ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
මතෘකාව දැක්කමනම් හිතෙනවා ඇති නේද.. ඔන්න තවත් ඇඩ් කිලික් කිරිමක් ගැන කියන්න යනවා කියලා. ඒවා නම් බොරු වැඩ. ඇඩ් ක්ලික් කිරිමෙන් අපි නිකන් අපේ කාලය කා ඩැමිමක් විතරයි සිදුවෙන්නේ. මම අද කියන්න යන්නේ මම කොහොමද අන්තර්ජාලයෙන් මුදල් ඉපයුවේ කියලා.
මේකත් ලෙසි වැඩක් නෙවෙයි. අපි කවුරුත් කුමන හෝ දේකට දක්ශ ඇති නේ . අන්න ඒ දක්ෂතාවය මත තමයි අපි කොපමන මුදලක් උපයනවාද කියලා තිරනය වෙන්නේ. මම මුලදි නම් odesk එකත් එක්ක ඔට්‍ටු උනා. ඒත් මට තවම odesk හරහා නම් එකම ප්‍රොජෙක්ට් එකක්වත් අරගන්න බැරි උනා. එත් මම fiverr වලින් නම් මේ සති දෙක ඇතුලත $ 86ක් හෙව්වා. මේ පිලිබදව මුලින්ම කියලා දිපු iplusblog එක ලියන සහෝදරයට මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඔන, කිසිම දෙයක් හන්ගන්නේ නැතිව fiverr ගැන කියලා දුන්නට. මෙන්න මේ ලින්ක් එකෙන් iplusblog එකේ fiverr ගැන ලියපු ලිපි පෙල බලාගන්න පුලුවන්.
ඉතින් මම කොහොමද මේ මුදල් සෙව්වේ කියලා කියන්නම්. මම auto CAD හා 3D Design වලට දක්ෂයි. ඉතින් මම ipusblog සහොදරයා කියලා දිපු විදියට මගේ දක්ෂතාවය කියලා gig දෙක තුනක් හදලා මගේ fiverr accountඑකට ඇඩ් කලා. එත් ශතියක් විතර යනකම් කිසිම ඔඩරයක් නැතුවයි හිටියේ.
ඔන්න එක දවසක් ඔඩර් එකක් ඇවිත් තිබුනා. ඒකෙදි මට කරන්න තිබුනේ සපත්තු අඩියක් Auto CAD වලින් ඩිසයින් කරලා දෙන එක. මේක මට සිම්පල් වැඩක. මම විනාඩි ගනනාවක් ඇතුලත අදාල buyer දිපු උපදෙස් අනුව ඒක හදලා දුන්නා. ඒකට මට හා හා පුරා කියලා $ 4ක් ලැබුනා. මොකද අපිට$5ක් ලැබුනත් fiverr අඩවියට $1ක් කපාගන්නවා.

කොහොමින් හරි මේ buyer වැඩේ ඉක්මනට කරලා දුන්නට සැටිස් වෙලා, මගෙන් ඇහුවා මේ සපත්තුවේ 3D එක කරලත් දෙන්න පුළුවන්ද කියලා. මම මොකටද බැහැයි කියන්නේ මම හා කියලා වැඩේ භාර ගත්තා. මට මේකට සති 02ක් දෙන්නම් කියලත් කිව්වා. ඒ වගේම මේ වැඩේට මට $50ක් ගෙවන්නම් කියලත් කිව්වා. ඒ කිව්ව විදියටම මම දෙසැම්බර් 23 වෙනිදා බැඩේ කරලා බාර දුන්නා. මගේ පලමු වැඩේ නිසා මම කිව්වා මට $40k දෙන්න කියලා. මිනිහා $40 මගේ paypal එකට දාලා ඉදිරියටත් මාත් එක්ක ගනුදෙනු කරන්න කැමතියි කියලා මැසේජ් එකකුත් එවලයි වැඩේ complete කරේ.
මම Design කරපු සපත්තුව මෙතනින් බලා ගන්න පුළුවන්.ඊට පස්සේ එක පිට එක වගේ වැඩ ගලාගෙන ආවා. තාමත් වැඩ එනවා. ඉතින් මම කියන්නේ අපිට දක්ෂතාවයක් තියෙනව නම් අපි මොකටද නිකන් ඇඩ් කිලික් කර කර කාලේ කා දමන්නේ. තමන්නේ දක්ෂතාවය අනුව කියක් හරි අමතරව හොයාගන්න බලන්න. අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ මේ පිලිබදව මුලසිට සරලව කියලා දිපු iplusblog සහෝඅදරයට ගොඩාක ස්තුතිවන්ත වෙනවා.
දිගටම කියවන්න ->>

