ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday, 12 September 2011

ESet Nod32 Username & Password ටිකක්


අද මට නිකමට වගේ හිතුණා හොද වයිරස් ගාඩ් එකක් ආපහු දාගන්න. මොකද මගේ ගාව තිබුනේ Kesparsky එත් ඒක ගිය මාසේන් එක්ස්පයර් උණා. crack file හොයලා දාගන්න හිතුනත් වැඩි විශ්වාසයක් ඒ ගැන තිබුනේ නැ. ඔය අතරේ තමයි Eset Nod32 දාගන්න හිතුනේ. මුලින්ම trail verson එකක් දාගත්තා. දවස් 31ක් trail periad එකක් දෙනවා. එත් මේක update කරන්න ගියාම තමයි username එකයි password එකකුයි ඉල්ලනවා. ඔය අතරේ පොඩි සර්ච් පාරක් දාලා බැලුවා. මෙන්න බොලේ පාස්වඩ් ටිකකුයි username ටිකකුයි බ්ලොග් එකක් තිබුනා. සැකේටත් එක්ක දාලා බැලුවා. බඩු වැඩ. මෙන්න screen shot එක.

මේක 2011 /11/04 වෙනකම් වැඩ. මෙතන තියෙනවා දෙසැම්බර් වෙනකම් වැඩ කරන පස්වඩ් හිටන්. crack කිරිලි නැ.. බඩු වැඩ.
ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියලා හෙතන නිසා ඔන්න මම UN ටිකයි password ටිකයි දානවා.
Username: EAV-39568370
Password: 7ukh6t2pcj

Username: EAV-49738264
Password: 7cs8443rxk

Username: EAV-49738357
Password: m63esbv3fc

Username: EAV-50635959
Password: 55sxr5e6mc

Username: EAV-50896574
Password: mkpnkfsmx3

Username: EAV-50935761
Password: satvj2nrpe

Username: EAV-50935817
Password: tvb7k3hb2t



Username: EAV-50935098
Password: rr76k83sm4
Expiration: 14/12/2011

Username: EAV-50935099
Password: ka2ufacbxf
Expiration: 14/12/2011

Username: TRIAL-51261470
Password: 5usb2hnve2
Expiration: 07/10/2011

Username: TRIAL-51261506
Password: x4v4hfbd78
Expiration: 07/10/2011

Username: TRIAL-51261512
Password: e2jd5hvde8
Expiration: 07/10/2011

Username: TRIAL-51261520
Password: rc2dkktu2k
Expiration: 07/10/2011

Username: TRIAL-51261527
Password: nj884vs6sj
Expiration: 07/10/2011

Username: TRIAL-51261536
Password: c5udhrpu4c
Expiration: 07/10/2011

මෙතනින් Eset Nod32 virus gard බා ගන්න.
දිගටම කියවන්න ->>

Thursday, 8 September 2011

ලංකාවේ රජයේ රෝහල්..



මේ දිනවල වැඩිදෙනෙක් කථාකරන මාතෘකාවක් වෙලා තියෙන්නේ පෞද්ගලික වෙද්‍ය විද්‍යාල ලංකාව තුල පිහි‍ටුවා ලිම පිලිබදවයි. සමහර අය මෙය හොදයි කියති... තවත් සමහරු මෙය නරකයි කියති. මගේ පෞද්ගලික මතය නම් නිසි ප්‍රමිතියක් ඇතුලත්ව සුදුසුකම් සපුරාලන සිසුන් සදහා මේවැනි විශ්වවිද්‍යාල ආරම්බ කිරිම වරදක් නොවන බවයි. නමුත් අපේ රටේ වැඩේ තියෙන්නේ හැම දෙයක්ම කරන්න ඉස්සේල්ලා නා ගැනිම හා අනාගැනිම දැන් පුරුද්දකට ගිහිල්ලා. දෙන්නම් වාලේ හැම උපාධිකඩයකටම මේවා කරන්න ඉඩ දුන්නොත් ප්‍රමිතියක් නැතිවෙන එක අහන්නත් දෙයක්ද?....

