ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 30 April 2010

ඔබට අවශ්‍ය වන online web based applications කිහිපයක්.

අපිට කුමක් හෝ අවශ්‍ය වැඩක් කරගන්න ගියාම ඒ සදහා අවශ්‍ය මෘදුකාංගය් අපි භාවිතා කරන පරිඝනකයේ ස්තාපිත කර නැත්නම් ඒ වෙලාවට මොනව හිතෙනවද :-) ....
එහෙනම් මෙන්න ඔබට එදිනේදා අවශ්‍ය වන online web based applications කිහිපයක්.

Phonevite
crazyegg – visualize your visitors -
Windows Live OneCare safety scanner -
vuzit -
codepaste-
ConceptDraw -
infoencrypt – Online service for easy encrypt messages-
Primo Online - Do pdf -
postica – stick it! Create and share sticky notes -
Adobe Buzzword -
ShrinkFile.NET -
CreativePro Office -
RescueTime -
Picnik -
දිගටම කියවන්න ->>

Thursday 29 April 2010

ඔබත් මේ ගැටලුවට මුහුන දි තිබෙනවාද?

ඔබටත් සමහර Files delete, remove, move, rename කරන්න බැරි වෙලාවල් පැමින තිබෙනවාද? මේ කට සමහර වෙලාවල් වලට හේතුව වන්නේ එම ෆයිල් පරිඝනකය මගින් lock කර තිබෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් ඒය malware එකක් වෙන්නත් පුලුවන්. ඉහත සදහන් වෙනස්කම් එම files වලට කරන්න බැරිනම් මෙන්න මේ මෘදුකාංගය ඉන්ස්ට්‍රොල් කරලා බලන්න. මේකේ නම තමයි FileASSASSIN. මෙහි ධරිතාවය 163.12 kb පමනයි. මෙතනෛන් බා ගන්න.
දිගටම කියවන්න ->>

කොහොමද Picture එකක් cartoon එකක් බවට පත්කර ගන්නේ...

ඔබත් කැමති ඇති නේද ඔබගේ පිංතුරයක් හෝ යාළුවෙකුගේ පිංතුරයක් අරගෙන එය කා‍ටුන් පිංතුරයක් බවට පත්කර ගන්න. මෙන්න එහෙනම් ඒ සදහා විසදුමක්. මේ මෘදුකාංගයෙන් ඔබේ එම අවශ්‍යතාව ඉ‍ටුකරගන්න. මේ තියෙන්නේ ඒ විදියට කා‍ටුන් කරගත්ත පිංතුරයක්.


http://www.befunky.com/
දිගටම කියවන්න ->>

Monday 26 April 2010

ඔබ කොයිතරම් වේලාවක් web site එකක් use කරාද කියලා Chrome මගින් දැනගන්න.




ඔබලා දන්නවා ඇති Chrome කියන්නේ දැනට තියන හොදම browser වලින් එකක් කියලා. ඉතින් ඕබත් කැමති ඇති නේද ඔබ කොයිතරම් වේලාවක් එකම වෙබ් අඩවියක් තුල සිටියාද කියලා දැන ගන්න? මේ සදහා කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. මෙන්න මේ Chrome extension එක බාගෙන ඒ වැඩේ ලෙසියෙන්ම දැනගන්න පුලුවන්. මේ Chrome extension එකේ නම තමයි RescueTime කොහොමද කියලා ප්‍රතිචාරයක් දාලම යන්න.
දිගටම කියවන්න ->>

ඔබත් කැමතිද එකම තැනකින් ඔබගේ E-mail account කිපයක් විවෘත කරගන්න.

ඔබත් කැමතිද එකම තැනකින් ඔබගේ E-mail account කිපයක් විවෘත කරගන්න.මෙම අඩවියේ මෙය හදුන්වා දි ඇත්තේ පෞදිගලික ඉන්ටර්නේට් සහායකයකු ලෙසය. තමන්ගේ ඉ-මේල් හා වෙනත් අන්තර්ජාල ගිනුම් මෙම අඩවියේ ඇති කවුලුවක් මගින් විවෘත කරගැනිමට අවස්තාව ලබා දෙන නිසා අපට කාලය අපතේයාම වලක්වා ගැනිමට ඇති හැකියාව මෙහි ඇති විශේසත්වයයි.
www.pageonce.com
දිගටම කියවන්න ->>

Saturday 24 April 2010

ඔබගේ Document එකක් online සිටම pdf file එකක් බවට පත්කරගන්න.



