ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 29 March 2011

දිලේ අපේ තරු ආයේ...ආයේ..


ඔන් අපි අයේත් ලෝකශුරතා අවසාන මහා තරගයකට තේරුණා. ලෝක කුසලානය පිළිබද අපේ තිබුනු හිනය ආයේත් අළුත් වෙන්නයි යන්නේ. අද නවසිලන්තය සමග තිබුණු තරගය අපිට ලේසියෙන්ම දිනාගන්න තිබුනත් අනවශ්‍ය පිඩනයක් සමග ජයග්‍රහණය කිරිමට සිදු වුයේ මැදපෙල පිතිකරුවන්ගේ තිබුන යම් යම් දුර්වලතා නිසයි. චාමර සිල්වා පන්දු 25කට ලකුණු 13ක් ලබා ගත්තත් පිතිකරනයේ තිබුනු දුර්වලතා හොදින් ඉස්මතු වි තිබුනා. බැරිවෙලාවත් අපි ලකුණු 100කට විතර කඩුළු තුන හතරක් ගිහින් තිබුනනම් ..... මැතිව්ස් වෙනදා වාගෙම පිඩනය හා ශරීරික දුර්වලතාද මගහැරගෙන ක්‍රිඩා කල විලාශය නම් අපුරුයි. 47 වෙනි ඕවරයේදි ඔහුගෙන් ලැබුනු හයේ එකයි හතරේ එකයි නිසා තමයි ප්‍රරෙසර් එක රිලිස් උනේ.. කොහොමින් කොහොමහරි දිල්ශාන්ගෙයි සංගගෙයි පට්නර්ෂිප් එකතමයි අපිට මේ තරගෙ දිනන්න උදව් උනේ. ෆයිනල් එකේදිවත් මහේල හොදින් සෙල්ලම් කරයි කියලා හිතනවා. තරංගත් අහක යන බොල වලට බැට් එක දාලා අවුට් නොවි හොදින් සෙල්ලම් කරොත් වර්ඩ් කප් එක අපෙන් උදුර ගන්න කාටවත් බැ. මුරලි ෆයිනල් මැච් එකට සෙල්ලම් කරාවිද ?
ඔහොමින් කොහොමහරි අපේ සිංහයන්ට සුභපතනවා ලොක කුසලානය අපේ රටට ගෙන්න ශක්තිය ලැබේවා..... කියලා
World Cup 2011 SL by ahamednishadh

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්