ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 29 March 2009

"සක්විති හරබ" 2වනි වෙළුම නොහොත් Golden Key සිහිනය

දේශමාන‍ය ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී සමාගම බිදවැටිමත් සමගම එහි ආයෝජනය කල පුද්ගලයින් රෑසකට දැන් ගොල්ඩන් තරු පෙනී ඇත.පසු ගිය සති කිපයතුල අනාවරනය වුයේ මෙහි මුදල් ආයෝජනය කරපු අය අතර සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් රෑසක්ද සිටින බවයි.ඉන් කිහිප දෙනෙකුගේ නම් සහ ඔවුන් ආයෝජනය කල මුදල් ප්‍රමාන පහත දැක්වේ.
නවලෝක මුදලාලි(H.K ධර්මදාස ) ලක්ෂ 925
රත්නපුර බිෂෝප් ක්ලිටස් චන්ද්‍රසිරි පෙරේරා ලක්ෂ 400
කෑගල්ලේ රත්නවංශ හිමි ලක්ෂ 170
සෝමවංශ හිමි ලක්ෂ 414
කුමර ධර්මසේන ලක්ෂ 238
මහේල ජයවර්ධන ලක්ෂ 100
රොෂාන් මහානාම ලක්ෂ 110
ජායාරුප ශිල්පි ප්‍රසන්න හෙන්නායක ලක්ෂ 500 (හෙන්නායක මහතා මෙමෙ මුදල් ආයෝජනය කර ඇත්තේ ඔහුගේ නිවස සහිත ඉඩමක් සෙලින්කො හොම්ස් වෙත විකුනා එම මුදල ගොල්ඩන් කී වෙත බැරකිරිමක් වසයෙනි.මෙ මුදල සදහා මසකට 35% ක පොලියක් ලබා දෙනබවට පොරොන්දු වි ඇත.)
අනුප් කුන්ඩමාල් ලක්ෂ 238
දැනට ඉතාලියේ තානාපති ධුරය දරන නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය ලක්ෂ 135

සමහර පුද්ගලයින් ඔවුන්ගේ බිරියන්ගේ හෝ වෙනත් ඥතියකුගෙ නමින් ආයෝජනය කර ඇති අතර ඔවුන්ගේ නම් පහත දක්වා ඇත.
MR P P B P GURUGE 70,000,000.00
MRS NAYESHA RANASINGHE 71,456,813.87
MR NIHAL HOOLE 73,000,000.00
MR M SAMAD 80,006,307.07
MR R D S K WIJEWICKRAMA 88,154,914.78
MR M A S A WIJAYASIRI 88,400,000.00
MR H K DHARMADASA 92,500,000.00
MR A S SILVA 170,000,000.00
MR MILTON KARUNARATNE 200,000,000.00

මිට අමතරව ලක්ෂ 100 සිට 500 දක්වා ආයෝජනය කල පුද්ගලයින් සියයකට වඩා වැඩි සංඛ‍යාවක් ඇත.
මොවුන් මෙවැනි විශාල මුදල් ප්‍රමානයක් මහ බැංකුව අනුමත නොවු ආයතනයක ආයෝජනයට පෙලබෙන්නේ ඇයි? බදු වලට අසුවන නිසද? නැතිනම් මෙම මුදල් උපයපු ආකාරය හෙලිකිරිමට නොහැකි නිසද? මෙය උකුස්සාට නොතේරෙන ප්‍රස්නයකි........

(උකුස්සා ආයෝජකයින්ගේ නම් සොයාගත්තේ අන්තර්ජාලය හරහාය.)
දිගටම කියවන්න ->>

Saturday 28 March 2009

සැබෑ දෙමළ නායකයන් කවුරුන්ද?


ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ මානව හිමිකම් ගැන කථා කරන්නේ නම් සිවිල් වැසියන් මුදා හරින ලෙස කොටි සංවිධානයට නොකියන්නේ ඇයි...

අද වන තුරු ඔහු හෝ එම සන්ධානයේ කිසිවකු කොටින්ට එවැන්නක් ප‍්‍රකාශ කර නොමැති අතර මෙහිදි ඔවුන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි.

එසේ නම් දෙමළ ජනතාව වෙනුවෙන් කිබුල් කදුළු හෙලන මේවැනි නායකයන් කියන කරන දැ සියල්ලම අප පිලිගත යුතුද? සැබෑ දෙමළ නායකයකුගෙන් ඉටුවියයුතු යුතුකම් මොවුන්ගෙන් ඉටුවන්නේද?.......තීරණය ඔබ සතුයි........

