ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 29 October 2011

I want to believe ලොව නොවිසදුනු අභිරහස්....




සුප්‍රසිද්ධ X-Files

කථා මාලාවේ ෆොක්ස් මොල්ඩර්ගේ ඔපිස් කාමරයේ තියෙන පියාබන පිරිසියක් ඇති ජායාරුපයේ මෙවැනි වදනක් තිබෙනවා x-files බලපු හැමෝම දැකලා ඇති (පහල රුපයේ). එත් ලොකේ සමහර දේවල් තිබෙනවා තවමත් විශ්වාස කිරිමට හෝ නොවිසදුනු අභිරහස් විදියට තිබෙන. මමත් ආසයි මෙවා ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්න.ඔය පියාබන පිරිසි ගැන උනත් උනන්දුවක් ඇති උනේ x files කථාමාලාව නිසානේ. එහෙනම් මෙන්න මගේ ලිස්ට් එකේ තියෙන නොවිසුදුන අභිරහස් ටික.මටත් ඕනි මේවා විශ්වාස කරන්න..එත්

බර්මියුඩා ත්‍රිකෝණය
මිසරයේ පිරමිඩ
යෙටි නොහොත් හිමාලයේ හිම මිනිසා
දියකිදුරියෝ (Mermaid)
තරු දොර‍ටු (Star Gate)



බර්මියුඩා ත්‍රිකෝණය

අදටත් මුළු ලොකයටම අගිරහසක් වෙලා තිබෙන මේ බර්මියුඩා ත්‍රිකෝනය ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි,බර්මියුඩා හා කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ යාකරමින් පිහිටි ත්‍රිකෝණාකාර ප්‍රදේශය වේ. මෙයට යක්ෂයාගේ ත්‍රිකෝනය ලෙසද හදුන්වනු ලැබේ. මෙහි ඇති සුවිශේසත්වය වන්නේ මේ හරහා ගමන් කරපු නැව්,ගුවන් යානා , බෝට්‍ටු ආදිය කිසිම හොඩුවාවක් හෝ නොමැතිව අතුරුදහන් විමයි. පසුගිය සියවස ඇතුලත නැව් 50ක් ගුවන් යානා 20ක් පමණ අතුරු දහන්වි ඇති බව නිල තොරතුරු අනුව සදහන් වේ. මේ ප්‍රදේශයේ පවතින චුම්බක විචලනයද සුවිශේෂිතාවයක් ගනි. විද්වතුන් පවස‍න්නේ මෙම කලාපය තුළ අධික චුම්භක බලයක් ක්‍රියාත්මක වන බවය. මාලිමා යන්ත්‍ර වැරදි දිශාවන් පෙන්වන්නේ එම නිසා බවත්, අධික චුම්භක බලය හේතුවෙන් මුහුදු පතුලට ඇද ගන්නා යාත්‍රා කෑලි කෑලි වලට කැඩී විසිර යන නිසා කිසි හෝඩුවාවක් වත් ඉතිරි නොවන බවය. මේ පිලිබද අදහස් දක්වන පුදගලයින් නම් කියන්නේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාකාරකම් නිසා මෙලෙස සිදුවන බවයි. තවත් අය පවසන්නේ මෙම ප්‍රදෙශයේ ඇති මේ ත්‍රිකෝණාකාර හැඩය නිසා මෙය අපගේ ලොකයට සමාන්තර තවත් ලොවකට හෝ කාල තලයකට ගමන් කිරිමට ඇති දොර‍ටුවක් ලෙසයි. නමුත් තවම කිසිවකුතත් මෙය ඔප්පු කිරිමට හැකියාවක් ලැබි නොමැත.

