ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 31 December 2009


ලබන්නා වු 2010 නව වසර සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත නව වසරක් වෙවා!
දිගටම කියවන්න ->>

Monday 28 December 2009

සුරපුරයකි මගේ රට ... රට කන්නන්හට

ශ්‍රි ලංකාව ඉංදියන් සාගරයේ මුතුඇටයයි. එහෙත් ඒ මුතු ඇටය තුල අද කොයිතරම් නාස්තිය හා දුෂනය රජකරනවාද කියලා එදිනෙදා පුවත් පතක් බලන ඕනැම පුද්ගලයකුට වැටහෙන සත්‍යකි. අප රට තුල ඇති සම්පත් හා ස්‍රමයෙන් දකුනු ආසියාවේම දියුනු රටක් බවට පත්කිරිමට හැකියාව තීයේද්දිත් රටේ සිදුවන මේ නාස්තිය හා දුෂනය එන්න එන්නම මේරට විනාෂය කරා ‍රැගෙනයමින් සිටි. රටට අයත් සම්පත් හා ප්‍රග්ධනය සියල්ලම පුද්ගලයින් කිහිප දෙනේකු වටා එක් ‍රැස් වෙමින් පවති. රටට උහුලන්නට බැරිතරම් ඇමති මංඩලයක් සිටියත් උන් එකෙක්ගෙන්වත් රටට සිදුවන සේවාවක් නම් පෙනේන්නට නැතිය. මේ පුංචි රටට මේ තරම් විශාල ඇමති මංඩලයක් අවශ්‍යමද? නැත කොහොමටවත් නැත.
එමෙන්ම විධායක ජනාධිපතිවරයා සතු අසිමිත බලයද එම විධායකය නඩත්තුව සදහා වැයකරන අතිවිශාල ධනස්කන්දයද රටට හෙනහුරකු වි ඇත. පසුගිය සතිඅන්ත පුවත් පතක සදහන්ව තිබු ආකරයට විධායක ජනාධිපති නඩත්තුව සදහා තප්පරයකට රුපියල් 182.58 ක් වියදම් කරති. දවසකට වැයකරන මුදල රුපියල් 15,774,912 කි.(රු. එක්කෝටි පනස් හත්ලක්ශ හැත්තෑ හතර දහස් නවසිය දොලහකි.) එසේනම් වර්ශයකට වැයකරන මුදල කොයිතරම්ද කියලා හිතාගන්න පුලුවන් නේද? තවද කොප් වංචා වලින් රු කෝටි 15000 ක් ද හෙජින් ගිවිසුම නිසා කෝටි 8000 ක්ද වැට් වංචා නිසා මිලියන 38000 ක්ද මිහින් ලංකා පාඩුව මිලියන 32000 ක් ද රටට අහිමි කර ඇත. මේතරම් විශාල මුදල් ප්‍රමානයක් රටට අහිමිකලත් තවමත් මෙම පුද්ගලයින්ට දඩුවම්නම් ලැබි නොමැත. ඒ වෙනුවට ඔවුන්හට තවතවත් රජයේ ඉහලපෙලේ තනතුරු ලැබි ඇත.(උදා: හෙජින් ගිවිසුමට , මිහින් ලංකා වලට වගකිවයුතු )
රටේ ජනතාවමත අදික බදුබරක් පටවමින් අසරනජනතාව තව තවත් අන්ත අසරණ තත්වයකට පත්වෙමින් සිටිනවිට රජය කිවේ යුද්ධය නිසා ඉවසන ලෙසය. අපි ඉවසුවෙමි. යුද්ධය දැන් අවසන්වි මාස 07කුත් ගෙවි හමාරය.එහෙත් ගහපු බදුත් එහෙමමයි. රටේ මුදල් හොරාකාපු උනුත් එහෙමමයි. යුද්ධය නිසා තද උන අපේ පටිත් එහෙමමයි.
දිගටම කියවන්න ->>

Saturday 26 December 2009

කොහොමද වැඩ




අද මට Face book එකේ තිබිලා අදට ගැලපෙන නියම ෆෝටෝ ටිකක් හම්බ උනා. බලන්න නියමයි නෙද?
දිගටම කියවන්න ->>

