ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday, 8 September 2011

ලංකාවේ රජයේ රෝහල්..



මේ දිනවල වැඩිදෙනෙක් කථාකරන මාතෘකාවක් වෙලා තියෙන්නේ පෞද්ගලික වෙද්‍ය විද්‍යාල ලංකාව තුල පිහි‍ටුවා ලිම පිලිබදවයි. සමහර අය මෙය හොදයි කියති... තවත් සමහරු මෙය නරකයි කියති. මගේ පෞද්ගලික මතය නම් නිසි ප්‍රමිතියක් ඇතුලත්ව සුදුසුකම් සපුරාලන සිසුන් සදහා මේවැනි විශ්වවිද්‍යාල ආරම්බ කිරිම වරදක් නොවන බවයි. නමුත් අපේ රටේ වැඩේ තියෙන්නේ හැම දෙයක්ම කරන්න ඉස්සේල්ලා නා ගැනිම හා අනාගැනිම දැන් පුරුද්දකට ගිහිල්ලා. දෙන්නම් වාලේ හැම උපාධිකඩයකටම මේවා කරන්න ඉඩ දුන්නොත් ප්‍රමිතියක් නැතිවෙන එක අහන්නත් දෙයක්ද?....

දැන් මම කථාකරන්න බලාපොරොත්තුවෙන මතෘකාවට යමු. ඇත්තටම ලංකාවේ රෝහල් වලින් සිදුවන සේවය ගැන මහජනතාව වන අපට තෘප්තිමත් විමට පුළුවන්ද? නිදහස් අධ්‍යාපනය වාගේම නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්ති විදින අපිට මේ සේවාවන් වල තිබේන ගුණාත්මක බාවය ගැන ප්‍රශ්න නැතුවාම නොවේ.
අපි රජයේ රෝහලකට යන්නේ ලෙඩකට දුකකට බෙහෙතක් හේතක් ලබාගන්නට. නමුත් අද මෙම ආයතන තුල පවතින අඩුපාඩුකම් නිසා කොතරම්නම් අසරණ ජනතාවක් පිඩා විදිනවද? පාලකයන්ගේ පවතින පරිපාලනමය දුර්වලතා හා කාර්ය මණ්ඩලවල හා සේවකයන්ගේ පවතින දුර්වලතා හා ආකල්පමය හේතුන් නිසා අදවනවිට සෞඛ්‍ය සේවාව අඩපන වෙලා ගිහින්. හොද ගුනාත්මක තත්වයේ බෙහෙත් වෙනුවට කොමිස් මුදල් වලට යටවෙලා බාලබෙහෙත් වර්ග ගෙන්වලා රෝගින්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කිරිමට පුරුදුවෙලා.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දෝස්තරලා වෙලා රටට සේවයක් කිරිම වෙනුවට තමන් ගැනම පමණක් හිතන වෙද්‍යවරුන් කොටසක් බිහිවෙලා( හැමෝම නෙවි) මොවුන්ට රෝහල් වල රෝගින් බලනවට වඩා, ප්‍රයිවට් හොස්පිටල් වල හා චැනල් සෙන්ටර්වලට සේවය කිරිමට යොමු වෙලා. මොවුන්ට අසරණ රෝගියෙක් එක "සබ්ජෙක්ට්" එකක් විතරක් ගනනට පත්වෙලා. කිසිම වගකිමක් නැතුව අත වෙනුවට කකුල, බඩ වෙනුවට පිට,කණ වෙනුවට ඇහැ. ඔපරේෂන් කරන මට්ටමකට පත්වෙලා.
මිට අන්තයි හේදියන්ගේ තත්වය. මොවුන් හරියට කථාකරන්නවත් දන්නැති සේවක කොටසක් බවට පත්වෙලා. ගේදර මහත්තයත් එක්ක රන්ඩුකරලා ඇවිත් ඒ තරහා රෝගින්ගෙන් පිටකරන තත්වයක් තමයි අද නර්ස්ලා ලග තියෙන්නේ. පොඩ්ඩ් බෑරිවෙන්න බැ අසරණ රෝගින්ගේ ඇගට කඩා පනිනවා. එහෙත් හෙදියක් කියන්නේ කරුණාව උතුරායන කාන්තාවක් වියයුතුයි කියා අපිනම් අහලා තියෙන්නේ.

