ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 31 January 2010

ලංකා වැසේ.........





"ලංකා" පුවත් පත මුද්‍රනය හා වාරනය කරමින් නුගේගොඩ මහේස්ත්‍රත් අධිකරනය මගින් වාරන නියෝගයක් නිකුත් කරමින් තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඊයේ එනම් ජනවාරි මස 30 වනදාය. මිට ප්‍රතමද අපරාද පරික්ෂන දෙපාර්තුමේතුව මගින් කිහිපවිටක්ම මෙම මාධ්‍ය ආයතනය පරික්ෂා කර ඇත. අපරාධ පරික්ෂන දෙපාර්තුමේන්තුව මගින් අධිකරනයට කල ඉල්ලිමක් අනුව මෙම පුවත් පත මගින් රාජ්‍ය ආරක්ෂාවට හානි පැමිනිය හැකි හා ත්‍රස්ත විමර්සනය පිලිබදව කරුනු අනාවරනය වියහැකි පුවත් පලවියහැකි බැවින් කරනු ලැබු ඉල්ලිමකට අනුව මෙම තිරනය ලබා දි ඇත.
දිගටම කියවන්න ->>

Friday 29 January 2010

කුමක්ද ඇත්ත.........

මම හිතාගෙන හිටියේ අපේ මහරජතුමා තමන්ගේ විරුද්දවාදින් කෙරෙහි සුබවාදි විදියට බලනවා කියලා.( එතුමා එහෙමතමයි, ඒත් සහොදරයෝ) එත් බලාගෙන යනකොට රාජාන්ඩුව ක්‍රියාකරන ආකාරය ඡන්දය ඉවරවෙලා දින දෙකක් තුනක් යනවිටම මෙහෙමනම්... lanka Truth වෙබ් අඩවියේ පලවිතිබෙනවා ගෝඨබය මහත්තයා ජ.වි.පේ නායක සෝමවංශ මහත්තයාට තර්ජන එල්ල කරා කියලා. මේක ඇත්තක්ද? කවුරු හරිද කියලා තෙරුම් ගන්න අමාරුයි.
ලිපියේ පලවි තිබුනේ මේ ආකාරයටයි.
(2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 11:36)
"උඹගේ ලංකා පත්තරේ ගිනි තියනව. උඹත් පරිස්සම් වෙලා ඉඳපන්" යනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන තමාගේ දුරකතනයට ඇමතුමක් ලබා දී තර්ජනය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්තේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.


"අද උදේ 9.21 ට විතර ගෝඨාභය රාජපක්ෂ මහත්ත්ය එයාගේ දුරකතනයෙන්ම මට ඇමතුමක් දීල මරණ තර්ජණය කළා. ඒ දුරකතන ඇමතුම ආපු අංකය තමයි 0773501626 කියන අංකය. මම කිව්ව අපි කවුරුත් මැරෙන්නෙ එක පාරයි. ඒ නිසා මම ඒකට බය නැහැ කියල. පස්සේ ඔහු කිව්ව "උඹ රට පැනල හිටය නේද?" කියල. ඉතින් මම ගෝඨාභය මහත්තයට උත්තර දුන්න "ඔයත් රට හිටිය කෙනෙක්, මමත් රට හිටිය කෙනෙක් නේද?" කියල. පස්සේ කිව්ව "උඹේ ලංකා පත්තරේ මම ගිනි තියනව" කියල.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දේමින් ඒ මහතා සිය ජගලම දුරකතනයේ ලැබුණු ඇමතුම් ලේඛණය ප්‍රසිද්ධියේ පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දුරකතන ඇමතුම දුන් වේලාව හා දුරකතන අංකය පෙන්වා සිටියේය. "මේ වෙලාවේ මගේ ෆොන් එකේ ලවුඩ්ස්පීකර් දාන්න පුළුවන්. ඒ දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදීම මම ලවුඩ්ස්පීකර් දාල තමයි පිළිතුරු දුන්නේ. මගේ ආරක්ෂාවට ඉන්න සහෝදරයිනුයි, මගේ රියැදුරු ලෙස කටයුතු කළ සහෝදරයයි සියලුදෙනාම මේ ඇමතුම අහගෙන හිටියෙ" යනුවෙන් ද පැවසීය
(www.lankatruth.com වෙබ් අඩවියේ තිබු ලිපිය හා බැදේ)
වැඩි තොරතුරු ගන්න මෙතනට යන්න.
දිගටම කියවන්න ->>

Wednesday 27 January 2010

ජය ජය වේ.........