දැන් මම කථාකරන්න බලාපොරොත්තුවෙන මතෘකාවට යමු. ඇත්තටම ලංකාවේ රෝහල් වලින් සිදුවන සේවය ගැන මහජනතාව වන අපට තෘප්තිමත් විමට පුළුවන්ද? නිදහස් අධ්‍යාපනය වාගේම නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්ති විදින අපිට මේ සේවාවන් වල තිබේන ගුණාත්මක බාවය ගැන ප්‍රශ්න නැතුවාම නොවේ.
අපි රජයේ රෝහලකට යන්නේ ලෙඩකට දුකකට බෙහෙතක් හේතක් ලබාගන්නට. නමුත් අද මෙම ආයතන තුල පවතින අඩුපාඩුකම් නිසා කොතරම්නම් අසරණ ජනතාවක් පිඩා විදිනවද? පාලකයන්ගේ පවතින පරිපාලනමය දුර්වලතා හා කාර්ය මණ්ඩලවල හා සේවකයන්ගේ පවතින දුර්වලතා හා ආකල්පමය හේතුන් නිසා අදවනවිට සෞඛ්‍ය සේවාව අඩපන වෙලා ගිහින්. හොද ගුනාත්මක තත්වයේ බෙහෙත් වෙනුවට කොමිස් මුදල් වලට යටවෙලා බාලබෙහෙත් වර්ග ගෙන්වලා රෝගින්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කිරිමට පුරුදුවෙලා.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දෝස්තරලා වෙලා රටට සේවයක් කිරිම වෙනුවට තමන් ගැනම පමණක් හිතන වෙද්‍යවරුන් කොටසක් බිහිවෙලා( හැමෝම නෙවි) මොවුන්ට රෝහල් වල රෝගින් බලනවට වඩා, ප්‍රයිවට් හොස්පිටල් වල හා චැනල් සෙන්ටර්වලට සේවය කිරිමට යොමු වෙලා. මොවුන්ට අසරණ රෝගියෙක් එක "සබ්ජෙක්ට්" එකක් විතරක් ගනනට පත්වෙලා. කිසිම වගකිමක් නැතුව අත වෙනුවට කකුල, බඩ වෙනුවට පිට,කණ වෙනුවට ඇහැ. ඔපරේෂන් කරන මට්ටමකට පත්වෙලා.
මිට අන්තයි හේදියන්ගේ තත්වය. මොවුන් හරියට කථාකරන්නවත් දන්නැති සේවක කොටසක් බවට පත්වෙලා. ගේදර මහත්තයත් එක්ක රන්ඩුකරලා ඇවිත් ඒ තරහා රෝගින්ගෙන් පිටකරන තත්වයක් තමයි අද නර්ස්ලා ලග තියෙන්නේ. පොඩ්ඩ් බෑරිවෙන්න බැ අසරණ රෝගින්ගේ ඇගට කඩා පනිනවා. එහෙත් හෙදියක් කියන්නේ කරුණාව උතුරායන කාන්තාවක් වියයුතුයි කියා අපිනම් අහලා තියෙන්නේ.

දෝස්තරලාත්,හේදියන්ටත් වඩා හපන් දැන් ඉන්න රෝහල් වල සුළු සේවක මහතුන්... හප්පේ බලන්න එපැය ගෙම්බර් එක...මැම්බර් මහත්තයකුට වඩා අන්තයි. හැම වෙලාවෙම කටේ තියෙන්න්නේ " නැ.. බැ..බැ.. බැ..එපා..එපා .. යනව ඔයි යන්න.." වගේ වචන සෙට් එකක්.ලෙඩේකුට කරුණාවක් දයාවක් දක්වන්නේ බොහෝම සුළු පිරිසක් පමනයි.
ඔය ගොල්ලොන්ට මම කියන්නේ බොරුද කියලා බලාගන්න පුළුවන්,වැස්සකට හරි රජයේ රෝහලකට ගොඩ උනොත්.
මේහිදි තවත් විෂේශ දෙයක් සදහන් කරන්න ඔනි. රජයේ රෝහලකට බෙහෙත් ටිකක් ගන්න යන්නේ මධ්‍යම පන්තිකයන් හා බොහෝම අසරණ දුප්පත් ජනතාව විතරයි. ඔය ඉහල සමජපන්තියේ අයට ඉතින් කොයිතරම් නම් සුපිරි රෝහල් දැන් තියෙනවද. අසරනවෙලා බෙහෙතක් ගන්න ගියාම කියන්නේ "අපි ගාව මේ බෙහෙත නැ.. පුළුවන්නම් මේක පිටින් අරන් එන්න කියලා" අනේ ඉතින් පිටින් බෙහෙත් ගන්න වත්කමක් තියෙනව නම් මොන එකාද රජයේ රෝහලකට යන්නේ... අනේ ඇත්තට මම නම් හිතන්නේ රජයේ රෝහල් වල තියෙන්නේ පැනඩෝල් පෙති ටිකකුයි..සේලයින් බොතල් ටිකකුයි විතරමද කොහේද...වෙන හැම බෙහෙතක්ම අපි පිටින් ගිහින් දෙන්න ඔනි... අසරණ රෝගින්ට ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.