දෝස්තරලාත්,හේදියන්ටත් වඩා හපන් දැන් ඉන්න රෝහල් වල සුළු සේවක මහතුන්... හප්පේ බලන්න එපැය ගෙම්බර් එක...මැම්බර් මහත්තයකුට වඩා අන්තයි. හැම වෙලාවෙම කටේ තියෙන්න්නේ " නැ.. බැ..බැ.. බැ..එපා..එපා .. යනව ඔයි යන්න.." වගේ වචන සෙට් එකක්.ලෙඩේකුට කරුණාවක් දයාවක් දක්වන්නේ බොහෝම සුළු පිරිසක් පමනයි.
ඔය ගොල්ලොන්ට මම කියන්නේ බොරුද කියලා බලාගන්න පුළුවන්,වැස්සකට හරි රජයේ රෝහලකට ගොඩ උනොත්.
මේහිදි තවත් විෂේශ දෙයක් සදහන් කරන්න ඔනි. රජයේ රෝහලකට බෙහෙත් ටිකක් ගන්න යන්නේ මධ්‍යම පන්තිකයන් හා බොහෝම අසරණ දුප්පත් ජනතාව විතරයි. ඔය ඉහල සමජපන්තියේ අයට ඉතින් කොයිතරම් නම් සුපිරි රෝහල් දැන් තියෙනවද. අසරනවෙලා බෙහෙතක් ගන්න ගියාම කියන්නේ "අපි ගාව මේ බෙහෙත නැ.. පුළුවන්නම් මේක පිටින් අරන් එන්න කියලා" අනේ ඉතින් පිටින් බෙහෙත් ගන්න වත්කමක් තියෙනව නම් මොන එකාද රජයේ රෝහලකට යන්නේ... අනේ ඇත්තට මම නම් හිතන්නේ රජයේ රෝහල් වල තියෙන්නේ පැනඩෝල් පෙති ටිකකුයි..සේලයින් බොතල් ටිකකුයි විතරමද කොහේද...වෙන හැම බෙහෙතක්ම අපි පිටින් ගිහින් දෙන්න ඔනි... අසරණ රෝගින්ට ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.

නිදහස් සෞඛ්‍ය සේවාවක් අපේ රටේ තිබුනත් එය විදිමත් විදියට ජනතාවට සේවයක් වන විදියට පවත්වාගෙන යන්න බැරි නම් ඒ සේවාවෙන් කිසිවකුටත් සෙතක් නොවෙයි.. ගොඩාක් දුර්වලතා මෙම කේෂ්ත්‍රයේ තිබුනත් ඒවා නිරාකරනය කරගෙන ජනතාවට සේවාවක් සැපයිම පවතින රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිමක්.. මම නම් මුලින්ම කියන්නේ මේ කේෂිත්‍රයේ සිටින අයගේ ආකල්පමය වෙනසක් මුලින්ම සිදු කිරිම අනිවාර්යයි.(මෙය නම් සැම රජයේ ආයතනයකටම සිදුවිය යුතු දෙයක් හැටියටයි මා නම් දකින්නේ.) අර කථාවක් තියෙනවානේ "සැම සිරකරුවෙක්ම මනුෂ්‍යයෙක්ය" කියලා. ඒ වගේම තමයි රජයේ රෝහල් වල සේවය කරන හැමටම කියාදියයුතුයි "සැම රෝගියෙක්ම මනුෂ්‍යයෙක්ය" කියලා.....

2 comments:

  1. හැම දේකම දෙපැත්තක් තිබෙනවා..එහෙත් ඔබ කියනා කාරණා සියල්ලම පාහේ ඇත්ත.