Wednesday 23 December 2009

ෆෙන්සුඉ 2


* ඔබේ නිවසට ෆෙන්ෂුඉ ක්‍රම යොදා ගැනිමට පෙර නිවසේ ඇති කැඩුනු බිදුනු ද්‍රව්‍ය ඉවත් කිරිම පලමුව කල යුතුය. නැතිනම් එවා මගින් එකතැන පල්වෙන ශක්තිය නිර්මානය කරයි.
* නිස්කලංක හා උනුසුම් ආකාරයට නිවස සැකසිම මගින් හා සි.ඩි යන්ත්‍රයක් මගින් සැහැල්ලු සංගිතයක් නිවස තුල වාදනයවිමට සැලැස්විමෙන් නිවස තුල යිං ශක්තිය වැඩිකරගත හැක.
* නිවසේ සාලයේ,කැම කමරයේ,කුස්සියේ ඉටිපන්දම් තැබිම මගින් නිවසට යහපත් ශක්තින් ඇතුලු වේ(නිවසේ වැඩිපුර ගැවසෙන ස්තාන තුල තබන්න.)
* නිවසට ඇතුල් වෙන ස්තානය අසල කැඩුනු බිදුනු දෙවල්, කැලිකසල ආදිය ඉවත් කර එම ස්ථාන පිරිසිදුව තබා ගන්න.
* සැමවිටම කුනුකන්දල් ඉවත් කරන්න. නිවස තුල එකතු උන කැලිකසල ඒ වෙලාවෙදිම නිවසින් ඉවත් කරන්න.
* ‍රැකියාවේ දියුනුවක් අපෙක්ෂා කරන්නේ නම් කර්යාලිය මෙසය හා එහි ලාච්චු අනවශ්්‍ය ලියකියවිලි වලින් තොරව පිරිසිදුව තබා ගන්න.
* නිදන ඇදයට ලට්ට ලොට්ට හා පරන බඩු ආදිය තබා ගන්න එපා. මෙවා එකතැන පල්වෙන ශක්තිය නිර්මානය කරයි.එවිට එම ඇදෙහි නිදාගන්නා අයට අහිතකර බලපැම් ඇති කරයි.
* පරන පෙම් සබදතාවල ලියුම් කියුම් හා සිහිවටන ආදිය පුලුවන් තරම් ඔබෙන් ඈත්ව තබා ගන්න. එවා ඔබගේ නව සබදතා වලට අහිතකර බලපෑම් ඇතිකරයි.
* කාමරයක හිතකර ශක්තිය වර්දනය කිරිමට දොඩම්, දිහි යුෂ ජලයේ දියකර ඉසින්න.
*නිවසේ උතුරු දිශාවේ ජලය සමග ලොහ භාණ්ඩ කිපයකුත් තබන්න.එවිට ‍රැකියාවේ හා වි්‍යාපාර දියුනුව ඇතිවේ.
* ඔබගේ කාර්යාලයේ දොර‍ටුවට මුහුනලා සැමවිටම වාඩි වෙන්න. එවිට කාර්යාලයේදි අනවශය කරදර ඔබ වෙතට එම් වලකි.
* කැම මේසයමත මත තිබෙන ආහර පරාවර්තනය කිරිමට කැමකාමරයේ කැඩපතක් තිබිම ධනය හා සෞභාග්‍ය ලැබිමට හේතු වේ.
දිගටම කියවන්න ->>

Tuesday 22 December 2009

Phone එකෙන්නොමිලේම T.V බලමුද?

මම පලමුවෙන්ම මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි මේ වාගේ ලිපියක් ඉදිරිපත් කිරිම ගැන Gangster (බ්ලොග් අඩවියේ නම තිබුනේ මේ විදියට) සහොදරයට. මෙ ලිපිය ඔහුගේ බ්ලොග් එකෙන් තමයි තිබුනේ. ඉතින් හැමොටම මෙක ප්‍රයොජනවත් නිසා මම පලකරනවා.
වැඩි තොරතුරු අවශ්‍යනම් www.hackingclz.blogspot.com වෙබ් අඩවියට පිවිසෙන්න.
මේ විදියට T.V බලන්න පුලුවන් Mobitel Sim පාවිච්චිකරන අයට විතරයි.(දැනට දන්න තරමින්)