නිදහස් සෞඛ්‍ය සේවාවක් අපේ රටේ තිබුනත් එය විදිමත් විදියට ජනතාවට සේවයක් වන විදියට පවත්වාගෙන යන්න බැරි නම් ඒ සේවාවෙන් කිසිවකුටත් සෙතක් නොවෙයි.. ගොඩාක් දුර්වලතා මෙම කේෂ්ත්‍රයේ තිබුනත් ඒවා නිරාකරනය කරගෙන ජනතාවට සේවාවක් සැපයිම පවතින රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිමක්.. මම නම් මුලින්ම කියන්නේ මේ කේෂිත්‍රයේ සිටින අයගේ ආකල්පමය වෙනසක් මුලින්ම සිදු කිරිම අනිවාර්යයි.(මෙය නම් සැම රජයේ ආයතනයකටම සිදුවිය යුතු දෙයක් හැටියටයි මා නම් දකින්නේ.) අර කථාවක් තියෙනවානේ "සැම සිරකරුවෙක්ම මනුෂ්‍යයෙක්ය" කියලා. ඒ වගේම තමයි රජයේ රෝහල් වල සේවය කරන හැමටම කියාදියයුතුයි "සැම රෝගියෙක්ම මනුෂ්‍යයෙක්ය" කියලා.....
දිගටම කියවන්න ->>

Monday, 5 September 2011

ශ්‍රි ලංකාව සේවක අයිතිවාසිකම් සුරකින රටක්ද?


සේවක අයිතිවාසිකම් ගැන කථා කිරිමේදි ශ්‍රි ලංකාවේ තත්වය නම් බොහෝම පහල මට්ටමක පවතින බවයි මාගේ හැගිම.විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අයිතින් ආරක්ෂා නොවෙන තරම්. රාජ්‍ය අංශය ගැනනම් කථා දෙකක් නැ.. ඕනවටත් වඩා ඔවුන් නම් සේවක අයිතින් හා වරප්‍රසාද බුක්ති විදිනවා. නමුත් මෙම රාජ්‍ය අංශයේ සේවකයන් ලබන වැ‍ටුපටවත් සේවයක් කරනවාද කියන එක ප්‍රශ්නයක්.. මේ ගැන කථා නොකර අපි බලමු පෞද්ගලික අංශයේ සේවකයින් ගැන...

කම්කරු නිතිරිති රටකට අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්න පලමුවෙන්ම සොයා බලමු. විකිපිඩියා සිංහල අඩවියේ සදහන් වන ආකාරයට කම්කරු නීති ක්‍රියාවට නැංවීම හරහා ඉටු කර ගැනිමට බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් පවතී,
I) සමාජ සාධාරණත්වය තහවුරු කිරීම
II) විධිමත් සේව්‍ය-සේවක සම්බන්ධතාවයක් ගොඩ නැඟීම හරහා කාර්මික සාමය ඇති කිරීම
III) සේවකයින්ගේ අවම සේවා කොන්දේසි පිළිබඳ සම්මුතින් පැනවීම
IV) කාර්මික ආරවුල් වැළැක්වීම සහ අවම කිරීම
V) කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම
VI) ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම
VII) අසාධාරණ සේවා සමාප්තීන් පිළිබඳ කටයුතු කිරීම හා රැකියාව සුරක්ෂිත කිරීම
VIII) සේවකයින් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම හා ඒවා රැස් කිරිම යන ප්‍රධාන අරමුණු ඉ‍ටුකර ගැනිම සදහායි.

කම්කරු සබඳතා විධිමත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන කම්කරු නීති

එක් එක් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවිධාකාර වූ කම්කරු අණපනත් ක්‍රියාත්මක වේ.

* සේවා කොන්දේසි සහ නියමයන්
1) 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත
2) 1947 අංක 47 දරණ පඩි පාලක සභා ආඥා පනත

* කාර්මික සම්බන්ධතා

1) 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත
2) 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත
3) 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත

* ස්ත්‍රීන්, ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේදී අදාළ වන විශේෂ කොන්දේසි
1) 1956 අංක 47 දරණ ස්ත්‍රීන් ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේ පනත
2) 1934 අංක 39 දරණ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත
3) 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත

* සේවක විශ්‍රාම ප්‍රතිලාභ 1) 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත
2) 1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනත
3) 1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා පනත

* සේවක සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම
1) 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත
2) 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත

* ශ්‍රමිකයින් පුහුණු කිරීම
1) 1971 අංක 49 දරණ ජාතික ආධුනිකත්ව මණ්ඩල පනත
2) 1978 අංක 08 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත

