ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 5 November 2011

ආශ්චර්ය්‍යමත් සිරි ලංකාවේ අපි...


වර්ථමානයේ ලෝකයේ සතුටින්ම ජිවත් වන ජනතාව සිටින රට මේ සිරි ලංකාවයි. ඒ තරමටම ආශ්චර්ය්‍ය ඉතිරේ.. බැලුබැලු හැමතැනම කාපට් පාරවල් ය.
රටේ නිතියක් නැතිතරමටම අද රට පත්ව ඇත. ආණ්ඩුවට සහය පලකරන අයට එක නිතියකුත් ආණ්ඩුවට විපක්ෂව මත දරන අයට තවත් නිතියකුත් කියාතිමක වෙමින් පවති. අපි චිත්‍රපටිවල දකින ආකාරයට මුහුනට මුහුන වෙඩිතබාගන්නා තරමට සමාජය පිරිහි ඇත.
ජනතාවට සහන සලසනවාය කියු ආණ්ඩුව අන්තයටම ජනතාව තලා පලා දාන තත්වයකට පත් ව ඇත. විදුලිබිල,ගැස්මිළ,පෙට්‍රල් ඩිසල් මිළ,බස්ගාස්තු මෙකි නොකි හැම දෙයකින්ම පිඩාවට පත් වන්නේ අහිංසක ජනතාවයි. රටේ දුෂනය රජ කරන්නට පටන්ගෙන ඇත. කෝටි ගනන් මහජන මුදල් විනාශකල වංචාකරුවන් නිදැල්ලේය. ඔවුන්ට එරෙහිව කිසිම නිතියක් ක්‍රියාත්මක නොවේ. එහෙත් මෝර්ටර් රථයක ආසන පටි පැලදගෙන නොගියෝත් කෙලින්ම උසාවියේය.

මේ ලගදිම කරලියට ආපු මතෘකාවක් වන්නේ ලාබ නොලබන පෞද්ගලික ආයතන රජයට පවරා ගන්නා නිතියක් පැය 48 ක් ඇතුලත ක්‍රියාත්මක කිරිමට යැමයි. මේය තනිකරම විහිළුවකි. රජය පෞද්ගලික අංශයේ පාඩු ලබන ආයතන රජයට පවරා ගැනිමට ප්‍රථම රජයේ පාඩු ලබන ආයතන ගැන සොයා බැලිය යුතුය. දැනට රාජ්‍ය ආයතන දෙසිය ගනනක් පාඩු ලබන බව සදහන් වේ.

ක්‍රිඩාවෙද පවතින්නේ මෙවැනිම තත්වයකි. වෙනදා කෝටි ගනන් ලාබ ලැබු ක්‍රිකට් ආයතනය අදවන විට සේවකයින්ගේ පඩි ගෙවිම්ට පවා අපහසු තත්වයකට පත්ව ඇත. ක්‍රිඩාවද කෙමෙන් "කාල්ටන්කරණයට" ලක් වෙමින් පවති. වෙනදා මැච් එකක් රාජ්‍ය මාධ්‍යට අයත් චැනල් අයි වලින් බැලු අපිට දැන් එය බැලිමට සිදුවන්නේ හරියාකාරව නොපෙනෙන "කාල්ටන් ස්පෝට්ස්" නාලිකාව හරහාය.

හැමදෙයක්ම පසුගිය අවුරුදු හය ඇතුලත උඩු යටිකුරු වි ඇත. රාජ්‍ය ආයතනයකට ගෝස් සුළු වැඩක්වත් පැයදෙක තුනක්වත් රස්තියාදු නොවි කරගන්නට බැරිය. රාජ්‍ය අංශය ඒ තරමටම පිරිහිලාය. මහා පරිමාණ සංවර්ධන වියාපෘති යැයි කියා කොටි ගනන් මුදල් වියදම් කර කරනා වියපෘතින් අවසානයේ අසාර්ථකය. සැම අතින්ම බලන විට පෙනෙන්නට ඇත්තේ දුර්වල හා ආකාර්ය්‍යක්ෂම පරිපාලනයකි..

සිද්ද උනත් නොසිතු ලෙස විනාශය
සද්ද නොකර ඉදිමුද කන් වසාගෙන
සුදු රෙද්දට මුවාවි කරනා මේ විනය.
කොන්දක් නැති නිසා ඉදිමුද නියෝගෙන

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්