ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 26 February 2010

කාගිල්ස් ෆුඩ් සිටි හා මතට තිත.




පහුගිය දවසක සිංහල් බ්ලොග් අඩවියේ සැරිසරන විට දු‍ටුවා එක් ලිපියක්..එහි සදහන් වෙලාතිබුනේ Cargills Food City එකේ මත්පැන් විකුනන කවුන්ටරයේ මත්පැන් විකිනිම සදහා කාන්තාවන් යොදාඇති බවක්ය.( මතක විදියට ගම්පහ ෆුඩ්සිටියේ එත් මෙක ගම්පහට විතරක් සිමෞන දෙයක් නෙවි. මමත් කිහිප තැනකදි දැක්කා. මාතර,කොළබ ආදි) අප රටේ ප්‍රධාන පුරවැසියා වන ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති එක් පොරොන්දුවක් නම් "මතට තිත" සංකල්පයයි. සාරධර්ම සුරකින සමාජයක් බිහිකිරිමට නම් මුලික වශයෙන් මත්පැන් හා එහි අලවියට සිමා පැමිනවිය යුතු බව රජයත් පිලිගන්නවා. එහෙත් එවැනි මතට තිත වැඩපිලිවලක් තිබෙද්දිත් අප රටේ සුපිරි වෙළද සැල් වල මෙම ආකාරයට මත්පැන් විකිනිම සදහා කාන්තාවන් යොදා ගැනිම කොතෙක් දුරට සදාචාර සම්පන්නදැයි තිරනය කිරිම ඔබ සතුයි. .... මෙවැනි සුපිරි වෙළද ආයතන හිතු හිතු ආකාරයට අපරටේ සදාචාරය හා සංස්කෘතිය විනාශකිරිමට ඉඩදි බොරුවට මතට තිත වැනි සංකල්ප ක්‍රියාවට නැංවිමට යැම විහිලුවට කරුනකි. අප රටේ ඕනැම සුපිරි වෙළද සැලකට ගොඩ වු විට මත්පැන් කවුන්ටරය ලග දිගු පොලිම් දැකගත හැකිවිම සුලබ දසුනකි.

විශේසයෙන් මෙහිදි තවත් කරුනක් සදහන් කල යුතුය. Cargills Food Cityය ගැන සදහන් කෙරුනු නිසා මේ කරුන අනිවාර්යයෙන්ම සදහන් කල යුතුය. මෙම ආයතනය තුල වැඩිපුර සේවය කරනුයේ අවු 20ත් 30ත් අතර වයසේ තරුණ තරුණියන්ය. විශේසයෙන්ම කාර්ගිල්ස් ෆුඩ් සිටියේ මුදල් අයකරන කවුන්ටර් වල සේවය යොදවා ඇත්තේ කාන්තාවන්ය. මා දැනගත් ආකාරයට මොවුන් අනිවාර්යයෙන්ම දිනකට පැය 15ටත් වඩා වැඩකල යුතුව ඇත. (7.00 a.m to 10.00 p.m) නමුත් සමහර food city රාත්‍රි 10 ට වැසුවත් counters වල ඉන්න කාන්තාවන් එහි එදිනෙදා ගිණුම් කටයුතු වාර්තා තබා ඉන් පිටවන විමට තවට් පැය 1ක් එකහාමරක් ගතවන බවද එවිට මොවුන් දිනකට පැය 16ටත් වඩා වැඩකරනු ඇත. නමුත් මුවුන්ගේ In Out සටහන් වනුයේ 7.00 - 10.00 ලෙසටලු. නමුත් මෙහිවැඩ කරන තරුණයින් සමහර දිනවලට පැය 24 ටත් වඩා වැඩි කාලයක් වැඩ කරනවලු.
මෙය මොවුන්ට කරන බලවත් අසාධරණයකි. එහෙත් මොවුන්ගේ වැ‍ටුප කවදාවත් රුපියල් දහදහසේ සිමාව පනින්නේ කලාතුරකින්ලු.

අප රටේ මානව හිමිකම් ගැන කතා කිරිමට ඕනැතරම් අය සිටි. එහෙත් මම පෞද්ගලික අංශයේ වැඩකරන සේවක සෙවිකාවන්ගේ අයිතින්ගැන කතාකිරිමට කවුරුත් ඉදිරිපත් නොවෙති. ඇගලුම් කෙෂ්ත්‍රය තුල මේ තත්වය මිටත් වඩා බරපතලය. ඔවුන් ගැන සලකන්නේ හරියට ඔවුන් මැෂින් කියා සලකාය. මොවුන්ගේ මෙම දහඩිය මහන්සියට සරිලන වැ‍ටුපක් මොවුන් හට ලැබෙනවාද?...........එහෙත් රජයේ සේවකයරු දිහා ඔරවා බැලුවත් ඇති වැඩ වර්ජනයක් කර ඉලිම් දිනා ගැනිමට. එහෙත් පුද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට ලැබිය යුතු අයිතින් ලැබෙනුයේ කවදාද?....