ඔයගොල්ලො දන්නවා ඇතිනේ අපේ ලිපියක් වෙනත් කම්පියුටර් එකකට ගෙන ගොස් විවෘත කරන විට සමහර වෙලාවට අදාල computer එකෙහි එම ලිපිය ලියපු font එක නොතිබුනොත්... හබක්ම තමා. (වැඩිපුරම සිංහලෙන් ලියන ලිපි ආදිය) ඉතින් මෙ සදහා හොදම විසදුම තමයි අදාල ලිපිය pdf file එකක් විදියට හදාගන්න එක. මේ සදහා නොයෙකුත් විදියේ මෘදුකාංග තිබුනත් අපිට ගොඩාක් වෙලාවට ලැබෙන්නේ එහි Trail version එකක්. නමුත් onlineම ඉදගෙන මෙම වැඩය කරගන්න පුලුවන් විදියක් මම අද කියන්නම්. පලමුව ඕබට තියෙන්නේ මෙන්න මේ වෙබ් අඩවියට ගොස් pdf කිරිමට අවශ්‍ය File එක Upload කර ඕබගේ e mail ලිපිනය ලබාදිම පමනයි. එවිට ඔබට පුලුවන් අවශ්‍ය ලිපිය online ම සිට pdf එකක් කරගන්න.
http://online.primopdf.com/
දිගටම කියවන්න ->>

Friday 23 April 2010

IP Address එක අනුව Location එක සොයාගන්න පුලුවන් අඩවියක්




සමහර වෙලාවට අපිට අවශ්‍යතාවයක් ඇතිවෙන්න පුලුවන් අපි දන්න IP address එකක එමIP address එක අයත්වන location එක කොහෙද කියලා සොයාගන්න. එවිට ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ වෙබ් අඩවියට ගොස් IP address එක ලබා දෙන්න. එවිට එම IP address එක අයත්වන ප්‍රදේශය Google Map අධාරයෙන් ඔබට දිස් වෙවි. ip addres එක පමනක් නොව තවත් ඊට අදාල තොර‍ටුරු බොහොමයක් මෙහි අන්තර් ගතය.ගිහිල්ලාම බලන්න. මෙන්න ලින්ක් එක.
http://www.infosniper.net/
දිගටම කියවන්න ->>

Wednesday 21 April 2010

කොහොමද අපි කැමති Photo එකක් my Computer Properties වලට දාගන්නේ

ඔබත් කැමති ඇති ඔබ කැමති Phot එකක් (ඔබේ ෆොටෝ එකක් වෙන්නත් පුලුවන්) my Computer Properties වලට දාගන්න ඇත්නම් කියලා. මෙන්න එහෙනම් ඔබගේ ඒ ආසාව ඉ‍ටුකර ගැනිමට කල යුතු දේ.

* පලමුව Note pad එක open කරගෙන මෙන්න මේ ටික එහි type කරලා එම file එක OEMINFO.INI යන නමින් C:\WINDOWS\system32 folder. එකෙහි save කරගන්න.(මෙහි C කියලා හදුන්වනේ ඕබගේ OS එක install කරලා තියෙන Drive එක)

[General]
Manufacturer=Your Name Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Her

අනතුරුව යෙදිමට අවශ්‍ය ෆොටො එක .bmp විදියට oemlogo.bmp නමින් C:\WINDOWS\system32 folder. එක ඇතුලෙම save කර ගන්න.
(මෙහිදි මෙම ෆොටො එකෙහි විශාලත්වය pixels 180 x 140 සාදාගත හැකිනම් වඩාත් සුදුසුයි. මේ සදහා photoshop වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න)

ඔන්න වැඩේ ඉවරයි. දැන් My computer උඩ Right click කර propertise වෙත යන්න. එවිට ඔබ සිඩුකල වෙනස් කම පෙනේවි.

දිගටම කියවන්න ->>

Monday 19 April 2010

ඔබගේ Videos Rotate කරන්න පුලුවන් Software එකක්.




