ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 22 October 2011

ගඩා‍ෆි නැති ලිබියාව...



ගඩා‍ෆි...දැන් අතිතයට එක් වි ඇති නමක් වි හාමාරය. වසර 42ක් පුරාවට ලිබියාව පාලනය කල මේ මිනිසාගේ ඉරණම දැන් විසදි ඉවරය. මොහු අල්ලාගත් අවස්ථාව හා මරාදමා ඇති අවස්ථාවේ විඩියෝ දකින විට සිතට ඇතිවු හැගිමත් සමගම මොහුගැන පෝස්‍ටුවක් ලියන්නට ඕනැකමක් තිබුනත් පමා වි හෝ ලිවිමට හැකිවිම ගැන සතු‍ටුවෙමි. මම උග්‍ර ගඩා‍ෆි වාදියෙක් නොවෙමි. නමුත් ගඩා‍ෆි කල කි යම් යම් දේ පිලිබදව මා සතු‍ටු වෙමි.විශේසයෙන්ම එක්සත් ජාතින්ගේ ‍රැස්විමකදි 2009දිද කොහෙද මට මතක විදියට මොහු කල කථාව.

1942 ජුනි 7 දා ලිබියාවේ සර්ටේ නම් වෙරළබඩ ගම්මානයක ගෝත්‍රික පවුලක උපන් මුවම්මර් ගඩාෆි යුද හමුදාවට බැඳුණේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද අතරමඟ නවතා දමමිනි. ලේ නොසෙල්වු විප්ලවයක් කල ගඩා‍ෆි රටේ පාලන බලය අල්ලා ගන්නේ 1969 සැප්තැම්බර් මස 1 වන දාය. ඉන් පසු වසර 42ක් පුරාවට ලිබියාව පාලනය කරන මොහු පසුගිය 20 වනදා මරාදමන තෙක්ම ලිබියාවේ නොසැලුනු පාලකයා බවට පත්විය.
1958 දි ලිබියාවෙන් ඛනිජතෙල් සොයාගැනිමට පෙර අන්ත දිලිදු රටක් බවට ලිබියාව පත්ව තිබුණි. නමුත් ලිබියානු ජනතාවට කොන්ද කෙලින් තියාගෙන "මම ලිබියානුවෙක්" කියා කියන්න පුළුවන් තත්වයකට ලිබියාව පත්කලේ මොහුය. ලිබියාව ප්‍රධාන ලෙස තෙල් සම්පතෙන් පොහොසත් උනත් ජල සම්පතෙන් පොහොසත් නොවිය. නමුත් ගඩා‍ෆි රජය විසින් ඉදිකරන ලද "මහා මිනිසා ඉදිකල ගංගාව"(Great Man -Made river) මගින් ලිබියන් ජනතාව ජලයෙන්ද පොහොසත් කලේය. රටේ ප්‍රධාන සම්පත වන තෙල් සම්පත මනා ලෙස පාලනය කරමින් ජනතාවට ඒ හරහා සුඛිතමුදිත තත්වයට පත් කිරිමට ගඩා‍ෆිට හැකිවිය. අප්‍රිකාවේ "ස්විස්ටර්ලන්තය" යන විරුදාවලිය ලිබියාවට ලැබෙන්නේද මේ නිසාමය


ගඩා‍ෆි මරාදමන විට ද ලිබියාව ලෝකයේ ඉහලම මානව සංවර්ධන දර්ශකයක් පෙන්නුම් කල රටකි. පසුගිය වසරේ පමනක් ලිබියාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය 10.5% කි. මෙවැනි ආර්ථික සංවර්ධනයක් තිබියදි පවා ගඩා‍ෆිට එරෙහිව මහජනතා නැගිටිමක් ආරම්බ වන්නේ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් ඉල්ලාගෙනය.
තෙල් සම්පත හරහා උපයාගත් අතිවිශාල දනස්කන්දය නිසාද, බටහිරට හා ඇමරිකාවට ගැති නොවුනු පාලකයෙක් නිසාද ගඩා‍ෆිට බටහිර සතුරන් වැඩිවිය.

ලිබියාව නම් ගඩා‍ෆිය... ගඩා‍ෆි නම් ලිබියාවය. මේ නම් දෙක හරියට ගසයි පොත්තයි වගේ බද්ද වි පවති. ලිබියානු නායකයා කියු පරිදිම මොහු ලිබියාව අතහැර නොගොස් ලිබියාවේම තමන්ගේ ජනතාව අතින්ම මිය ගියේය. එත් මොහු මියගිය ආකාරය ගැන නම් මා තුල ඇත්ති පිලිකුලකි. ලිබියාවට මෙතරම් දෙයක් කල මේ මිනිසා මරා දෑමුවේ හරියට තිරිසන් සතෙකු ගානටය. ලක්ෂ ගණන් ජනතාව මරා දමමින් යුද නීති උල්ලංඝනය කරමින් ජනතාවට බර අවි ප්‍රහාර එල්ල කරමින් ගම්බිම් විනාශ කරමින් කැරලි කරුවන් හා නේටොව කල යුද්ධය දැන් නිමාවි ඇත. මෙහි සිඩුවු මානව හිමිකම් කඩකිරිම් ගැන කථා කිරිමටවත් කිසිම රටක් ඉදිරිපත් නොවනු ඇත.
එහෙත් ලිබියානු ජනතාව ඉල්ලා සිටි දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් ලැබේ විද? නොමැතිනම් ලිබියාවත් තවත් ඇෆ්ගනිස්ථනයක් නැතිනම් ඉරාකයක් බවට පත්වේවිද? තිරණය වැඩි ඇතක නොවේ.

