ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
ලංකාවට මුල්වරට රියැලිටි T.V වැඩසටහනක් හදුන්වාදුන්නේ සිරස T.V නාලිකාවයි. දැන්නම් මෙය ලංකිය ටෙලිවිශනය තුල ප්‍රදාන ටිවි වැඩසටහනක් බවට පත්ව තිබේ. මෙය කොයිතරම්නම් ප්‍රචලිතද කියනවා නම් දැන් සතියේ දින හතේම වාගේ කුමන හෝ නාලිකාවක රියැලිටි වැඩසටහනක් පෙන්වයි. මෙය දැන් ලංකිය ප්‍රෙක්ෂකයන් හට බලෙන් ඇතුල් කරන්නට උත්සාහ දරන තත්වයකට පත්ව ඇත. ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප වන බාල ගනයේ මෙගා ටෙලි නාට්‍ය රැල්ල මෙන්ම , මෙම රියැලිටි කලාවද ලංකාවට හදුන්වාදුන් සිරස ආයතනයෙන් බිහිවු මෙම රැල්ල අනිකුත් නාලිකාද කිසිම හිරිකිතක් නැතුව , කිසිම ප්‍රමිතියකින් තොරවද ඉදිරිපත් කරන වැඩසටහන් නිසා ලංකිය ප්‍රෙක්ෂකයාගේ රසවින්දනයට මහත් තර්ජනයක් එල්ලවි ඇත. මේ වටා ප්‍රෙක්ෂකයන් රැස්වි ඇත්තේ එක්කෝ තිබෙන බුද්ධි මට්ටම නිසාද, එහෙමත් නැතිනම් බලන්න වෙනත් වැඩසටහනක් නොමැති නිසා ද?

දෙරණ ආයතනය මෙහිදි විශාල වැඩසටහන් මාලාවක් එක දිගට සංවිධානය කර තිබුනත් ,මොවුන්හට පෙන්විමට වෙනත් වැඩසටහන් නොමැතිද? එසෙත් නැත්නම් මෙම නාලිකාවල සිටින ප්‍රධානින් හට අලුත් ආරක වැඩසටහනක් නිර්මාණය කිරිමට තරම්වත් නිර්මාණ සක්තියක් නොමැති නිසාද මොවුන් එක දිගටම මෙවැනි රියැලිටි වැඩසටහන් කරන්නේ? ස්වර්ණවාහිනිය ගැනනම් ඉතින් කථා කරලා කුමටද? ඔවුන්ගේ රියැලිටි කලාව ගැන මුළු ලංකාවම දැන් හොදට දනි. එහෙත් අලුත් රියැලිටි වැඩසටහනත් (සිරස ඩාන්සින් ස්ටාර්ස් කොපිය) නරබන ඔනැම කිරිසප්පයකුට තෙරුම් යන දෙයක් ඇත. ඒ නම් ස්වර්ණවාහිනිය ගමන් කරනුයේ කොයිනටද කියා. නර්තනය ගැන සනත් ජයසුරිය දන්නේ කුමක්ද කියා අපි නොදනි. එහෙත් සනත්ගෙන් ක්‍රිකට් ගැන ඇසුවොත්නම් එය හරියට කිරිගහට පොල්ලෙන් ගැසුවා වැනිය. මේවගේ තමයි රෙජිනොල්ඩ් කුරේගෙන් දේශපාලනය ගැන අසනවට වඩා නර්ථනය ගැන ඇසිමත් , එවිට ඔහුගෙන් ලැබෙන සුකුමාල ලද බොලද පිලිතුරත් නිසා ඔහු වඩා ගැලපෙනුයේ දේශපාලනයට නොවන වග.... ස්වර්ණවාහිනියේ මෙවැනි පච වැඩ නිසා පල්වෙන්නේ තමන්ගේම නාලිකාව බව නාලිකා ප්‍රධනින් හොදින් සිහිතබා ගත යුතුය... දිගින් දිගටම මෙවැනි දේ සිදු වන්නේ නම් ලංකිය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට රියැලිටිම සරණයි !Click Here!