දිගටම කියවන්න ->>

අපේ රටේ කැබිනෙට්ටුව


අපේ රටට ගැලපෙන (ඉසිලිය හැකි ) කැබිනෙට්ටුවක්ද

අප රට තුල පවතින්නේ ?

ලියන්න ඔබට මේ ගැන දැනෙන අදහස්.....

දිගටම කියවන්න ->>

Thursday 26 March 2009

නුබ ..............


නුබ දුන්නු දුකට .... මම දැනගත්තා....

මම නුබට මගේ පණටත් වඩා

ආදරෙයි කියලා.....
දිගටම කියවන්න ->>

ස්වර්ණවාහිනියේ හෙට දවස...

මටත් හිතුනා ශ්‍රිලංකීය අභිමානය යැයි කියාගන්නා විද්යුත් නාලිකාවේ වර්තමානය ගැන පොඩ්ඩක් ලියන්න. ඉස්සරනම් අපි ඇත්තටම ස්වර්ණ්වාහිනියෙන් බලපු දේවල් ගැනනම් අපිට ශ්‍රිලංකීය අභිමානයක් තිබුනා. ගග දිගේ, සලංහන්තේ, මහා සිංහලයේ වංසකතාව. ආදි වැඩසටහන් අපි බැලුවේ කොයිතරම් ආසාවෙන්ද. එච් ඩි ලා හේම නලින්ලා ජැක්සන් ඇන්තනිලාගෙන් මේ නාලිකාව මේතරම් දුරක් එන්න කොයිතරම් නම් පන්නරයක් ලැබෙන්න ඇතිද. එත් වර්තමානයේ මේ නාලිකාව තවත් එක් "මොලයක් නැති කොපිකැට් සිරසක්" බවට පත් වෙලා හො ඒ තත්වයට පත්කරවලා.මගේ පුද්ගලික අදහස නම් මේ තත්වයට වර්තමාන වැඩසටහන් අධයක්ෂක වගකිවයුතු බවයි. අද මෙම නාලිකාවේ විකාශය වන එක වැඩසටහනක් වත් පිරියකින් බලන්න පුලුවනිද? (live@8 හා අමාදහර හැර)
රටෙම ඉන්න නළු නිලියන්ව වැඩසටහන් ඉදිරිපත් කරන්නන් විදියට යොදවලා දැන් ස්වර්ණවාහිනිය "විකාරවාහිනියක්" වෙලයි තියෙන්නේ.මේ නාලිකාවට තවදුරටත් ශ්‍රිලංකීය අභිමානයක් විදියට තවත් කාලයක් අපේ රටේ කිරුළු දරන්න අවශ‍ය නම් මේ යනවිදිය වෙනස් විය යුතුය.මේ පිලිබදව ස්වර්ණවාහිනියේ ඉහල ඇත්තන්ගේ අවදානය යොමුවෙවා.
දිගටම කියවන්න ->>

Monday 23 March 2009

"ඩිලොන්" අප ඔබ සමගයි.


