ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 16 February 2012

තෙල් මිළ වැඩි කිරිමට බලපැ ඇත්තම හේතුන්...


තෙල් මිළ වැඩිවිම ගැන අද රටේ සැම තරාතිරමකම පුද්ගලයින්ගේ ප්‍රදාන මතෘකාවක් බවට පත් වෙලයි තියෙන්නේ.ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් ඩීසල් මිළ වෙවර වැඩිකර තියෙනවා.ඇත්තටම රජය මේතරම් විශාල ලෙස තෙල් මිළ වැඩි කිරිමට හේතුව කුමක්ද? ඇත්තටම රජය කියන ආකාරයට මෙසේ තෙල් මිළ වැඩි කිරිමට හේතුව ලෝක වෙළද පොලේ තෙල් බැරලයක මිළ ඉහල යාම හා ඉරානයට එරෙහිව ඇති සම්බාධක ප්‍රශ්නයද? එසේ නම් අපි ලංකාවට තෙල් ලබාගන්නා ආකාරය හා පහුගිය කාලය තුල ලංකාවට තෙල් ගෙනා කාලවකවානු හා තෙල් බැරලයක් මිලදිගෙන ඇති මිළ සලකා බලමු..
*පසුගිය නොවැම්බර් 04 වෙනිදා ලංකාවට ඉන්ධන ආනයනය කර ඇත්තේ තෙල් බැරලයක් ඇ.ඩො 94.26 ට
* ඉන්පසු පසුගිය දේසැම්බර් 02 වනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 100.96 කට
*මේ වසරේ ජනවාරි 06 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 101.56
*තෙල් මිළ වැඩි කිරිමට දවස් කිපයකට කලින් එනම් පෙබරවාරි 10 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 96.68 කට.

එහෙත් පසුගිය වතාවන්ටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් ආනයනය කර විදේශ වෙළද පොලේ තෙල් මිල ඉහල යනවයි කෙබර කෙල කෙල ඉතිහාසයේ පෙර නොවු විරු ලෙස තෙල් මිළ වැඩි කරේ වෙනදාටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් මිළදි ගෙනය.
තවත් දෙයක් තමයි මේ තෙල් වැඩිවිමට බලපානවයි කියන ඉරාන ප්‍රශ්නය. එහෙත් ලංකාවට ඉරානයෙන් ආනයනය කරන්නේ බොරතෙල් පමනයි.ලංකාව ලොකෙන්ම බොරතෙල් ආනයනය කරන්නේ 45%යි. ඉතුරු 55% පිරිපහදු තෙල් ලෙස ගෙන්වන්නේ වෙනත් රටවලිනි.
එසේනම් සත්‍ය ලෙසම තෙල් මිළ වැඩිවිමට මේ ඇමැට්ටෝ කේලින ලෝක වෙළදපොළ් තෙල්මිළ ඉහල යාම හා ඉරාන සම්බාධක ප්‍රශ්නයම නොවේ. ප්‍රදානතම හේතුව වන්නේ රජයේ පවතින අකාර්ය්‍යාක්ෂම,දුෂිත කළමණාකරනයේ ඇති දුර්වලතාවයත්,හෙජින් සුදුවෙන් සිදුවු කෝටි 6000ක පාඩුවත්,ඛනිජ තෙල් සංස්ථාවට රජයේ ආයතන වලින් ලැබිය යුතු කෝටි ගනනක මුදල් පාඩුවත් තෙල් මිළ අසාධාරන ලෙස වැඩි කර ජනතා බදුමුදලින් ලබාගැනිමය.

තෙල් මිළ ඉහල ගියා කියන්නේ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිළත් ඉහල යැමය. ඊයේ සිට විදුලි බිලද වැඩි කර ඇත. දැන් ඉතින් ලයිට් තිබ්බත් ලයිට් නොදා ඉන්න තත්වයකට පත්ව ඇත. බස් ගාස්තුද පෙර නොවු විරු ලෙස අසාධාරන ලෙස වැඩි කර ඇත. හෙට අනිද්දාම ගැස් මිලත් වැඩි වේවි. මේ සකලවිද හේතුන් නිසා අන්තිමට තැලෙන්නේ අසරන දුප්පත් ජනතාවයි. රජයේ නාස්තිය හා දුෂණය අවම නොකොට මෙලෙස අසාධාරණ ලෙස ජනතාව වෙත බදුබර පටවන ආණ්ඩුව කිසිම සැලැස්මකින් තොරව ක්‍රියාත්මක වන බවයි පෙනෙන්නේ.
දිගටම කියවන්න ->>