දිගටම කියවන්න ->>

ශ්‍රි ලංකාව යනු අසියාවේ අශ්චර්ය්‍ය යැයි කියන කථාව බොරුවක් නොවේ. අමුලික ඇත්තකි. මෙතරම් කුඩා රටක සිටින් ඇමති මන්ඩලය වෙනත් කිසිම රටක නොමැති තරම්ය. පුදුමයට කාරණාව මෙය නොවේ මේ ඇමතින්ට ලැබෙන වරප්‍රසාද ගැනය. අද මම ලියන්න යන්නේ අපේ රටේ ඇමතින්ට ලැබෙන සුර සැප ගැනය.
වර්ථමානයේ ඇමතිවරයකුගේ මුලික වැටුප රු 65 000කි. නියෝජ්‍ය ඇමතිකෙනෙකුගේ වැටුප රු 63 500කි.තවද ඇමති හා නියෝජ්‍ය ඇමති තනතුරු දැරු විට ලැබෙන විශ්‍රාම වැටුපද වැඩිය. සැම ඇමතියෙකුටම උපරිම වශයෙන් වාහන 03ක් පාවිච්චි කල හැක.(බොහෝ ඇමතින් වාහන 03කට වඩා පාවිච්චි කරති) අමත්‍යාංශය යටතේ තිබෙන වාහනද වැඩි හරියක් එම අමාත්‍යාංශය බාර ඇමතිට අවශ්‍ය වෙලාවට පාවිච්චි කල හැකිය. බස්නාහිර පළාත නියෝජනය කරන (කොළබ, ගම්පහ, කළුතර) ඇමතින්ට මෙන්ම නියෝජ්‍ය ඇමතින්ටද ඩිසල් වාහනයක් සදහා මාසිකව ඩිසල් ලිටර 500ක්ද , පෙට්‍රල් වාහනයක් සදහා පෙට්‍රල් ලිටර 600ක්ද ලැබේ. බස්නාහිර පළාතෙන් පිට ඇමති හා නි. ඇමතින් හට පෙට්‍රල් වාහනයක් සදහා පෙට්‍රල් ලිටර 750ක්ද, ඩිසල් වාහනයක් සදහා ඩිසල් ලිටර 600ක්ද ලැබේ. (මෙම දිමනාව එක් වාහනයක් සදහා පමණකි. වාහන 03ක් පාවිච්චි කරන නිසා මෙවැනි තුන් ගුනයක් ලැබේ) මෙවා ගෙවනුයේ මුදල් වශයෙනි. තවද ඇතැම් ඇමතින් හා නි. ඇමතින් මෙමෙ ඉන්දන දිමනාවට අමතරව තවත් ඉන්දන සදහා වියදම් ඌයේ යැයි පවසා බිල්පත් ඉදිරිපත් කරමින් මුදල් ලබාගනිතියි සමහරු චොදනා කරති.
මේයට අමතරව කාර්ය මණ්ඩලය සදහා ඇමතිකෙනෙකුට හා නි. ඇමතිකෙනෙකුට 15 දෙනෙකුගෙන් යුත් කාර්ය මන්ඩලයක් තබා ගත් හැක. පෞද්ගලික ලෙකම්වරයෙක්,සම්බන්දිකරන ලේකම්වරු දෙදෙනෙක්,මාධ්‍ය ලේකම්වරයකු,මහජන සම්බන්ධතා නිලධාරියකු,පෞද්ගලික සහකාරයකු,කළමණාකරන සහකාරයන් පස්දෙනෙකු,කාර්යාල කාර්ය සහයකයන් දෙදෙනෙකු,රියදුරන් දෙදෙනෙකු වශයෙන් මෙම කාර්ය මන්ඩලය සමන්විතවේ. කොහොමද වැඩේ. මෙන්න එහෙනම් මේ අයට ගෙවන පඩිනඩි විස්තරේ. පෞද්ගලික ලේකම්ට මාසිකව පෙට්‍රල් හෝ ඩිසල් ලිටර 240ක් ඉන්දන දිමනාවක්ද, සම්බන්ධිකරණ ලේකම්,මාධය ලේකම්,මහජන සම්බන්දතා නිලධාරි සදහා මාසිකව ලිටර් 218ක ඉන්දන දිමනාවක්ද ලැබේ. පෞද්ගලික ලේකම්,මාධ්‍ය ලේකම්,සම්බන්ධිකරන ලේකම් ,මහජන සම්බන්දිකරන නිලධාරි යන නිලඩාරින්ගේ මාසික මුලික වැටුප රු 22 500කි. පෞද්ගලික සහකාරයාගේ මුලික වැටුප 20 000කි. කළමනාකරණ සහයකයකුගේ වැටුප රු 12 800ක්ද ,කාර්යාල කාර්ය සහයකයකුගේ මුලික වෙටුප රු 11 750ක්ද, රියදුරකුගේ මුලික වැටුප රු 12 500ක්ද වේ. මේ අනුව ඇමතියකු හෝ නි.ඇමතියකුගේ කාර්ය මණ්ඩලයක් නඩත්තුවට මාසික වැටුප් ලෙස රු 245 000ක් වැයවේ. අතිකාල හා අමතර දිමනා නොමැතිව.