දෑසේ නැගුන කදුලු....
පිසදලන්න එන්න....
බෙදුනු යුගය ඉවරයි.....
එන්න එන්න එන්න....
ලක් මවගේ දරුවෝ.....
සියලු දෙනා එන්න........
රට හදන්න එන්න.................

දැන් ඉතින් මුලු රටම දන්නවා කවුද මිළග ජනාදිපති කියලා. ඡන්දෙන් පස්සේවත් දෙපැත්තට බෙදිලා හිටිය අපිට ආයෙත් රට වෙනුවෙන් එකතුවෙන්න පුලුවන්නම් අපිට පුලුවන් මේ රටට සුබ අනාගතයක් උදාකරන්න. ඡන්දෙට බෙදිලා වෙන්වෙලා හිටපු කලා කරුවෝ, දේශපාලකයින්, හා බුද්ධිමතුන් සියලු දෙනාම එකට එකතුවෙයි කියලා බලපොරොත්තු වෙනවා.
අප ජනතාව "විශ්වාසනිය වෙනසකට" වඩා "සුභ අනාගතයක්" කෙරෙහි විශ්වාසය තබා තියනවා. එසේ නම් හෙට අප රට ආසියාවේ අශ්චර්ය්‍ය බවට පත් කිරිමට මෙම කළගුන දන්නා නායකයාගේ යුතුකමකි.

හෙට හිරු පායන්නේ අලුත් රටක් උදෙසාය. ඒ රට අප සියලු දෙනාගේය. ඉතින් එහෙනම් තවත් කුමටද පමා වෙන්නේ...... අප එක්සත්ව, එක්සිත්ව අප රට වෙනුවෙන් පෙල ගැසෙමු.
ජය ජය වේ.........
දිගටම කියවන්න ->>

අවසරයි.. මහරජතුමනි....




දැනට නිකුත් වි ඇති ප්‍රතිපල වලට අනුව හිතුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් ලාබාගෙන මේ වනවිටත් මහින්ද මහත්තයා ඉදිරියට ඇවිත් තියනවා. ඒ මේ රටේ ජනතාව ඔබතුමා කෙරෙහි තැබුව විශ්වාසය නිසයි. ඉතිං මහරජතුමනි ලක්ෂ ගනනක ජනතාව ඔබ කෙරෙහි තැබුව මේ විශ්වාසය ඔබතුමා කඩනොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි. චන්දයට පසුව ඔබට චන්දය දුන් ජනතාවට ස්තුතිකරනවා වාගේම ඔබට ඡන්දය නොදුන් ජනතාවටත් ඔබගේ වටපිටාවේ සිටින ඔබට හිතවත් යැයි කියා ගන්නා හෙංචයින්ගේ කරදර සිදුනොවනු ඇතියි මම සිතනවා. ඉතිං මහරජතුමනි ජනතාව දැන් ඔබට කලගුණ දක්වලා ඉවරයි. ඉදිරියට තියෙන්නේ ඔබතුමා ජනතාවට කලගුණ දැක්විමයි.
දිගටම කියවන්න ->>

Tuesday 26 January 2010

ඕං මමත් ජන්දය දැම්මා.

