ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 29 October 2011

I want to believe ලොව නොවිසදුනු අභිරහස්....




සුප්‍රසිද්ධ X-Files

කථා මාලාවේ ෆොක්ස් මොල්ඩර්ගේ ඔපිස් කාමරයේ තියෙන පියාබන පිරිසියක් ඇති ජායාරුපයේ මෙවැනි වදනක් තිබෙනවා x-files බලපු හැමෝම දැකලා ඇති (පහල රුපයේ). එත් ලොකේ සමහර දේවල් තිබෙනවා තවමත් විශ්වාස කිරිමට හෝ නොවිසදුනු අභිරහස් විදියට තිබෙන. මමත් ආසයි මෙවා ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්න.ඔය පියාබන පිරිසි ගැන උනත් උනන්දුවක් ඇති උනේ x files කථාමාලාව නිසානේ. එහෙනම් මෙන්න මගේ ලිස්ට් එකේ තියෙන නොවිසුදුන අභිරහස් ටික.මටත් ඕනි මේවා විශ්වාස කරන්න..එත්

බර්මියුඩා ත්‍රිකෝණය
මිසරයේ පිරමිඩ
යෙටි නොහොත් හිමාලයේ හිම මිනිසා
දියකිදුරියෝ (Mermaid)
තරු දොර‍ටු (Star Gate)



බර්මියුඩා ත්‍රිකෝණය

අදටත් මුළු ලොකයටම අගිරහසක් වෙලා තිබෙන මේ බර්මියුඩා ත්‍රිකෝනය ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි,බර්මියුඩා හා කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ යාකරමින් පිහිටි ත්‍රිකෝණාකාර ප්‍රදේශය වේ. මෙයට යක්ෂයාගේ ත්‍රිකෝනය ලෙසද හදුන්වනු ලැබේ. මෙහි ඇති සුවිශේසත්වය වන්නේ මේ හරහා ගමන් කරපු නැව්,ගුවන් යානා , බෝට්‍ටු ආදිය කිසිම හොඩුවාවක් හෝ නොමැතිව අතුරුදහන් විමයි. පසුගිය සියවස ඇතුලත නැව් 50ක් ගුවන් යානා 20ක් පමණ අතුරු දහන්වි ඇති බව නිල තොරතුරු අනුව සදහන් වේ. මේ ප්‍රදේශයේ පවතින චුම්බක විචලනයද සුවිශේෂිතාවයක් ගනි. විද්වතුන් පවස‍න්නේ මෙම කලාපය තුළ අධික චුම්භක බලයක් ක්‍රියාත්මක වන බවය. මාලිමා යන්ත්‍ර වැරදි දිශාවන් පෙන්වන්නේ එම නිසා බවත්, අධික චුම්භක බලය හේතුවෙන් මුහුදු පතුලට ඇද ගන්නා යාත්‍රා කෑලි කෑලි වලට කැඩී විසිර යන නිසා කිසි හෝඩුවාවක් වත් ඉතිරි නොවන බවය. මේ පිලිබද අදහස් දක්වන පුදගලයින් නම් කියන්නේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාකාරකම් නිසා මෙලෙස සිදුවන බවයි. තවත් අය පවසන්නේ මෙම ප්‍රදෙශයේ ඇති මේ ත්‍රිකෝණාකාර හැඩය නිසා මෙය අපගේ ලොකයට සමාන්තර තවත් ලොවකට හෝ කාල තලයකට ගමන් කිරිමට ඇති දොර‍ටුවක් ලෙසයි. නමුත් තවම කිසිවකුතත් මෙය ඔප්පු කිරිමට හැකියාවක් ලැබි නොමැත.

මිසරයේ පිරමිඩ

මෙතෙක් ලෝකයේ බිහිවි ඇති අරුම පුදුම ගොඩනැගිලි අතරින් සුවිශේසි ස්ථානයක් හිමිකර ගන්නේ මේ මිසරයේ පිරමිඩයි. අද පවතින තාක්ෂනයෙන් පවා මෙවැනි නිර්මාණයක් කිරිමට දශක ගනනාවක් ගතවන බවයි විද්වතුන්ගේ මතය. එසේ නම් මිට වසර දහස් ගනනකට පෙර මෙවැනි නිර්මාන කිරිමට තරම් තාක්ෂනයක් ඊජිත්තු පාරවාන්ට ලැබුනේ කෙසෙද යන්නයි.විශෙෂයෙන්ම මෙම පිරමිඩ ජ්‍යමිතික හැඩයද ශක්තින් එක්තැනකට එක්කර තබනා හැඩයක් ලෙසද හදුනාගෙන තිබේ. තවද සුප්‍රසිද්ධ මහා පිරමිඩ 03නේ මුදුන් ඔරායන්ගේ බද පටියේ ඇති තරු 03ට එක එල්ලේ පිහිටා ඇති පරිදිම නිර්මානය කර තිබිම අදහගත නොහැකි තරම්ය.

