ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 9 February 2010

විරුවකුගේ ඉරනම



විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරනයට ඉදිරිපත් වු විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සෙකා මහතා ඊයේ රාත්‍රියේ (08 වනදා ප.ව 10.30ට පමණ) යුධ හමුදා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ජනරාල් අත් අඩංගුවට ගැනිමට ප්‍රධාන හේතුන් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසන්නේ ජනාධිපතිට විරුද්දව කුමන්ත්‍රනය කිරිම, රාජකරි සමය තුල දෙශපාලනය, හමුදාව තුල බෙදිම් ඇති කිරිම ආදි කරුනු කිපයක් මුල් කර ගෙනය. ඇත්තේන්ම මෙම සිද්දිය අපි පිලිකුලෙන් යුතුව හෙලා දකින්නේමු. මේ රටේ දශක තුනකටත් වඩා වැදි කාලයක් පැවති කුරිරු ත්‍රස්ත්‍රවාදය අවසන් කිරිමට සක්‍රිය ලෙස දායක වු ජනරාල් සරත් ෆොන්සෙකා වැනි විරුවකුට මෙවැනි ආකාරයට සැලකිම කොතරම් නින්දිතද?
lanka News web අඩවිය සදහන් කරන ආකාරයට ජනරාල් අත් අඩංගුවට ගැනිමෙදි විරුද්දත්වය ප්‍රකාශ කිරිමේදි ඔහුව බිම දමා ඇදගෙන ගොස් වාහනයකට දමා ‍රැගෙන ගොස් ඇත.
වැඩි විස්තර


එමෙන්ම lanka truth වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට ජනරාල් අත් අඩංගුවට ගැනිමෙන් පසුව දෛනිකව ලබා ගන්නා ඖෂධ ඒ මහතාට ලබා දීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේපකර ඇති බව වාර්තාවේ.
මේ දේවල් කොයිතරම් නම් අසික්කිත වැඩද? යුද්ධය වෙනුවෙන් තම ජිවිතය ගැනද නොතකා තම රාජකරිය අකුරටම කරපු යුධ විරුවන් හට අයත් ඉරනම මේකද?
එහෙත් දළදා මාළිගාවට බොම්බ ගහපු, අරන්තලාවේ භික්සුන්වහන්සෙලා ඝාතනය කරපු අයට රජය සුර සැප සමග ආරක්ෂාවට අපේම හමුදාසෙබලූන් ලබාදෙන විට ත්‍රස්තයන්ට විරුද්ද උන යුධ විරුවන්ට ඔවුන්ගේ දිනපතා ලබා ගන්නා බෙහෙත් වේලවත් ලබා නොදි අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනිම කොතරම් සාදාරන දැයි ඔබම තිරනය කරන්න. අපේ රට ජාතිය වෙනුවෙන් හඩක් නගපු සැම විරුවෙකුටම අත්වන ඉරනම මේකද? .....

.

15 comments:

  1. මොනවා කරන්නද අපි ඉන්නෙ ලංකාවෙ, අපි දැක්කා , අපිට හිතෙන දෙ කරා. අවජාතකයින් ප්‍රසිද්ධීයෙ පිළිගන්නවා අපි අපරාධ කරා කියලා උන්ට හෙනවත් නැහැ. විරයින් කුඩු කරන්න ඔනා.

    ReplyDelete
  2. kiyala wadaka na. dan samahara aya arrest karapu eka sadaranikaranaya karanath kade yanawa.

    ReplyDelete
  3. This is the fate of Heros
    ill treated by Mahinda Rajapaksa Chanda Hora

    ReplyDelete
  4. ආණ්ඩුව ෆොන්සේකට බයෙ වෙව්ලනව මුං හීනෙනුත් බය වෙනව ඇති

    ReplyDelete
  5. lanka News web , lanka truth කියන්නෙ ITN රුපවාහිනි වගෙම ප්‍රොපෙර්ගන්ඩා යන්ත්‍ර දෙකක්. ඔයට ඊට විශ්වාස වන්ත ප්‍රබව හොයගන්න බෑරිද?

