ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 7 February 2010

Mega Stars




Mega Srars නොහොත් ගොනාට ඇන්දවිම.
ස්වර්ණවාහිනියේ යනවා Mega Srars කියලා වැඩසටහනක්. යාළුවො කිව්වා බලන්න පට්ටම Fun දෙනවා කියලා. මොකද එකේ විනිශ්චමණ්ඩලයේ කවුරුත් දන්න කියන මැරවිනුත් ඉන්නවා කියලා. ඉතින් කෝකටත් කියලා මමත් වැඩසටහන් දෙක තුනක් බැලුවා. බලනකොට තමයි පට්ට... මැරවින්ගේ විනිශ්චය තමයි කියාපුම විනිශ්චය. මෙලො බල්ලේකුට අහන් ඉන්න හිතෙන්නේ නැති වැල්වටාරම් ටිකක් කියනවා.(හැබැයි කියන්න ඕන දේ මුනටම කියනවා).
මෙහෙම බලන් ඉදිද්දි තමයි stars ලාගේ වැඩ පෙන්නනේ. සමහරු නම් හොදයි. එත් සමහරු සිංදුකියනකොට කකුල් උඩ තියන් තමයි ඉන්න වෙන්නේ.

එත් ඉතින් Mega Stars එකේ වැදගත්ම දේ තමයි සිංදු කියන්න පුලුවන් අය කැපිලා යද්දි වැඩබැරි ටාසන්ලා ඇතුලේ පොරවල් විම. ඕං මේ සතියෙත් එහෙම වැඩබැරි ටාසන් ලා ඇතුලේ ඉන්දවලා තරමක් හෝ වැඩ දන්න කෙනෙක්ට ඉවත් වෙන්න උනා. ...
ඔවා ඉතිං ඔහොම තමයි. ස්වර්ණවාහිනියේ වැඩක්නේ...... අනේ මෙවාට වියදම් කරන සල්ලිවලින් බල්ලන්ට අප්ප අරන් දුන්නනම් මිටවඩා පිං සිද්ද වෙනවා.....

5 comments:

  1. මේ රටේ මිනිස්සු, තනිකර කෙළින්නෙ පිස්සු......

    ReplyDelete
  2. ස්වාර්වාහිනියත් දැන් හොදට sex විකුනන් කනවා එය සල්ලි දුප්පත් ඉස්කොලෙකට දුන්නනම් කොච්චර දෙයක්ද?

    ReplyDelete
  3. ඕව බලන අපිටත් ගහන්න ඕනි අර මොකක්ද එකෙන්

    ReplyDelete
  4. @ Anonymous
    මෙවා ජාතික අපරාධ. අද රටේ කිදෙනේක් ඉන්නවද එදා වේල කොහොම හොයාගන්නද කියලා. මේ stars වැඩේ මුලින්ම පටන්ගත්තු සිරස තමයි මේවාට වගකියන්න ඕන.

    ReplyDelete
  5. මම නම් ඕක බලන්නේ සෙනසුරාදා එක විතරයි.. ඉරිදට මොකෝ වෙන්නේ කියන එක මට වැඩක් නෑ.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්