ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 25 May 2011

ඩෙංගු චිකුන් ගුන්‍යා වෙන්කර හදුනාගන්නේ කෙසේද?


වර්ෂාව මෙන්ම නියඟය නිසා ද විවිධ වෛරස රෝග පැතිරේ. වෛරස උණ වර්ග අතර චිකුන් ගුන්‍යා සහ ඩෙංගු වලට ප‍්‍රධාන තැනක් හිමි වෙයි.චිකුන් ගුන්‍යා බොහෝ පීඩාකාරිය. එහෙත් මාරාන්තික නොවේ. ඩෙංගු රෝගය එතරම් දැඩි වේදනා ඇති නොකළ ද මාරාන්තික වන අවස්ථා ද තිබේ.නිතර වැළඳෙන සෑම උණක් ම ඩෙංගු හෝ චිකුන් ගුන්‍යා නොවන බවත්, එම රෝග දෙක එකිනෙක වෙනස්ව හඳුනා ගැනීමට ප‍්‍රමාණවත් දැනුමක් ජනතාව සතු විය යුතු ය.අපි‍්‍රකානු මහද්වීපයේ මුලින් ම ඇති වූ උණ රෝගය ස්වහිලී දූපත්වල වැසියන් හැඳින් වූයේ ‘චිකුන් ගුන්‍යා’ යනුවෙනි. එහි අරුත ‘නැවුණු මගියා’ යන්නයි. නමේ අර්ථයෙන් ම එහි රෝග ලක්ෂණ පිළිබඳ කිසියම් අදහසක් ඉදිරිපත් වේ.චිකුන් ගුන්‍යා ප‍්‍රධාන ලක්ෂණය උණ සහ හන්දි වේදනාවය. ඇඟිලි පුරුක් වැනි කුඩා හන්දි ද දැඩි සේ වේදනා ගෙන දිය හැකි ය. ඇතැම් විට උණ පළමුව සෑදී හන්දි වේදනා ඇති වීම ද, මුලින් හන්දි සහ ඇඟපත වේදනා ඇති වී පසුව උණ ගැනෙන්නට ද ඉඩ තිබේ. ඩෙංගු රෝගය ද මෙවැනි රෝග ලක්ෂණ ඇතිව හැදෙන්නට ඉඩ තිබේ.රෝග දෙකම එකම මදුරුවාගෙන් බෝවෙන හෙයින් රෝග දෙකම එකවර ඇතිවීමට ද ඉඩ තිබේ.

ඩෙංගු රෝගයේ දී අතපය වේදනා දැනුණත් හන්දි ඉදිමීමක් ඇති නොවේ. කුඩා හන්දිවල වේදනා ඇති නොවේ.ඩෙංගු රෝගයේදී අභ්‍යන්තර රුධිරගලනය මෙන් ම වීදුරු මස්වලින් වැනි බාහිර රුධිර ගලනයක් ඉඩ ඇතත් සාමාන්‍යයෙන් චිකුන් ගුන්‍යා රෝගයේදී එවැනි රෝග ලක්ෂණ මතු නොවේ. චිකුන් ගුන්‍යා රෝගයේදී සම මතුපිට කුඩා බිබිල හෝ රත් පැහැ ගැන්වීම සිදු විය හැකිය. තද උණ රෝග දෙකටම පොදු ලක්ෂණයකි. ඩෙංගු රෝගයේදී උණ තදින් ගැනීම නැවත බැස යළිත් උණ ගැනීමට ඉඩ තිබේ. චිකුන් ගුන්‍යා රෝගයේදී එක දිගටම තදින් උණ නැවතීමට ඉඩ තිබේ. චිකුන් ගුන්‍යා උණ දින තුන හතරකින් බැස ගිය ද විවිධ පසු විපාක තරමක් කාලයක් යනතුරු ඇතිවේ. හන්දි වේදනාව, හන්දි ඉදිමුව සෑම අරුචිය වැනි ලක්ෂණ එසේ පැවතෙයි.ඩෙංගු රෝගය සුව වූ පසුව නැවත නැවතත් හැදීමට ඉඩ තිබේ. එහෙත් චිකුන් ගුන්‍යා රෝගය වැලැදී සුවය ලද පසුව සිරුරෙහි ඇතිවන ප‍්‍රතිශක්තිය දිගුකාලීනව සිරුරෙහි පවත්නා හෙයින් එය නැවත හැදෙන්නේ නැත.ඩෙංගු රෝගයේදී හෘදය වස්තුවට වෛරසයේ බලපෑම් ඇති විය හැකි ය. එසේ වූ විට මයෝකාඩයිටීස් රෝග තත්ත්වය ඇති වේ. හදවතේ කි‍්‍රයාකාරීත්වය දුර්වල වී හදවත විශාල වීමට ඉඩ ඇත.චිකුන් ගුන්‍යා රෝගයේ දී එවැනි තත්ත්වයක් උද්ගත වන්නේ නැත.සාමාන්‍යයෙන් මේ උණ දෙවර්ගය පැහැදිලිව ම එකවර හඳුනාගත නොහැකි හෙයින් සුළු වේදනා නාශකයක් වන පැරසිටමෝල් ගැනීම සුදුසු ය.

