ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 12 January 2011

බද්‍රකාලි අම්මාන් දේවාලයේ නිරුවත නෙත් F.M හෙලිකරයි....



කවුරුත් දන්නවනේ මහනුවර ගාල්තැන්නේ තියෙන බද්‍රකාලි අම්මාන් දේවාලය. නොදන්න කෙනෙක් නැතුව ඇති. මොකද ස්වර්ණවාහිනියෙන් මේ ගැන හොද ප්‍රසිද්ධියක් ලබා දෙනවානේ.
මෙම දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණි ආනන්ද, සෝමා එදිරිසිංහ සමග වියලිසලාක ආදිය බෙදාදෙන අවස්ථාවක්ද මම නම් ස්වර්ණවාහිණියෙන් දැක ඇත. එහෙත් ඒය මෙම පුද්ගලයාගේ චරිතය සුදු විමට ගන්නා එක් උත්සාහයක් පමණකි කියා මට දැන් වැටහේ.


නේත් FM බැලුම්ගලින් සාක්ෂි සහිතව මෙම පුද්ගලයා හා මෙම දේවාලයෙන් කරන බොරුව ඔප්පු කොට ඇත. එහෙත් තවමත් මේ සම්බන්දව වගකිවයුතු කිසිවකුත් නිතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැත. එයටද එක්තරා හේතුවක් ඇත. මේ පුද්ගලයාහට විශාල දේශපාලන හස්තයක ආධාර ලැබෙන බවද කියනු ලැබේ.
එහෙත් මට තියෙන ප්‍රශ්නය නම් මේවා බොරු වැඩ බව දැන ගෙනත් මෙතරම් මිනිසුන් මේ කරා ඇදි යන්නේ කුමන හේතුවකටද? මට හිතෙන්නේ මැරෙන්න යන මිනිහා තණකොල ගහෙත් එල්ලෙනවා කියනවා වාගේ... කිසිම හවුහරනක් නැති මිනිසුන් කුමන හෝ සෙතක් බලාගෙන මෙවැන් තැන් කරා රොක්වෙන බවයි.
එහෙමත් නැතිනම් අපේ රටේ වැඩිපුර සිටිනුයේ මිත්‍ය ලබ්දිකයින් බවත් ය. මෙතරම් පිරිසිදු,නිර්මල බුදු දහමක් පවතින රටකත් මෙවැනි දේවල් සිදුවෙනවා නම් අනිත් රටවල් ගැන කවර කථාද?
(‍රැවටෙන්නන් සිටිනකම්, රවටන්නන්ද සිටි...)
මේ පිලිබද වැඩිපුර ලියවු ලිපි මෙතනින් කියවන්න.
Post 1
Post 2
නෙත් FM බැලුම්ගල වැඩසටහන මෙතනින් අසන්න.

7 comments:

  1. මිනිස්සු මෙහෙම මෝඩයින් පස්සේ යන්නේ ඔවුන්ගේ නොදන්නා කමින්.
    මේ බොරුවෙන් මිනිස්සු මුදවා ගන්න නෙත් FM මේ කාර්යය කරන්නේ ගොඩාක් බලපෑම් මැද.
    මේවගේ හොරු ගැන රටට හෙලි කරන එක ගැන නෙත් FM ආයතනයට අපේ සහයෝගය දෙන්න ඕනේ.

    ReplyDelete
  2. `elaaaa..neth FM jaya wewa

    ReplyDelete
  3. බලපන් කො උගේ ලස්සන... හරියට බ්ලොග් ලියන ඇටමැස්සා වගේ...

    ReplyDelete
  4. පච ලු නේ කියන්නේ..ස්වර්නමහල් එකෙන් ම රත්තරන් ඔනේ කියනව ලු
    ලොවෙත් නෑ

    ReplyDelete
  5. @සූර සරදියල්
    පුදුමේ කියන්නේ මේකා ගෙන්න කියන්නේ ස්වර්ණමහල් රන්පවුම් විතරමයිලු..
    මන් හිතන්නේ හොදම රන්පවුම් ඇත්තේ ස්වර්ණමහල් එකේ වෙන්න් ඇති...හික්ස්...

    ReplyDelete
  6. mewage hora yakkunta ahuwenna epa...patta hara minissunwa andanawa......

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්