ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday, 5 September 2011

ශ්‍රි ලංකාව සේවක අයිතිවාසිකම් සුරකින රටක්ද?


සේවක අයිතිවාසිකම් ගැන කථා කිරිමේදි ශ්‍රි ලංකාවේ තත්වය නම් බොහෝම පහල මට්ටමක පවතින බවයි මාගේ හැගිම.විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අයිතින් ආරක්ෂා නොවෙන තරම්. රාජ්‍ය අංශය ගැනනම් කථා දෙකක් නැ.. ඕනවටත් වඩා ඔවුන් නම් සේවක අයිතින් හා වරප්‍රසාද බුක්ති විදිනවා. නමුත් මෙම රාජ්‍ය අංශයේ සේවකයන් ලබන වැ‍ටුපටවත් සේවයක් කරනවාද කියන එක ප්‍රශ්නයක්.. මේ ගැන කථා නොකර අපි බලමු පෞද්ගලික අංශයේ සේවකයින් ගැන...

කම්කරු නිතිරිති රටකට අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්න පලමුවෙන්ම සොයා බලමු. විකිපිඩියා සිංහල අඩවියේ සදහන් වන ආකාරයට කම්කරු නීති ක්‍රියාවට නැංවීම හරහා ඉටු කර ගැනිමට බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් පවතී,
I) සමාජ සාධාරණත්වය තහවුරු කිරීම
II) විධිමත් සේව්‍ය-සේවක සම්බන්ධතාවයක් ගොඩ නැඟීම හරහා කාර්මික සාමය ඇති කිරීම
III) සේවකයින්ගේ අවම සේවා කොන්දේසි පිළිබඳ සම්මුතින් පැනවීම
IV) කාර්මික ආරවුල් වැළැක්වීම සහ අවම කිරීම
V) කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම
VI) ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම
VII) අසාධාරණ සේවා සමාප්තීන් පිළිබඳ කටයුතු කිරීම හා රැකියාව සුරක්ෂිත කිරීම
VIII) සේවකයින් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම හා ඒවා රැස් කිරිම යන ප්‍රධාන අරමුණු ඉ‍ටුකර ගැනිම සදහායි.

කම්කරු සබඳතා විධිමත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන කම්කරු නීති

එක් එක් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවිධාකාර වූ කම්කරු අණපනත් ක්‍රියාත්මක වේ.

* සේවා කොන්දේසි සහ නියමයන්
1) 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත
2) 1947 අංක 47 දරණ පඩි පාලක සභා ආඥා පනත

* කාර්මික සම්බන්ධතා

1) 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත
2) 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත
3) 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත

* ස්ත්‍රීන්, ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේදී අදාළ වන විශේෂ කොන්දේසි
1) 1956 අංක 47 දරණ ස්ත්‍රීන් ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේ පනත
2) 1934 අංක 39 දරණ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත
3) 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත

* සේවක විශ්‍රාම ප්‍රතිලාභ 1) 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත
2) 1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනත
3) 1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා පනත

* සේවක සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම
1) 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත
2) 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත

* ශ්‍රමිකයින් පුහුණු කිරීම
1) 1971 අංක 49 දරණ ජාතික ආධුනිකත්ව මණ්ඩල පනත
2) 1978 අංක 08 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත

ඉහත දක්වන්නට යෙදුණු කම්කරු අණපනත් වල ඇතුළත් ප්‍රතිපාදන සේවායෝජකයින් විසින් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරයිද යන්න සොයා බැලීමේ කාර්යය පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය. එම කොන්දේසි හා නියමයන් උල්ලංගනය කරන්නන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම කම්කරු කොමසාරිස්වරයාගේ වගකීමකි. එම කොන්දේසි හා නියමයන් කැඩීම දඩ මුදලකට හා/හෝ සිරදඬුවමකට යටත් කළ හැකි වරදවල් ලෙස සැළකේ.
නමුත් ලංකාව තුල මෙම නිතින් කොයිතරම් දුරට ඉ‍ටුවෙනවාද යන්න සැක සහිතය.