පසුගිය 25 වනදා ලංකාවේ ප්‍රදේශ කිපයකට බලපැ සුළන් තත්වය නිසා දැනට වර්ථාවන අන්දමට මරණ 17 ක් සිදුවෙලා තියෙනවා කියලා නිවුස් වලින් අහන්න ලැබුනා. ඇත්තටම අපේ රටේ තියෙන කාළගුණ විද්‍ය දෙපාර්තුමේන්තුවට මේ වගේ තත්වයක් ඇතිවෙන බව කල් ඇතුව දැන ගන්න ක්‍රමවේදයක් නැද්ද? එහෙම නැත්නම් මේ දෙපාර්තුමේන්තුවත් තවත් එක රාජ්‍ය දෙපාර්තුමේන්තුවක් පමණක්ද?
මේ පිලිබදව මට මතක විදියට නාසා ආයතනයත් ප්‍රවෘතියක් පල කරලා තිබුනාලු ලංකාවේ බස්නාහිර වෙරල කලාපයේ කුණාටු තත්වයක් ඇතිවෙන්න පුලුවන් බවට. මේ පිලිබදව අපේ ටෙක්කථා කරන කාලිංග අයියාත් ටිවිට් එකක් හැහුවලු මේ පිලිබදව අවදානයෙන් ඉන්න කියලා. ඇත්තටම අපේ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මේ පිලිබද සැලකිල්ලක් නොදක්වන්න හේතුන් මොනවාද කියලා වග කිව යුතු බලධාරින් සොයා බැලිය යුතුයි. නැතිවු ජිවිත 17 හා අතුරුදහන් වු පුද්ගලයින් 30 ගනනට හා විනාශ වු දේපල වලට කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැන් වග කියනවද?
මේ පිලිබදව අඩුම තරමින් ජනතාව දැනුවත් වෙලා හිටියනම් මේ ජිවිත හා දේපල හානිය ගොඩාක් දුරට අඩුකර ගන්න තිබුනා. අනේ ඉතින් මේ සිරි ලංකාවනේ කියලා අපිට හිත හදා ගන්න තමයි වෙන්නේ. කෝකටත් ඉතින් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉන්නේ "හෙට අපරභාගයේ දි හෝ සන්ධ්‍ය කාලයේදි දිවයිනේ ප්‍රදේශ කිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක" කියලා හැමදාම ගහන බයිලය ගහන්න විතරයිනේ. අනේ ඉතින් මේවගේ බයිලයක් ගහන්න කොයිතරම්නම් මහජන මුදලක් රජය මේ ආයතනය වෙනුවෙන් වැය කරනවාද? මේවයි ඉන්න නිලධාරිනුත්,බලධාරිනුත් මේවගේ දෙයක්වත් දැන ගන්න බැරුව ඉන්නේ ආයතන ඇතුලේ ඉදන් අල හාරනවද දන්නේ නැ.
ඔන්න මම එදා මගේ ෆොන් එකෙන් රෙකොඩ් කරපු විඩියෝවක් තියෙනවා.
මෙතනින් බලන්න
දිගටම කියවන්න ->>

මුලින්ම කියන්න ඕන මගේ ගාවතිබුනු මේ MF 100 ඩොන්ගලයක්. මට මේ unlock ගන්න ඔන කම තිබුනත් අන්තර්ජාලයේ අපේ සිංහල බ්ලොග් ලියන කිප දෙනෙකුම මේක අන්ලොක් කරන හැටි ලියලා තිබුනත් මම ඒ හැම ක්‍රමයක්ම අත්හදා බැලුවත් මට බැරි උනා මගේ ඩොන්ගලය අන්ලොක් කර ගන්න.
මොකද දිලා තිබුනු සමහර සොෆ්ට්වේයා නිසියාකාරව වැඩ කරේ නැ. codes දිලා තිබුනත් ඒත් හරියටම කරගන්න බැරි උනා. මම මේ ගැන හොයද්දි තමයි ඉන්දියන් බ්ලොග් එකක සොෆ්ට්වෙයා එකක් දිලා තිබුනේ මේ ඩොන්ගලය අන්ලොක් කරගන්නා ආකාරය. මමත් අත් හදා බැලුවා. එක පාරින්ම වැඩේ ගොඩ.
කරන්න තියෙන්නේ සරල ක්‍රම කිපයයි.
1. පලමුව මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
2.අන්තුරුව මෙහි ඇති dccrap file එක run කරන්න.
3. මේ dccrap file එක run කරන අතරවාරයේදි ඔබේ ඩොන්ගල් එකත් එක්ක ලැබෙන සොෆ්ට්වෙයා එක close කර තිබිය යුතුයි. (උදා: Dialog Manager)
4.අනතුරුව search බටන් එක ක්ලික් කරන්න. එවිට ඔබගේ මොඩමය auto detec කර ගනිවි.
5.ඉන්පසු unlocking ටැබය ක්ලික් කරන්න.
ඔන්න වැඩේ ගොඩ. දැන් ඔබේ pc එක රිස්ටාට් කර ඩොන්ගලයට වෙනත් සිම්පතක් දමා ගෙන කැමති නෙට්වර්ක් එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ද වන්න.

