම් පෙබරවාරි 10 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 96.68 කට.

එහෙත් පසුගිය වතාවන්ටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් ආනයනය කර විදේශ වෙළද පොලේ තෙල් මිල ඉහල යනවයි කෙබර කෙල කෙල ඉතිහාසයේ පෙර නොවු විරු ලෙස තෙල් මිළ වැඩි කරේ වෙනදාටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් මිළදි ගෙනය.
තවත් දෙයක් තමයි මේ තෙල් වැඩිවිමට බලපානවයි කියන ඉරාන ප්‍රශ්නය. එහෙත් ලංකාවට ඉරානයෙන් ආනයනය කරන්නේ බොරතෙල් පමනයි.ලංකාව ලොකෙන්ම බොරතෙල් ආනයනය කරන්නේ 45%යි. ඉතුරු 55% පිරිපහදු තෙල් ලෙස ගෙන්වන්නේ වෙනත් රටවලිනි.
එසේනම් සත්‍ය ලෙසම තෙල් මිළ වැඩිවිමට මේ ඇමැට්ටෝ කේලින ලෝක වෙළදපොළ් තෙල්මිළ ඉහල යාම හා ඉරාන සම්බාධක ප්‍රශ්නයම නොවේ. ප්‍රදානතම හේතුව වන්නේ රජයේ පවතින අකාර්ය්‍යාක්ෂම,දුෂිත කළමණාකරනයේ ඇති දුර්වලතාවයත්,හෙජින් සුදුවෙන් සිදුවු කෝටි 6000ක පාඩුවත්,ඛනිජ තෙල් සංස්ථාවට රජයේ ආයතන වලින් ලැබිය යුතු කෝටි ගනනක මුදල් පාඩුවත් තෙල් මිළ අසාධාරන ලෙස වැඩි කර ජනතා බදුමුදලින් ලබාගැනිමය.

තෙල් මිළ ඉහල ගියා කියන්නේ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිළත් ඉහල යැමය. ඊයේ සිට විදුලි බිලද වැඩි කර ඇත. දැන් ඉතින් ලයිට් තිබ්බත් ලයිට් නොදා ඉන්න තත්වයකට පත්ව ඇත. බස් ගාස්තුද පෙර නොවු විරු ලෙස අසාධාරන ලෙස වැඩි කර ඇත. හෙට අනිද්දාම ගැස් මිලත් වැඩි වේවි. මේ සකලවිද හේතුන් නිසා අන්තිමට තැලෙන්නේ අසරන දුප්පත් ජනතාවයි. රජයේ නාස්තිය හා දුෂණය අවම නොකොට මෙලෙස අසාධාරණ ලෙස ජනතාව වෙත බදුබර පටවන ආණ්ඩුව කිසිම සැලැස්මකින් තොරව ක්‍රියාත්මක වන බවයි පෙනෙන්නේ.
දිගටම කියවන්න ->>

Thursday, 29 December 2011

කවුද කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැ කියලා...100% නිවරදිව, නිත්‍යානුකුලව අන්තර්ජාලයෙන් මුදල් සොයමු.


මතෘකාව දැක්කමනම් හිතෙනවා ඇති නේද.. ඔන්න තවත් ඇඩ් කිලික් කිරිමක් ගැන කියන්න යනවා කියලා. ඒවා නම් බොරු වැඩ. ඇඩ් ක්ලික් කිරිමෙන් අපි නිකන් අපේ කාලය කා ඩැමිමක් විතරයි සිදුවෙන්නේ. මම අද කියන්න යන්නේ මම කොහොමද අන්තර්ජාලයෙන් මුදල් ඉපයුවේ කියලා.