අපි පෞද්ගලික අංශයේ සේවකයකු උදාහරන විදියට ගමු.
පෞද්ගලික අංශයේ සේවකයකුගේ සේවා වැඩ මුරය සාමාන්‍යයෙන් පැය 09 කට හෝ උපරිම පැය 10කට සිමාවේ. නමුත් අද අපේ රටේ සැම පෞද්ගලික ආයතනයකටම මෙය නීතියක් හැටියට වලංගු වනවාද? සමහර ආයතන සොච්ච්ම් පඩිවලට කොයිතරම් නම් තරුණ ජවය සුරා කනවද? පැය 10ක් නොව පැය 24කටත් වඩා එක දිගට වැඩ ගන්න ආයතන ලංකාව තුල තිබෙන බව ඔබ නොදන්නවා විය හැකියි. ඇගළුම් කේෂ්ත්‍රය තුල මෙම තත්වය වඩාත් බරපතල ලෙස සිදුවනවා.

නමුත් මෙම සේවකයින් ගැන කථා කිරිමටවත් පවා කිසිවෙකු නොමැති තත්වයක් වර්ථමානය වන විට උදා වි ඇත.
රජය පසුගිය කාලය තුල මෙම පෞද්ගලික අංශයේ සේවකයන් සදහා විශ්‍රාම වැ‍ටුපක් හදුන්වා දිමට උත්සාහගත්තත් එය කොතාරම් දුරට සේවකයාගේ පැත්තෙන් ඔවුන්ට ප්‍රතිලාභයක් ලැබේද යන්න පිලිබදව ප්‍රශ්නයක් තිබිණි.
නමුත් අද වනවිට මෙම පෞද්ගලික අංශයේ සේවකයන් විදින දුක් ගැහැට ගැන සොයා බැලිමටවත් ඉදිරිපත් නොවිම පුදුමයට කරුනකි.
අද කොයිතරම් නම් කාන්තාවන් පිරිසක් මැදපෙරදිග ගොස් දුක් විදිනවාද? රජයක් විදියට මොවුන්ගේ ප්‍රශ්න සොයා ඒවාට විසදිම් දිම පවතින රජයක වගකිමකි. සමහර විට අපරටේ තානාපති අංශ පවා මැදපෙරදිග කලාපය තුල ක්‍රියා කරන ආකාරය විලිලැජ්ජා සහගතය.

විශේශයෙන්ම ලංකාව තුල සුපිරි වෙළද සැල් තුල වැඩකරන සේවකයන් ගැනද මෙහිදි සදහනක් කල යුතුය. මොවුන්ගේද ශ්‍රමය අසිමිත ලෙස මෙම ආයතන සුරාකති. මෙම වෙළද සැල්තුල සේවය කරන පුද්ගලයින් සමහර දින වල පැය 17ටත් වඩා වැඩියෙන් වැඩකරන අවස්ථාද මා දැක ඇත. නමුත් අතිකාල දිමනා කියා මොවුන්ට ගෙවනුයේ සොච්ච්ම් වැ‍ටුපකි.

රටක් වශයෙන් සංවර්ධනය කරා ගමන් ගන්නා මේ කාලය තුල මිනිසුන්ගේද මුලික අයිතින් සංවර්ධනය විමද ඒ හා සමගාමිව සිදුවිය යුතුය. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික ආශයේ සේවකයන්ගේද අයිතින් ආරක්ෂා කර දිම රජයක් සතු යුතුකමකි. පෞද්ගලික අංශයේ සේවක අයිතින් ගැන් මිට වඩා රජයේ අවධානය යොමුවිය යුතු කාලයකි මේ...

දිගටම කියවන්න ->>

Thursday, 11 August 2011

ශ්‍රි ලංකාවේ ආශ්චාර්ය්‍ය


දැන් දැන් ලංකාවේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම සිතෙනවා අපි ජිවත්වෙන්නේ සිහිනපුරයකද කියලා. මොකද කියනවානම් ජනතාව හරියට නිදි වගේ.... ඔහේ ඕන දෙයක් වෙන්න කියලා වෙන්නම් වාලේ ඉන්නවා කියලයි මටනම් හැගෙන්නේ...
පාලකයෝ දිගින් දිගටම වැරදි කරද්දිත්, ඊට නිසි දඩුවමක් දිමට පාලන තන්ත්‍රයේ ඉහලම පුද්ගලයොත් නිහඩව සිටිම කණගා‍ටුවට කරුනක්...
මැත කාලිනව උන සිද්ධි කිපයක් අරන් බලමු...
මිට මාස කිපයකට කලින් පොල් හා කුකුළු මස් හිගයක් ආවා.. ඊට පිලියමක් ලෙස මේ ද්‍රව්‍යන් පිට රටින් ආනයනය කලා.. එත් අන්තිමේදි මොකද්ද උනේ.
පොල් ගෙඩි ලක්ෂයක් විතර විනාශ කරා කියලා පාරිබෝගික ඇමති මහා උජාරුවෙන් කිවා..

