ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday, 12 November 2010

ඔබට කැමති පරිදි Calendar එකක් නිර්මාණය කරගන්න...


Softwarenetz Calendar 2 2.19 Multilingual 3.42 Mb
මෙන්න තියෙනවා ඒ සදහා හොදම මෘදුකාංගයක්. මේක මේ අහම්බෙන් හමුවු software කැල්ලක් මේකෙන් පුලුවන් සරල ලෙස ඔබට අවශ්‍ය Calender එක ඔබේ සිතගි පරිදි නිර්මාණය කරගන්න. මේ සදහා ඔබගේ ජායාරුප හා වෙනත් තමන් කැමති ඕනැම ජායාරුපයක් එක්කරන්නට ඔබට පුලුවන්.ඒ වාගේම තමන්ගේ උපන්දිනය හෝ වෙනත් විශේසිත දින තමන්ට කැමති ආකාරයට ලකුණු කර තැබිමටත් පුලුවන්. 2011 වසරේ දින දර්ශනයක් ඔබම නිර්මාණය කර ඔබෙගේ සහෘදයන්ට තිලින කරන්න මෙන්න කදිම අවස්ථාවක්...
මෙන්න ෆයිල් එක මෙතනින් බා ගන්න..
මෙතනිනුත් ගන්න පුලුවන්
දිගටම කියවන්න ->>

Tuesday, 9 November 2010

photoshop psd files ටිකක්.....

මෙන්න තියෙනවා තවත් photoshop psd file ටිකක්. මම මිට පෙරත් මෙවැනි ෆයිල්ස් ටිකක් ලබා දුන්නා. මෙතන තියෙනවා ප්‍රසිද්ධ cartoon psd files හා තවත් ලස්සන comercial logos හා Graphics කරන අය සදහාම අවශ්‍ය වන බොහෝ psd හා eps ෆයිල් බොහෝමයක්ම. අවශ්‍ය අය ඉන්නවනම් මෙතනින් බා ගන්න.




දිගටම කියවන්න ->>

Monday, 8 November 2010

"Hero" නැමති සංසදයේ සිටින සහෘදයා වෙතටයි..




සොයුර නුබ නමින් "Hero" උනාට සංසදයේ ඉන්න හැමොම දන්නවා උබ මනස විකෘති වෙච්ච මානසික රෝගියකු බව. එහෙත් එය උබේ කරුමේය. හැම බ්ලොග් ලියන්නෙකුටම කුණුහරුප කමෙන්ට්දාන එකම කෙනා උබය. අපි උබට වෙයිරනොකරන්නේමු. මක්නිසාදයත් උබ සමහරවිට ඔය තත්වෙට පත්වෙන්න ඇත්තේ කාගේ හෝ ආදරයක් කරුණාවක් නොලැබු නිසාවෙන් වෙන්න ඇති. සමහර විටක උබේ දෙමාපියන් දෙන්නා උබලග නොසිටින්නට පුලුවනි. සමහර විටක උබ තාත්තෙක් නැතිව මේ ලොකේට බිහිවන්ට ඇති. ඒ නිසයි නුබ මේතරම් සමාජයට වෙයිර කරන්නේ. මේ තරම් පහත් වචන උබේ ලග තියෙන්නේ. එත් උබම කල්පනා කරලාම බලපන්. උබ ඔය විදියට පහත් කමේන්ට් දාන තව එකෙක්වත් උබට මේ සංසදයේ දි මුනගැසි නැහෑ නේද? අන්න එතනයි උබගෙත් අපෙත් තියෙන වෙනස.

උබට මානසිකව යම් සතුටක් ලැබෙනවා ඇති උබ මේ කරන දෙයින්.. එහෙත් මේ නිසා කිදෙනෙක් නම් උබට සාප කරන්න ඇත්ද? සොයුර දැන් කාලය පැමින ඇත උබට ඔය ලෙඩෙන් අත් මිදිමට. උබ උබ ගැනම ස්වයං විග්‍රහයක් කරගෙන බලපන්. උබ කරන වැඩේ කොයිතරම් සාධාරණද කියලා. සමහරවිට නුබ හැදෙන්නත් පුලුවන් නොහැදෙන්නත් පුලුවන්. එත් උබවගේ එකෙකුට හරි මාර්ගය පෙන්වාදෙන්න කවුරුහරි පලමු අඩිය ඉස්සරහට තියන්න ඔනි. ඔන්න මම ඒ වැඩේ කලා. සමහරවිට උබ මේක බලලා මට තවත් තිත්ත කුණුහරුපෙන් කමෙන්ට් එකක් දාන්න පුලුවනි. එත් කමක් නැ.... උබ මේ ලිපිය කියෙව්වානම්.. උබ හැමදාම ‍රැ නින්දට යනවිට උබට හිතේවි මම මේ තාක් වෙනකම් කිදෙනෙකුගේ බ්ලොග් පොස්ට් වලට කුණුහරුප කමේන්ට් දැම්මාද කියලා.. අන්න එහෙම හිතුනුදාට මම දිනුම්...... නැත්නම් උබත් තවත් සමාජයට විණකරන පිලිලයක් බවට පත්වේවි... තිරණය උබ සතුයි.....
දිගටම කියවන්න ->>

Sunday, 7 November 2010

ස්වර්ණවාහිණියේ අවසන් ඇණය බුද්ධික අතින් ගැසෙයිද?....


