ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
ෆිවර් 2 000 000 වෙනි ගිග්ස් එකත් අරබයි.
ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ ෆිවර් කියන්නේ සල්ලි උපයන්න පුළුවන් හොදම තැනක්, හැබැයි දක්ශයන්ට හා උත්සහාවන්තයන්ට පමනයි. මමත් දැනට වසර දෙකක පමන සිට ෆිවර් එකේ වැඩ කරනවා. දැනට සැලකියයුතු මුදලක් මේයින් උපයා තියෙනවා. ඔබත් උත්සාහ කර බලන්න.
දිගටම කියවන්න ->>
සමාවෙන්න ඔනි ඉදලා හිටලා හරි මගේ බ්ලොග් එක පැත්තේ ආව ගියපු යාළුවන්ට, මගේ බ්ලොග් එක ලියන්න බැරිවෙච්ච එක ගැන. හරියට ම කියනවනම් අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලත් මට මේ බ්ලොග් එක යාවත්කාලින කරන්න බැරි වුනා. එයට හේතුවකුත් තිබුනා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අදින් පසුව පුළු පුළුවන් විදියට බ්ලොග් පොස්ට් එකක් දාන්න.
එහෙමනම් සියළු දෙනාට යලිත් ඉ-කොළමට ඉදලා හිටලා හරි ඇවිත් යන්න එන්න කියනවා.
දිගටම කියවන්න ->>
හැමෝටම ලැබුවා වු අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....ඉතින් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා දාන්න යන්නේ සතුටු හිතෙන කාරනයක්... ඔන් මට google adsense චෙක්කුවක් ගෙදරටම ලැබුනා.. චෙක්කුවේ වටිනාකම් ඩොලර් 103ක්.. අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම නරක නැ වගේ... ඇඩ්සෙන්ස් එක්ක ඔට්‍ටුවෙලා හා හා පුරා කියලා ලබා ගත්තු මුල්ම මුදල...
දැන් ඉතින් තියෙන්නේ මේක මාරු කරගන්න එක තමයි..
මගේ කොමර්ෂල් බැංකුවේ ගිනුමට මේක දාගන්න පුළුවන් වේවිද? දන්න අය ඉන්නවනම් කමේන්‍ටුවක් දාලා විස්තරේ කියලම යන්න කෝ... කොහොමද මේක සල්ලි කරගන්න පුළුවන් විදිය කියලා...
ඉහෙනම් ඉතින් ඇඩ්සෙන්ස් තවදුරටත් හිනයක් නොවෙයි..

දිගටම කියවන්න ->>

තෙල් මිළ වැඩිවිම ගැන අද රටේ සැම තරාතිරමකම පුද්ගලයින්ගේ ප්‍රදාන මතෘකාවක් බවට පත් වෙලයි තියෙන්නේ.ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් ඩීසල් මිළ වෙවර වැඩිකර තියෙනවා.ඇත්තටම රජය මේතරම් විශාල ලෙස තෙල් මිළ වැඩි කිරිමට හේතුව කුමක්ද? ඇත්තටම රජය කියන ආකාරයට මෙසේ තෙල් මිළ වැඩි කිරිමට හේතුව ලෝක වෙළද පොලේ තෙල් බැරලයක මිළ ඉහල යාම හා ඉරානයට එරෙහිව ඇති සම්බාධක ප්‍රශ්නයද? එසේ නම් අපි ලංකාවට තෙල් ලබාගන්නා ආකාරය හා පහුගිය කාලය තුල ලංකාවට තෙල් ගෙනා කාලවකවානු හා තෙල් බැරලයක් මිලදිගෙන ඇති මිළ සලකා බලමු..
*පසුගිය නොවැම්බර් 04 වෙනිදා ලංකාවට ඉන්ධන ආනයනය කර ඇත්තේ තෙල් බැරලයක් ඇ.ඩො 94.26 ට
* ඉන්පසු පසුගිය දේසැම්බර් 02 වනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 100.96 කට
*මේ වසරේ ජනවාරි 06 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 101.56
*තෙල් මිළ වැඩි කිරිමට දවස් කිපයකට කලින් එනම් පෙබරවාරි 10 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 96.68 කට.
එහෙත් පසුගිය වතාවන්ටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් ආනයනය කර විදේශ වෙළද පොලේ තෙල් මිල ඉහල යනවයි කෙබර කෙල කෙල ඉතිහාසයේ පෙර නොවු විරු ලෙස තෙල් මිළ වැඩි කරේ වෙනදාටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් මිළදි ගෙනය.
තවත් දෙයක් තමයි මේ තෙල් වැඩිවිමට බලපානවයි කියන ඉරාන ප්‍රශ්නය. එහෙත් ලංකාවට ඉරානයෙන් ආනයනය කරන්නේ බොරතෙල් පමනයි.ලංකාව ලොකෙන්ම බොරතෙල් ආනයනය කරන්නේ 45%යි. ඉතුරු 55% පිරිපහදු තෙල් ලෙස ගෙන්වන්නේ වෙනත් රටවලිනි.
එසේනම් සත්‍ය ලෙසම තෙල් මිළ වැඩිවිමට මේ ඇමැට්ටෝ කේලින ලෝක වෙළදපොළ් තෙල්මිළ ඉහල යාම හා ඉරාන සම්බාධක ප්‍රශ්නයම නොවේ. ප්‍රදානතම හේතුව වන්නේ රජයේ පවතින අකාර්ය්‍යාක්ෂම,දුෂිත කළමණාකරනයේ ඇති දුර්වලතාවයත්,හෙජින් සුදුවෙන් සිදුවු කෝටි 6000ක පාඩුවත්,ඛනිජ තෙල් සංස්ථාවට රජයේ ආයතන වලින් ලැබිය යුතු කෝටි ගනනක මුදල් පාඩුවත් තෙල් මිළ අසාධාරන ලෙස වැඩි කර ජනතා බදුමුදලින් ලබාගැනිමය.
තෙල් මිළ ඉහල ගියා කියන්නේ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිළත් ඉහල යැමය. ඊයේ සිට විදුලි බිලද වැඩි කර ඇත. දැන් ඉතින් ලයිට් තිබ්බත් ලයිට් නොදා ඉන්න තත්වයකට පත්ව ඇත. බස් ගාස්තුද පෙර නොවු විරු ලෙස අසාධාරන ලෙස වැඩි කර ඇත. හෙට අනිද්දාම ගැස් මිලත් වැඩි වේවි. මේ සකලවිද හේතුන් නිසා අන්තිමට තැලෙන්නේ අසරන දුප්පත් ජනතාවයි. රජයේ නාස්තිය හා දුෂණය අවම නොකොට මෙලෙස අසාධාරණ ලෙස ජනතාව වෙත බදුබර පටවන ආණ්ඩුව කිසිම සැලැස්මකින් තොරව ක්‍රියාත්මක වන බවයි පෙනෙන්නේ.
දිගටම කියවන්න ->>