ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

කට්ටිය කැමති ඇති නේද Excel සිංහලෙන් ඉගන ගන්න. මේන්න එහෙනම් ඒ සදහා නියම e book එකක්. මේක මට මේ ලගදි මගේ මැසිමේ තිබිලා හමු උනේ. මේක ලියලා තියෙන්නේ නම් ඉෂාර් ජයසුන්දර... මට මතක විදියට 2009 දි නත්තල් තැග්ගක් විදියට තමයි මේ සහෝ මේක අපිට ලබා දුන්නේ.
බොරු කියන්න වැඩක් නැ.. මම නම් Excel ඉගන ගත්තේ මේ පොතට පිංසිද්ද වෙන්න . ඒකට ඉෂාර් සහෝදරයට සිතුතිවන්ත වෙන්න ඔනි. මේක බාගත්තු නැති අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන නිසයි දැම්මේ..
මෙන්න එහෙනම් ලින්ක් එක බාගන්න.66MB විතර විශාලයි
දිගටම කියවන්න ->>

චේ ගුවේරා යන නම ඇසු පමනින් මොහු ගැන නොදන්නා තරුණයෙක් අද කාලයේ නොමැති තරම්. එහෙත් නමින් පමනක් හදුනන කොහේ සිටියේද? මොනවා කලේද යන්න ගැනවත් නොදැන චේ ගේ ටි ෂර්ට්, ස්ටිකර් , පච්චා භාවිතා කරන තරුන පරපුරක්ද නැතුවාම නොවේ. මම මිට පෙරද
චේ ගැන ලිපියක පල කලද අද මෙම ලිපිය පල කිරිමට සිතුනේ අද වැනි දිනක තමයි මේ අසහාය පරාර්ථකාමියාව ඇමරිකානු හමුදාව විසින් ලොවෙන් උදුරා ගත්තේ. (1967 ඔක්තෝබර් 09,බොලිවියාවේදි)
නමුත් අද වනවිට චේ යනු මාකට් කල හැකි හොද වෙළද නාමයක් බවට පත්වෙලා ඉවරයි.
සදාතනිකවම තරුන හදවත් තුල චේ නාමය ලැගුම් ගැනිමට ප්‍රධාන හේතුවක් ලෙස මා නම් දකින්නේ මොහු තුල පවතින පරාර්ථකාමිත්වය හා අධිස්ඨාන ශක්තියයි. කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පිඩා වින්දත් රග්බි,පිහිනිම, ගොල්ෆ් වනි ක්‍රිඩා වන්ට දක්සතා දැක්විම මගින් පිලිබිබු වන්නේ මොහු තුල ඇති ඒ ශක්තියයි. කියුබාවට නිදහස ලබා දිමෙන් නොනැවතිනු මොහු බොලිවියාවටද නිදහස ලබා දිමට යන්නේ මොහු තුල ඇති ඒ අව්‍යජ පරාර්ථකාමිත්වය නිසයි. මේ පරමාදර්ශි පුද්ගලයින් හට ලෝකය වෙනස් මාවතකට ගෙනයාමට හැකිවන්නේද මෙම මිනිසුන් තුල ඇති මේ ශක්තිය නිසයි.මා සිතනා විදියට මෙවැනි මිනිසු ලෝකයට පහල වන්නේ සියවස් ගනනාවකට එකකු වශයෙනි...
මෙම ලිපිය අවසන් කිරිමට පෙර මාගේ පලමු ලිපියේද සටහන් කල දෙයක් මෙහි සටහන් කිරිමට කැමතියි. මෙය චේ ගේම වචන වලින් සදහන්ව ඇත්තේ මෙසෙය.
"ජයග්‍රහණය දුෂිත කල නොහැකියයි මගේ පරාජයෙන් අදහස් නොකරෙනු ඇත. එවරට්ස් කදු සිඛරයට ලගාවිමට උත්සාහකොට පැරදුන බොහෝ දෙනේකු ඇතත් එහි අවසාන ප්‍රතිඵලය නම් එවරට්ස් කන්ද තරනය කර ඇති බවය..."
සත්‍යයි... ඔබ ජයග්‍රහනය කල හමාරය.... එහෙත් ඔබ නැවතු තැනින් පටන් ගැනිමට අදවනතුරු කිසිවකුත් ඉදිරිපත් වි නොමැති එකනම් කණගාටුවට කරුණකි.

දිගටම කියවන්න ->>

අද මට නිකමට වගේ හිතුණා හොද වයිරස් ගාඩ් එකක් ආපහු දාගන්න. මොකද මගේ ගාව තිබුනේ Kesparsky එත් ඒක ගිය මාසේන් එක්ස්පයර් උණා. crack file හොයලා දාගන්න හිතුනත් වැඩි විශ්වාසයක් ඒ ගැන තිබුනේ නැ. ඔය අතරේ තමයි Eset Nod32 දාගන්න හිතුනේ. මුලින්ම trail verson එකක් දාගත්තා. දවස් 31ක් trail periad එකක් දෙනවා. එත් මේක update කරන්න ගියාම තමයි username එකයි password එකකුයි ඉල්ලනවා. ඔය අතරේ පොඩි සර්ච් පාරක් දාලා බැලුවා. මෙන්න බොලේ පාස්වඩ් ටිකකුයි username ටිකකුයි බ්ලොග් එකක් තිබුනා. සැකේටත් එක්ක දාලා බැලුවා. බඩු වැඩ. මෙන්න screen shot එක.