    සෞඛ්‍ය සේවය පිරිහිලා බොහෝම..මං දන්න මට්ටමට රජයේ සෞඛ්‍ය සේවය කියන්නේ සුළු සේවකයගේ පටන් ඉහළට යනකල්ම සෑහෙන ඉහල වැටුප් තල තියෙන තැනක්..ඒත් මෙයාලගේ මරා ගැනිල්ලේ ඉවරයක් නැහැ..

    හොඳම උදාහරණේ තමයි මුංට තමන්ගේ පඩිය ජීවත් වීමට ඇද්ද නැද්ද කියන එක නෙවෙයි ලොකුම ප්‍රශ්නේ.. අනිත් අයගේ වැටුප් තලත් එක්ක සංසන්ධනය කරන එකයි ප්‍රශ්නේ..හැමදාම තියෙන්නේ වැටුප් විෂමතා ගැටළු... පුදුමාකාර ඊරිසියාකාර හැත්තක් ඉන්නේ... එක්කෝ යුනිෆෝම් එකේ කොලර් එකේ හැඩේ වෙනස් උනා කියලා කෑ ගහයි..එකම රෝහලේ කාමරයක් බෙදා ගන්න බැරිව මරා ගනී.. හරියට සත්තු වගේ..

    දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අල්ලගෙන මැරෙන්න හදනවා. ඇත්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ගුණාත්මක තත්වය.. ප්‍රමිතිය ගැන හොඳින් හොයලා බලන්න ඕන.. එහෙම කරලා කරනවනං ඒකේ වරදක් කියන්න බැහැ..මුංට තියෙන්නේ එහෙම ප්‍රමිතිය ගැන අවුලක් නෙවෙයි තමන්ගේ ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය අවම කරගන්න උවමනාවක්...

    ඇයි ඉතිං එතකොට ඕන ඕන විදියට චැනල් කරන්න යන්න පුළුවන්.. ලෙඩ්ඩුන්ට සැර දාන්න පුළුවන්.. ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජන කරලා තමන්ගේ මඩිය පුරවගන්න පුළුවන්...

    ඕක තමයි ඇත්ත කතාව... රජයේ වෛද්‍ය විද්‍යාල තව බිහි වෙනවනං හොඳයි තමයි..ඒත් කරන්න පුළුවන් සහ බැරි දේවල් තියෙනවනේ..අනික ඒහෙම වැඩි කරන්න ඔනත් අපේ බදු සල්ලි වලින්මනේ..දැන් මෙච්චර පිනට උගන්නපු ඈයොත් ලෙඩ්ඩුන්ට කොකා පෙන්නද්දී තවත් මොකටද පිනට උගන්නන්නේ..?

    ඔය කාලකන්නි අතරේ බොහෝම සුළු පිරිසක් ඉන්නවා තාමත් දෙවිවරු වගේ ඉන්න අය.. ඒත් ඒ අයත් අසරණයි මුංගේ‍ මේ වැඩ හින්දා... අපිටත් වෙලා තියෙන්නේ බයින කොට හොඳ එකා නරක එකා හොය හොය ඉන්නේ නැතිවම බනින්නයි..මෙහෙම යනකොට තව වැඩි කාලයක් යන්නේ නැතිවම ලෙඩ්ඩු දොස්තරලට ගහන්න පටන් ගන්නවා..ආන්න එදාටනං ඔය යාළුවෝ ටික හැදෙයි...

    ReplyDelete
  2. @මාරයාගේ හෝරාව
    මාරායියගේ කථාව සම්පුරන ඇත්ත... මමත් පිලිගන්නවා මෙම ආයතන තුල තවමත් දෙවිවරු වගේ අයත් ඉන්නවා කියලා. නමුත් වැඩි හරියක් ඉන්නේ කාළකන්නි.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්

Related Posts Plugin for WordPress, Blogger...