අද කවුරු කවුරුත් බලාගෙන එන්නවා ඇති කවුද මිලග ජනාධිපති වෙන්නේ කවුද කියලා. ඕං මාත් අපේ තාත්තාගේ බලවත් ඉල්ලිම මත ගොසින් මාගේ සර්වඡන ඡන්ද බලය පාවිච්චි කරලා ආවා. හැබැයි අපේ ප්‍රදෙශයේනම් එතරම් ජනතාවක් ඡන්දය පාවිච්චිකිරිම සදහා මම යන වෙලාවේ නම් සිටියේ නැ. මම විතරයි පොලිමෙත් හිටියේ( පොලිමක් නැ මම තනියම) මම ඡන්දය දාලා එනවිටනම් දෙතුන් දෙනෙක් තව එනවා දැක්කා. එත් ඉතිං මට පෙනේන්න තිබුනු විදියට එතරම් ජනතා උනන්දුවක් නැ වගේ.( මම ඡන්දය දමන්න ගිය වෙලාව වැරදිද දන්නැ. ගියේ 11.45 ට විතර) ඡන්දය දාලා ආවා විතරයි ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න sms එකක් එනවා පොන්සෙකා මහත්තයාට ඡන්දය නැ කියලා. එක බරපතල නිති ගැටලුවක්ලු. ඔබේ ඡන්දය නැති නොකරගෙන මහින්ද මහත්තයට ඡන්දයදිලා රට දිනවන්නලු.( මම කොහොමත් රට දිනවන්න ඕන නිසා සමානාත්මතාවය පෙරදැරි කරගෙන ඡන්දය දුන්නා :- ) අනේ මන්දා පොන්සෙකා මහත්තයා ඇයි ඡන්ද නාම ලෙඛනයට නම දැම්මේ නැත්තේ කියලා. ( මං හිතන්නේ පොන්සෙකා මහත්තයා මේ පාරත් තැපැල් ඡන්ද දන්න කියලා හිතන් ඉන්නෑති.) දැන් ඉතිං හැමොම ඡන්දය දාලා ඉවර ඇති. ඉතිං මොන ප්‍රතිපලය ආවත් බුද්දිමත් ජනතාවක් විදියට අපි සාමකාමිව කටයුතු කරමු......
දිගටම කියවන්න ->>

Monday 25 January 2010

ජනාධිපතිවරනය

ජනාධිපතිවරනයේ උනුසුම එන්න එන්නම වැඩි වෙනවා. ජනාධිපතිවරනය හෙට නිසා මම හිතුවා මගේ blog එකේ තිබ්බ මිලග ජනාදිපති කවුද කියලා මම දාපු blog poll එකේ තිබුනු ප්‍රතිපලය ඔං යට තියන ජායාරුපයේ තියෙනවා. මේකට 180 දෙනෙක් සහබගිවෙලා තියනවා. ඉතිං මේ ප්‍රති එලය මේ විදියටම හෙට ලැබේවිද?

දිගටම කියවන්න ->>

Saturday 23 January 2010

Auto CAD

Auto CAD වලින් 3D කරනවට වඩා ලෙසියෙන් 3D MAX වලින් Auto cad Drawings 3D කරන්න පුලුවනි. මේ බලන්න.





දිගටම කියවන්න ->>

බාලගිරි දෝෂයක් වු විමල්, දයාසිරි රතු ඉර හමුව

පසු ගිය සතියේ දෙශපාලනය උනුසුම් වු මතෘකා අතර රතු ඉර සදහා විමල් හා දයාසිරිගේ සංවාදයට හිමිවුයේ විසේස තැනකි. රටේ ජනතාව වශයෙන් අපිද පුනපුලා බලා සිටියේ කවුරු නිවරදිද කවුරු වැරදිද යන්නයි. නමුත් පැය දෙකක් තිස්සේ මේ රටේ ජනතාව ගොනාට ඇන්දවිමට දයාසිරිටත් විමල්ටත් විමල්ගේ සහයට ඩැනි රාජිතටත් හැකිවිය. අප පුල පුලා බලා සිටි උනුසුම් සංවාදයක් නිමා උනේ කිසිම හරයක් නොමැති විදියට මේ රටේ ජනතාව අන්දවමිනි. මේයින්ම අපට තේරුම් යන සතය්‍යක් ඇත. හුදෙක් මේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ එහි නියොජිතයෙක් කිසිම විදියකින් ජනතාවට අදරය නොමැත. කිසිම දිනක ඔවුන් ජනතාවගේ පැත්තක් නොගත්තේය. ඔවුනොවුන් එදා සිට කරේ තමන්ගේ යහපත තකා වැඩ කිරිම පමනකි. මිට තවත් හොදම උදාහරනයකි 2005 ජනධිපති සටනේදි රනිල් හා මහින්ද සුනාමි වංචා ගැන විවෘත සංවාදයකට සුදානම් බව මුලු රටටම පවසා අවසානයේදි කිසිවකු එම සංවාදය සදහා සහබාගි නොවිමයි. අද තත්වයද ඊට සමානය. ජනධිපතිවරනයට තව ඇත්තේ දින තුනක් පමනි. එහේත් දයාසිරිගේ හා විමල්ගේ හයිකොප් සංවාදයනම් තවමත් නොමැත. එය කවමදාවත්ම නොපැවැත්වෙන සංවාදයක් වනු ඇත. එහෙත් බුද්ධිමත් ජනතාවක් ලෙස අප තින්දු තිරන ගතයුතු කාලය දැන් පැමින තිබේ . තව දුරටත් මේවැනි දේශපාලුවන්ගේ විකට අභියෝග හා පොරොන්දු අපි අවධානය යොමුකල යුතුද? ............
දිගටම කියවන්න ->>

