දෙරණ ආයතනය මෙහිදි විශාල වැඩසටහන් මාලාවක් එක දිගට සංවිධානය කර තිබුනත් ,මොවුන්හට පෙන්විමට වෙනත් වැඩසටහන් නොමැතිද? එසෙත් නැත්නම් මෙම නාලිකාවල සිටින ප්‍රධානින් හට අලුත් ආරක වැඩසටහනක් නිර්මාණය කිරිමට තරම්වත් නිර්මාණ සක්තියක් නොමැති නිසාද මොවුන් එක දිගටම මෙවැනි රියැලිටි වැඩසටහන් කරන්නේ? ස්වර්ණවාහිනිය ගැනනම් ඉතින් කථා කරලා කුමටද? ඔවුන්ගේ රියැලිටි කලාව ගැන මුළු ලංකාවම දැන් හොදට දනි. එහෙත් අලුත් රියැලිටි වැඩසටහනත් (සිරස ඩාන්සින් ස්ටාර්ස් කොපිය) නරබන ඔනැම කිරිසප්පයකුට තෙරුම් යන දෙයක් ඇත. ඒ නම් ස්වර්ණවාහිනිය ගමන් කරනුයේ කොයිනටද කියා. නර්තනය ගැන සනත් ජයසුරිය දන්නේ කුමක්ද කියා අපි නොදනි. එහෙත් සනත්ගෙන් ක්‍රිකට් ගැන ඇසුවොත්නම් එය හරියට කිරිගහට පොල්ලෙන් ගැසුවා වැනිය. මේවගේ තමයි රෙජිනොල්ඩ් කුරේගෙන් දේශපාලනය ගැන අසනවට වඩා නර්ථනය ගැන ඇසිමත් , එවිට ඔහුගෙන් ලැබෙන සුකුමාල ලද බොලද පිලිතුරත් නිසා ඔහු වඩා ගැලපෙනුයේ දේශපාලනයට නොවන වග.... ස්වර්ණවාහිනියේ මෙවැනි පච වැඩ නිසා පල්වෙන්නේ තමන්ගේම නාලිකාව බව නාලිකා ප්‍රධනින් හොදින් සිහිතබා ගත යුතුය... දිගින් දිගටම මෙවැනි දේ සිදු වන්නේ නම් ලංකිය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට රියැලිටිම සරණයි !
Click Here!
ස්වර්ණවාහිනිය නම් දැන් පට්ට චා. අර බුද්ධික කියන එකා තමයි ස්වර්ණවාහිනය කෑවෙ.
ReplyDeleteManda Buddika swarne kawa. anik ewath esemaya
ReplyDeletePCW