මිසරයේ පිරමිඩ

මෙතෙක් ලෝකයේ බිහිවි ඇති අරුම පුදුම ගොඩනැගිලි අතරින් සුවිශේසි ස්ථානයක් හිමිකර ගන්නේ මේ මිසරයේ පිරමිඩයි. අද පවතින තාක්ෂනයෙන් පවා මෙවැනි නිර්මාණයක් කිරිමට දශක ගනනාවක් ගතවන බවයි විද්වතුන්ගේ මතය. එසේ නම් මිට වසර දහස් ගනනකට පෙර මෙවැනි නිර්මාන කිරිමට තරම් තාක්ෂනයක් ඊජිත්තු පාරවාන්ට ලැබුනේ කෙසෙද යන්නයි.විශෙෂයෙන්ම මෙම පිරමිඩ ජ්‍යමිතික හැඩයද ශක්තින් එක්තැනකට එක්කර තබනා හැඩයක් ලෙසද හදුනාගෙන තිබේ. තවද සුප්‍රසිද්ධ මහා පිරමිඩ 03නේ මුදුන් ඔරායන්ගේ බද පටියේ ඇති තරු 03ට එක එල්ලේ පිහිටා ඇති පරිදිම නිර්මානය කර තිබිම අදහගත නොහැකි තරම්ය.

යෙටි නොහොත් හිමාලයේ හිම මිනිසා


යෙටි ලෙස හදුන්වන මෙම හිම මිනිසා හිමාල කදු හා ටිබෙට් ප්‍රදේශ ආස්‍රිතව ජිවත් වන මිනිස් වානර වෙස් ගත් අපුරු ජිවියෙකි. තවමත් ලොවෙන් සැගවි සිටින මෙම සත්වයා පිලිබදව පැහැදිලි සාක්ෂියක් මෙ වන තෙක්ම සොයාගැනිමට නොහැක. යෙටි යන වචනයද සැදි ඇත්තේ ටිබෙට් වචන දෙකක් එකතුවිමෙනි. මෙහි තේරුම ගිරිකදුවාසි වළස් රූපියා යන්නයි. යෙටි ගැන මුලින්ම වර්ථාවන්නේ 1920 ගනන් වලදිය. ඒ 1925 දී ඡායාරූප ශිල්පියකු වූ එන්. ඒ. ටොච්බාජි, ෂේමු ග්ලැසියරය අසලදී දිගු රෝමයන් හෝ මුළු ඇඟම වැසී ගිය මිනිස් රූපි යෝධයකු දුටු බව වාර්තා කෙළේය.
1953 දී එවරස්ට් තරණය කළ සර් එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සින් නෝර්ගේ තමන් මේ සුවිශාල පා සටහන් දුටු බව වාර්තා කළහ.
2008 ඔක්තෝබරයේදී ජපාන ජාතික යොෂිමෙරු තකහෂි තමන් යෝධ පා සටහන් දුටු බවත් දැන් මේ සත්ත්වයා රූගත කිරීමට උත්සාහ දරන බවත් ප්‍රකාශ කර තිබිණි. ඉන්පසු ආසන්නතම වාර්තාව පළවූයේ 2010 දීය. චීන ජාතික විද්වතුන් පිරිසක් ෂෙනොන්ජියා ප්‍රදේශයේ පරීක්ෂණයක යෙදීමට කටයුතු කළ ද ඔවුනගේ නිරීක්ෂණයට යෙටී හසුවී තිබුණේ නැත

දිය කිදුරියෝ

අඩක් මිනිස් ශරිරයකින්ද,අඩක් මත්ස්‍ය ශරිරයකින්ද යුක්ත මේ ජිවින් අදටත් අභිරහසක්ව පවති. සුරංගනා කථාවල පමණක් අප අසා දැක තිබුණාට පියවි ඇසින් දු‍ටු බවට කිසිදු පිලිගත් සාක්ෂියක් ලැබි නොමැත. නමුත් මේම සත්වයිගේ යැයි පැවසෙන ඇටක‍ටු හා සිරුරු විටින් විට අන්තර්ජාලයෙන් දැක තිබුනත් මෙවා 100%ක්ම නිවරදිදයි යන්න සැක සහිතය.වරක් ආතර් සි ක්ලාක් මහතාද මේ පිලිබදව අදහස් දක්වා ඇතත් එතුමා ප්‍රකාශ කර සිටියේ මේ පිළිබදව කාලායාට බාරදි අපි බලාසිටිමු යනුවෙනි.