ඉහත දක්වන්නට යෙදුණු කම්කරු අණපනත් වල ඇතුළත් ප්‍රතිපාදන සේවායෝජකයින් විසින් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරයිද යන්න සොයා බැලීමේ කාර්යය පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය. එම කොන්දේසි හා නියමයන් උල්ලංගනය කරන්නන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම කම්කරු කොමසාරිස්වරයාගේ වගකීමකි. එම කොන්දේසි හා නියමයන් කැඩීම දඩ මුදලකට හා/හෝ සිරදඬුවමකට යටත් කළ හැකි වරදවල් ලෙස සැළකේ.
නමුත් ලංකාව තුල මෙම නිතින් කොයිතරම් දුරට ඉ‍ටුවෙනවාද යන්න සැක සහිතය.

අපි පෞද්ගලික අංශයේ සේවකයකු උදාහරන විදියට ගමු.
පෞද්ගලික අංශයේ සේවකයකුගේ සේවා වැඩ මුරය සාමාන්‍යයෙන් පැය 09 කට හෝ උපරිම පැය 10කට සිමාවේ. නමුත් අද අපේ රටේ සැම පෞද්ගලික ආයතනයකටම මෙය නීතියක් හැටියට වලංගු වනවාද? සමහර ආයතන සොච්ච්ම් පඩිවලට කොයිතරම් නම් තරුණ ජවය සුරා කනවද? පැය 10ක් නොව පැය 24කටත් වඩා එක දිගට වැඩ ගන්න ආයතන ලංකාව තුල තිබෙන බව ඔබ නොදන්නවා විය හැකියි. ඇගළුම් කේෂ්ත්‍රය තුල මෙම තත්වය වඩාත් බරපතල ලෙස සිදුවනවා.

නමුත් මෙම සේවකයින් ගැන කථා කිරිමටවත් පවා කිසිවෙකු නොමැති තත්වයක් වර්ථමානය වන විට උදා වි ඇත.
රජය පසුගිය කාලය තුල මෙම පෞද්ගලික අංශයේ සේවකයන් සදහා විශ්‍රාම වැ‍ටුපක් හදුන්වා දිමට උත්සාහගත්තත් එය කොතාරම් දුරට සේවකයාගේ පැත්තෙන් ඔවුන්ට ප්‍රතිලාභයක් ලැබේද යන්න පිලිබදව ප්‍රශ්නයක් තිබිණි.
නමුත් අද වනවිට මෙම පෞද්ගලික අංශයේ සේවකයන් විදින දුක් ගැහැට ගැන සොයා බැලිමටවත් ඉදිරිපත් නොවිම පුදුමයට කරුනකි.
අද කොයිතරම් නම් කාන්තාවන් පිරිසක් මැදපෙරදිග ගොස් දුක් විදිනවාද? රජයක් විදියට මොවුන්ගේ ප්‍රශ්න සොයා ඒවාට විසදිම් දිම පවතින රජයක වගකිමකි. සමහර විට අපරටේ තානාපති අංශ පවා මැදපෙරදිග කලාපය තුල ක්‍රියා කරන ආකාරය විලිලැජ්ජා සහගතය.

විශේශයෙන්ම ලංකාව තුල සුපිරි වෙළද සැල් තුල වැඩකරන සේවකයන් ගැනද මෙහිදි සදහනක් කල යුතුය. මොවුන්ගේද ශ්‍රමය අසිමිත ලෙස මෙම ආයතන සුරාකති. මෙම වෙළද සැල්තුල සේවය කරන පුද්ගලයින් සමහර දින වල පැය 17ටත් වඩා වැඩියෙන් වැඩකරන අවස්ථාද මා දැක ඇත. නමුත් අතිකාල දිමනා කියා මොවුන්ට ගෙවනුයේ සොච්ච්ම් වැ‍ටුපකි.

රටක් වශයෙන් සංවර්ධනය කරා ගමන් ගන්නා මේ කාලය තුල මිනිසුන්ගේද මුලික අයිතින් සංවර්ධනය විමද ඒ හා සමගාමිව සිදුවිය යුතුය. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික ආශයේ සේවකයන්ගේද අයිතින් ආරක්ෂා කර දිම රජයක් සතු යුතුකමකි. පෞද්ගලික අංශයේ සේවක අයිතින් ගැන් මිට වඩා රජයේ අවධානය යොමුවිය යුතු කාලයකි මේ...

දිගටම කියවන්න ->>
Related Posts Plugin for WordPress, Blogger...