ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 25 April 2011

OnBux ටත් කෙළවෙලාද?



මම ptc සයිට් එකක කියලා register වෙලා තිබුනේ onbux වල විතරයි. මොකද ඔවුන් හොදට මුදල් ගෙව්වා, ඒ වගේම registed කම්පැණියක් විදියටයි තිබුනේ. එත්
මම $8කcashout එකක් කලා. තාම මට සල්ලි ලැබුනේ නැ. දැන් සති දෙකක් විතර වෙනවා cashout කරලා.මම මේ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට තමයි තේරුනේ onbux scam වෙලා කියලා මෙන්න මේ සයිට් වල දාලා තිබුනේ. කවුරුහරි මේ දවස් වල cashout කරපු සල්ලි ලැබුනද?
මේක ඇත්තක්ද? දන්න අය ඉන්නවනම් කියන්න.
PTC Investigation
Read This
Other

ebook
දිගටම කියවන්න ->>

Saturday 23 April 2011

මොනවද මේ සර්පිළ කුහර (Wormhole)නැත්නම් තරුදොර‍ටු


අපි කළු කුහර ගැනනම් අසා තිබෙනවා. එත් මේ සර්පිළ කුහර එහෙම නැතිනම් සර්පිළ බිළ කියා හදුන්වන මේ කුහර පිලිබදව ගොඩාක් දෙනෙක් අසා නැතුව ඇති. විශේසයෙන් මේ කුහර ගැන වැඩිපුර කියවෙන්නේ මේවා චක්‍රාවාටයන් අතර ගමන් කිරිම සදහා දියිණු ජිවින් යෝදාගන්නා අවකාශයක් ලෙසයි.

තවටිකක් පැහැදිලි කරනවා නම් මේ Wormhole යනු චක්‍රාවාටයන් අතර මෙන්ම චක්‍රාවාටයන් තුලද විශ්වය තුල හෝ විශ්වයන් අතර සම්බන්ධිකරණ ස්වභාවය සහිතව නිර්මාණය වි පවතින්නේ යැයි විශ්වාසය කරනු ලබන අතිශය දුරස්ථ ප්‍රදේශ සම්බන්ද කල හැකි කාල-අවකාශ විනිර්මුක්ත, දව්‍ය අංශු ශුන්‍ය වු අද්ධාන නලාකාර හිස් ප්‍රදේශ වේ.


ඇල්බට් අයින්ටයින් විසින් 1915 දි සාමාන්‍ය සාපෙක්ෂතාවාදය මගින් මේ සර්පිළ කුහර සංකල්පය අවධාරනය කර ඇති අතර රුසියානු න්‍යෂ්ටික භෞතික විද්‍යානයකු වන හයිඩ්‍රජන් බෝම්බය සොයාගනු ලැබු " ආන්ද්‍රේ ඩිමිට්‍රියෙව් ප්‍රකාශකර ඇත්තේ විශ්වයේ ඕනැම තැනක මේ සර්පිළ කුහර ඇති බවත් දියුනු පිටසක්වල ජිවින් මේ සර්පිළ කුහර උපයෝගි කරගෙන අන්තර් චක්‍රාවාට තරනයේ නියුතු වන බවත්ය. එමෙන්ම මෙම දියුනු ජිවින්හට තමන්ට අවශ්‍ය ආකාරයට කෘතිම සර්පිළ කුහර නිර්මාණය කරගෙන තමන් අභිමත ඕනැම ස්ථානයකට ගමන් කල හැකි බවය.

නමුත් නවින භෞතික විද්‍යාව අනුව මෙය තවමත් තියරියකට පමනක් සිමාවි ඇත. කවදා හරි දිනෙක අපහට මෙම සුත්‍රය විසදා සර්පිළ කුහරයක් විවෘත කර ගැනිමට හැකිනම් ඔන් එදාට අපිටත් පුළුවනි අන්තර්චක්‍රාවට අතර පමනක් නෙවි කාලය හරහාද ගමන් කිරිමට...

මේ තියරිය පිලිබදව තවත් වැඩිදුර හදාරන්න මෙතනට යන්න
දිගටම කියවන්න ->>

Monday 18 April 2011

අලුතින්ම නිකුත්වු Magazine කලාප කිපයක්....

ඔන්න තියෙනවා අලුතින්ම.. මේ අප්‍රේල් වල නිකුත් වු ලෝප්‍රකට මැගසින් කිපයකම අලුත්ම කලාප පෙලක්. අවශ්‍ය අය ඉන්නවනම් අරගෙන කියවන්න...