කවර උණක් හැඳුණ ද හැකි තරම් ජලය පානය කිරීම හැකි තරම් විවේක ගැනීම මෙන් ම කෑම අරුචිය ඇතත් හැකි තරමින් ආහාර සහ දියර වර්ග ගැනීම කළ යුතු ය.දින තුනකට වඩා උණ ඇත් නම් වෛද්‍යවරයා හමු වී රුධිර පරීක්ෂාවත් කර ගැනීම වැදගත් ය. නිශ්චිත රෝග විනිශ්චය රුධිර පරීක්ෂාවෙන් පසුව සිදු කළ ද, සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ අනුව ද රෝගය හඳුනා ගැනීමේ හැකියාව වෛද්‍යවරයා සතු වේ.උණ වැඩි වී රෝහල් ගතවීමට සිදු වුවහොත් සම්පූර්ණ සුවය ලැබීමට සතියක් පමණ ගත විය හැකි ය. රෝහලෙන් පිටව ගිය පසු වුව ද පෙර විසූ සුවපත් තත්ත්වයට පත් වන්නට මසක් හෝ ඊට වැඩි කාලයක් ගතවීමට ද ඉඩ තිබේ. ජලය පානය නිසි පෝෂණය සහ විවේකය ද ඉක්මන් සුවය සඳහා අත්‍යවශ්‍ය වේ.මේ දිනවල බහුලව මෙරට දක්නට ලැබෙන උණ දෙවර්ගය චිකුන් ගුන්‍යා සහ ඩෙංගු වුවත් වෙනත් වෛරස් උණ වර්ග ද වරින් වර මතු වේ. සැලකිලිමත්ව කටයුතු කිරීම සෑම මිනිසකුගේ ම වගකීමකි. කුඩා ළමයින් ඇතුළු සමස්ත සමාජයට සෞඛ්‍ය සම්පන්න වන්නේ එවිට ය. රෝග වැළැඳීමෙන් ආරක්ෂා වීම රෝග මර්දනය හෝ රෝගවලට පිළියම් කිරීමට වඩා හැමවිටම වැදගත් වේ.
මුලාශ්‍ර:සෞඛ්‍ය දෙපාර්තුමෙන්තුව
දිගටම කියවන්න ->>

