ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 29 December 2011

කවුද කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැ කියලා...100% නිවරදිව, නිත්‍යානුකුලව අන්තර්ජාලයෙන් මුදල් සොයමු.


මතෘකාව දැක්කමනම් හිතෙනවා ඇති නේද.. ඔන්න තවත් ඇඩ් කිලික් කිරිමක් ගැන කියන්න යනවා කියලා. ඒවා නම් බොරු වැඩ. ඇඩ් ක්ලික් කිරිමෙන් අපි නිකන් අපේ කාලය කා ඩැමිමක් විතරයි සිදුවෙන්නේ. මම අද කියන්න යන්නේ මම කොහොමද අන්තර්ජාලයෙන් මුදල් ඉපයුවේ කියලා.

මේකත් ලෙසි වැඩක් නෙවෙයි. අපි කවුරුත් කුමන හෝ දේකට දක්ශ ඇති නේ . අන්න ඒ දක්ෂතාවය මත තමයි අපි කොපමන මුදලක් උපයනවාද කියලා තිරනය වෙන්නේ. මම මුලදි නම් odesk එකත් එක්ක ඔට්‍ටු උනා. ඒත් මට තවම odesk හරහා නම් එකම ප්‍රොජෙක්ට් එකක්වත් අරගන්න බැරි උනා. එත් මම fiverr වලින් නම් මේ සති දෙක ඇතුලත $ 86ක් හෙව්වා. මේ පිලිබදව මුලින්ම කියලා දිපු iplusblog එක ලියන සහෝදරයට මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඔන, කිසිම දෙයක් හන්ගන්නේ නැතිව fiverr ගැන කියලා දුන්නට. මෙන්න මේ ලින්ක් එකෙන් iplusblog එකේ fiverr ගැන ලියපු ලිපි පෙල බලාගන්න පුලුවන්.

ඉතින් මම කොහොමද මේ මුදල් සෙව්වේ කියලා කියන්නම්. මම auto CAD හා 3D Design වලට දක්ෂයි. ඉතින් මම ipusblog සහොදරයා කියලා දිපු විදියට මගේ දක්ෂතාවය කියලා gig දෙක තුනක් හදලා මගේ fiverr accountඑකට ඇඩ් කලා. එත් ශතියක් විතර යනකම් කිසිම ඔඩරයක් නැතුවයි හිටියේ.

ඔන්න එක දවසක් ඔඩර් එකක් ඇවිත් තිබුනා. ඒකෙදි මට කරන්න තිබුනේ සපත්තු අඩියක් Auto CAD වලින් ඩිසයින් කරලා දෙන එක. මේක මට සිම්පල් වැඩක. මම විනාඩි ගනනාවක් ඇතුලත අදාල buyer දිපු උපදෙස් අනුව ඒක හදලා දුන්නා. ඒකට මට හා හා පුරා කියලා $ 4ක් ලැබුනා. මොකද අපිට$5ක් ලැබුනත් fiverr අඩවියට $1ක් කපාගන්නවා.



කොහොමින් හරි මේ buyer වැඩේ ඉක්මනට කරලා දුන්නට සැටිස් වෙලා, මගෙන් ඇහුවා මේ සපත්තුවේ 3D එක කරලත් දෙන්න පුළුවන්ද කියලා. මම මොකටද බැහැයි කියන්නේ මම හා කියලා වැඩේ භාර ගත්තා. මට මේකට සති 02ක් දෙන්නම් කියලත් කිව්වා. ඒ වගේම මේ වැඩේට මට $50ක් ගෙවන්නම් කියලත් කිව්වා. ඒ කිව්ව විදියටම මම දෙසැම්බර් 23 වෙනිදා බැඩේ කරලා බාර දුන්නා. මගේ පලමු වැඩේ නිසා මම කිව්වා මට $40k දෙන්න කියලා. මිනිහා $40 මගේ paypal එකට දාලා ඉදිරියටත් මාත් එක්ක ගනුදෙනු කරන්න කැමතියි කියලා මැසේජ් එකකුත් එවලයි වැඩේ complete කරේ.

මම Design කරපු සපත්තුව මෙතනින් බලා ගන්න පුළුවන්.ඊට පස්සේ එක පිට එක වගේ වැඩ ගලාගෙන ආවා. තාමත් වැඩ එනවා. ඉතින් මම කියන්නේ අපිට දක්ෂතාවයක් තියෙනව නම් අපි මොකටද නිකන් ඇඩ් කිලික් කර කර කාලේ කා දමන්නේ. තමන්නේ දක්ෂතාවය අනුව කියක් හරි අමතරව හොයාගන්න බලන්න.


අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ මේ පිලිබදව මුලසිට සරලව කියලා දිපු iplusblog සහෝඅදරයට ගොඩාක ස්තුතිවන්ත වෙනවා.

10 comments:

  1. සපත්තුවත් බලලා ඇඩ් එකකටත් කෙටුවා දැනුම බෙදාගත්තට කාලගුණ සැලකීමක් විදියට

    ReplyDelete
  2. @all in one
    අදහස් දැක්වුවට ගොඩක් ස්තුතියි. ඒත් මම 3D කරපු සපත්තුවෙ තියෙනෙ තැන ලින්ක් එක දැම්මේ ඇඩ් ක්ලික් කිරිමක් බලාපොරොත්තුවෙන් නම් වෙවි. කොහොම උනත් තැන්කු...

    ReplyDelete
    Replies
    1. ane machan mata 3d karanna kiyala denna nettam egena ganne site ekak denna plzzzzz

      Delete
  3. සංතෝෂයි! මේ හා සමාන බොහොමයක් වෙබ් අඩවි හරහා මුදල් උපයන්න පුලුවන්. freelancer.com අඩවියත් ඉතාමත් හොද එකක්. odesk නම් ලේසි නැහැ තමයි!!

    ReplyDelete
  4. එළනෙ කොල්ලො .....

    ReplyDelete
  5. mamath salli hawwa ma uata thiyana web aken eganagena
    http://www.facecut.weebly.com

    ReplyDelete
  6. matat help karanna data entry job 1k set karaganna...

    ReplyDelete
  7. help karanna puluwanda data entry job 1k karanna matat..register unata wada ganna bane mata..teren na kohe hari aulak wenawa

    ReplyDelete
  8. thanks machan mata thawa visthra tikak kiyanawada? .... komada fiverr...Gigs ekaka hadaganne ...

    ReplyDelete
  9. ela ela.I like it. I earned 32$. Thanks..bro

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්