ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 28 October 2018

2020 එන්නේ වෙනම කෙනෙක්

ලංකාවේ පසුගිය දශක දෙකක විතර දේශපාලනය දෙස ආපස්සට බැලුවම 2020 ගැන මේ කෙනා කියන දේ ඇත්තක් වෙන්න පුළුවන්.

මොකද දැන් 1994 ගමු. චන්ද්‍රිකා ඇවිත් දිනයි කියලා කවුරුත් හිතුවේ නෑ. ඒත් ප්‍රේමදාස මැරුණා, ලලිත් ගාමිණි මැරුණා. චන්ද්‍රිකා දින්නා.

ඊළගට 99 දී කොටි බෝම්බය නැත්තන් චන්ද්‍රිකා පැරදිලා රනිල් දිනන සීන් එකක්ම තිබ්බේ.

2005 දීත් එහෙමයි. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා රනිල් එකක් සටනට. ඒ ආවත් රනිල් දිනයි කියලා හිතුවේ. හැබැයි මහින්ද ඇවිත් දින්නා.
2015 දීත් එහෙමයි. මහින්දට රැල්ල. මයිත්‍රී අන්තිම මාස දෙකේ එලියට ඇවිත් ජන්දේ දින්නා.

අපේ රටේ දේශපාලනයේ හැටියට අහම්බෙන් එන අය ජනාධිපති පුටුවට එනවද මන්දා.

දැන් කවුද හිතුවේ මහින්ද එක්ක මයිත්‍රී එකතු වෙයි කියලා. ඒ වගේ කැළඹීම් සහිත දේශපාලනික තත්වයක් අපේ රටේ තියෙන්නේ.

ඉදිරි දිනවල මොනවා වෙයිද කියලා බලමු.

ඒත් හැබැයි චන්ද්‍රිකා තරම් ජනාධිපති ධුර කාලයේ වැඩිම වසර ගානක් හිටපු කෙනෙක් තාම නෑ නේද?

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්