New Scientist - 16 April 2011
English | PDF | 61 pages | 27.1Mb
download

BBC Focus - May 2011
English | PDF | 116 pages | 94.70 MB


Business Today - 01 May 2011
English | PDF | 131 pages | 44.9Mb


Designer Magazine May 2011
English | 67 Pages | 20MB | PDF


PCR Magazine - April 2011
English | True PDF | 120 Pages | 15.9 MB


Delivery Magazine (Issue 35) - April/May 2011
English | HQ PDF | 20 Pages | 39.2 Mb


PowerTorque Magazine (Issue 40) - April/May 2011
English | HQ PDF | 20 Pages | 36.4 Mb


ECOcar Magazine (Issue 10) - March/May 2011
English | HQ PDF | 20 Pages | 39.9 Mb


PC Pro – June 2011
English | 170 pages | True PDF | 72.9 MB


Computer Shopper - June 2011
English | True PDF | 165 pages | 78.5 Mb


Industrial Automation Asia - April 2011
English | True PDF | 78 Pages | 17.8 Mb


PC Plus - May 2011
English | 115 pages | True PDF | 62.9 MB


HOME BUSINESS Magazine - April 2011
English | True PDF | 68 Pages | 27.5 Mb


Maintenance Technology - APRIL 2011
English | True PDF | 52 Pages | 17.4 Mb


Building Design + Construction - April 2011
English | PDF | 68 Pages | 127.83 MB


Architect Magazine - April 2011
English | PDF | 116 pages | 63.84 MB


Modern Steel Construction - April 2011
English | PDF | 94 pages | 82.96 MB


Structure - January 2011
English | PDF | 60 Pages | 8.24 MB
දිගටම කියවන්න ->>

Saturday 16 April 2011

ඔට්‍ටුව පැරදි ජයසුරිය නටයි...


අප්‍රේල් මස 13 වෙනිදා පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් අතර අතර තරගයෙන් පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායම ජය නොගන්නා බව IPL විස්ථර විචාරකයකු වන සනත් ජයසුරිය ප්‍රකාශ ඔට්‍ටුවක් ඇලිමයි. එහිදි පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායම ජයග්‍රහනය කල අතර පන්ජාබ් කින්ග්ස් xi කන්ඩායමේ නායක ගිල්ක්‍රිස්ට් තරගය අවසානයේ දි සනත් රංගනයක් ඉදිරිපත් කළයුතු බවට ප‍්‍රසිද්ධියේ ඉල්ලීමක් ඳ ඉදිරිපත් කළේය.
පසුව, චෙන්නයි කණ්ඩායම හමුවේ ගිල්කි‍්‍රස්ට්ගේ පිල ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව තවත් නිවේදකයෙකු එම ඔට්ටුව ගැන සඳහන් කළ අතර, පසුව සනත් රූපවාහිනී කැමරාව ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කළේය.

එයට අදාල විඩියෝව මෙතනින් බලන්න Video
දිගටම කියවන්න ->>

Tuesday 12 April 2011

මෙන්න තවත් අලුත්ම magazine පෙලක්....

අලුතෙන්ම නිකුත් වු ලෝප්‍රකට magazine වල අලුත්ම කලාප කිපයක්ම තියෙනවා. කියවන්න ආස අය ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගන්න.....

