ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday, 11 August 2011

ශ්‍රි ලංකාවේ ආශ්චාර්ය්‍ය


දැන් දැන් ලංකාවේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම සිතෙනවා අපි ජිවත්වෙන්නේ සිහිනපුරයකද කියලා. මොකද කියනවානම් ජනතාව හරියට නිදි වගේ.... ඔහේ ඕන දෙයක් වෙන්න කියලා වෙන්නම් වාලේ ඉන්නවා කියලයි මටනම් හැගෙන්නේ...
පාලකයෝ දිගින් දිගටම වැරදි කරද්දිත්, ඊට නිසි දඩුවමක් දිමට පාලන තන්ත්‍රයේ ඉහලම පුද්ගලයොත් නිහඩව සිටිම කණගා‍ටුවට කරුනක්...
මැත කාලිනව උන සිද්ධි කිපයක් අරන් බලමු...
මිට මාස කිපයකට කලින් පොල් හා කුකුළු මස් හිගයක් ආවා.. ඊට පිලියමක් ලෙස මේ ද්‍රව්‍යන් පිට රටින් ආනයනය කලා.. එත් අන්තිමේදි මොකද්ද උනේ.
පොල් ගෙඩි ලක්ෂයක් විතර විනාශ කරා කියලා පාරිබෝගික ඇමති මහා උජාරුවෙන් කිවා..

ඊට පස්සේ බාල වර්ගයේ පෙට්‍රල් වගයක් ගෙනාවා. ඇමතිවරයා මොකක්ද කිව්වේ. පොසොන් එකට ඉන්දන ඉවරවෙච්ච් නිසා පිරවුම් හල්වල තිබිච්ච ටැංකිවලට වතුර ගිහින් කියලා. පස්සේ ආයේ කථාව වෙනස් උනා. බාල තෙල් ගෙනාපු අය කවුරුත් නැ, ඊට අනුමැතිය දුන් කවුරුත් නැ...අන්තිමට බාල පෙට්‍රල් ගහලා ජනතාවගේ වාහන විතරයි විනාශ උනේ..

ඔන්න මේ ලගදි සිමෙන්ති හිගයක් ආවා කිව්වා. පිටරටින් ගෙන්වන්න කියලා පාරිබෝගික ඇමති කියලා දැන් ගෙනල්ලත් ඉවරයි. ඒත් ගෙනල්ලා තියෙන්නේ බාල වර්ගයේ සිමෙන්ති වගයක්..

මිට අමතරව හෙජින් ගණුදෙනුව,ආසනික් ප්‍රශ්න,ක්‍රිකට් ආයතනයේ දුෂණ,වැට් බදු වංචා...

අනේ ඉතිං මේවාගේ පාලකයන් ඉන්නකම් අපි වගේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි....
දිගටම කියවන්න ->>

Tuesday, 2 August 2011

Channel 4 ට එරෙහිව ශ්‍රි ලාංකිය හඩ



Channel 4 ආයතනය විසින් දිගින් දිගටම ලංකාවට එරෙහිව විඩියෝපට නිකුත් කිරිමට පටන් ගෙන ඇත. මේයට විරුද්ධව කොතෙක් අපි කථාකලත් කිසිදු පියවරක් අරගැනිමට සමත් නොවිය....
ලගදි නිකුත් කරපු Channel4 විඩියෝවට එරෙහිව අපි යුද්දයේදි විදි ඇත්ත තත්වය ලෝකයට කියා පැමට සකස් කල මෙම විඩියෝව Channel 4 එකට කණේපහරක්ම වනු ඇත....

පලමු විඩියෝව
දෙවන විඩියෝව

(මෙම විඩියෝව ඔබට ඇකි පමනින් ප්‍රසිද්ධ කරන්න)

HUMANITARIAN OPERATION FACTUAL ANALYSIS
JULY 2006 – MAY 2009
දිගටම කියවන්න ->>

Friday, 1 July 2011

අනේ අපි මේවා කාට කියන්නද...


මේ දිනවල අපේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ බාලවර්ගයේ පෙට්‍රල් වගයක් වෙළදපොලට නිකුත්විමත් සමගම මහජනතාව මුහුණදි ඇති ප්‍රශ්නයක් සම්බන්ධවයි. ඇත්තටම මෙහෙම දේවල් සිදුවන්නේ කාගේ වැරදි නිසාද? ඇමතිතුමානම් කියන්නේ වැස්ස නිසා වතුර එකතුවෙලා කියලා. මේක ඇත්තක්ද? මේ පිළිබදව අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා අද මෙන්න මේ වගේ කථාවක් කියලා තියෙනවා.....

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා මෙ කියන කථාව ඇත්තනම් අපි මේ ජිවත් වෙන්නේ බොහෝම භයානක කාලසිමාවක. අසරන මහජනතාවගේ ගැන අංශු මාත්‍රයක්වත් හිතන්නේ නැතුව මේ වගේ වැඩ කරන රාජ්‍ය නිලධරයන් සිටින මේ වගේ රටක ජනතාවට ඉතිං දෙයියන්ගෙම සරණයි...
මෙවැනි දේවල් මේ රටේ තවත් සිදුවිය යුතුද? මේ ආකාරයේ වැරදි කරන අයට දඩුවම් දෙන දවසක් කවදා උදාවේවිද?
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අවනඩුව?
දිගටම කියවන්න ->>

Monday, 27 June 2011

ඩෙංගු සුවකිරිමට ගස්ලබු කොල යුෂ .....


මම මේ පොස්ට් එක දැක්කේ පරන Sunday Observer ලිපියක තිබිලා. මෙහි සදහන් වන ආකාරයට ඩෙංගු රෝගින් හට ගස්ලබු කොළ යුෂ පානය කිරිමට දිමෙන් මෙම ඩෙංගු රෝගය නිවාරනය කරගැනිමට පුල්ළුවන් බව පැවසෙනවා.
මෙම යුෂ සදා ගැනිමට හොද නිරෝගි ඵල දරන ගස්ලබු ගසකින් කොළ අරගෙන හොදින් සෝදා වියලා , කොළේ නාරටි අයින් කර කොළටික විතරක් වංගෙඩියක දමා කොටා(ලි වංගෙඩියක් නම් වඩා හොදයි) යුෂ ටික අරගන්න.
මෙය ලබාදිය යුතු මාත්‍රාව වන්නේ..
වැඩිහිටියකුට 10ml බැගින් දවසට දෙපාරක්
ළමයකුට (වයස5ත් 12ත් අතර) 5ml බැගින් දවසට දෙපාරක්

මේ ලිපිය පරන උනත් දැම්මේ යලිත් ඩෙංගු මාරයා හිස ඔසවා ඇති බැවිනි..
සන්ඩේ ඔබ්සර්වර් ලිපිය මෙතැනින්
දිගටම කියවන්න ->>