12 comments:

  1. මාත් ඔය කතාව අහල තියෙනව.

    ReplyDelete
  2. සහතික ඇත්ත ඇගලුම් කර්මාන්තයේ ඕක ඉතාම බරපතලයි බල්ලොන්ගෙන් වගේ වැඩ ගන්නේ පව් ඒ ළමයි. උන් මහනවා මහනවා ඉවරයක් නැ වතුර ටිකක්වත් බොන්න බැ අපේ රටට විදේශ වින්මය සොච්චමයි එන්නේ වැඩිම හරිය පිටරටට අපේ එවුන් මැහුවට සල්ලි යන්නේ පිටරටට ඔය කවුරුත් ඕවට කතාකරන්නේ නැ අපේ රටේ තරුන පරපුර පුලුවන් දවසක ඇවිල්ලා බලන්න ඒ ළමයි විදින දුක ඇත්තමයි ඇස් වලට කදුලු එයි.

    ReplyDelete
  3. වැඩකරන කාලයට නිසි වැටුප සහ අතිකාල ගෙවිය යුතුයි. නමුත් අවුරුදු 20, 30 දී දවසට පැය 16 ක් වැඩ කරන්න බැරි නං එහෙම වැඩ කරන්න හිතන් ඉන්නේ නාකි වෙලාද?

    කකා

    ReplyDelete
  4. @කතන්දර කාරයා.
    මම කියන්නේ නැ තරුනකාලේ දවසකට පැය 16 ක් වැඩකරන්න එපා කියලා. නමුත් ඒ ළමයි කරන වැඩ වලට ඔවුන්ට සරිලන වැ‍ටුපක් නොලැබෙනවා නම්... පව් නේද එ අසරණයින්ගේ දහඩිය කදුලු.....

    ReplyDelete
  5. @කතන්දර කාරයා
    "නමුත් අවුරුදු 20, 30 දී දවසට පැය 16 ක් වැඩ කරන්න බැරි නං එහෙම වැඩ කරන්න හිතන් ඉන්නේ නාකි වෙලාද?"

    ඔයා එහෙමද ඒකාලෙ වැඩ කරේ....
    හොඳ බූරුවා. මහන්සිවෙලා වැඩකරලා..

    ReplyDelete
  6. මේ සම්බන්ධයෙන් මගේ අදහස: මේ කියා ඇති කරුණු මීට වඩා විධිමත් ලෙසට සනාථ කළ හැකිනම් මේ ලිපිය තවත් වටිනවා. (මාසික වේතන සටහනක පිංතූරයක් වැනි යමකින්)පුද්ගලික අංශයේ මෙවන් පීඩිත සේවකයින් ගැන කතා කරන එක ගැන ඉතාම වටිනවා.

    ReplyDelete
  7. හරියට හරි මෙතන තමයි තැන, දුප්පත් ලස්සන කිපදෙනෙක් ව සෙට් කරගෙන මහත්වරු ලක්ෂ ගනන් උපයනවා උන්ට සොච්චමයි....

    මම ට්‍රෙනින් කරපු තැන ලංකා වෙ ලොකුම තැනක් ලු. එකෙ ඇතුලෙ එක අයිටම් එකක් හදන්න 350$ යනවා එක විකුනන්නෙ අතරමැදියෙක් හරහා වෙළදපොලට එවගෙ 7 ගුනයකටත් ඉහල මිලකට. එ උනත් අර අහින්සක මිනිස්සු දහාපහලොස් දාහකට මැරෙනවා දවසම. උන්ගෙ මොලවලට රටෙ ඉන්න ප්‍රසිද්දම තෙල් කාරයෙ ටික ගෙන්නලා තෙල් ගහනවා හැමදාම. හැබැයි එ සමාගම රට ඇතුලෙ හැමතැනම ව්‍යාප්ත වෙනවා. සල්ලිත් හොදට තියනවා. හැබැයි මිනිස්සුන්ගෙ මොලෙ හොදලා අඩුවට වැඩ අරගෙන සුද්දන්ට කබුරන එක නොකර මිනිස්සුන්ට නියමිත මුදල ගෙවන එක රට හොදයි කියලා ඉහල පාලනයට හිතෙන්නෙ නැහැ කවදාවත්....සුද්දො උන්ගෙ කොම්පැනි අරන් අපෙ රට වලට එන්නෙ.. අපෙ රටට ආදරෙට නෙමෙ කියන එක තෙරුම් ගන්න ඔනා. උන්ට එන්න දෙන්න ඔනා. හැබැයි උන්ගෙ රටෙ 100 $ කරන්න පුළුවන් දෙ මෙහෙ 10$ කින් කරන්න දෙන්න හොද නැහැ. එකට පාලනයක් තියන්න ඔනා.. මට දුක අපි ආචාර්‍ය වරු , දෙශ්ප්‍රමින් කියලා හිතන් ඉන්නෙ කබ්බො මෙ විදෙශ කුමන්ත්‍රනය අදුනගන්නෙ නැතුව උන්ට කියක් හරි හම්බවෙන නිසා... අපි ට්‍රෙනින් කරන කාලෙ අපිටත් තෙල් ගහන්න ආවනෙ.