Chemical Engineering - April 2011
English | True PDF | 74 Pages | 8.84 Mb


Scientific American - April 2011
English | 116 pages | True PDF | 30 MB



PC Today - April 2011
English | True PDF | 80 Pages | 30.3 Mb


Computer Power User (CPU) - May 2011
English | True PDF | 112 Pages | 35.3 MB


Mac Life - May 2011
English | True PDF | 100 Pages | 57.6 MB


MacFormat – May 2011 (UK)
English | True PDF | 132 pages | 49.5 MB


Desktop Engineering - April 2011
English | True PDF | 52 pages | 11.3 MB


WebUser – 7 April 2011
English | True PDF | 76 Pages | 30.4 Mb


The Economist - 2-8 April 2011
English | HQ PDF | 96 Pages | 90.9 Mb


Bloomberg Markets - April 2011
English | HQ PDF | 151 pages | 61 Mb


PCWorld US Magazines (May/2011)
English | PDF | 104 pages | 31Mb


PC Plus - May 2011
English | PDF | 115 Pages | 62,6 Mb


Architect Magazine - April 2011
English | True PDF | 116 pages | 63.84 MB

Download All
දිගටම කියවන්න ->>

Saturday 9 April 2011

IPL තරග කාල සටහන. pdf


ඔන්න ඉති ලෝක කුසලානෙත් ඉවරයි. එම තරගාවලියේ සිදුවෙච්ච දේවල් ගැන දැන් ඉතින් පසුතැවිලා වැඩක් නැ. එත් ඉතින් හැන්නම් ලංකාවේ ක්‍රිකට් අයාලේ යනවා වගේ. නායකයෙක් නැ... තේරිම් කමි‍ටුවත් නැ....
එත් ඔන්න ආයෙත් ක්‍රිකට් උණුසුම දැනෙන්න පටන් අරන්. ඊයෙ ඉදලා ආරම්බ උන ipl තරගාවලියත් එක්ක. ඊයේ තරගය ගැනනම් කියන්න තියෙන්නේ වෙනදා වගේම ෂාරුක් අන්කල්ගේ ටිම් එක අවාසනාවත් අරගෙන තමයි මේ තරගාවලියට අවතිර්න වෙලා තියෙන්නේ. මොකද ඊයේ මැච් එක ඔවුන්ට හොදින්ම දිනා ගන්න තිබුනු තරගයක්. අවාසනාවන්ත විදියට හොදම පිතිකරුවන් දෙදෙනෙක් දුවද්දි දැවි ගියා.....

ඔන්න එහෙනම් ipl බලන්න කැමති අයට තරග කාල සටහන ගෙනාවා. pdf ෆෝමැට් එකෙන් තියෙන්නේ. අවශ්‍ය අය ඉන්නවනම් මෙන්න බා ගන්න....
IPL Schedule

excel format එකෙන් ඕන අය මෙතනින් ගන්න
දිගටම කියවන්න ->>

Friday 8 April 2011

අලුත් අවුරුදු නැකැත් සිට්‍ටුව 2011



නව සද බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රේල් 8 වන සිකුරාදාද, අභිනව සූර්ය වර්ෂය සදහා මැයි මස 5 වන බ්‍රහස්පතින්දාද නව සද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානය
අප්‍රේල් 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා අපර භාග 01.01 ට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි.

පුන්‍ය කාලය
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 6.37 සිට එදින රාත්‍රී 7.25 දක්වා පුන්‍ය කාලය බැවින් 14 වන බ්‍රහස්පතින්දා පූර්ව බාග 6.37 ට පළමුව ආහාර අනුභව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීමද, පුන්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වන බ්‍රහස්පතින්දා අපරභාග 01.01 සිට අපර භාග 7.25 දක්වා පහත දැක්වෙන අයුරු ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීමද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා අපරභාග 01.06ට රනවන් පැහැ වසත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප්බැද ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක්ද කැවිලි වර්ගයක්ද පිළියලකරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනුකිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා අපරභාග 03.18 රන්වන් පැහැ වස්ත්‍රාබරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියළු වැඩඅල්ලා ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑමේ නැකත.
අප්‍රේල් 16 වන සෙනසුරාදා පූර්වභාග 7.41 ට නීලවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා තෙල් සහ නුගපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත්ව යාම
අප්‍රේල් 18 වන සදුදා පූර්වබාග 6.28ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බත්ද, දී කිරිද අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වීම මැනවි.



(සැ.යු : ඉහත සියළු නැකත් වේලාවන් සකස්කර ඇත්තේ ශ්‍රි ලංකා සම්මත ඔරලෝසු වෙලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ සිංහල අවුරුදු නැකත් කමි‍ටුව විසිනි)
දිගටම කියවන්න ->>

Friday 1 April 2011

අපිට සුභ උපන්දිනයක් වේවා!.. (April 1 st)