    ReplyDelete
  6. meka gotabayage wedak janadipathi sambanda ne mekata ae unata wede ketai api chande dunneth MR ta eth me wage pissu karanna newei. wate inna harak tika ain karanam ratata hodai

    ReplyDelete
  7. ඔක තමයි ඡන්දෙට කලින් ඉඩිඅමීන්ගෙ චිත්‍රපටි පෙන්නල හදනවයි කියපු අලුත් ශ්‍රී ලංකාව

    ReplyDelete
  8. This is the proof for that Sri Lankans are the most ungreatful nation in the world.This is only the start of Suba Anagathayak.who are the idiots voted for MR?

    ReplyDelete
  9. I know the person most happy about this news. Non other than Hon Prabhakaran.

    ReplyDelete
  10. පියා සිරභාරයට ගෙන ඇත.මව කඳුළු සලමින් වැලපෙයි.අවජාතක පුතුනි,ඇයි තොපි තවම නිහඬ????

    ReplyDelete
  11. විහින් කරගත්ත දෙයක්

    ReplyDelete
  12. මේ ලිපිය කියවන්න. ෆොන්සේකා මහතා අත්අඩංගුවට වීම යම් දුරකට සධාරණ බවක් මේ බ්ලොග් කරුවා කියනවා.

    http://subtlesl.wordpress.com/2010/02/09/sarath-fonseka-arrested/

    ReplyDelete
  13. මමත් පොදුවේ මෙම ක්‍රියාව නරකක් ලෙස දැක්කද?
    හමුදාවේ සිටින /සිටපු ඕනෑම අයෙකුට ඇති
    වගකීම් හරි හැටි තේරැම් ගැනීම මත රටක
    ආරක්ෂාව පවතී. මේක ගැඹුරු අර්ථවත් පැත්තක්

    ReplyDelete
  14. මමත් පොදුවේ මෙම ක්‍රියාව නරකක් ලෙස දැක්කද?
    හමුදාවේ සිටින /සිටපු ඕනෑම අයෙකුට ඇති
    වගකීම් හරි හැටි තේරැම් ගැනීම මත රටක
    ආරක්ෂාව පවතී. මේක ගැඹුරු අර්ථවත් පැත්තක්

    හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
    රටක හමුදාවක් සිටිය යුතුමය. හමුදාවක්තුල
    ඉතා ඉහලින්ම ඇති මුදුන්මල්කඩ ව්නයයි.
    විනය රැකීම හමුදාව හා බැදුනු සියල්ලන්ම කල යුතුය.
    It Must. විවිධ ගම්වල පලාත්වල විවිධ තරාතිරම්වල
    පුද්ගලයින් දහස් ගණනක් ගෙනත් මෙහෙම පුහුණුවක් ලබාදී
    එක් පරමාර්ථයකට යොමුකර පාලනය කිරීම විනය මක සිදු වන්නක්
    නැත්නම් එහෙම රට තියෙයි........

    ReplyDelete
  15. මමත් පොදුවේ මෙම ක්‍රියාව නරකක් ලෙස දැක්කද?
    හමුදාවේ සිටින /සිටපු ඕනෑම අයෙකුට ඇති
    වගකීම් හරි හැටි තේරැම් ගැනීම මත රටක
    ආරක්ෂාව පවතී. මේක ගැඹුරු අර්ථවත් පැත්තක්

    හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
    රටක හමුදාවක් සිටිය යුතුමය. හමුදාවක්තුල
    ඉතා ඉහලින්ම ඇති මුදුන්මල්කඩ ව්නයයි.
    විනය රැකීම හමුදාව හා බැදුනු සියල්ලන්ම කල යුතුය.
    It Must. විවිධ ගම්වල පලාත්වල විවිධ තරාතිරම්වල
    පුද්ගලයින් දහස් ගණනක් ගෙනත් මෙහෙම පුහුණුවක් ලබාදී
    එක් පරමාර්ථයකට යොමුකර පාලනය කිරීම විනය මක සිදු වන්නක්
    නැත්නම් එහෙම රට තියෙයි........

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්