Friday 22 January 2010

Auto CAd Drawings



දිගටම කියවන්න ->>

Tuesday 19 January 2010

Auto CAD Drawings

කට්ටිය ආසද Auto CAD වලින් කරපු boats design කිපයක් බලන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය අය ඉන්නවනම් coments දාන්න. මම වැඩිපුර මේ වාගේ design ටිකක් දන්නම්. Auto CAD කරන අයට මේවා ගොඩාක් ප්‍රයොජනවත් වෙවි කියලා හිතනවා.




දිගටම කියවන්න ->>

Saturday 16 January 2010

සුභ අනාගතයක්



ලියන්න කියලා මේ දවස්වල කිසිම විදියකින් ඔලුව නිදහස් නැ. ඇයි ඉතිං ජනාධිපතිවරන උනුසුම එන්න එන්නම වැඩි වේගෙන එනවා. T.V චැනල් එකක් දැම්මොත් යන්නේම අරයා මේක හොරකම් කරලා , මෙයා රට පාවාදෙනවා, අරයා දේශදොහියා, මෙන්න මෙයා දෙශප්‍රෙමියා, අරකට්ටිය කොටින් එක්ක හොර ගිවිසුම් ගහලා. ඔබේ ජන්දයෙන් මවුබිම දිනවන්න, දෙවන මෙහෙයුම සුදානම් මෙකි නොකි විකාර ලොකයක්. ඒ අතරට චැනල් ඔක්කොමලා සති අන්ත දවස්වල ‍රැට ‍රැට ස්ටාස්ලත් තොරනවා. මේ ස්ටාස්ලා තොරන්න එන අය අතරෙත් ජොකර්ලත් ඉන්නවා. අනේ ඇත්තට මටනම් හිතෙන්නේ මේ කලියුග කාලය වෙන්න ඇති. නයි මුගටි වාගේ හිටපුඅය එකට වාඩිවෙලා, කලාකාරයො දෙපැත්තට බෙදිගෙන, තාරුන්‍යයට හොටක් දිගෙන, තරුණ තරුණියන්ගේ හොට බිම ඇනලා, සංවේදි නායකයාට රටේ තියෙන සංවේදිම ප්‍රශ්න අමතකවෙලා, දෙවන මෙහෙයුමට යන්න හදනකෙනා පලමු මෙහෙයුමටවත් සහයෝගය නොදිපු අයත් එක්ක අත්වැල් බැදගෙන... අනේ මංදා . මටනම් මේ කිසිදෙයක් ගැන හිතා ගන්නවත් බැ. මෙහෙම ගියොත් අපේ රට ආසියාවේ අශ්චර්්‍ය නෙවෙයි... අසියාවේ අපාය වෙවි. 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට යන්න තියෙන රට තුන්වන ලෝකයේ රටකත් වඩා ආපස්සට යාවි.
දිගටම කියවන්න ->>

