ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 1 July 2011

අනේ අපි මේවා කාට කියන්නද...


මේ දිනවල අපේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ බාලවර්ගයේ පෙට්‍රල් වගයක් වෙළදපොලට නිකුත්විමත් සමගම මහජනතාව මුහුණදි ඇති ප්‍රශ්නයක් සම්බන්ධවයි. ඇත්තටම මෙහෙම දේවල් සිදුවන්නේ කාගේ වැරදි නිසාද? ඇමතිතුමානම් කියන්නේ වැස්ස නිසා වතුර එකතුවෙලා කියලා. මේක ඇත්තක්ද? මේ පිළිබදව අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා අද මෙන්න මේ වගේ කථාවක් කියලා තියෙනවා.....

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා මෙ කියන කථාව ඇත්තනම් අපි මේ ජිවත් වෙන්නේ බොහෝම භයානක කාලසිමාවක. අසරන මහජනතාවගේ ගැන අංශු මාත්‍රයක්වත් හිතන්නේ නැතුව මේ වගේ වැඩ කරන රාජ්‍ය නිලධරයන් සිටින මේ වගේ රටක ජනතාවට ඉතිං දෙයියන්ගෙම සරණයි...
මෙවැනි දේවල් මේ රටේ තවත් සිදුවිය යුතුද? මේ ආකාරයේ වැරදි කරන අයට දඩුවම් දෙන දවසක් කවදා උදාවේවිද?
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අවනඩුව?
දිගටම කියවන්න ->>