ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday, 16 January 2010

සුභ අනාගතයක්



ලියන්න කියලා මේ දවස්වල කිසිම විදියකින් ඔලුව නිදහස් නැ. ඇයි ඉතිං ජනාධිපතිවරන උනුසුම එන්න එන්නම වැඩි වේගෙන එනවා. T.V චැනල් එකක් දැම්මොත් යන්නේම අරයා මේක හොරකම් කරලා , මෙයා රට පාවාදෙනවා, අරයා දේශදොහියා, මෙන්න මෙයා දෙශප්‍රෙමියා, අරකට්ටිය කොටින් එක්ක හොර ගිවිසුම් ගහලා. ඔබේ ජන්දයෙන් මවුබිම දිනවන්න, දෙවන මෙහෙයුම සුදානම් මෙකි නොකි විකාර ලොකයක්. ඒ අතරට චැනල් ඔක්කොමලා සති අන්ත දවස්වල ‍රැට ‍රැට ස්ටාස්ලත් තොරනවා. මේ ස්ටාස්ලා තොරන්න එන අය අතරෙත් ජොකර්ලත් ඉන්නවා. අනේ ඇත්තට මටනම් හිතෙන්නේ මේ කලියුග කාලය වෙන්න ඇති. නයි මුගටි වාගේ හිටපුඅය එකට වාඩිවෙලා, කලාකාරයො දෙපැත්තට බෙදිගෙන, තාරුන්‍යයට හොටක් දිගෙන, තරුණ තරුණියන්ගේ හොට බිම ඇනලා, සංවේදි නායකයාට රටේ තියෙන සංවේදිම ප්‍රශ්න අමතකවෙලා, දෙවන මෙහෙයුමට යන්න හදනකෙනා පලමු මෙහෙයුමටවත් සහයෝගය නොදිපු අයත් එක්ක අත්වැල් බැදගෙන... අනේ මංදා . මටනම් මේ කිසිදෙයක් ගැන හිතා ගන්නවත් බැ. මෙහෙම ගියොත් අපේ රට ආසියාවේ අශ්චර්්‍ය නෙවෙයි... අසියාවේ අපාය වෙවි. 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට යන්න තියෙන රට තුන්වන ලෝකයේ රටකත් වඩා ආපස්සට යාවි.
දිගටම කියවන්න ->>

Friday, 15 January 2010

අපේ ක්‍රමය


ජනාධිපතිවරන්යේ උනුසුම එන්න එන්නම වැඩිවිගෙන එනවා. ඕං පලමු බිල්ල තංගල්ලේන් කියලා ආරංචියි. අනේ මුන් වගේ බත් කන හරක් වෙන කිසිම රටක නැතුව ඇති. ජන්දයක් නිසා දෙපැත්තට බෙදිලා ගහා මරාගන්න හැටි විතරක්. මෙහෙම දෙපැත්තට බෙදිලා ගහමරා ගත්තත් අන්තිමට මොනවද මේ අයට ලැබෙන්නේ. මොකුත්ම නැ... හැමදාම ජන්ද කාලයෙදි ජන්දදායකයාට වෙන්නේ දෙපැත්තට බෙදිලා ඉන්න තමයි. එහෙම බෙදිගෙන ඉදලා තමන්ව මහා ඉහලින් බලාපොරොත්තු තියගෙන ඉන්න නායකයාව දිනවලා උඩින් තියනවා. අවසානයේ ඒ නායකයා දුප්පත් ජන්දදායකයාගේ ජන්දටික අරගෙන (අර තමන්ගේයකියා ගන්නා නායකයා) සුර සැප විදිනවා. අනේ ඉති දුප්පත් ජන්දදායකයා ආයෙමත් පරාදයි. 48 ඉදලා මේ දේ අපේ රටේ සිදිද්වෙනවා. එත් තවමත් ඒ දේ තෙරුම් ගන්න තරම් අපේ ජන්දදායකයා දියුනු නැද්ද? අද අපේ රටේ රාජ්්‍ය සාම්පත් බෙදිගිහිල්ලා තියෙන්නේ පර්ලිමේන්තුවෙ සිටින 225 දෙනා හා ඔවුන්හට කත් අදින කිහිපදෙනකු අතර පමනි. මෙතරම් පුංචි රටකට දරාගන්න බැරි තරමේ කැබිනෙට්‍ටුවක් නඩත්තුකරමින් මහජන මුදල් නැති නාස්ති කරමින් මහජනතාවට ලැබියයුතු සම්පත් කොල්ලකමින් වැජබෙන මේසා විශාල කැබිනෙට්‍ටුවකින් සත පහක තරම්වත් වැඩක් රටට නම් නොලැබේ. ඉතින් තවදුරටත් මෙම ක්‍රමය අපි අනුමත කල යුතුද?
දිගටම කියවන්න ->>

Friday, 8 January 2010

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හපන්කම්.



මට මේ ලිපිය කියවන්නට ලැබුනේ www.anticorruptsl.com නැමති වෙබ් අඩවියේ තිබිලා.
මේ ලිපියේ සදහන්කර ඇති ආකාරයට රාජපක්ෂ පරපුර මගින් වරායට රු කෝටි 1000 ක්පමන අහිමි කිරිමට සමත් වෙලා.
එම ලිපියේ තිබු ආකරයට 2007 වසරේදි වරාය ලබා තිබු ශුද්ධ පාඩුව රුපියල් මිලියන1850ක ප්‍රමානය 2008 වනවිටදි රිපියල් මිලියන 10,035ක් දක්වා වැඩි වි ඇත.එනම් එය 2007 වසරට වඩා හත්ගුනයකින් ඉහල ගොස් ඇත.
මේ පිලිබද වැඩි විස්තර හා තවත් රසවත් ගැහිලිගැන දැනගන්න අවශ්‍යනම් www.anticorruptsl.com යන වෙබ් අඩවියට පිවිසෙන්න. ...... හොද හොද සෙල්ලං එලිවෙන යාමෙටලු. :-)
දිගටම කියවන්න ->>

Wednesday, 6 January 2010

කට්ටිය තැගි දිනා ගන්න කැමතිද


කට්ටියටම මෙන්න සුබ ආරංචියක්. ඔයාලා කැමතිද Lockerz වලින් තැගි දිනා ගන්න. එහෙනම් මෙන්න මෙකයි කරන්න තියෙන්නේ. අදම lockerz.com වෙත ගොස් register වෙන්න. හැබැයි මෙකේ register වෙන්න වෙනත් lockerz වල register වෙලා ඉන්න කෙනෙකුගෙන් invite එකක් අවශ්‍ය වෙනවා. කැමති අය ඉන්නවනම් email එක එවන්න මම invitation එවන්නම්.
මෙන්න මගේ මෙල් එක
ukussa_e@yahoo.com
දිගටම කියවන්න ->>