Monday 23 May 2011

පෝය දින 12 ඇති බෞද්ධාගමික වැදගත්කම


අපි බෞද්ධයන් විදියට හැම මාසේකටම පොහෝය දිනයක් සමරනවා. මෙම දිනය බෞද්ධයන්ට අතිශයින්ම විශේශිත දිනයකි.(සමහර අයට නම් මෙය තවත් එක් නිවාඩු ඩිනයක් පමණි.) ඔබ දැන සිටියාද ඔබ මේ හැම මාසේම සමරන පෝය දින 12 ඇති වැදගත් කම මොනවද කියලා... ඔන්න එහෙනම් දැන ගන්න මේ අපි සමරන පෝය 12 ඇති වැදගත් කම් ටික....
මසකට පෝය දින සතරක් තිබුණ ද එයින් වඩා වැදගත් කොට සලකන්නේ පුර පසළොස්වක පෝය දිනයයි. ගමේ පන්සල හා සම්බන්ධ පින්කම් කටයුතුවල පමණක් නොව දුර බැහැර වැදගත් සිද්ධස්ථාන වන්දනා මාන කරන්නට යන්නේ ද බොහෝ විට පෝය දිනයේදීය. කෙසේ වුවත් සෑම පුර පසළොස්වක පෝය දිනයක්ම බෞද්ධයාට ඉතා වැදගත්ය.

වෙසක් පුර පසළොස්වක පෝයලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සිදු වූයෙ මෙම පෝය දිනයේදීය. ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම්,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම.විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීීම් කටයුතු නැකතට ආරම්භ කිරීම.බෞද්ධ අපට අතිශය වැදගත් වන්දනාව වූ සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. මීට අමතරව කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.

පොසොන් පුර පසළොස්වක පෝයවෙසක් පෝ දිනය මෙන්ම, ශ‍්‍රී ලාංකික අපට අතිශය වැදගත් පෝය දිනයකි.අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයෙ මිස්සක පව්වට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූූත‍්‍රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය.භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය.පොසොන් පෝය දිනත් අපේ සැදැහැවතුන් වැඩි වශයෙන්ම වන්දනාමාන කරනු පිණිස යන්නේ අනුරාධපුරයට හා මිහින්තලයටයි.

ඇසළ පුර පසළොස්වක පෝයබෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහරත්, ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.

නිකිණි පුර පසළොස්වක පෝය දිනයආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.

බිනර පෝය වැදගත්වන්නේ මෙහෙණි සසුන ආරම්භවූ පෝයදිනය ලෙසයි. බුදුරජාණන් වහන්සේගේ සුළුමව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.
අග්‍ර උපස්ථායක ආනන්ද හිමියට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටියෝය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.
එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.
බිනර පුර පසළොස්වක පෝයධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.

වප් පුර පසළොස්වක පෝයබුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම,ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම,අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය.අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.

ඉල් පුර පසළොස්වක පෝයලෝකවාසීන්ට සෙත සලසනු වස් ප‍්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම,අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය.එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.

උඳුවප් පුර පසළොස්වක පෝයසංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි.

දුරුතු පුර පසළොස්වක පෝයබුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම හා සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද දුරුතු පෝය දින සිටයි. දුරුතු පෝය දිනයෙ දී වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.

නවම් පුර පසළොස්වක පෝයබුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.

මැදින් පුර පසළොස්වක පෝයබුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.බක් පුර පසළොස්වක පෝය,බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම.

(විශේෂ ස්තුතිය : විසාකා දිසානායක මහත්මියට)
දිගටම කියවන්න ->>

Thursday 19 May 2011

"සිරසට" මගෙන් මල් මිටක්.....


2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය ඉතාමත් බැතියෙන් සමරන ලක්වාසි සියළු දෙනාටම මේ දිනවල ඉතාමත් පිංවන්ත, දුර්ලබ අවස්ථාවක් උදාවි ඇත. එනම් අග්‍රශ්‍රාවක වහන්සේලා වන සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලා වැදපුදා ගැනිමට අවස්ථාවක් ලැබි තිබිමයි. මේ උතුම් පුණ්‍යකර්මය සිදුකරනුයේ "සිරස" මාධ්‍ය ජාලයේ මුලිකත්වයෙනි. එක් අතකට සිරසට මෙවැනි දෙයක් කිරිමට සිත් පහල විමත් පුදුමයට කරුනක්. එත් රටේ තිබෙන අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යත් එක්ක බැලු කල මෙය නම් අගේ කලයුතු පුණ්‍ය කටයුත්තකි.