ඇමතිවරයකුට හා නි.ඇමතිවරයකුට නිල වශයෙන් දුරකථන 05ක් ලැබේ. කාර්යාලයට 02ක් ,නිවසට 02ක් හා ජංගම දුරකථනයක් වශයෙනි.කාර්යාල දුරකථන 02ක් සදහා උපරිමය රු 20000ක්ද, නිවසේ දුරකථන 02 සදහා රු 20000ක්ද ජංගම දුරකථනය සදහා උපරිම රු 10000ක්ද වශයෙන් මාසිකව රු 50000ක් දක්වා දුරකථන බිල්පත් වියදම් ලැබේ.මෙයට අමතරව ඇමති කාර්ය මණ්ඩලය සදහා දුරකථන 15ක් වෙන් කර ඇත. පෞද්ගලික ලේකම්ට,සම්බන්දිකරන ලේකම්වරු දෙදෙනාට,මාධය ලේකමට හා මහජන සම්බන්ධතා නිලධාරියාට තම තමන්ගේ කාර්යාලවලට එකක්, නිවසට එකක් හා ජංගම දුරකථනක් බැගින්ය. මේ සදහා මෙම දුරකථන 03ට පෞද්ගලික ලේකම්ට රු 6000ක උපරිමයක්ද අනිත් නිලධරින් දෙදෙනාට රු 5000 ක උඅපරිම දුරකථන බිලක් ලැබේ.
මිට අමතරව රජයේ නිල නිවාස නොමැති ඇමතියෙකුට හෝ නි. ඇමතියෙකුට රු 50 000ක ගෙවල් කුළි දිමනාවක් හිමිවේ. තවද මුද්‍රන කටයුතු හා කාර්යාලිය උපකරන සදහා තවත් මුදලක් ද වැයවේ. මිට අමතරව ඇමතිවරුන්ට ලැබෙන සන්තෝසම් මිටවඩා දහස් ගනනින් විශාලය...
ඉතින් මේ කාරනා සැලකිල්ලට ගෙන බැලුවහොත් අපේ රටේ ඇමතිවරයකු නඩත්තුවට රජය රුපියල් දශලක්සයකට වඩා වැඩි මුදලක් මාසිකව වැය කරයි..... ඉතින් මෙය ආසියාවේ ආශ්චර්ය්‍ය නොවන්නේද?..
(තොරතුරු : රිවිර පුවත්පත ඇසුරින්)
Click Here!