M.I.A. නමින් හැදින්වෙන දෙමළ බිරිතාන්‍ය ගායිකාවක වන මාතංගී අරුල්පරගාසම් යනු ඊරෝස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය) සංවිධානයේ නිර්මාතෘ සහ එල්ටීටීඊ සංවිධානයේ පබල සාමාජිකයෙකු වන අරුල්පරගාසම්ගේ එක් දියණියකි. ඇය විසින් නිකුත් කළ Arular ගීත ඇල්බමය සහ Kala ගීත ඇල්බමය හරහා කොටි සංවිධානයේ මිලේච්ඡත්වය සාධාරණිකරණය කරමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයට "කඩේ යමින්" සිටී. කොටි සංවිධානය නිදහස් අරගලයක යෙදෙන බව හුවා දක්වන්නට මෙම ගායිකාව උත්සාහ දරා ඇති අතර ඇගේ ගීත ඔස්සේ "ඇඟට නොදැනෙන ලෙස" ඊළාම් මතවාදය ලෝකය පුරා ව්‍යාප්තකරමින් ජාත්‍යන්තරය රැවැට්ටීමේ උත්සාහයක් නිරත වී සිටී.මැයගේ මෙම නින්දිත උත්සාහය හෙළිදරව් කිරීම සහ එල් ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ලෝකයට හෙළිදරව් කිරීම සඳහා එක්සත් ජනපදයේ උපත ලබා හැදීවැඩුනු ඇමරිකන් රැප් තරුවක් වන ඩිලෝන් ජයසිංහ නම් රැප් ගායකයා ඉතා විශිෂ්ඨ උත්සාහයක නිරත වෙමින් සිටී. MIA විසින් "Paper Planes" වැනි ඇගේ ගීත නිර්මාණ ඔස්සේ මිලේච්ඡ ත්‍රස්තවාදීන්ට උදව් කරන බවත්, එල්ටීටීඊ ත්‍රස්තවාදය යනු ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය බවත් පවසමින් ඩිලෝන් විසින් "M.I.A. - Paper Planes (Diss by Delon)" නමින් වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීම ආරම්භ කර ඇත. Youtube වෙබ් අඩවියට එකකර තිබූ මෙම වීඩියෝපටය UMG (Universal Music Group) සංවිධානයේ ඉල්ලීමක් මත ඉවත් කළ බව Youtube වෙබ් අඩවිය පවසයි. මෙය ත්‍රස්තවාදීන්ගේ බලපෑම මත සිදුවූවක් බව ඩිලෝන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් ප්‍රකාශ කරති. නමුත් මෙම ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් "MIA DISS (RESPONSE TO UMG AND MIA) BY DELON" නමින් තවත් වීඩියෝපටයක් ඩිලෝන් විසින් නිකුත් කර ඇති අතර "ඔබලාට මාව නතර කළ හැකිමුත් සියල්ලන්ම නතර කළ නොහැකියි" යනුවෙන් පවසමින් UMG හා MIA ඇතුලු කොටි හිතවාදීන් ඉතා දැඩි විවේචනයක් ලක්කරයි.කෙසේ වෙතත් ඩිලෝන් විසින් මෙම වීඩියෝ පට ඕනෑම අයෙකුට බාගත කරගැනීමට හැකි පරිදි අන්තර්ජාලයේ ස්ථාන කිහිපයක රඳවා ඇත. එමෙන්ම ලඟදීම තවත් වීඩියෝපටයක් නිකුත්කරන බවද ඔහු පවසයි.ලංකාවේ ඉපදුන, ලංකාවේ හැදුනු වැඩුනු එකම කලාකාරයෙකුවත් කොටි සංවිධානයේ මිලේච්ඡත්වය ලොවට හෙළිකරන හෝ හෙළාදකින ආකාරයේ නිර්මාණ මනුෂ්‍යත්වනයේ නාමයෙන් බිහිකර නැත. නමුත් ඇමරිකාවේ උපත ලබා ඇමරිකාවේ හැදීවැඩී බටහිර සංස්කෘතියේ අභාෂයලත් ඩිලෝන් ජයසිංහ තම මව්බිමේ නාමය වෙනුවෙන් දිවිය සහ තම වෘත්තිය පරදුවට තබා අමිල මෙහෙයක් ඉටු කරයි.ලංකාවේ කලාකරුවෝ කරන්නේ කුමක්ද? මානව අයිතිවාසිකම්, සාමය, සාධාරණය වැනි මාතෘකා ඉදිරියට දමාගෙන කොටි ත්‍රස්තවාදයේ ගැත්තන් වී ඩොලර් කීයක් හෝ වෙනුවෙන් නිර්මාණ කිරීමයි. නමුත් ඔවුන් තමන්ගේ හෘදයසාක්ෂියෙන් විමසූවොත් සැබැවටම මානවඅයිතිවාසිකම්, සාමය හා සාධාරණත්වය විනාශ කරන්නේ කොටි ත්‍රස්තවාදීන් බව දනිති. එහෙත් ඔවුන් තම හෘදයසාක්ෂිය උකසට තබා මුදල් වෙනුවෙන් ජාතිය පාවා දෙති, ජාතිය පමණක් නොව මනුෂ්‍යත්වයද පාවා දෙති.ලංකාවේ ඊනියා කලාකරුවනි, ඔබ "ලැජ්ජයි" යනුවෙන් සටහන් කළ බෝඩ් ලෑලි උස්සාගෙන පෙළපාලි ගියා අපට මතකය. කියන්නට ඇත්තේ "ඔබලාට ලැජ්ජයි නම්, අපිට විලි ලැජ්ජයි" යනුවෙනි.සැබෑ කළාකරුවෝ කවුද? තීරණය ඔබට බාරයි.මට නම් ඩිලෝන් සැබෑ දේශප්‍රේමියෙකි. ඊටත් වඩා ඔහු සැබෑ අවංක මනුෂ්‍යයෙකි.ඩිලෝන්, දේශයේ නාමය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමය වෙනුවෙන් ඔබ කරන "රැප් විප්ලවය"ට අපගේ ආචාරය.ඩිලෝන්ගේ වීඩියෝපට නරඹන්න. ඔබටත් හෘදයසාක්ෂියක් තිබේ නම් එසේ සිතේවි. එසේ නම් ඩිලෝන්ගේ මෙහෙවරට ඔබට හැකි අයුරින් සහයෝගය දෙන්න. ජාතිය නිසා නොව, මනුෂ්‍යත්වය වෙනුවෙන්!‍
මෙන්න තවත් විස්තර සඳහා සබැඳුම්:
(ඔබට පුලුවන් ආකාරයට මෙම වීඩියො පට හා මෙම සබැදුම Publish කරන්න.)
උකුස්සාගේ ස්තුතිය www.asipatha.blogspot.com
දිගටම කියවන්න ->>