මෙමගින් 100% ක් සාර්ථකව ඔබගේ MF 100 ඩොන්ගලය unloack කරගත හැක.

දිගටම කියවන්න ->>

මුළු රටක්ම බලාපොරොත්තුවෙන් සිටි සුදු කොඩි නඩුවේ තින්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. සුපුරුදු පරිදිම මෙවරත් නිතිය ගැන තිබු අන්තිම විශ්වාශයත් නැතිවි ගියේය. විත්තිකාර ජනරාල් සරත් ෆොන්සේකා මහතා වැරදිකරු කරමින් ඔහුට වසරතුනක සිර දඩුවම් නියම කර තිබේ. එක් අතකට මේ තින්දුව ගැන පුදුම වෙන්නට දෙයක් නැත. මේ බලාපොරොත්තු වු තින්දුවයි. ඒත් නිතිය ගැන අන්තිම වතාවටවත් බලාපොරොත්තුවෙන් සිටි ය මුත් නිතිය සැම විටම පාලකයින්ගේ අවියක් බව සපථ කරමින්ම නිතිය පිලිබදව තිබු අන්තිම බලාපොරොත්තුවද නැතිවි ගොස් හමාරය.

ජනරාල් සරත් ෆොන්සේකා පත්තරයකට කියුවා යැයි කියන දෙයක් නිසා එතුමාට වසර තුනක සිර දඩුවම් දුන්නත් ප්‍රසිද්ධියේ මිනි මරන,කෝටි ගනනින් මුදල් වංචාකරන්නන්ට,පාතාල කෙරුමන්ට මේ නිතිය තුල මෙවැනි දඩුවම් නොමැත. ත්‍රස්තවාදයට සෘජුවම උදව් කල කුමරන් පදමනාදන්ලා අද සුර සැප විදින කොට, එම ත්‍රස්තවාදය විනාශ කිරිමට ලේමස් පුජා කල විරුවකුට හා විරුවන්ට අත්වන් ඉරනම මෙය නම්...අප රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන කුමන කථාද?
අඩුම තරමින් යුද්ධයට සක්‍රියව දායකත්වය ලබා දුන් කෙනෙකු සේ සලකා හෝ මෙවැනි දෙයකට මෙවැනි බරපතල තින්දුවක් ලබා දිම කොතරම් සාධාරණද? මේවා දේශපාලන කුහකකම්,බියගුළුකම්. නිතිය අතට ගෙන කරන මෙවැනි දේවල ජනතාව තව කොයිතරම කාලයක් ඉවසාවිද?
මේ ප්‍රශ්නය දෙස පාට කණ්ණාදි දාගෙන බලන්න එපා. අවුරුදු තිහක් පැවති යුද්ධයෙන් බැටකාපු අපිව නිදහස් කරපු විරයකුට සලකන විදියක්ද මේ. අද කරුණාඅම්මාන්ලා.කේ.පිලා,පිල්ලෙයන්ලා රජ මැදුරේ ඉදගෙන සුර සැප විදින කොට, ජනරාල් සිරගෙයි ඉදගෙන දුක් විදිනවා. අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ සලසපු මනුස්සයාව, ඒ මනුස්සයගේ දුර්වල පෙණහළු වලින්වත් නිදහස් හුස්මක් ගන්න බැරි වෙන විදියට හිරකරලා දාලා තියෙනවා. මේවා ස්වභාවධර්මයාවත් උහුලන්නේ නැති අපරාධ. නිතියෙන්වත් මේවාට පිලිසරනක් නොවැතිනම් අපි කා ගැන නම් විශ්වාස කරන්නද?
අධිකරණය මගින්ම මිනිමරුවන්,දුෂිතයින් වු පුද්ගලයින්ට එම සියළු වරදවල වලින් නිදෝස් කොට නිදහස් කර ජනපති සමාවක දෙන රටක හෙට දවස ගැන තිරණය ගැනිම ඔබ අප සතුය.. අපි තව දුරටත් කොදු බිදගත් නිවටයින් සේ ජිවත් වෙනවා ද?
(ප.ලි : හෙට අනිද්දම හයිවේ එක ඔපන් කරනවානේ. එතකොට මේ ඔක්කොම අමතක වෙලා යාවි. ඒක අපේ ජාතියේ හැටියක් නේ)
දිගටම කියවන්න ->>