.........පූජාසනයේ වැඩ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ.........???

8 comments:

  1. නුතන යටත්විජිතවාදය කියන්නේ ඔන්න ඕකට තමයි,වෑඩි කාලයක් යන්න කලින් ලිබියාවේ ජනතාවට තවත් ගඩාෆි කෙනෙක්ගේ අවශ්ය තාවය දෑනෙනු ඇත,මොකද ඇමරිකාව තම්ගේ තෙල් සම්පත හුරන්කන්න පටන් ගත්තාම...

    ReplyDelete
  2. ගඩාෆිට විරුද්ද්ධව බෙන්ගාසි කැරලි කරුවන් නැගී සිටින විට මුළු ලිබියාවේම තිබුනී නිදහස් සෞක්‍ය සේවයකි. ප්‍රාථමිකයේ සිට විශ්ව විද්‍යාලය තෙක්ද ඉන් නොනැවතී විදෙස් ටරක ලබන අධ‍යාපනයටද රජයෙන් ගෙව්වේඑ. මේ ඒවන් ගඩාෆි රජයේ තිබූ තවත් ප්‍රථිලාභ කිහිපයකි.

    නොමිලේ ගෘහස්ථ පරිබෝජනය සඳහා විදුලිය.
    පොළී රහිත ණය
    සෑම සිසුවෙකුටම ඩොලර් 230ක මාසික දීමනාවක්
    සියළු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් දායකත්වය රජය මඟිනි.
    සේවා වියුක්තිකයන්ට ජිවත්වීමේ දීමනාවක්
    සෑම විවාහක යුවලකටම නිවසක්
    සියළු මෝටර් රථ බද්දෙන් නිදහස්
    පාන්ගෙඩියක් ඩොලර් සත 05කි.
    කාන්තාරයෙ සහ ගමමාණ වල විසූ සැමට පාණීය ජලය
    උපදින සෑම දරුවෙකු සඳාම ඩොලර් පන්දහසක දීමනාවක්

    මේ එකාධිපතියකුගේ වැඩවලින් තවත් කොටසකි.

    ReplyDelete
  3. මගේ පෝස්ටුවක් කවුදෝ අමුවේම කොපි කරල කොමෙන්ටුවක් හැටියට දාලාය. හනේ මෙහෙමත් යක්කු!

    ReplyDelete
  4. ඔබ ඉතාම පැහැදිලි ස්ථාවරයක් සිට මේ ලිපිය ලියා ඇති බවක් අපට හැගේ. ඔබ සිටින තැනම මමද සිටින අතර, එතන සිට බලන අපට පෙනෙන කරුණු සමුදාය හා බැදුන ගැටළු සමුදායද බොහෝය. අපි ගඩාෆිගේ මරණය දුටුවේ බොහො කලකට පෙර වන අතර, මේ මරා දැමුණෙ. අප ගෞරව කල ගඩාෆිව මරා දමා, බටහිර හිතවාදීව කටයුතු කල ගඩාෆිවය. බටහිර හිතවාදීව කටයුතු කිරීම හරහා, මොහුගේ ජාත්‍යන්තර සැබෑ මිතුරෝ මොහුට අහිමි වීමේ පලය වූයේ එක්සත් ජාතින්ගේ සංවිධානය ගබාෆි ඝාතන ක්‍රියාවලියටට අවශ්‍ය පසුබිමු ආරක්ෂක මණ්ඩලය තුල සූදානම් කරන විට, චීනය හා රුස්යාව නිහඩව සිටීමයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අප්‍රිකාවේ ප්‍රකට නායකයකුවූද කොංගෝවේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්ර්‍ව ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා වූද පැට්රිස් ලුමුම්බා මහතාව ඝාතනය කර අප්‍රිකාව අදුරේම පැවතිය යුතු මහත් ද්වීපයක් විය යුතු බව පල කලහ., මේ අවස්ථාවේදී ගඩාෆි මහතාව ඝාතනය කිරීම තුලින් සිදු කලේද ඒ කට යුත්තමය. හෙට දකුණු අප්‍රිකාවට එම සිදුවීමට මුහුණ දීමට සිදුවේ. ඒ සදහා සූදානම් වීම එම ජනතාව සතු වගකීමයි. අප මිනිසුන් වශයෙන් ගඩාෆිට සිදුකල දේ සම්බන්ධව කම්පාවට පත්ව සිටිමු.

    ReplyDelete
  5. ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16ක්…

    1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
    2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
    3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.
    4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.
    5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.
    6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.
    7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.
    8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි
    9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.
    10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.
    11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.
    12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.
    13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.
    14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.
    15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
    16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.
    (මෙය උපුටා ගැනිමකි)
    මෙහෙම ඉදලාත් මුන්ට කාලා ඇදලා ඉන්න බැරි උනා. දැන් කාපන්කෝ...

    ReplyDelete
  6. මෙහෙම සැප දීලත් අය මේ අම්බයෝ ටික මේ තරං කුලප්පු උනේ කියල තම පැහැදිලි නැත්තේ

    ReplyDelete
  7. Libiyawe unta Jayawewa.............

    ReplyDelete
  8. warthaman minisa pirihemin pawathi.manushika lesa mara demima pilikul sahagathai.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්