Sunday 22 March 2009

If you can read this.......

ඔබටත් මෙම ලිපිය කිවීමයට හැකි නම් ඔබට ත් වි‍ශේෂ හැකියවක් ඇත.

fi yuo cna raed tihs, yuo hvae a sgtrane mnid tooCna yuo raed tihs? Olny 55 plepoe out of 100 can.i cdnuolt blveiee taht I cluod aulaclty uesdnatnrd waht I was rdanieg. The phaonmneal pweor of the hmuan mnid, aoccdrnig to a rscheearch at Cmabrigde Uinervtisy, it dseno't mtaetr in waht oerdr the ltteres in a wrod are, the olny iproamtnt tihng is taht the frsit and lsat ltteer be in the rghit pclae. The rset can be a taotl mses and you can sitll raed it whotuit a pboerlm. Tihs is bcuseae the huamn mnid deos not raed ervey lteter by istlef, but the wrod as a wlohe. Azanmig huh? yaeh and I awlyas tghuhot slpeling was ipmorantt! if you can raed tihs forwrad it.


(මටත් මෙම ලිපිය ලැබුනේ අන්තර්ජාලයේ සැරිසරනවිටදිය.)
දිගටම කියවන්න ->>

Wednesday 18 March 2009

ත්‍රිපිකටයේන් බිදක් ....

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය - උද්දාන ගාථා)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!


පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව, කාම සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. තරහ සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ තරහ සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. හිංසා සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ හිංසා සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. ඇති වෙන සෑම පාපී අකුසලයක් ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ පව් සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා.
පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණ පාවිච්චි කරල දුරු කළේ නැත්නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හට ගන්නවා. යම් දෙයක් නුවණ පාවිච්චි කරල දුරු කළොත් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හට ගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව කිව්වෙ මේවට යි.

(ත්‍රිපිකටය ගැන වැඩි විස්තර ඉගනගන්න කැමති නම් www.tipitaka.mahamevna.org/ අඩවියට පිවිසෙන්න)
දිගටම කියවන්න ->>