මේකත් ලෙසි වැඩක් නෙවෙයි. අපි කවුරුත් කුමන හෝ දේකට දක්ශ ඇති නේ . අන්න ඒ දක්ෂතාවය මත තමයි අපි කොපමන මුදලක් උපයනවාද කියලා තිරනය වෙන්නේ. මම මුලදි නම් odesk එකත් එක්ක ඔට්‍ටු උනා. ඒත් මට තවම odesk හරහා නම් එකම ප්‍රොජෙක්ට් එකක්වත් අරගන්න බැරි උනා. එත් මම fiverr වලින් නම් මේ සති දෙක ඇතුලත $ 86ක් හෙව්වා. මේ පිලිබදව මුලින්ම කියලා දිපු iplusblog එක ලියන සහෝදරයට මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඔන, කිසිම දෙයක් හන්ගන්නේ නැතිව fiverr ගැන කියලා දුන්නට. මෙන්න මේ ලින්ක් එකෙන් iplusblog එකේ fiverr ගැන ලියපු ලිපි පෙල බලාගන්න පුලුවන්.

ඉතින් මම කොහොමද මේ මුදල් සෙව්වේ කියලා කියන්නම්. මම auto CAD හා 3D Design වලට දක්ෂයි. ඉතින් මම ipusblog සහොදරයා කියලා දිපු විදියට මගේ දක්ෂතාවය කියලා gig දෙක තුනක් හදලා මගේ fiverr accountඑකට ඇඩ් කලා. එත් ශතියක් විතර යනකම් කිසිම ඔඩරයක් නැතුවයි හිටියේ.

ඔන්න එක දවසක් ඔඩර් එකක් ඇවිත් තිබුනා. ඒකෙදි මට කරන්න තිබුනේ සපත්තු අඩියක් Auto CAD වලින් ඩිසයින් කරලා දෙන එක. මේක මට සිම්පල් වැඩක. මම විනාඩි ගනනාවක් ඇතුලත අදාල buyer දිපු උපදෙස් අනුව ඒක හදලා දුන්නා. ඒකට මට හා හා පුරා කියලා $ 4ක් ලැබුනා. මොකද අපිට$5ක් ලැබුනත් fiverr අඩවියට $1ක් කපාගන්නවා.



කොහොමින් හරි මේ buyer වැඩේ ඉක්මනට කරලා දුන්නට සැටිස් වෙලා, මගෙන් ඇහුවා මේ සපත්තුවේ 3D එක කරලත් දෙන්න පුළුවන්ද කියලා. මම මොකටද බැහැයි කියන්නේ මම හා කියලා වැඩේ භාර ගත්තා. මට මේකට සති 02ක් දෙන්නම් කියලත් කිව්වා. ඒ වගේම මේ වැඩේට මට $50ක් ගෙවන්නම් කියලත් කිව්වා. ඒ කිව්ව විදියටම මම දෙසැම්බර් 23 වෙනිදා බැඩේ කරලා බාර දුන්නා. මගේ පලමු වැඩේ නිසා මම කිව්වා මට $40k දෙන්න කියලා. මිනිහා $40 මගේ paypal එකට දාලා ඉදිරියටත් මාත් එක්ක ගනුදෙනු කරන්න කැමතියි කියලා මැසේජ් එකකුත් එවලයි වැඩේ complete කරේ.

මම Design කරපු සපත්තුව මෙතනින් බලා ගන්න පුළුවන්.ඊට පස්සේ එක පිට එක වගේ වැඩ ගලාගෙන ආවා. තාමත් වැඩ එනවා. ඉතින් මම කියන්නේ අපිට දක්ෂතාවයක් තියෙනව නම් අපි මොකටද නිකන් ඇඩ් කිලික් කර කර කාලේ කා දමන්නේ. තමන්නේ දක්ෂතාවය අනුව කියක් හරි අමතරව හොයාගන්න බලන්න.


අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ මේ පිලිබදව මුලසිට සරලව කියලා දිපු iplusblog සහෝඅදරයට ගොඩාක ස්තුතිවන්ත වෙනවා.
දිගටම කියවන්න ->>