මුලින්ම කියන්න ඕන මේ සඳහා ඔයාලගේ ජංගම දුරකථන්යේ ජී.පී.ආර්.එස්. පහසුකම හා ජී.පී.ආර.එස්. සෙටින්ග්ස් තියෙන්න ඕන.මෙහෙමයි වැඩේ!!.එච්චර දෙයක් නෑ...මම මේ දෙන ලින්ක් එක ඔයාලා ෆෝන් එකේ ඉන්ටර්නෙට් බ්ර.වුසර් එකේ ටයිප් කරන්න.ඊට පස්සේ සාමන්යත වෙබ් පිටුවකට යනවා වගේ ඇතුල් වෙන්න.ඒතකොට ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ ප්ලේයර් එක විවෘත වෙන්න අහයි.(උදා:-Nokia නම් Real One Player). වීඩියෝ ප්ලේයර් එක විවෘත වුනාට පස්සේ ඔයාලට නිදහසේ නොමිලේ ටී.වී. බලන්න පුළුවන්.

මෙන්න ලින්ක් එක-->>


rtsp://192.168.97.49/Chanel.sdp
මේ ලින්ක් එකේ Chanel කියලා තියෙන තැනට ඔයාලට බලන්න ඕන චැනල් එකේ නම පහත තියෙන විදිහට ටයිප් කරන්න.


1)arttv
2)derana
3)eye
4)itn
5)maxtv
6)rupavahini
7)swarnawahini

දැන් ඉතින් හිතේ හැටියට ටී.වී. බලන්න.

(මාගේ ස්තුතිය... GanGster)
දිගටම කියවන්න ->>

Saturday 19 December 2009

Feng Shui


මම හිතුවා ෆෙන්සුඉ ගැන ලිපි පෙලක් ලියන්න ඕන කියලා. ඉතින් ඔන්න අද ඉදන් මම මේ ෆෙන්සුඉ ගැන මම දන්න තරමින් ලිපි පෙලක් ඉදිරිපත් කරන්නම්. මුලින්ම අපි බලමු මේ ෆෙන්සුඉ කියන්නේ කුමක්ද කියලා.ෆෙන්සුඉ යන වචනයේ අර්ථය වන්නේ සුළග හා ජලයයි. වසර දහස් ගනනක සිට චින ජාතිකයින් මෙම ශාස්ත්‍රය අනුගමනය කරමින් සිටි. තවද මෙම ක්‍රමය නිවාසතුල ගෘහ භාන්ඩ ස්තපනය කරන හා ශක්තිය ගලනයට අදාල ඉපැරනි කලාවක් ලෙසද හදුන්වා දිමට හැක.

* ෆෙන්සුඉ ක්‍රියා කරන්නේ කෙසේද?
"චී" නමින් හදුන්වන ශක්ති දාරා නිවසක් හරහා ගලන පදනම මත ෆෙන්සුඉ ක්‍රියාත්මක වේ. ඔබට හා ඔබගේ ජිවිතයට සෞභග්‍යය ලබා ගැනිමට නම් ඔබගේ නිවස පුරා මෙම ශක්ති ධාරාවන්ට නිදහසේ ගැලිමට හැකිවන පරිසරයක් නිර්මානය කර තිබිය යුතුය.
ෆෙන්සුඉ වලින් වැඩ ගැනිමට නම් ඔබට නිවසේ විවිද දිශාවන් ගැන අවබෝදයක් තිබිය යුතුය.
ඒ ඒ දිශාවන්ට අදාලව අස්ට අභිලාශයන් මෙසේ නිරුපනය කරයි.
දකුණ = පිලිගැනිම හා කිර්තිය
උතුර = වෘත්තිය
නැගෙනහිර = පවුල හා සුවසෙත
බටහිර = දුදරුවන්
නිරිත = විවාහය හා ප්‍රෙමය
වයඹ = අන් අයගේ සහයෝගය
ඊශාන = අධ්‍යාපනය හා නුවන
ගිණිකොන = ධනය හා සමෘද්ධිය.
දිගටම කියවන්න ->>