Tuesday 17 March 2009

මඩොල් දුව
අපි කට්ටියක් මේ ලගදි මඩොල් දුවේ ගියා පොඩි චෙන්ජ් එකකටත් එක්ක.මට හිතුනා එක ගැන ලිව්වොත් හොදයි කියලා. ඉතින් හිතපු විදියට ගමන යන දවස උදා උනා. අපි හිතන් හිටියේ උදේ 9.30 වේද්දිවත් මඩොල් දුවට යන්න. ඒත් කොහෙද. අපේ එක යලුවෙකුගේ බයික් එක එදාම උගේ මල්ලි අරගෙන ගිහින්. ඉතින් බයික් එකක් හොයගන්න මාර දුකක් වින්දේ. වෙන යාලුවෙකුගෙන් ඉල්ලුවම ඌ කියනවා මචං අද බයික් එක අයියට ඔන කියලා.උන්ට නැති වෙලාවල් වලට අපෙන් ඉල්ලුවම මොනවැඩේ තිබුනත් උන් අරන් යනවා. අපිට ඕන වෙලාවට උන්ට දහසකුත් රාජකරි. මේ වෙලාවට තමයි හිතෙන්නේ අනේ අපි මුන් වගේ යලුවො නේද ආස්‍රය කරන්නේ කියලා.
කොහොමින් කොහොමහරි 10.30 වෙද්දි තවත් යලුවෙකුගෙන් බයික් එකකුත් ඉල්ලගෙන 12.30 වෙද්දි මඩොල් දුවලගටත් ගියයි කියමුකො. එතන ඉදලා මඩොල් දුවට යන්න තියෙන්නේ බොට්ටුවකින්.මේ හොදට එහා පැත්තෙන් තියන දුවට යන්න බොට්ටුකාරයා රු 1000 ක් ඉල්ලනවා.
ඉතුරු ටිකත් බයික් එකෙන්ම යන්න තිබුනනම් හොදයි කියලා හිතුනේ කිසිම හිරිකිතක් නැතුව බොට්ටුකාරයා සල්ලි ගන්න වෙලවේ. මුන් මේච්චර ගානක් අර පේන දුවට යන්න අයකරනවනේ. මුන්ට රු 50කවත් ඩීසල් යන්නේ නැටුව ඇති.
බොට්ටුකාරයට හිතින් බැන බැන මඩොල් දුවට ගියා කියමු. කස්ටිය දැන් ෆුල් ෆන්. බැහැපු ගමන් දුවේ ඇවිදින්න ගත්තා. කස්ටිය විනාඩි 15ක් විතර ඇවිදිනකොට තේරුනා ගමන ගැන කස්ටිය සතුටු නැ කියලා. එහෙට යනවා මේහෙට යනවා. ටික දුරක් යනවිට දැක්කා මේ දුපතට ගෙනල්ලත් මිනිස්සු වගයක් අරක්කු බොනවා.මුන්ටත් තැනක් නොතැනක් නැ මේක බොන්නත්. අපි බාලාගෙන හිටියා මුන්ටික කෙලින්නේම පිස්සු. අපිටත් පිස්සු මේ වගේ ගමනක් ආපු එක ගැන. ඉතින් අපිත් ඇතිවෙනකම් පැනි බෙරෙන්න ඇවිදලා මාටින් වික්‍රමසිංහයන් ගැනත් සිහිකරලා ගෙවල්වල ආවා.
දිගටම කියවන්න ->>

ජල අර්බුදය.

ජල අර්බුදය.

ජලය ජිවිතයට නැතුවම බැරිදෙයක්. ජලය නැත්නම් ජිවිත්යක් නැ. සෑම වසර මිලියන දෙකක් පමන ජනයා මිය යන්නේ ප්‍රමනවත් සනිපාරක්ෂක ක්‍රම හා පිරිසිදු ජලය නොමති නිසයි. මිට ගොදුරු වන අයගෙන් 90%ක්ම දරුවන්.
ඔබ ජලය ලබා ගන්නේ කොහොමද? කාරමයක් ඇරිය ක්ෂනිකයකින් ඔබට ජලය ලබා ගත හැකිද? නැතිනම් පැය ගනනාවක් පොලිමක සිට ජලය ලබා ගනිද? ලොක ජනගහනයෙන් තුනෙන් එකකට ප්‍රමානවත් සනිපාරක්ෂක ක්‍රම හා පිරිසිදු ජලය නැහැ.

විසි එක්වන සියවසේ ඉන්ධන පමනක් නොව ජලයද රන් හා සමානයි.ඒත් මිනිසුන් මෙතරම් වටිනා සම්පතක් වන ජලය කොතරම් නාස්ති කරනවාද කියනවානම් මුහුදට ගලා යාමට තරම්වත් ගංගාවල ජලය නැ.
අදවනවිට බොහොමයක් ප්‍රදාන ගංගා සිදියාමේ තර්ජනයට ලක්වි තිබෙනවා.මෙම තත්වයන් අවම කිරිමට ක්‍රම තිබෙනවාද? ඔබ ජලය පාවිච්චියෙදි මදක් මේ ගැන සිතා බැලුවෙහිද? එසේ නම් මේතරම් වටිනා ජලය නස්තියකින් තොරව අරපරිස්සමෙන් පාවිච්චි කරන්නේ නම් ඔබ එය අනාගත පරපුර වෙනුවෙන් කරන සුවිසල් ආයොජනයකි.
දිගටම කියවන්න ->>