පසුගිය සතිය තුල මහත් ආන්දොලනාත්මක කථාබහකට ලක්වු මතෘකාවක් වුයේ ස්වර්ණවාහිණියේ "මෙගා ස්ටාර්" අවසන් තරගය ගැනයි. බොහෝ දෙනෙකු තුල මේ සම්බන්දව ඇති වුයේ මහත් කලකිරිමක් හා රියැලිටි වැඩසටහන් වලට එල්ල වු කළු පැල්ලමක් ලෙසටය. මේ වැඩසටහනට සම්බන්දවු බොහෝ කළාකරුවන් මෙහි දොස් පවරා තිබුනේ ස්වර්ණවාහිණියේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයාටයි. මෙහි ඇත්ත නැත්ත වැඩසටහන නැරබු ඕනැම කෙනෙකුට වැටහෙන සත්‍යකි. ලංකාවේ පමනක් නෙවි මම හිතන්නේ ලොකයේම රියැලිටි වැඩසටහනක අවසන් තරගයේ ත්‍යාග්‍ය ප්‍රධානයක් සදහා එම නාලිකාවේ ප්‍රධානියා බොඩිගාඩ්ලා දෙදෙනෙකු සමග වේදිකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. තමන් සාධාරණව තරගයක් සංවිධානය කලානම් මේ ආකාරයට බයෙන් සැකෙන් ආරක්ෂකයන් සමග වේදිකාවට එන්නේ මොන බම්බුවක් සදහාද? ඒ බම්බුව හැන දන්නේ බුද්ධික කුලසේකරයන් පමනි.මට හිතෙනවා වෙලාවකට බුද්ධික මේ කරගෙන යන්නේ "සිරසේ" කොන්ත්‍රාත් එකක්ද කියලාවත්.

මෙ සතිඅන්ත ප්‍රදාන පුවත් පතකට(ලක්බිම ඉරිදා) නිල්මිණි තෙන්නකොන් ප්‍රකාසකර තිබුනා තිබුනේ කළාකරුවන් මේ වැඩසටහනට සම්බන්ද විමේදි යම් මුල්‍ය එකගතාවයකට වැඩසටහන් අධ්‍යක්ෂක වරයා සමග පැමින තිබු බවයි. ඒ තමයි පලමු වටයෙන් ඉවත්වන තරගකරුවකුට රු 50 000 කුත් දෙවැනි වටයෙන් ඉවත්වෙද්දි රු 100 000 කුත් පිලිවලින් ඉදිරි වටසදහා රු 50000 බැගින් වැඩිකරන ලෙසත්ය.නමුත් නිලිමිණි සදහන් කරන ආකාරයට තරගය අවසන්වි ඇතත් තමන්ට එම මුදල් තවමත් ලැබි නොමැති බව. ඇය සදහන් කරන්නේ මෙම අලවාහිණියේ ඉන්න අධ්‍යක්ෂවරයා මිට වඩා වගකිමෙන් වැඩකල යුතු බවයි...

විශේසයෙන් මෙහිදි සදහන් කලයුතු තවත් වැඩගත් කරුනක් වන්නේ මේම වැඩසටහනට සම්බන්දව සිටි කළාකරුවන් වැඩි දෙනෙකු හට ආරාධනාපත් යවා නොමැති බවය. වගකිවයුතු මාධ්‍ය ආයතන ප්‍රධානියාගේ කළමණාකාරිත්වයේ ඇති හොදකම මින් මනාව පැහැදිලි වෙනවා.

මේ තරගයට සහබාගි උන තවත් කළාකරුවකු වන රයන් වැන්රොයන් කියා සිටින්නේ තමන්ට මේ තරගයේදි බලවත්ම අසාධාරණයට ලක්වු පුද්ගලයකු බවයි. තමන් තරගයෙන් ඉවත්වෙද්දි මෙහි sms සම්බන්දව කටයුතුකල ආයතනයේ සිටි තමාගේ හිතවතෙකු ලබාදුන් දත්තයන්ට අනුව තමාට sms 17000ක් ලැබි තිබු බවත් මේ සම්බන්දව තමාට ලිඛිත සාධක ඇතිබවත්, නමුත් තමන්ට ලැබි ඇති sms ගනන 1300 බව පවසා රයන්ව එම වටයෙන් ඉවත් කර තිබෙන බවය. මේ සම්බන්දව ඔහු සොමා එදිරිසිංහ හට පැමිණිලිකර තිබෙනබවත් ඔහු පවසා තිබෙනවා.

මෙවැනි විගඩන් වලින් ලොකයා හමුවේ අපේ රටේද අභිමානයටද යම් පහරක් වැදෙන බව මාගේ හැගිමයි.. මේම නාලිකාවේ ඉහල සිටින අය දැන්වත් තිරනයක් ගත යුතුය. මෙම නාලිකාව තව දුරටත් ‍රැකගෙන ඉදිරියට මෙවන් වැරදි සාදාගෙන පියවර තබනවාද?... නොමැතිනම් ස්වර්ණවාහිණියේ අවසන් ඇණය බුද්ධික කුලසේකරයන් ලවා ගස්සවා ගන්නේද?....
දිගටම කියවන්න ->>