Friday 15 January 2010

අපේ ක්‍රමය


ජනාධිපතිවරන්යේ උනුසුම එන්න එන්නම වැඩිවිගෙන එනවා. ඕං පලමු බිල්ල තංගල්ලේන් කියලා ආරංචියි. අනේ මුන් වගේ බත් කන හරක් වෙන කිසිම රටක නැතුව ඇති. ජන්දයක් නිසා දෙපැත්තට බෙදිලා ගහා මරාගන්න හැටි විතරක්. මෙහෙම දෙපැත්තට බෙදිලා ගහමරා ගත්තත් අන්තිමට මොනවද මේ අයට ලැබෙන්නේ. මොකුත්ම නැ... හැමදාම ජන්ද කාලයෙදි ජන්දදායකයාට වෙන්නේ දෙපැත්තට බෙදිලා ඉන්න තමයි. එහෙම බෙදිගෙන ඉදලා තමන්ව මහා ඉහලින් බලාපොරොත්තු තියගෙන ඉන්න නායකයාව දිනවලා උඩින් තියනවා. අවසානයේ ඒ නායකයා දුප්පත් ජන්දදායකයාගේ ජන්දටික අරගෙන (අර තමන්ගේයකියා ගන්නා නායකයා) සුර සැප විදිනවා. අනේ ඉති දුප්පත් ජන්දදායකයා ආයෙමත් පරාදයි. 48 ඉදලා මේ දේ අපේ රටේ සිදිද්වෙනවා. එත් තවමත් ඒ දේ තෙරුම් ගන්න තරම් අපේ ජන්දදායකයා දියුනු නැද්ද? අද අපේ රටේ රාජ්්‍ය සාම්පත් බෙදිගිහිල්ලා තියෙන්නේ පර්ලිමේන්තුවෙ සිටින 225 දෙනා හා ඔවුන්හට කත් අදින කිහිපදෙනකු අතර පමනි. මෙතරම් පුංචි රටකට දරාගන්න බැරි තරමේ කැබිනෙට්‍ටුවක් නඩත්තුකරමින් මහජන මුදල් නැති නාස්ති කරමින් මහජනතාවට ලැබියයුතු සම්පත් කොල්ලකමින් වැජබෙන මේසා විශාල කැබිනෙට්‍ටුවකින් සත පහක තරම්වත් වැඩක් රටට නම් නොලැබේ. ඉතින් තවදුරටත් මෙම ක්‍රමය අපි අනුමත කල යුතුද?
දිගටම කියවන්න ->>

Friday 8 January 2010

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හපන්කම්.



මට මේ ලිපිය කියවන්නට ලැබුනේ www.anticorruptsl.com නැමති වෙබ් අඩවියේ තිබිලා.
මේ ලිපියේ සදහන්කර ඇති ආකාරයට රාජපක්ෂ පරපුර මගින් වරායට රු කෝටි 1000 ක්පමන අහිමි කිරිමට සමත් වෙලා.
එම ලිපියේ තිබු ආකරයට 2007 වසරේදි වරාය ලබා තිබු ශුද්ධ පාඩුව රුපියල් මිලියන1850ක ප්‍රමානය 2008 වනවිටදි රිපියල් මිලියන 10,035ක් දක්වා වැඩි වි ඇත.එනම් එය 2007 වසරට වඩා හත්ගුනයකින් ඉහල ගොස් ඇත.
මේ පිලිබද වැඩි විස්තර හා තවත් රසවත් ගැහිලිගැන දැනගන්න අවශ්‍යනම් www.anticorruptsl.com යන වෙබ් අඩවියට පිවිසෙන්න. ...... හොද හොද සෙල්ලං එලිවෙන යාමෙටලු. :-)
දිගටම කියවන්න ->>

Wednesday 6 January 2010

කට්ටිය තැගි දිනා ගන්න කැමතිද


කට්ටියටම මෙන්න සුබ ආරංචියක්. ඔයාලා කැමතිද Lockerz වලින් තැගි දිනා ගන්න. එහෙනම් මෙන්න මෙකයි කරන්න තියෙන්නේ. අදම lockerz.com වෙත ගොස් register වෙන්න. හැබැයි මෙකේ register වෙන්න වෙනත් lockerz වල register වෙලා ඉන්න කෙනෙකුගෙන් invite එකක් අවශ්‍ය වෙනවා. කැමති අය ඉන්නවනම් email එක එවන්න මම invitation එවන්නම්.
මෙන්න මගේ මෙල් එක
ukussa_e@yahoo.com
දිගටම කියවන්න ->>