ශ්‍රි ලාංකේය අභිමානය යැයි කියා ගන්නා අනෙක් නාලිකා නරබන්නන්ව මෝඩයන්ට අන්දමින්,විකාර දේවල් කරනා මෙවන් යුගයක සිරස මේ කල දේ අනෙක් නාලිකා ප්‍රධානිනුත් ආදර්ශයට ගන්නේනම් අගනේය. පුහුආටෝප නැතිව ස්ටෙජ්වලට නයි අරින්නේ නැතිව රටකට සමාජයකට වැඩදායක මෙවැනි උතුම් කර්තව්‍යන් අනෙකුත් නාලිකාත් කිරිමට පෙලබේනම් රටත් ජාතියත් සංස්කෘතියෙත් දියුණුවට එය මහත් පි‍ටුවහලක් වනු ඇත....
දිගටම කියවන්න ->>

Tuesday 17 May 2011

සියළු සතන්හට මෙත්,කරුණා,මුදිතා ගුනයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යක් වේවා!


අද අපි මේ සමරන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තියයි. සැම ගමකම,නගරයකම පාහේ මේ දිනවල ආමිස හා ප්‍රතිපත්ති පුජා බොහෝ සෙයින් දැක ගත හැකිය. අප සම්මා සම්බුදු තිලෝගුරු ගෞතම බුදුන් වහන්සේගේ තේමගුල සමරන මේ වෙසක් කාලය තුල සැම සිත් මෙත්,කරුණා,මුදිතා ගුනයෙන් බරවේවා! අද විතරක් නෙවි සැමදාකටම මේ ගුනයන් මිනිස් හදවත් තුල සදාකාලිකව ගැබ්ව තිබේවා! මිනිසුන්හට පමණක් නොව සියළු සත්වයන් හටද මේ මෙත්කරුණා ගුනය පතුරවත්වා!


මහමේව්නාවේ සිංහල-පාලි විරුවානා පොත් වහන්සේ මෙම මහමේව්නා අඩවියෙන් ලබාගන්න....
දිගටම කියවන්න ->>

Saturday 14 May 2011

බින් ලාඩනුත් ව්‍යාඝ්‍රා ‍ඹෞෂධය පාවිච්චි කරලාලු...


(මුලාශ්‍රය :lankacnews)
අල්කයිඬා නයක ඔසාමා බින් ලාඩන් විසින් භාවිතා කළ ‍ඹෞෂධ අතර බෙලහීනතාවයට ප්‍රතිකාර ලබා ගන්නා ව්‍යාඝ්‍රා ‍ඹෞෂධය ද තිබී ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කර සිටියි. එපමණක් නොව, බින් ලාඩන් සැගව සිටි පකිස්ථානයේ අබ්බොත්තාබාඩ් මන්දිරයේ තිබී කාමූක නිල් චිත්‍රපට ද, සොයා ගත් බව නවතම බටහිර මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

බින් ලාඩන් සැඟව සිටි ඉහත මන්දිරයට කිසිදු ජනමාධ්‍යවේදීවෙකුට මේ වන තෙක් ඇතුල්වීමට නොහැකි වී ඇති පසුබිමක බටහිර මාධ්‍ය ජාලය විසින් බින් ලාඩන්ගේ මන්දිරයේ තිබී මෙම ද්‍රව්‍ය කෙසේ සොයා ගත්තේ දැයි සනාත කළ නොහැකි වාර්තා මත පදනම්ව පළ කිරීම තුළින් ඔවුන් විසින් බින් ලාඩන් ගේ චරිතය ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බවක් ද පෙනී යයි.

ඇමෙරිකානු සීල් හමුදා කණ්ඩායම විසින් බින් ලාඬන්‍ සැඟව සිටි මන්දිරයේ තිබී සොයා ගනු ලැබූ ඡායාරූප විශ්ලේෂණය කිරීමේ දී “අවෙනා” නැමැති ව්‍යාඝ්‍රා පැණිය ද, දැක ගත හැකි බව බ්‍රිතාන්‍යය ටෙලිග්‍රාෆ් මාධ්‍යය වාර්තාවක සඳහන් වේ.