තරු දොර‍ටු

මේ ගැනනම් ඉතින් කියන්න තියෙන්නේ Star Gate ‍ෆිල්ම් එක බලලා තමයි මේ පිළිබදව කුතුහලයක් ඇති උනේ. මේ පිලිබදව තියෙන සාක්ෂිනම් ඉතා අල්පයි. ඔය අපේ අනුරාධපුරයේ කුට්ටම් පොකුන ආස්‍රිතව තියෙන ගලක නෙලා තියෙනවයි කියලා කියන අමුතු අක්ෂරත්, ඊජිත්තුවේ පිරමිඩයක ඇති ඊට සමාන අක්ෂරත් ඔය තරු දොර‍ටුවක අක්ෂර කියලයි කියන්නේ. සම්හරු නම් කියන්නේ මෙතන සැබැවටම තරු දොර‍ටුවක් හෝ ඊට සමාන කුමක් හෝ දෙයක් තිබෙන්න ඇති කියලයි. එත් ඉතින් මේ පිළිබදව පරික්ෂන කරන අයගේ තියෙන්නේ අඩු උනන්දුවක් බවයි මගේ හැගිම.(අපේ රටේ විතරයි)

ඉතින් මෙ පිළිබදව ඔබලා දන්න දෙවල් තිබෙනම් අපත් එක්ක බෙදාහදාගන්නවනම් කාටත් එය ප්‍රයෝජන වේවි.
.

දිගටම කියවන්න ->>

Saturday 22 October 2011

ගඩා‍ෆි නැති ලිබියාව...



ගඩා‍ෆි...දැන් අතිතයට එක් වි ඇති නමක් වි හාමාරය. වසර 42ක් පුරාවට ලිබියාව පාලනය කල මේ මිනිසාගේ ඉරණම දැන් විසදි ඉවරය. මොහු අල්ලාගත් අවස්ථාව හා මරාදමා ඇති අවස්ථාවේ විඩියෝ දකින විට සිතට ඇතිවු හැගිමත් සමගම මොහුගැන පෝස්‍ටුවක් ලියන්නට ඕනැකමක් තිබුනත් පමා වි හෝ ලිවිමට හැකිවිම ගැන සතු‍ටුවෙමි. මම උග්‍ර ගඩා‍ෆි වාදියෙක් නොවෙමි. නමුත් ගඩා‍ෆි කල කි යම් යම් දේ පිලිබදව මා සතු‍ටු වෙමි.විශේසයෙන්ම එක්සත් ජාතින්ගේ ‍රැස්විමකදි 2009දිද කොහෙද මට මතක විදියට මොහු කල කථාව.

1942 ජුනි 7 දා ලිබියාවේ සර්ටේ නම් වෙරළබඩ ගම්මානයක ගෝත්‍රික පවුලක උපන් මුවම්මර් ගඩාෆි යුද හමුදාවට බැඳුණේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද අතරමඟ නවතා දමමිනි. ලේ නොසෙල්වු විප්ලවයක් කල ගඩා‍ෆි රටේ පාලන බලය අල්ලා ගන්නේ 1969 සැප්තැම්බර් මස 1 වන දාය. ඉන් පසු වසර 42ක් පුරාවට ලිබියාව පාලනය කරන මොහු පසුගිය 20 වනදා මරාදමන තෙක්ම ලිබියාවේ නොසැලුනු පාලකයා බවට පත්විය.
1958 දි ලිබියාවෙන් ඛනිජතෙල් සොයාගැනිමට පෙර අන්ත දිලිදු රටක් බවට ලිබියාව පත්ව තිබුණි. නමුත් ලිබියානු ජනතාවට කොන්ද කෙලින් තියාගෙන "මම ලිබියානුවෙක්" කියා කියන්න පුළුවන් තත්වයකට ලිබියාව පත්කලේ මොහුය. ලිබියාව ප්‍රධාන ලෙස තෙල් සම්පතෙන් පොහොසත් උනත් ජල සම්පතෙන් පොහොසත් නොවිය. නමුත් ගඩා‍ෆි රජය විසින් ඉදිකරන ලද "මහා මිනිසා ඉදිකල ගංගාව"(Great Man -Made river) මගින් ලිබියන් ජනතාව ජලයෙන්ද පොහොසත් කලේය. රටේ ප්‍රධාන සම්පත වන තෙල් සම්පත මනා ලෙස පාලනය කරමින් ජනතාවට ඒ හරහා සුඛිතමුදිත තත්වයට පත් කිරිමට ගඩා‍ෆිට හැකිවිය. අප්‍රිකාවේ "ස්විස්ටර්ලන්තය" යන විරුදාවලිය ලිබියාවට ලැබෙන්නේද මේ නිසාමය