ඔබත් සමහර විට මේ අත්දැකිමට මුහුන දිලා ඇති කියලා හිතනවා. ඔබගේ ෆෝන් එකෙන් ගන්න විඩියෝ සමහර වෙලාවට roatare වෙලා තියෙනවා නෙද? ඒ වෙලාවට හිතිලා නැද්ද .. මේ විඩියෝ එක හරවන්න පුලුවන් කමක් තිබුන නම් කියලා. මෙන්න එහෙනම් එකට හොදම විසදුම . මේ software එකෙන් පුලුවන් ඒ දේ කරගන්න. එහෙනම් මෙතනින් බාගෙනම හොදද බලන්න..
දිගටම කියවන්න ->>

Thursday 15 April 2010

මෙන්න online TV බලන්න නියම සයිට් එකක්


මෙන්න online TV බලන්න නියම සයිට් එකක්. මේ සයිට් එකෙන් ප්‍රසිද්ධ චැනල්ස් කිපයක්ම බලන්නත් පුලුවන්. ඒ අතර Soney Set Max, Zee TV, Star One, Sony TV ආදි චැනල් ද බැලිය හැක. IPL තරගාවලියද නැරබිය හැක. සයිට් එකට ගිහිල්ලාම බලන්නකෝ....
www.idesitv.com
දිගටම කියවන්න ->>

කොහොමද Trial Version Software එකක් සදහටම පාවිච්චි කරන්නේ




ඔයාල දන්නවා ඇතිනේ සමහර මෘදුකාංග අපිට සල්ලි නොගෙවා ගන්නකොට එවා පාවිච්චි කරන්න දෙන්නේ සිමිත කාලයකට කියලා. ඉතින් ඔන්න එම සිමිත කාලය අසිමිතව වැඩි කර ගන්න පුලුවන් ක්‍රමයක් තමයි කියන්න හදන්නේ. මේ සදහා අවශ්‍ය වෙනවා පුංචි software එකක්. බාගෙන කරන්න තියෙන්නේ පුන්චි වැඩයි. අවශ්‍ය මෘදුකංගයේ .exe file එක සෙලෙක්ට් කරලා දිලා ඔයාලට කැමති දිනයක් ලබා දෙන්න.(සොෆ්ට්වෙයා එකේ Trail date එක එවරවෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලා දිනයක් දුන්නොත් වඩා හොදයි) කරලම බලන්නකෝ

software ඒක මෙන්න මෙතනින් බාගන්න.
දිගටම කියවන්න ->>

Tuesday 13 April 2010

මෙන්න Auto CAD Sample Drawings ටිකක්.

ඔයාලට මතක ඇතිනේ මිට කලිනුත් මම ඔයාලටAuto CAD Drawings ටිකක් ඉදිරිපත් කලා. ඉතින් ඒවා තිබුනේ .jpg /.pdf file විදියටනේ. ඔන්න මේ Drawings ටිකනම් තියෙන්නේ Auto CAD .dwg drawings විදියට. මොකද මම දන්නවා Auto CAD ඉගන ගන්නා අය තමන්ට අවශ්‍ය සාම්පල් ඩ්‍රොවින්ග්ස් ටිකක් හොයාගන්න කොයිතරම් මහන්සි වෙන්න ඔනද කියලා. මොකද මම ඒ කට්ට කාලා තියෙනවා. ඒක නිසා මට පුලුවන් විදියට මගේ ගාව තියෙන drawings ඔයාලට දෙන්නම්. අවශ්‍ය අය මේවා බාගෙන තවත් CAD ඉගන ගන්න අයට අවශ්‍ය නම් දෙන්න. මොකද අපි දැනුම බෙදාගන්න තරමට තමයි, අපිටත් ලැබෙන්නේ.

Auto CAD .dwg drawings ටික මෙතනින් බාගන්න

sampale Housing design ටිකක් මෙතන ඇති.
දිගටම කියවන්න ->>

Monday 12 April 2010

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර



* පරණ අවුරුද්ද සදහා ස්නානය:-
අප්‍රේල් මස 12 වන සදුදාදිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේහි යෙදි වාසය මැනවි.

*අලුත් අවුරුදු උදාව :-
අප්‍රේල් මස 14 වන බදාදා පුර්ව භාග 06.58ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

*පුණ්‍ය කාලය :-
අප්‍රේල් මස 13 වන අගහරුවාදා මධ්‍යම රාත්‍රි 12.34 සිට 14 වන බදාදා ප.ව 01.22 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන අගහරුවාදා මධ්‍යම රාත්‍රි 12.34 ට පලමුව ආහාර අනුබව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යේදිමද මැනවි.

* ආහාර පිසිම:-
අප්‍රේල් මස 14 වන බදාදා පුර්ව භාග 07.01ට පළාවන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරිබතක්ද, උදු මිස්‍ර කැවිලි වර්ගයක්ද පිලියෙල කර ගැනිම මැනවි.

