ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 27 March 2011

ලිබියාව සහ ඇමරිකාව.....


දැන් ලොකයේ වැඩිපුරම කතාබහට ලක්වෙන රටලෙස ලිබියාව අවිවාදයෙන් සදහන් කල හැකිය. ලිබියාවේ දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද කියා මුළු ලොකයාම ඇස් ඇරගෙන බලා සිටියි. ලෝක පොලිස්කාරයා වන ඇමරිකාවේ හා ඊට පක්ශපාති රටවල් ලිබියාවට එරෙහිව කරනු ලබන මෙම යුද්ධය පිලිබදව යම් යම් මතවාද ගොඩනැගි තිබුනත් මෙහි ඇත්තටම සිදුවන්නේ කුමක්ද? ඇමරිකාව මේ උත්සාහ දරන්නේ තවත් ඇෆ්ගනිස්ථානයක් එහෙමත් නැතිනම් ඉරාකයක් නිර්මාණය කිරිමට මාන බැලිමද?


ටියුනිසියාවෙන් ඇරබි මැද පෙරදිග ජනතානැගිටිම ඊජිත්තුව,බහරේනය,යේමනය,ජෝර්දානය,තුර්කිය, ඉරානය වැනි මැදපෙරදිග රටවල් කරා කෙමෙන් වියාප්ත විය. එහෙත් එම විප්ලවයේ අවසානය ලිබියාවෙන් සිදුවේවිද?
ලිබියාවට කරන දෙය බහරේනයට කිරිමට ඇමරිකාව ප්‍රමුඛ මෙම යුරෝපිය රටවල් මැලිවන්නේ ඇයි. හේතුවක් ඇත. බහරේනය ඇමරික්න් හිතවාදි රටකි. ඇමරිකන් බහුජාතික සමාගම් වලට අවශ්‍ය ආකාරයට බහරේනයේ ඇති තෙල් ටික ලබා ගැනිමට පුළුවනි. නමුත් ගඩා‍ෆි යනු ඇමරිකන් විරෝධියෙකි. ඇමරිකාවටවත් ඇමරිකන් බහුජාතික සමාගම් වලටත් අවශ්‍ය ආකාරයට ලිබියාවේ තෙල් ටික ලබා ගත නොහැක. මෙතන ඇති ප්‍රධාන සාධක ය වනුයේ මේ තෙල් ටිකයි.
තවද ඇල්ජිරියාවේ සිට නයිජිරියා දක්වා තෙල් නල මාර්ගයක් නිර්මාණය කිරිමට ඇමරිකාව සුදානම් ව සිටියත් එයට ගඩා‍ෆි විරුද්දවිය. මෙයද එක් හේතුවක් වුවා විය හැකිය. එහෙත් පුදුමයට කාරණාව නම් දින දෙක තුනක් ඇතුලත ලිබියාවට පහරදිම සදහා මෙවැනි හමුදාවක් හා අවිආයුධ සුදානම් කිරිමයි. ඉරාකයට පහර දිමට ඇමරිකාව සුදානම් වුයේ එක්දහස් නවසිය අනු ගනන්වල සිටයි. එසේ නම් ලිබියාවට පහර දිමද දිර්ඝකාලින සැලසුමක ප්‍රතිඵලයක් විය හැකිය.

අද එක්සත් ජාතින්ගේ සංවිධානය හා මහලේකම් ඇමරිකන් රුකඩයක් වි ඇත. ඇමරිකානු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම හා ඇමරිකාවට අවනත නොවන රටවල් වලට අතපෙවිම මෙහි මුලික කාර්ය්‍යය වි ඇත. ඊශ්‍රයලය පලස්තිනයට හා ලෙබනනයට පහරදෙන විට ඇමරිකාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය නිහඩ ප්‍රතිපත්ති අනුගමනය කලත් මෙවැනි ඇමරිකන් විරෝධි රටවලට කිවිසුමක් ගියත් ඇමරිකන්කාරයෝ අවි අමෝරාගෙන ඒ රටවල් වලට පහර පිට පහර දෙයි.
මෙයින් පෙනි යන එක් සත්‍යක් ඇත. එනම් ඇමරිකාවට පක්ෂපාතිව හා ඇමරිකන් මතයට එහෙයි කියාගෙන ඉන්නා රටවල් වලට ඉදිරියට යා හැකි උනත් එම මතයට විරුද්ධ වන රටවල් වලට සිදුවන ඉරනම මෙය බවත්ය.......

2 comments:

  1. මොනවා උනත් ලිබියාවට ගහපු එක හොදයි.කව්රු තෙල් ගත්තත් කමක් නැහැ. මොකද ලිබියාවෙන් කියලා ලංකාවට අඩුවට තෙල් දෙන් නැහැනේ

    ReplyDelete
  2. ගඩාෆි තමන්ගේ රටේ වැසියන්ට බෝම්බ දාල මරද්දී නිහඩව හිටපු ගොඩක් අයට ගඩාෆිට තමන් කරපු පව්වලට වන්දි ගෙවන්න වෙනකොට හරි අමාරුයි. මොකද ජන්මයෙන්ම එන බටහිර විරෝධය සහ මේ සිද්ධිය පටලවා ගැනීම.

    ගඩාෆි වගේ ම්ලේච්ඡ ඒකාධිපතියො කාගේ හරි අතින් මට්ටු වෙන එක හොදයි මොකද අදටත් ජනතාව පාගගෙන ඉන්න සහ ඉදිරියේ දි බිහිවෙන්න හිතාගෙන ඉන්න ඒකාධිපතියන්ට ඒක රතු එළියක් වන නිසා.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්