ඊට පස්සේ බාල වර්ගයේ පෙට්‍රල් වගයක් ගෙනාවා. ඇමතිවරයා මොකක්ද කිව්වේ. පොසොන් එකට ඉන්දන ඉවරවෙච්ච් නිසා පිරවුම් හල්වල තිබිච්ච ටැංකිවලට වතුර ගිහින් කියලා. පස්සේ ආයේ කථාව වෙනස් උනා. බාල තෙල් ගෙනාපු අය කවුරුත් නැ, ඊට අනුමැතිය දුන් කවුරුත් නැ...අන්තිමට බාල පෙට්‍රල් ගහලා ජනතාවගේ වාහන විතරයි විනාශ උනේ..

ඔන්න මේ ලගදි සිමෙන්ති හිගයක් ආවා කිව්වා. පිටරටින් ගෙන්වන්න කියලා පාරිබෝගික ඇමති කියලා දැන් ගෙනල්ලත් ඉවරයි. ඒත් ගෙනල්ලා තියෙන්නේ බාල වර්ගයේ සිමෙන්ති වගයක්..

මිට අමතරව හෙජින් ගණුදෙනුව,ආසනික් ප්‍රශ්න,ක්‍රිකට් ආයතනයේ දුෂණ,වැට් බදු වංචා...

අනේ ඉතිං මේවාගේ පාලකයන් ඉන්නකම් අපි වගේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි....
දිගටම කියවන්න ->>

Tuesday, 2 August 2011

Channel 4 ට එරෙහිව ශ්‍රි ලාංකිය හඩ



Channel 4 ආයතනය විසින් දිගින් දිගටම ලංකාවට එරෙහිව විඩියෝපට නිකුත් කිරිමට පටන් ගෙන ඇත. මේයට විරුද්ධව කොතෙක් අපි කථාකලත් කිසිදු පියවරක් අරගැනිමට සමත් නොවිය....
ලගදි නිකුත් කරපු Channel4 විඩියෝවට එරෙහිව අපි යුද්දයේදි විදි ඇත්ත තත්වය ලෝකයට කියා පැමට සකස් කල මෙම විඩියෝව Channel 4 එකට කණේපහරක්ම වනු ඇත....

පලමු විඩියෝව
දෙවන විඩියෝව

(මෙම විඩියෝව ඔබට ඇකි පමනින් ප්‍රසිද්ධ කරන්න)

HUMANITARIAN OPERATION FACTUAL ANALYSIS
JULY 2006 – MAY 2009
දිගටම කියවන්න ->>

Friday, 1 July 2011

අනේ අපි මේවා කාට කියන්නද...


මේ දිනවල අපේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ බාලවර්ගයේ පෙට්‍රල් වගයක් වෙළදපොලට නිකුත්විමත් සමගම මහජනතාව මුහුණදි ඇති ප්‍රශ්නයක් සම්බන්ධවයි. ඇත්තටම මෙහෙම දේවල් සිදුවන්නේ කාගේ වැරදි නිසාද? ඇමතිතුමානම් කියන්නේ වැස්ස නිසා වතුර එකතුවෙලා කියලා. මේක ඇත්තක්ද? මේ පිළිබදව අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා අද මෙන්න මේ වගේ කථාවක් කියලා තියෙනවා.....

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා මෙ කියන කථාව ඇත්තනම් අපි මේ ජිවත් වෙන්නේ බොහෝම භයානක කාලසිමාවක. අසරන මහජනතාවගේ ගැන අංශු මාත්‍රයක්වත් හිතන්නේ නැතුව මේ වගේ වැඩ කරන රාජ්‍ය නිලධරයන් සිටින මේ වගේ රටක ජනතාවට ඉතිං දෙයියන්ගෙම සරණයි...
මෙවැනි දේවල් මේ රටේ තවත් සිදුවිය යුතුද? මේ ආකාරයේ වැරදි කරන අයට දඩුවම් දෙන දවසක් කවදා උදාවේවිද?
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අවනඩුව?
දිගටම කියවන්න ->>