දිගටම කියවන්න ->>

පුදුම මතෘකාවක් කියලා හිතෙනවා ඇති නෙද? එත් බය වෙන්න එපා. මේ කියන්න යන්නේ අපේ රට් ගැන නම් නොවෙයි. ඉන්දියාව ගැන. අපි ජිවත් වෙන්නේ 21 වෙනි ශතවර්ෂයේ උනත් ඉන්දියානුවන් නම් තාමත් ඉන්නේ ගල් යුගයේ නේද කියලත් හිතෙනවා. මොකද ඉන්දියාව කියන්නේ තවමත් කුලවාදය අරක් ගෙන සිටින රටක්. ඉන්දියාවේ වගේ මිත්‍යදුස්ටිකයන් සිටින වෙනත් රටක් මුලු ලොකයේම නැතුව ඇති. තවමත් ඉන්දියාවේ සිටින පහත් කුලවල අයට ඒ කුලයට අයත් රාජකාරියක් ඇරෙන්න වෙනත් වැඩක් කිරිමේ නිදහස ඔවුන්ට නැහැ. විශේශයෙන් "දළිද්" කියලා පහත්ම කුලයක් විදියට ඉන්දියානුවන් හදුන්වන මෙම මිනිසුන්ට පැවරි ඇති කාර්යය වන්නේ වෙනත් මිනිසුන්ගේ වැසිකිළි පිරිසිදු කිරිම හා කුණු කාණු පිරිසිදු කිරිමයි. මෙම කුළයේ කිසිම කෙනෙකුට මෙම වැඩය ඇරෙන්න වෙනත් වැඩ කිරිම තහනම්. මෙම "දළිද්" කියන කුළයේ කෙනෙක් වෙනත් කෙනෙකු ස්පර්ශ කිරිමටවත් අවසරයක් නැහැ. කොටින්ම මෙම කුලයේ කෙනෙක් නොදැනුවත්ව හෝ වෙනත් කෙනෙකුගේ ඇගේ ස්පර්ශ උනොත් එම කෙනා හොදට නා පිරිසිඩු වෙනවා. විශේසයෙන්ම මෙම කුලයේ අයට වෙනත් අය යන කඩයකට පවා යැමට අවසර නැහැ. ඔවුන්ට අවශ්‍ය බඩු බාහිර ආදිය ස්පර්ශ කිරිමටවත් මොවුන්ට නිදහසක් නැ. අවශ්‍ය දේවල් කඩේ මුදලාලිට ඇගිල්ල් දිගු කර පෙන්විමෙන් පමනයි මිළදි ගත හැක්කේ. මෙන්න මෙවැනි සමාජ අසාධාරණයට ලක්වන පිරිස් තවමත් ඉන්දියාව තුල ජිවත් වෙනවා. කෝ මොවුන් වෙනුවෙන් පෙනි සිටින්න මානව හිමිකම් සංවිධාන, කෝ මොවුන්ට නිදහස ලබා දෙන්න කියලා හඩ නගන N.G.O's එහෙම කිසිම කෙනෙක් නැත. මෙවැනි මිනිසුන් කොයිතරම් නම් අසරණව තම ජිවිතය රැක ගන්නට වෙහෙසෙනවා ඇත්ද?

ඉන්දියාව ප්‍රජාත්‍රන්ත්‍රවාදි රටක් යැයි පම්පොරි ගැසුවත් මෙවැනි කාරණා නිසා ඇත්තටම ඉන්දියානුවන් තවමත් ගල් යුගයේ නෙද කියලා අපිට හැගෙනවා . මේ මම උදාහරනයට ගත් එක් නිදසුනක් පමණයි. තවත් උදාහරනයක් ලෙස ගංගා නම් ගග හා බැදි ඇති මිත්‍ය විශ්වාස . මිනිසෙකු තම ආත්මය පිරිසිදු කර ගැනිමට ගංගා නම් ගගෙන් අනිවාර්යෙන්ම දිය නැ යුතුලු. තවද ගංගා ගගේ ජලය ශුද්ධ වු ජලය ලෙසයි ඔවුන් පිලිගන්නේ. එහෙත් ගංගා නම් ගග තරම් අපිරිසිදු ගගක් මුළු ඉන්දියාවෙම නොමැති බවයි සමහර ඉන්දියානුවන් කියන්නේ. ඇස්දෙකට පෙනි පෙනි මිනි පාවෙනවා, එත් කිසිම හිරිකිතක් නැතුව ඒ තනින්ම මිනිසුන් දියනා පිරිසිදු වන අපුරුව කොයිතරම් නම් හාස්‍යජනකද?

Click Here!
දිගටම කියවන්න ->>