ඉතාලි අන්සා වෙබ් අඩවි වාර්තා වලට අනුව බින් ලාඩන් විසින් ව්‍යාඝ්‍රා භාවිතා කළ බවට පකිස්ථානු මාධ්‍ය වාර්තා වල සඳහන් වන බව සඳහන් කර සිටියි.
සම්පුර්ණ පුවත මෙතනින්
Read this
දිගටම කියවන්න ->>

Wednesday 11 May 2011

බින් ලාඬන් මැරුනේ උණ හැදිලාලු....


(මුලාශ්‍රය :lankacnews)
අල්-කයිඬා නායක ඔසාමා බින් ලාඬන් මීට බොහෝ කලකට පෙර උණ ගැනීමෙන් මිය ගිය බව ඉරාන බුද්ධි අංශය නැවතත් ප්‍රකාශ කර සිටියි.

පසුගිය මැයි 2 වන දින ඇමෙරිකානු නාවුක සේනාංක මෙහෙයුම් කණ්ඩායමක් වන සීල් මෙහෙයුම් කණ්ඩායමක් විසින් පකිස්ථානයේ දී ඔසාමා බින් ලාඬන්ව ඝාතන කළ බවට කරනු ලබන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බව ඉරාන බුද්ධි අංශ ප්‍රධාන අමාත්‍යය හයිඩ්‍රා හොස්ලෙහී (Heydar Moslehi) විසින් ප්‍රකාශ කර ඇති බව රෂියා ටුඩේ වෙබ් අඩවිය වාර්තාවක සඳහන් වේ.

“ඔසාමාට ඉතා දරුණු උණක් තිබුණා. ඔහු එම උණ හේතුවෙන් මිට බොහෝ කලකට පෙර ස්භාවික ලෙසම මිය ගිය බවට සනාත කළ හැකි ඇසින් දුටු සාක්ෂි සහා සනාත කළ හැකි ලිඛිත වාර්තා අප සතු වෙනවා.” යැයි හොස්ලෙහී විසින් ඉරාන මාධ්‍ය වෙත පවසා ඇතැයි එම වාර්තාව සඳහන් කර සිටියි.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් බින් ලාඬන් මරා දැමූ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුයේ ලබන වසරේ එළැඹෙන ඇමෙරිකානු ජනාධිපතිවරනයේදී ඔහුට විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් උපක්‍රමයක් ලෙස බව ඔහු නැවතත් ප්‍රකාශ කර ඇත.
වැඩිපුර තොරතුරු මෙතනට ගොස්ම කියවන්න...
දිගටම කියවන්න ->>

Saturday 7 May 2011

Forex වලින් මුදල් හොයමු....



Forex කියන වචනය ඔනැම කෙනෙක් අහලා ඇති. ඒත් මේ මොකක්ද? මොනවා ගැනද කියන්නේ කියලා මටත් ටිකක් දැනගන්න අවශ්‍ය උනා. මිට මාසයකට විතර මේ forex ගැන ebook, video අන්තර්ජාලයෙන් ඩවුන්ලොඩ් කරගෙන අවබෝධයක් ගන්න උත්සාහ කලා. කොහොමින් කොහොමහරි ජංජාලය ඇතුලේ සැරිසරහකොට තමයි මේන්න මේ කියන්න යන සයිට් එක හම්බ උනේ.
මේක කරන්නේ අපේම කොල්ලෙක්. සයිට් එකේ නම තමයි."Forex වලින් මුදල් හොයමු"...
අයිත් කියන්න වචන දෙකක් නැ... A to Z Forex ගැන දන්න හැමදෙයක්ම් සිංහලෙන්ම ලියලා තියෙනවා.
මෙන්න මේවගේ දැනුම බෙදාගන්න එළකිරි බුලට් කොල්ලෝ ඉන්නකම් අපිත් ගොඩ....
මොකද මම දන්නවා මම forex ගැන හොයන්න කාපු කට්ට. ඉතින් forex ගැන වැඩිපුර මම කථා කරනවාට වැඩිය හොදයි මේ අඩවියට ගිහිල්ලම ඒ ගැන දැන ගන්න.
http://forexinsinhala.blogspot.com/


5$ Forex bonus
දිගටම කියවන්න ->>