ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday, 9 October 2010

සදාදරණිය චේ




ඔබව මේ ලොකයෙන් උදුරාගෙන අදට (ඔක්තොබර් 09 වනිදාට) හරියටම අවුරුදු 43ක් ගතවෙනවා. එහෙත් සදාකාලික විරුවානණි, තවමත් ඔබ අපහදවත් තුල ජිවමානව වැඩසිටියි.1967 ඔක්තොබර් මස 9 වැනිදා හමුදාබටයින් කිපදෙනෙකුගෙම තුවක්කු වලින් පිටවි ගිය වෙඩි උන්ඩවලින් ඔබේ ලය පසාරුකරගෙන යද්දි, ඔබට සිතෙන්නට ඇති ඒය ඔබගේ විප්ලවයේ අවසානය නොවන වග.
ඔබ මරා දැමිමට හෝරා කිපයකට කලින් CIA නිලදාරියකු ඔබෙන් ඇසු ප්‍රශ්නයත්, එයට ඔබ පිලිතුරු දුන් අන්දමත් මා ඔබ ගැන කියවු පොතක තිබු ආකාරය මට දැන් සිහිවෙනවා.
"මොකක් ගැනද ඔබ දැන් හිතමින් ඉන්නේ"
"මම මේ හිත හිතා ඉන්නේ මේ විප්ලවයේ අමරණියත්වය ගැන"
සත්තකින්ම විරුවාණනි, ඔබ කල විප්ලවය සදා අමරණිය එකකි. ඒකයි ලොකයාට ඔබව අමතක කරන්න බැරි. ඔබවාගේ විරුවන් ලෝකයටම අවැසි කාලයකි මෙය.
ඔබව ශාරිරිකව මරාදැමිමට සතුරන්ට හැකි උවත් ඔබගේ ආකල්ප,ඔබගේ විප්ලවකාරි මතවාද ඔවුන්ට විනාශ කිරිමට නොහැකි විය.
"සියෙරා මිස්ට්‍රා" කදුකරයටවෙලා ඔබ අලුත් කියුබාවක් තැනිය. එතැනින් නොනැවතුන ඔබ නිදහස් බොලිවියාවක් තැනිමට අරගලයක් ඇරබිය. එහෙත් ඔබට නිදහස් බොලිවියාවක් තැනිමට නොහැකි උවත් ඔබගේ ඒ අරගලය ලොකයේ බොහෝ රටවල් වලට නිදහස ලබා ගැනිමට අඩිතාලමක් විය. එහෙයිනි විරුවාණනි ඔබට ලොකයා මේතරම් ගරු කරනුයේ. සැබවින්ම ඔබ විරුවෙකි.

"ජයග්‍රහණය දුෂිත කල නොහැකියයි මාගේ පරාජයෙන් අදහස් නොකෙරෙනු ඇත. එවරස්ට් කදු මුදුනට ලගා විමට උත්සාහ කොට පැරදුන බොහෝ දෙනෙකු ඇතත් එහි අවසාන ප්‍රතිඵලය නම් එවරස්ට් කන්ද තරණය කර ඇති බවය."
අර්නස්ටෝ චේ ගුවේරා


දිගටම කියවන්න ->>

Wednesday, 6 October 2010

Stargate Universe TV Shows එක බලන්න ආසද?



කාටත් මතක ඇතිනේද ඒදවස්වල ස්වර්ණවාහිනියේ බදාදා ‍රැ 9.00 ගියපු Stargate වැඩසටහන. එක අපි කොයිතරම් ආසාවෙන් බැලුවද. බලපු අයට මතක ඇතිනේ. ඉතින් ඒ මතකය අලුත් කරගන්න මෙන්න තියෙනවා ඒ ආරෙටම නිපදවපු Stargate Universe කියන TV වැඩසටහනක්. මේක මට හමූනේ අහම්බෙන්. මේ ෆයිල් එක share කරලා තියෙන්නේ hot file වල . 350mb විතර විශාලයි. කැමති අය ඉන්නවනම් බාගන්න. මෙන්න ලින්ක් එක
දිගටම කියවන්න ->>

Tuesday, 5 October 2010

Kaspersky IS/Av Keys ඔනිද.



මෙන්න මට හම්බ උනා නියම සියිට් එකකින් Kaspersky කිස්. මගේ Kaspersky IS key එක එක්ස්පයර් වෙලායි තිබුනේ. මම මේකෙන් key එකක් බාගෙන අප්ඩෙට් කර ගත්තා. ඔයගොල්ලන්ටත් Kaspersky keys ඔනෙනම් මෙන්න සියිට් ලින්ක් එක. බාගන්න. මේහි daily update key file ලින්ක් එකකුත් තියෙනවා. ඉතින් අලුත්ම keys අපිට එයින් බා ගන්න පුලුවන්.

මෙන්න ලින්ක් එක
දිගටම කියවන්න ->>

Friday, 1 October 2010

රජෙක් යැයි අපිට නොසිතෙන මහ රජාණෝ

නන්දා මාලනියන් ගායනා කරපු ගිතයක්. අදට කොයිතරම් නම් ගැලවෙනවද?

දිගටම කියවන්න ->>