ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

youtube ගැන නොදන්නා කෙනෙක් දැන්නම් නැතුව ඇති. එත් ඔබට අවශ්‍ය වන විඩියෝවක් මේ හරහා ඩවුන්ලොඩ් කිරිමේදි මේ සදහා ඔබ යම්කිසි මෘදුකාංගයක් බාවිතා කරනවා ඇති නේද? එහෙත් මට නම් මේ youtube හරහා විඩියෝවක් බැමේදි ගොඩාක් ප්‍රශ්නවලට මුහුන දෙන්න උනා. මම මේ සදහා ගොඩාක් මෘදුකාංගත් බාවිතා කලා (Oribit downloder, youtube downloder වැනි) එහෙත් සමහර වෙලාවට මේ සොෆ්ට්වෙයාර් බාවිතා කලත් අදාල විඩියෝ එක බාගන්න බැරිවෙනවා. එත් බාගත්තත් සමහර විඩියෝ වැඩ කරන්නේ නැ.
මට මේක හරිම වදයක් වෙලයි තිබුනේ. මේ අතරයි අන්තර්ජාලයේ සැරිසරද්දි හම්බ උනේ online ඉදගෙන අවශ්‍ය විඩියෝ එක බාගන්න සයිට් වගයක්. එත් ගොඩාක් සයිට් වලින් අපිට අවශ්‍ය වැඩේ උනේ නැ. එත් ටොප් සයිට් එකක් මේ සදහා අහම්බෙන්වගේ හම්බ උනා. ඒ සයිට් එක තමයි catchvideo කියන සයිට් එක. මේකෙන් අපිට online ඉදගෙන අවශ්‍ය විඩියෝව format කිපයකින්ම බාගන්න අවස්තාව ලබා දෙනවා. youtube එකේ බාගැනිමට අවශ්‍ය විඩියෝ එකේ ලින්ක් එක ලබාදුන්නම අපේ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන්. මමනම් youtube Video බාන්න තාමත් බාවිතා කරන්නේ මේ සයිට් එක විතරමයි.www.catchvideo.net
දිගටම කියවන්න ->>

අද ලංකිය ඉතිහාසයට තවත් සුවිශේසි දිනයකි.ඒ කරුනු කිපයක් නිසාවෙනි. ඉන් ප්‍රදානම කාරනය වන්නේ දකුණේ අපට සිහිනයක්ව පැවති හම්බන්තොට වරාය අද යථාර්තයක් බවට පත්වු නිසාවෙනි. එහි පලමු අදියර අද උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතිනි. මිට වසර ගන්නාවකට ප්‍රථම ආණ්ඩු ගනනාවක්ම හම්බන්තොට හොද නාවික වරායක් බව දැන සිටියත් එහි වරායක් ඉදිකිරිමට සාක්‍යතා වාර්ථා සකස් කලා පමනි. එහි ඉදිකිරිම් ආරම්බ කිරිමටවත් කිසිම උනන්දුවක් ගත්තේ නැත. පසුගිය චන්දිකා ආණ්ඩුව කාලේ මට මතක විදියට රටවල් කිපයක් ලවාම සාක්‍යතා වර්ථා සකස් කරගෙන තිබුනත් ඒවා යථාර්ත බවට පත් නොවිනි. මම දකින විදියට අපේ රටේ කිසිම සංවර්ධන වියාපෘතියක් නොකල එකම නායිකාව චන්දිකාය. ඒ වසර 12 ඇය සිටින්නන් වාලේ සිටියා පමණි. එහෙත් වත්මන් ජනාධිපති යටතේ දැනටමත් මහා පරිමාණ වියාපෘති ගනනාවක්ම ආර්ම්බකර ඇත.
මේ රජයේ යම් යම් අඩුපාඩු ඇතත් මම අතිගරු ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාවන් අගය කරන්නෙකි. ඔහු රටට හෙට අවශ්‍ය දේ වර්ථමානයේ සිට දකින නායකයෙකි .... ඔබතුමාට සුභ උපන්දිනයක් වෙවා!
දිගටම කියවන්න ->>