ගඩා‍ෆි මරාදමන විට ද ලිබියාව ලෝකයේ ඉහලම මානව සංවර්ධන දර්ශකයක් පෙන්නුම් කල රටකි. පසුගිය වසරේ පමනක් ලිබියාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය 10.5% කි. මෙවැනි ආර්ථික සංවර්ධනයක් තිබියදි පවා ගඩා‍ෆිට එරෙහිව මහජනතා නැගිටිමක් ආරම්බ වන්නේ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් ඉල්ලාගෙනය.
තෙල් සම්පත හරහා උපයාගත් අතිවිශාල දනස්කන්දය නිසාද, බටහිරට හා ඇමරිකාවට ගැති නොවුනු පාලකයෙක් නිසාද ගඩා‍ෆිට බටහිර සතුරන් වැඩිවිය.

ලිබියාව නම් ගඩා‍ෆිය... ගඩා‍ෆි නම් ලිබියාවය. මේ නම් දෙක හරියට ගසයි පොත්තයි වගේ බද්ද වි පවති. ලිබියානු නායකයා කියු පරිදිම මොහු ලිබියාව අතහැර නොගොස් ලිබියාවේම තමන්ගේ ජනතාව අතින්ම මිය ගියේය. එත් මොහු මියගිය ආකාරය ගැන නම් මා තුල ඇත්ති පිලිකුලකි. ලිබියාවට මෙතරම් දෙයක් කල මේ මිනිසා මරා දෑමුවේ හරියට තිරිසන් සතෙකු ගානටය. ලක්ෂ ගණන් ජනතාව මරා දමමින් යුද නීති උල්ලංඝනය කරමින් ජනතාවට බර අවි ප්‍රහාර එල්ල කරමින් ගම්බිම් විනාශ කරමින් කැරලි කරුවන් හා නේටොව කල යුද්ධය දැන් නිමාවි ඇත. මෙහි සිඩුවු මානව හිමිකම් කඩකිරිම් ගැන කථා කිරිමටවත් කිසිම රටක් ඉදිරිපත් නොවනු ඇත.
එහෙත් ලිබියානු ජනතාව ඉල්ලා සිටි දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් ලැබේ විද? නොමැතිනම් ලිබියාවත් තවත් ඇෆ්ගනිස්ථනයක් නැතිනම් ඉරාකයක් බවට පත්වේවිද? තිරණය වැඩි ඇතක නොවේ.

.........පූජාසනයේ වැඩ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ.........???
දිගටම කියවන්න ->>

Monday 10 October 2011

Excel සිංහලෙන් ඉගන ගන්න පට්ට e book එකක්..