*වැඩ ඇල්ලිම, ගණුදෙනු කිරිම හා ආහාර අනුභවය:-

අප්‍රේල් මස 14 වන බදාදා පුර්ව භාග 09.07ට පළාවන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි උතුරු දිශාව බලා සියළු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

*හිස තෙල් ගැම:-

අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පුර්ව භාග 10.06ට උතුරු දිශාඅව බලා හිසට බෝ පත්ද, පයට කොහොබ පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි තෙල් සහා බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරිම මැනවි.

*‍රැකීරක්ෂා සදහා පිටත්ව යැම:-
අප්‍රේල් මස 19 වන සදුදා පුර්ව භාග 06.42ට සුදු පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි උදු මිශ්‍ර කැවිලි වර්ගයක් හා කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්විම මැනවි.


සැ. යු: ඉහත සදහන් සියලු වේලාවන් ශ්‍රි ලංකා සම්මත වේලාවට අනුව සකසා ඇත.( උපුටා ගැනිම. සංස්කෘතික දෙපර්තුමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමි‍ටුවෙනි)
දිගටම කියවන්න ->>

Wednesday 7 April 2010

Windows XP ගැන අපි නොදත් දේවල්

Windows XP කියලා කියන්නේ මෙතක් microsoft සමාගම නිපදවාපු OS වලින් හොදම OS එකක් කියලා අපි කාටත් විවාදයකින් තොරව පිලිගන්න පුලුවන්. Windows 7 මිට වඩා හොදයි කියලා කට්ටිය කියනවා. එත් මට නම් තාමත් Windows Xp තමා. එත් අපි මේ පාවිච්චි කරන Windows Xp වල නොදන්නා කරුනු කොතෙක් තියෙනවාද? මට හමූනා මෙන්න මේ e-book එකේ ගොඩාක් කරුනු තියෙනවා windows Xp ගැන අපි නොදත්. මම හිතනවා ඕයගොල්ලන්ටත් මෙක ප්‍රයෝජනවත් වේවි කියලා. එහෙනම් මෙන්න ලින්ක් එක . මෙතනින් බාගන්න.
දිගටම කියවන්න ->>

Monday 5 April 2010

ඔබගේ පාස්වඩ් හා යුසර් නේම්ස් කළමණාකරගැනිමට පහසු මගක්



අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපගේ පාස්වඩ් හා යුසර් නේම්ස් හා වෙනත් අපට අත්්‍යාවශය වන PIN code හා වෙනත් අපගේ රහස්‍ය වචන සුරක්ෂිතව තබා ගැනිම හා එවා කළමනාකරනය කර ගැනිම. මම හිතනවා ඔබටත් මේ ප්‍රශ්නය ඇති කියලා. එහෙනම් මෙන්න ඒ සදහා විසදුම. www.x-lizard.com මෙම වෙබ් අඩවියට ගිහින් මෙන්න මේ කියන X-Lizard කියන මෘදුකාංගය බා ගන්න. එමගින් පුලුවන් ඔබගේ රහස්‍ය වචන පිලිවලකට තබා ගන්න.
දිගටම කියවන්න ->>

ඔබත් කැමතිද ලෝකයේ පලවන පුවත්පත් වල පි‍ටු පෙරලන්න.



Google News වෙබ් අඩවිය මේ සදහා ඕබට දැන් අවස්තාව සලසා දි ඇත. ඔබට අවශය පුවත්පතේ පි‍ටු එකින් එකට යමින් එමපුවත කියවිමට මෙමගින් ඕබට අවස්තාව ලබා දේ. එහෙනම් එය අත්විද බලන්න මෙතනට යන්න
http://www.fastflip.googlelabs.com
දිගටම කියවන්න ->>

Friday 2 April 2010

ඔබේ ජංගම දුරකතනයෙන් විඩියෝ කරන විඩියෝ ෆයිල් එවෙලෙම අන්තර්ජාලය තුලින් පෙන්වන්න


ඔබ කැමතිද ඔබේ ජංගම දුරකතනයෙන් විඩියෝ කරන විඩියෝ ෆයිල් එවෙලෙම අන්තර්ජාලය තුලින් පෙන්වන්න. මෙන්න එහෙනම් ඒ සදහා පිලියමක්. මෙම වෙබ් අඩවියේ නම තමයි "කුයික්" ඔබ මේ සදහා කල යුත්තේ පලමුව මෙමෙ වෙබ් අඩවියේ ලියාපදිංචි වි කියන උපදෙස් පිලිපැදිම පමනි. මෙන්න ලින්ක් එක
www.qik.com
දිගටම කියවන්න ->>