මේක 2011 /11/04 වෙනකම් වැඩ. මෙතන තියෙනවා දෙසැම්බර් වෙනකම් වැඩ කරන පස්වඩ් හිටන්. crack කිරිලි නැ.. බඩු වැඩ.
ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියලා හෙතන නිසා ඔන්න මම UN ටිකයි password ටිකයි දානවා.
Username: EAV-39568370
Password: 7ukh6t2pcj
Username: EAV-49738264
Password: 7cs8443rxk
Username: EAV-49738357
Password: m63esbv3fc
Username: EAV-50635959
Password: 55sxr5e6mc
Username: EAV-50896574
Password: mkpnkfsmx3
Username: EAV-50935761
Password: satvj2nrpe
Username: EAV-50935817
Password: tvb7k3hb2t
Username: EAV-50935098
Password: rr76k83sm4
Expiration: 14/12/2011
Username: EAV-50935099
Password: ka2ufacbxf
Expiration: 14/12/2011
Username: TRIAL-51261470
Password: 5usb2hnve2
Expiration: 07/10/2011
Username: TRIAL-51261506
Password: x4v4hfbd78
Expiration: 07/10/2011
Username: TRIAL-51261512
Password: e2jd5hvde8
Expiration: 07/10/2011
Username: TRIAL-51261520
Password: rc2dkktu2k
Expiration: 07/10/2011
Username: TRIAL-51261527
Password: nj884vs6sj
Expiration: 07/10/2011
Username: TRIAL-51261536
Password: c5udhrpu4c
Expiration: 07/10/2011
මෙතනින් Eset Nod32 virus gard බා ගන්න.
දිගටම කියවන්න ->>