කට්ටිය කැමති ඇති නේද Excel සිංහලෙන් ඉගන ගන්න. මේන්න එහෙනම් ඒ සදහා නියම e book එකක්. මේක මට මේ ලගදි මගේ මැසිමේ තිබිලා හමු උනේ. මේක ලියලා තියෙන්නේ නම් ඉෂාර් ජයසුන්දර... මට මතක විදියට 2009 දි නත්තල් තැග්ගක් විදියට තමයි මේ සහෝ මේක අපිට ලබා දුන්නේ.
බොරු කියන්න වැඩක් නැ.. මම නම් Excel ඉගන ගත්තේ මේ පොතට පිංසිද්ද වෙන්න . ඒකට ඉෂාර් සහෝදරයට සිතුතිවන්ත වෙන්න ඔනි. මේක බාගත්තු නැති අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන නිසයි දැම්මේ..
මෙන්න එහෙනම් ලින්ක් එක බාගන්න.
66MB විතර විශාලයි
download
දිගටම කියවන්න ->>

Sunday 9 October 2011

යෞවනයේ සදාකාලික සංකේතය චේ...


චේ ගුවේරා යන නම ඇසු පමනින් මොහු ගැන නොදන්නා තරුණයෙක් අද කාලයේ නොමැති තරම්. එහෙත් නමින් පමනක් හදුනන කොහේ සිටියේද? මොනවා කලේද යන්න ගැනවත් නොදැන චේ ගේ ටි ෂර්ට්, ස්ටිකර් , පච්චා භාවිතා කරන තරුන පරපුරක්ද නැතුවාම නොවේ. මම මිට පෙරද චේ ගැන ලිපියක පල කලද අද මෙම ලිපිය පල කිරිමට සිතුනේ අද වැනි දිනක තමයි මේ අසහාය පරාර්ථකාමියාව ඇමරිකානු හමුදාව විසින් ලොවෙන් උදුරා ගත්තේ. (1967 ඔක්තෝබර් 09,බොලිවියාවේදි)
නමුත් අද වනවිට චේ යනු මාකට් කල හැකි හොද වෙළද නාමයක් බවට පත්වෙලා ඉවරයි.
සදාතනිකවම තරුන හදවත් තුල චේ නාමය ලැගුම් ගැනිමට ප්‍රධාන හේතුවක් ලෙස මා නම් දකින්නේ මොහු තුල පවතින පරාර්ථකාමිත්වය හා අධිස්ඨාන ශක්තියයි. කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පිඩා වින්දත් රග්බි,පිහිනිම, ගොල්ෆ් වනි ක්‍රිඩා වන්ට දක්සතා දැක්විම මගින් පිලිබිබු වන්නේ මොහු තුල ඇති ඒ ශක්තියයි. කියුබාවට නිදහස ලබා දිමෙන් නොනැවතිනු මොහු බොලිවියාවටද නිදහස ලබා දිමට යන්නේ මොහු තුල ඇති ඒ අව්‍යජ පරාර්ථකාමිත්වය නිසයි. මේ පරමාදර්ශි පුද්ගලයින් හට ලෝකය වෙනස් මාවතකට ගෙනයාමට හැකිවන්නේද මෙම මිනිසුන් තුල ඇති මේ ශක්තිය නිසයි.මා සිතනා විදියට මෙවැනි මිනිසු ලෝකයට පහල වන්නේ සියවස් ගනනාවකට එකකු වශයෙනි...
මෙම ලිපිය අවසන් කිරිමට පෙර මාගේ පලමු ලිපියේද සටහන් කල දෙයක් මෙහි සටහන් කිරිමට කැමතියි. මෙය චේ ගේම වචන වලින් සදහන්ව ඇත්තේ මෙසෙය.

"ජයග්‍රහණය දුෂිත කල නොහැකියයි මගේ පරාජයෙන් අදහස් නොකරෙනු ඇත. එවරට්ස් කදු සිඛරයට ලගාවිමට උත්සාහකොට පැරදුන බොහෝ දෙනේකු ඇතත් එහි අවසාන ප්‍රතිඵලය නම් එවරට්ස් කන්ද තරනය කර ඇති බවය..."

සත්‍යයි... ඔබ ජයග්‍රහනය කල හමාරය.... එහෙත් ඔබ නැවතු තැනින් පටන් ගැනිමට අදවනතුරු කිසිවකුත් ඉදිරිපත් වි නොමැති එකනම් කණගා‍ටුවට කරුණකි.

දිගටම කියවන්න ->>