ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday, 1 October 2010

රජෙක් යැයි අපිට නොසිතෙන මහ රජාණෝ

නන්දා මාලනියන් ගායනා කරපු ගිතයක්. අදට කොයිතරම් නම් ගැලවෙනවද?

දිගටම කියවන්න ->>

Tuesday, 28 September 2010

ජනරාල් ෆොන්සේකාගේ හඩ සිරගත කල හැකිද?



ජනරාල් සරත් ෆොන්සේකා කියන්නේ ත්‍රස්ත්‍රවාදය මේ රටින් මුලිනුපුටා දැමිමට සක්‍රිය ලෙස දායක වු යුධ විරුවෙකි. තුන්වතාවක්ම ත්‍රස්තයන්ගේ ප්‍රහාර වලට ලක්වුවත් ජාතියේ පිනට මෙන් එම අවස්ථා තුනේදිම ජිවිතය ගලවාගත් මිනිසෙකි. අවසන් සටන් පවතින කාලවකවානුව වෙද්දි නිදි නොලබා යුධ සැලසුම් කල විරුවන්ගෙන් කෙනකි. යුද්ධයේ ජයග්‍රහනය අපේ සේනාධිනායක ජනපතිතුමාගේ සිට එම සටනට උරදුන් සාමාන්‍ය සෙබලා දක්වාම අයිතිවන්නකි. මේ සටනේදි වැඩිපුරම තම රුධිරය මේ පොළව මත හෙලුවේ අපේ විරෝධාර සෙබලුන්ය. එහෙත් වර්ථමාන තත්වය හාත්පසින්ම වෙනස් වි ඇත. මේ යුද්ධය නිම කිරිම සදහා උරදුන් ප්‍රධානම විරුවා සිරගෙයතුලය. දහස් ගනනින් ජනතාව මැරු,ඒ සදහා අනුබල දුන් කරුණා අම්මාන් හා පිලෙයන්ලා රජමැදුරු වලය. දහස් ගනනින් එල්.ටි.ටි යට ආයුද ලාබාදුන් කේ.පි ලා ට රජ සැපය. එක අතකින අපට සතු‍ටු විමට පුලුවන් කාරනයක් වන්නේ තුවක්කුව අතහැර කරුනා හා පිල්ලෙයාන්ලා ප්‍රජාත්‍රන්ත්‍රවාදය වැලද ගැනිම පිලිබදවය.

ජනරාල් සිරගත කිරිමට තරම් ඔහු කල වරදවල් වන්නේ හමුදාවේ ටෙන්ඩර් පටිපාටියට අනුකුල නොවන අයුරින් ආයුධ මිලදි ගැනිමත්, හමුදාවතිපරයෙක්ව සිටියදි දේශපාලනය කිරිමත් යන දෙවල්ය. එහෙත් අප රටේ මුදල් කාබාසිනියා කරන, කෝටි ගනනින් වැට් බදු වංචාකල ,මහජන මුදල් අයතාලෙස වියදම් කරන නියම වරද කරුවන් හට දඩුවම් දිමගැන නොසිතනවාත් තරම්ය. මේ මට සිතෙන හැටිය,දැනෙන හැටිය. ඇයි අපි අපේ යුද විරුවකුට මේ ආකාරයට සලකන්නේ. අනාගතයේ දවසක කිසිම කෙනෙක් අප රට වෙනුවෙන් මේතරම් කැපකිරිම් නොකරනු ඇත. මන්ද යත් අපි මේ තරම් කැපකිරිම් රට වෙනෞවෙන් කලත් අවසානයේ අපට අත්වන ඉරනම මෙයනම්? ඔවුන් සිතනු ඇත.


දිගටම කියවන්න ->>

Sunday, 26 September 2010

මෙන්න ගෙනවා Auto CAD Plant 3D 2011


කවුරුත් දන්නවා ඇතිනේAuto CAD ගැන. එත් මේ තමයි Auto Desk කම්පැනිය එලියට දාපු අලුත්ම CAD සොෆ්ට්වෙයා එක. AutoCAD Plant 3D 2011 මෙය වැඩිපුරම බාවිත වෙන්නේ production facilities වගේ දේවල් 3D කරන්න එහෙම. වැඩිපුරම ඉතින් කන්ස්ට්‍රක්සන් සහ මැකැනිකල් සයිඩ් එකේ තමයි මේ Auto desk ලාගේ සොප්ට්වෙයා බාවිතා කරන්නේ. මේ ‍ෆිල්ඩ් වල වැඩකරන අය ඉන්නවනම් මෙය බාගෙන බලන්න. මේක PORTABLE සොෆ්ට්වෙයා එකක් විදියට Full-Preactivated කරලයි තියෙන්නේ. 2.17GB file එකක්. ටිකක් විශාලයි.
මෙන්න Hotfile link ටික.
දිගටම කියවන්න ->>

Monday, 20 September 2010

පබාට ඡන්දය දුන් ගම්පහ ජනතාවටයි..



අද දෙරණ පුවත් විකාශයේ පෙන්නපු එක්තරා නිවුස් එකක් නිසා මට හිතුනා මේ පොස්ට් එක ලියන්න. ගම්පහ පබාට ඡන්දය දිපු මි-නිසුන් පබාට විරුද්දව උද්ඝෝසනයක් පවත්වනවා. අවසානයේ පොල් ගැහුවා. අනේ ඉතිං මමනම් දැනගෙන හිටියා මේවාගේ අය දේශපාලනයට ආවොත් මේවාගේ දේවල් සිදුවේවි කියලා. මට පුදුමයක් උනේ පබාවගේ කෙනෙක්ට එජාපයෙන් ටිකට් එක දුන්නේ කොහොමද කියලා. දේශපාලනය පිලිබදව මළපොතේ අකුරක්වත් නොදන්න, ලංකාවට ඇවිල්ලත් අවුරුදු කිපයක් වෙච්ච ළද බොළද සූමාළ "පබා"ටත් එජාපය ටිකට් එක දිලා කරපු පලවෙනි මොඩකමට එජාපය වන්දි ගෙව්වා. මහත්මා දෙශපාලනය කරන "කරු ජයසුරියට" වඩා පබාට කතිරේ ගහපු ගම්පහ මි-නිස්සු දැන් පබාට විරුද්දව පිකටින් කරනවා. අනේ ඉතිං මෙවාට කියන්න තියෙන්නේ "කුම්බලා කරවලා කැවනම් විදවපන් බළලෝ " කියලා තමයි. සුදුස්සන්ට සුදුසු තැන නොලබිමෙනුත් , නුසුදුස්සන්ට නුසුදුසු තැන් ලැබිමෙනුත් මිනිස්සු වල්මත් වෙනවා. ඕකට පිලියමක් මම ගම්පහ ජනතාවට කියන්නද? දවල්ට බත් කනකොට තණකොළ සම්බොලෙකුත් එක්ක බත්ටික කැවනම්.... ඉදිරියේදිවත් තින්දු තිරන ගැනිමේදි දෙපාරක්වත් හිතාවි.......
දිගටම කියවන්න ->>