Sunday 13 December 2009

සියත ටි.වි

සියත කියලා අලුතින් ටි.වී චැනල් එකක් පටන් අරගෙන.දැන්නම් අපේ රටට අතේ ඇගිලි දහයටත් වඩා ටි.වි චැනල් තියනවා. ඒත් ඉන් එකකින්වත් ප්‍රයොජනවත් වැඩසටහන් නම් පෙන්වනවා බොහොම අඩුයි. ඉතින් මට සියත ගැන ලියන්න්න හිතුනේ සියත වැඩිපුරම දේශියත්වයට තැන දෙන නාලිකාවක්ලු. එත් සියත බලනවිට තමයි එහි නියම දේශියත්වය පෙන්නන්නේ.ඇත්තටම මේ මිනිසුන්ට මොලයක් නැද්ද?. ටි.වි චැනල් එකක් පටන් ගන්නවනම් හොද ඉදිරි දැක්මක් තියෙන්න ඕන. අපි මෙන්න මේ මේ විදියේ වැඩසටහන් ඉදිරිපත් කරනවා කියලා.නමුත් සියත ටි.වි වල පෙන්නනේ මොනවද? හවස් වරුවේ චැනල් එක පටන් අරගෙන විදේශිය කා‍ටුන් වගයක් පෙන්නනවා. ඒ අතරට තව මොනවාහරි පැරනි ටෙලිනාට්‍ය වගයක් පෙන්නනවා. ඊටපස්සේ සියතේ ජනප්‍රියයි කියාගන්නා "පොප් කොන්" කියලා විදේශිය නාලිකාවකින් අමුඅමුවෙම කොපිකරපු ඉංග්‍රිසි වැඩසටහනක් යනවා. ‍රැට සියත දැන්මොත් කවුරුහරි ගායකයෙක්ගේ සංගිත සැදැවක් යනවා. අනේ ඇත්තටම මේ වැඩසටහන් අධ්‍යක්ෂකවරුන්ට ඉහ මොල නැද්ද? තමන් චැනල් එකක් පටන් ගන්නවනම් අඩුමතරමින් මිනිසුන්ට ප්‍රයොජනවත් හොද වැඩසටහන් කිපයක් හරි පටිගතකරලා තියාගෙන පෙන්නන්න බැරිහැටි. තමන්ගේ කියලා හරිහමන් හොද වැඩසටහන් නැත්තම් අඩුමතරමේ "ඩිස්කවරි " හරි " නැශනල් ජියොග්‍රැපි" හරි මිනිසුන්ට හිරිකිතක් නැතුව බලන් ඉන්නපුලුවන් වැඩසටහන් කිපයක්හරි පෙන්නනවනම් ඒක බාල,වැඩිහිටිකාහටත් ප්‍රයොජනවත් වෙවි. මේ වගේ මනොවිකාර පේන්නනේ නැතුව.මේදේ සියතට විතරක් නෙවි අනිත් චැනල් වලටත් පොදුකාරනයක්. මේවා ඉතින් හරිගස්සන්න නම් ඇගවිතරක් නෙවි මොලේ තියෙන වැඩසටහන් අධ්‍යක්ෂකවරු අදාල තැන්වලට පත්කරන්න සිද්ද වෙවි. ඒක ඉතිං අදාල චැනල් වල ප්‍රධනින්ගේ යුතුකමක්. එතකන් ඉතිං ප්‍රෙක්සක ජනතාව අතරමං.
දිගටම කියවන්න ->>

Need For Speed Cheat

Need For Speed Hot Pursuit 2 ගේම් එක කොහොමද චිට් කරන්නේ කියලා පොඩි ඉගියක් ඔයලට දෙන්නම්.
ඔයාලට අවශ්‍ය නම් Tracks ඔක්කොම open කරගන්න. පලමුව NFS install කරලා තියෙනතැනට යන්න. එම folder එකේ tracks කියාලා තියෙන .ini file එක ඔපන්කරගන්න. එහි මෙන්න මේ විදියට වෙනස්කම් කරගන්න.
m_price[0] = 10
m_price[1] = 10
m_price[2] = 10
m_price[3] = 10
මේ විදියට track එකේ මිල $10 කරගත්තම අපිට මේ ඔක්කොමtraks open කරගන්න පුලුවන්.
අපට අවශ්්‍ය කාර් එක ගන්න අවශ්්‍යනම් අරවිදියටම NFS Install කරලා තියෙන folder එකට ගිහින් එහි cars කියලා තියෙන ini file එක open කරගන්න.
මේහි තිබෙන car එකේ price එකට අපි කැමති අඩු අගයක් දෙන්න. eg 10 ක් වගේ. මෙහි යටින් තියෙන nfsprice එකටත් අපි කැමති අඩු අගයක් දෙන්න.
Eg: විදියට අපට 11 වෙනි කාර් එක ගන්න අවශ්‍යනම්