මේ දිනවල වැඩිදෙනෙක් කථාකරන මාතෘකාවක් වෙලා තියෙන්නේ පෞද්ගලික වෙද්‍ය විද්‍යාල ලංකාව තුල පිහිටුවා ලිම පිලිබදවයි. සමහර අය මෙය හොදයි කියති... තවත් සමහරු මෙය නරකයි කියති. මගේ පෞද්ගලික මතය නම් නිසි ප්‍රමිතියක් ඇතුලත්ව සුදුසුකම් සපුරාලන සිසුන් සදහා මේවැනි විශ්වවිද්‍යාල ආරම්බ කිරිම වරදක් නොවන බවයි. නමුත් අපේ රටේ වැඩේ තියෙන්නේ හැම දෙයක්ම කරන්න ඉස්සේල්ලා නා ගැනිම හා අනාගැනිම දැන් පුරුද්දකට ගිහිල්ලා. දෙන්නම් වාලේ හැම උපාධිකඩයකටම මේවා කරන්න ඉඩ දුන්නොත් ප්‍රමිතියක් නැතිවෙන එක අහන්නත් දෙයක්ද?....
දැන් මම කථාකරන්න බලාපොරොත්තුවෙන මතෘකාවට යමු. ඇත්තටම ලංකාවේ රෝහල් වලින් සිදුවන සේවය ගැන මහජනතාව වන අපට තෘප්තිමත් විමට පුළුවන්ද? නිදහස් අධ්‍යාපනය වාගේම නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්ති විදින අපිට මේ සේවාවන් වල තිබේන ගුණාත්මක බාවය ගැන ප්‍රශ්න නැතුවාම නොවේ.
අපි රජයේ රෝහලකට යන්නේ ලෙඩකට දුකකට බෙහෙතක් හේතක් ලබාගන්නට. නමුත් අද මෙම ආයතන තුල පවතින අඩුපාඩුකම් නිසා කොතරම්නම් අසරණ ජනතාවක් පිඩා විදිනවද? පාලකයන්ගේ පවතින පරිපාලනමය දුර්වලතා හා කාර්ය මණ්ඩලවල හා සේවකයන්ගේ පවතින දුර්වලතා හා ආකල්පමය හේතුන් නිසා අදවනවිට සෞඛ්‍ය සේවාව අඩපන වෙලා ගිහින්. හොද ගුනාත්මක තත්වයේ බෙහෙත් වෙනුවට කොමිස් මුදල් වලට යටවෙලා බාලබෙහෙත් වර්ග ගෙන්වලා රෝගින්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කිරිමට පුරුදුවෙලා.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දෝස්තරලා වෙලා රටට සේවයක් කිරිම වෙනුවට තමන් ගැනම පමණක් හිතන වෙද්‍යවරුන් කොටසක් බිහිවෙලා( හැමෝම නෙවි) මොවුන්ට රෝහල් වල රෝගින් බලනවට වඩා, ප්‍රයිවට් හොස්පිටල් වල හා චැනල් සෙන්ටර්වලට සේවය කිරිමට යොමු වෙලා. මොවුන්ට අසරණ රෝගියෙක් එක "සබ්ජෙක්ට්" එකක් විතරක් ගනනට පත්වෙලා. කිසිම වගකිමක් නැතුව අත වෙනුවට කකුල, බඩ වෙනුවට පිට,කණ වෙනුවට ඇහැ. ඔපරේෂන් කරන මට්ටමකට පත්වෙලා.
මිට අන්තයි හේදියන්ගේ තත්වය. මොවුන් හරියට කථාකරන්නවත් දන්නැති සේවක කොටසක් බවට පත්වෙලා. ගේදර මහත්තයත් එක්ක රන්ඩුකරලා ඇවිත් ඒ තරහා රෝගින්ගෙන් පිටකරන තත්වයක් තමයි අද නර්ස්ලා ලග තියෙන්නේ. පොඩ්ඩ් බෑරිවෙන්න බැ අසරණ රෝගින්ගේ ඇගට කඩා පනිනවා. එහෙත් හෙදියක් කියන්නේ කරුණාව උතුරායන කාන්තාවක් වියයුතුයි කියා අපිනම් අහලා තියෙන්නේ.
දෝස්තරලාත්,හේදියන්ටත් වඩා හපන් දැන් ඉන්න රෝහල් වල සුළු සේවක මහතුන්... හප්පේ බලන්න එපැය ගෙම්බර් එක...මැම්බර් මහත්තයකුට වඩා අන්තයි. හැම වෙලාවෙම කටේ තියෙන්න්නේ " නැ.. බැ..බැ.. බැ..එපා..එපා .. යනව ඔයි යන්න.." වගේ වචන සෙට් එකක්.ලෙඩේකුට කරුණාවක් දයාවක් දක්වන්නේ බොහෝම සුළු පිරිසක් පමනයි.
ඔය ගොල්ලොන්ට මම කියන්නේ බොරුද කියලා බලාගන්න පුළුවන්,වැස්සකට හරි රජයේ රෝහලකට ගොඩ උනොත්.
මේහිදි තවත් විෂේශ දෙයක් සදහන් කරන්න ඔනි. රජයේ රෝහලකට බෙහෙත් ටිකක් ගන්න යන්නේ මධ්‍යම පන්තිකයන් හා බොහෝම අසරණ දුප්පත් ජනතාව විතරයි. ඔය ඉහල සමජපන්තියේ අයට ඉතින් කොයිතරම් නම් සුපිරි රෝහල් දැන් තියෙනවද. අසරනවෙලා බෙහෙතක් ගන්න ගියාම කියන්නේ "අපි ගාව මේ බෙහෙත නැ.. පුළුවන්නම් මේක පිටින් අරන් එන්න කියලා" අනේ ඉතින් පිටින් බෙහෙත් ගන්න වත්කමක් තියෙනව නම් මොන එකාද රජයේ රෝහලකට යන්නේ... අනේ ඇත්තට මම නම් හිතන්නේ රජයේ රෝහල් වල තියෙන්නේ පැනඩෝල් පෙති ටිකකුයි..සේලයින් බොතල් ටිකකුයි විතරමද කොහේද...වෙන හැම බෙහෙතක්ම අපි පිටින් ගිහින් දෙන්න ඔනි... අසරණ රෝගින්ට ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.
නිදහස් සෞඛ්‍ය සේවාවක් අපේ රටේ තිබුනත් එය විදිමත් විදියට ජනතාවට සේවයක් වන විදියට පවත්වාගෙන යන්න බැරි නම් ඒ සේවාවෙන් කිසිවකුටත් සෙතක් නොවෙයි.. ගොඩාක් දුර්වලතා මෙම කේෂ්ත්‍රයේ තිබුනත් ඒවා නිරාකරනය කරගෙන ජනතාවට සේවාවක් සැපයිම පවතින රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිමක්.. මම නම් මුලින්ම කියන්නේ මේ කේෂිත්‍රයේ සිටින අයගේ ආකල්පමය වෙනසක් මුලින්ම සිදු කිරිම අනිවාර්යයි.(මෙය නම් සැම රජයේ ආයතනයකටම සිදුවිය යුතු දෙයක් හැටියටයි මා නම් දකින්නේ.) අර කථාවක් තියෙනවානේ "සැම සිරකරුවෙක්ම මනුෂ්‍යයෙක්ය" කියලා. ඒ වගේම තමයි රජයේ රෝහල් වල සේවය කරන හැමටම කියාදියයුතුයි "සැම රෝගියෙක්ම මනුෂ්‍යයෙක්ය" කියලා.....
දිගටම කියවන්න ->>