    පැය 38 තමුන් වෙනුවෙන් එක දිගට මම වැඩකරලා තියනවා. මම හැබැයි එක පඩියට නම් කවදාවත් කරන්නෙ නැහැ.

    ගෙවනවනම් හරියට කරන්න... නැත්නම් එපා. තමුන්ගෙ දෙයක් නම් හරියට කරනවා.....
    ලොක්කෙක් ඇවිල්ල මානසික අල්ලස් දුන්නට ගන්න යන්න එපා කියලයි කියන්නෙ..

    ReplyDelete
  8. සමහරු දැන් හිතන්නේ ඉපදිලා තියෙන්නේ පැය 16ක් හෝ ඊටත් වැඩිය @කතන්දර කාරයා ...
    යන්තරයක් වගේ වැඩ කරන්නයි කියලා. අනේ අම්මපා මිනිස්සු මෙ කොහාටද යන්නේ.
    හුස්මක් ගන්න නැති, නිදහසේ ජීවත් වෙන්න නැති, රැයක් දවාලක් නැති, යාන්ත්‍රික මිනිස් ගොඩට වැටෙන්නයි හුගාක් අය කැමති.
    නොදන්නා අනාගතයක් වෙනුවෙන් උවමනාවටත් වඩා වන්දි ගෙවන මිනිස්සුන්ට කියන්න සුදුසුම වචනේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් අන්න ඒ නම කතන්දරකාරයාට ආමන්ත්‍රණය පිණිස යොදා ගන්න.

    ReplyDelete
  9. මගේ ඥාති සොයුරියකුත් ඉන්නවා කාර්ගීල්ස් එකේ.
    ඒකිත් කොයි වෙලේ බැළුවත් වැඩ. ඒකි හම්බ වෙන්න නම් යන්න ඔනේ රෑ 12ට විතර තමයි.
    දෙර ඉන්න ටිකේත් පෝන් එකෙන් වැඩ.

    ReplyDelete
  10. samahara Food city Wahanne ra 11ta. eke Wada Karana Aya yane Etath Payakata Passe Kiyana Kathawa Mama Dakala Theyanaea.

    ReplyDelete
  11. පුද්ගලික අංශයේ වැඩකරන අහිංසක ජනතාව ගැනතමයි අපි වැඩි පුර කතාකරන්න ඔන. මොකද ඔය රජයේ වැඩකරන රජයේ සමහර හොර සේවකයින් උන්ගේ වෘත්තිය අයිතින් කියලා ඉල්ලන අසාධාරණ ඉල්ලිම් නිසා අහිංසක ජනතාවගේ වැඩකටයුතු තමයි කරගන්න බැරි වෙන්නේ. උදා: විදියට රෝහලක් ගත්තොත්. මුන්ගේ හිතුවක්කාර ස්ට්‍රයික් කිරිල්ල නිසා මිනිසුන් කිදෙනෙක් නම් ජිවිත වලින් වන්දි ගෙවනවද? එත් පුද්ගලික අංශයේ සේවකයින් කොයිතරම් නම් අසරණද? මේවාට රජය වගකියන්න ඔන

    ReplyDelete
  12. @ මාරයාගේ හෝරාව s


    මම කලිනුත් comment කරල කතන්දර කාරයට සුදුසු නම කිව්වා ඔය දැකල නැතුව ඇති.
    ***************************
    "Anonymous said... @කතන්දර කාරයා "නමුත් අවුරුදු 20, 30 දී දවසට පැය 16 ක් වැඩ කරන්න බැරි නං එහෙම වැඩ කරන්න හිතන් ඉන්නේ නාකි වෙලාද?"
    ඔයා එහෙමද ඒකාලෙ වැඩ කරේ....
    හොඳ බූරුවා. මහන්සිවෙලා වැඩකරලා..
    "
    ****************************
    කමක් නෑ රටකට මේ වගේ බූරුවො ගනනකුත් ඉන්න එපැයි. අන්ත්තම් කොහොමඩ රටක් දියුනු වෙන්නෙ? එතකොට අනෙක් අයට (ජීවිතය විඳවන අය නෙමේ විඳින අයට ) නිවිහැනහිල්ලෙ ඉන්න පුලුවන් මොකද හොඳ බූරුවො ටික බර අදිනවනෙ ඒගොල්ලන්ටත් එක්ක. මාරයා දැකල නැතුව ඇති සුදුසු නම මම කලින්ම කතන්දරකාරයට දැම්මා.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්