[car11]
name=f1lm
mfrname=kTxtMCLAREN
displayname=kTxtF1LM
class=1
traffic=false
price=10 * ***
nfsprice=10 ****
stat0to60ID=kTxtF1LM_0to60
statTSID=kTxtF1LM_TS
statTSKPHID=kTxtF1LM_TSKPH
statHPID=kTxtF1LM_BHP
ඉහත උදාහරනයේ තරු දලා තියෙන අගයන් වෙනස් කරගන්න.

මෙය අත්හදා බලිමට ප්‍රතම traks.ini හා cars.ini file දෙකේ copy 2ක් වෙනතැනක save කරලා තියාගන්න. මේ වෙනස්කම් වලදි මනයම් හො ප්‍රස්නයක් ඈතිඋනොත් original file 2 ක තිබුනුතැනටම ආයිමත් copy කරලා දාන්න.
දිගටම කියවන්න ->>

Sunday 6 December 2009

මිළග ජානාධිපති විය යුත්තේ

සරත් ෆොන්සෙකා මහතා හා මහින්ද රාජපක්ෂ මහතා දැන් මිලග ජනාධිපති සටනට පැමින තිබේ. සරත් ෆොන්සෙකා මහතා රාජපක්ෂ මහතාට විරුද්දව තරග කිරිම කොතරම් සාදාරනදැයි තිරනය කිරිම ඔබට බාරකරමි. එත් මට මෙම ලිපිය ලිවිමට සිදුවුවේ ඊයේ(06) ආරක්ෂක ලේකම් ගොඪාබය රාජපක්ෂ මහතාගේ සාකච්චාවට සනන්දිමෙන් අනතුරුවය.
සටන පටන්ගෙන ඇත්තේ දැන්ය. දෙගොල්ලන්ම තමතමන්ගේ කුනු ඇවිස්සිමට පටන්ගෙන ඇතිබව එම සාකච්චාවට සවන් දුන් කාට උවද තේරුම් ගත හැකි දෙයකි. වසර තිහක් තිස්සේ පැවති යුද්දය අවසන්වි මාස හතක් ගතවිමටත් ප්‍රතම යුද්දයට සහයදුන් ප්‍රදානතම චරිත දෙක මේ ආකාරයට දෙපැත්තට විම රටේ අවාසනාවද කියා කිමට මට නොතේරේ. එහෙත් එකදෙයක් අනිවාර්යයෙන්ම කිවහැක. මේ දේවල් වලින් වාසි ලැබෙනුයේ කොටිත්‍රස්තයන් වෙනුවෙන් තවමත් හඩා වැලපෙන ඊළම් සිහිනය තවමත් දකින්නන්ටය.එමනිසා ප්‍රදාන ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනා මෙම මැතිවරන ප්‍රචාරක කටයුතු කල යුත්තේ සිහිබුද්දිය ඇතුවය. තමතමන්ගේ වැරදි තිබෙනම් එවා නිවරදි කරගෙන රජයේ ආරක්ෂක බුද්ධි තොරතුරු පිටතට නොයන ආකාරයට කටයුතු කලයුතුය. නැතිනම් දිනු නිදහස වැඩිකල් යන්නට මත්තෙන් වලපල්ලට යනු නො අනුමනයි.
දිගටම කියවන්න ->>

Friday 4 December 2009

Wallpaper

දිගටම කියවන්න ->>

එබ්‍රහම් ලින්කන් තම පුතුගේ මුල් ගුරුතුමාට යැවු ලිපිය

දිගටම කියවන්න ->>