මෙහෙම ලියුවයි කියලා කවුරුත් අමනාපවෙන්න ඔනි නැ. මොකද අපේ රටේ වැඩි දෙනෙක් ඉපදිලා තියෙන්නේ අදද කියලා කරන කියන වැඩවලින් පෙන්නේ.
සමාජ අසාධාරණය පෙනි පෙනිත් නිහඩව කට පියාගෙන ඉන්න අපි වගේ අය මේ ලොකේ වෙන කොහේවත් නැතුව ඇති.
බොරු සාස්ථර කාරයින් පිටිපස්සේ ගිහින් ‍රැවටෙන... විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරගන්නා... විශ්ව ශක්තිය රුපවාහිනි හා ගුවන් විදුලි තරංග හරහා රටටම විසුරුවාහරින... විනාඩි පහෙන් වැවක් උනත් පිරිත් පැන් කරන...පවුම් රත්තරම් වලට ලෙඩසුව කරන ගිහි පැවිදි සාන්තුවරුන්ට ‍රැවටෙන් එකම මිනිස්සු ඉන්න රට අපේ රට වෙන්න ඇති...
උදාහරනයකට අද සති අන්ත පුවත්පතක් අරගෙන බලන්න කොයිතරම් සාත්තර කාරයිගේ ඇඩ් තියෙනවද කියලා. ඒ මදිවට දැන් ටි.වි චැනල් වල යටිනුත් මුන්ගේ ඇඩ් යනවා... බිරිද ඔබ හැර ගියාද?...නොවරදින ස්ත්‍රි පුරුෂ වශි.. ලොත‍රැයි ජය...විභාග ජය.... මේකි නොකි හැම දෙයක්ම මේ .....වල්ලියලා හා ගුරු මැණිවරු කරලා දෙනවලු. අනේ අම්මපා අපේ මිනිස්සු දවසකට දහස් ගනනින් මුදල් මුන්ට පුදන හැටි..
මෙතනදි තවත් කාරනාවක් මතු කරන්න කැමතියි...
මේ කරුනට නම් දේශපාලනය ගාව ගන්නම වෙනවා. මොකද උපතින්ම කැපුවත් කොල හා කැපුවත් රතුයි කියාගන්නා දේශමාමක ජනතාවක් සිටින එකම රටත් අපේ රට වෙන්න ඇති...
රටේම අවුරුදු 30ක් පමන පැවති යුද්ධයකට සක්‍රියව තම ලේ මස් නහර කැපකල යුධ හමුදාපති කෙනෙක්ව, එම යුද්ධය අවසානයේ හිරගත කරන්න ඇරලා බලන් ඉන්න ජනතාවක් ඉන්න එකම රටත් අපේ රට වෙන්න ඇති.....
දහස් ගනනක් අපේ මිනිසුන් මරන්න අනුබල දිපු කරුණාලා,කේ.පිලා,පිල්ලේයාන්ලාට රජ සැප දිදි අමාත්‍ය තනතුරුත් පුදපු එකම රට හා එහි ජිවත් වෙන ජනතාව අපි වෙන්න ඇති.....
මිනිස්සුන්ගේ බදු මුදල් මිලියන ගනනින් වංචා කරපු උන්ට තවතවත් ඉහල තාන්න මාන්න පුදන එකම රටත් අපේ රට වෙන්න ඇති.....
කෝප් වාර්තාවලින් සාක්ෂි ඇතුවත් පෙන්නලා දුන්නත් උන්ට දඩුවම් නොදි තවමත් ගසාකන්න ඉඩදිලා බලන් ඉන්න ජනතාවක් ඉන්න එකම රටත් අපේ රට වෙන්න ඇති.....
මේලෝ රහක් නැති, සල්ලි වලට ආචාර්ය්‍ය උපාධි ගත්ත, උගත් කමක් ගැවිලාවත් නැති, මැරයින්,සල්ලාලයින්,මිනිමරුවන්,සිනි බෝල නිළියන් පාර්ලිමේන්තුවට හා පළාත් සභා වලට පත්කරලා යවන ජනතාවක් ඉන්න එක ම රට අපේ රට වෙන්න ඇති......
කටපිරෙන්න පුරෝපු කැබිනට් එකක් ඉන්න,ඒ කැබිනට් එකට සුඛෝපබෝගි විදියට ජනතා බදු මුදල් වලින් නඩතිතු කරන, ඒ කැබිනට් එකේ එක ඇමතිකෙනෙක් වාහන පෝලිමක් එක්ක පාරේ යද්දි අපේ වැඩ නවත්තගෙන ඒ වාහන පෝලිමට යන්නකන් ඉදලා පාරේ යන එකම ජනතාව ඉන්න වන් ඇන් ඔන්ලි රට....
රුපවාහිනි නාලිකා සියල්ලම වාගේ අපිව ගොනාට අන්දගෙන කරන නාටක,විගඩම් බලලා සතු‍ටු වෙන , නිවුස් වෙනුවට ප්‍රශස්ති ගි අහන,අනුන්ගේ දුක නිවුස් කරලා මාකට් කොරන, ස්ටාස් මේනියාවකින් පෙලෙන එකම ජනතාව අපි වෙන්න ඇති..


එහෙව් ජනතාවක් ඉන්න රටේ අද උපන් දිනය සමරන සමස්ථ ජාති හිතෙයිශි,ජාති මාමක,දේශප්‍රේමි ජනතාව වන අපිට සුභ උපන්දිනයක් වේවා!.....
දිගටම කියවන්න ->>