යෙටි නොහොත් හිමාලයේ හිම මිනිසා


යෙටි ලෙස හදුන්වන මෙම හිම මිනිසා හිමාල කදු හා ටිබෙට් ප්‍රදේශ ආස්‍රිතව ජිවත් වන මිනිස් වානර වෙස් ගත් අපුරු ජිවියෙකි. තවමත් ලොවෙන් සැගවි සිටින මෙම සත්වයා පිලිබදව පැහැදිලි සාක්ෂියක් මෙ වන තෙක්ම සොයාගැනිමට නොහැක. යෙටි යන වචනයද සැදි ඇත්තේ ටිබෙට් වචන දෙකක් එකතුවිමෙනි. මෙහි තේරුම ගිරිකදුවාසි වළස් රූපියා යන්නයි. යෙටි ගැන මුලින්ම වර්ථාවන්නේ 1920 ගනන් වලදිය. ඒ 1925 දී ඡායාරූප ශිල්පියකු වූ එන්. ඒ. ටොච්බාජි, ෂේමු ග්ලැසියරය අසලදී දිගු රෝමයන් හෝ මුළු ඇඟම වැසී ගිය මිනිස් රූපි යෝධයකු දුටු බව වාර්තා කෙළේය.
1953 දී එවරස්ට් තරණය කළ සර් එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සින් නෝර්ගේ තමන් මේ සුවිශාල පා සටහන් දුටු බව වාර්තා කළහ.
2008 ඔක්තෝබරයේදී ජපාන ජාතික යොෂිමෙරු තකහෂි තමන් යෝධ පා සටහන් දුටු බවත් දැන් මේ සත්ත්වයා රූගත කිරීමට උත්සාහ දරන බවත් ප්‍රකාශ කර තිබිණි. ඉන්පසු ආසන්නතම වාර්තාව පළවූයේ 2010 දීය. චීන ජාතික විද්වතුන් පිරිසක් ෂෙනොන්ජියා ප්‍රදේශයේ පරීක්ෂණයක යෙදීමට කටයුතු කළ ද ඔවුනගේ නිරීක්ෂණයට යෙටී හසුවී තිබුණේ නැත

දිය කිදුරියෝ

අඩක් මිනිස් ශරිරයකින්ද,අඩක් මත්ස්‍ය ශරිරයකින්ද යුක්ත මේ ජිවින් අදටත් අභිරහසක්ව පවති. සුරංගනා කථාවල පමණක් අප අසා දැක තිබුණාට පියවි ඇසින් දු‍ටු බවට කිසිදු පිලිගත් සාක්ෂියක් ලැබි නොමැත. නමුත් මේම සත්වයිගේ යැයි පැවසෙන ඇටක‍ටු හා සිරුරු විටින් විට අන්තර්ජාලයෙන් දැක තිබුනත් මෙවා 100%ක්ම නිවරදිදයි යන්න සැක සහිතය.වරක් ආතර් සි ක්ලාක් මහතාද මේ පිලිබදව අදහස් දක්වා ඇතත් එතුමා ප්‍රකාශ කර සිටියේ මේ පිළිබදව කාලායාට බාරදි අපි බලාසිටිමු යනුවෙනි.

තරු දොර‍ටු

මේ ගැනනම් ඉතින් කියන්න තියෙන්නේ Star Gate ‍ෆිල්ම් එක බලලා තමයි මේ පිළිබදව කුතුහලයක් ඇති උනේ. මේ පිලිබදව තියෙන සාක්ෂිනම් ඉතා අල්පයි. ඔය අපේ අනුරාධපුරයේ කුට්ටම් පොකුන ආස්‍රිතව තියෙන ගලක නෙලා තියෙනවයි කියලා කියන අමුතු අක්ෂරත්, ඊජිත්තුවේ පිරමිඩයක ඇති ඊට සමාන අක්ෂරත් ඔය තරු දොර‍ටුවක අක්ෂර කියලයි කියන්නේ. සම්හරු නම් කියන්නේ මෙතන සැබැවටම තරු දොර‍ටුවක් හෝ ඊට සමාන කුමක් හෝ දෙයක් තිබෙන්න ඇති කියලයි. එත් ඉතින් මේ පිළිබදව පරික්ෂන කරන අයගේ තියෙන්නේ අඩු උනන්දුවක් බවයි මගේ හැගිම.(අපේ රටේ විතරයි)

ඉතින් මෙ පිළිබදව ඔබලා දන්න දෙවල් තිබෙනම් අපත් එක්ක බෙදාහදාගන්නවනම් කාටත් එය ප්‍රයෝජන වේවි.
.

5 comments:

  1. බර්මියුඩා ත්‍රිකෝණය
    මට නම් හිතෙන්නෙ චුම්බක විචලනය නිසා වෙන දෙයක් කියල.

    මිසරයේ පිරමිඩ
    මේ ගැන කතා කරනකොට ඊජිප්තු මමී ගැනත් කතා නොකරම බෑ. අදටත් ඒ සිරැරැ තියෙනවනේ. මේ කාලේ මාර දියුණු තාක්ෂනයක් තිබිල තියෙනවා. මට තියෙන ප්‍රශ්නය නම් ඇයි ඒ තාක්ෂනය පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවේ නැත්තෙ කියන එක.

    යෙටි නොහොත් හිමාලයේ හිම මිනිසා
    ටිංටිං කාටුන් එකෙන් තමයි මම හිම මිනිසා ගැන මුලින්ම දැන ගත්තෙ. මේ ලගදිත් මම ආටිකල් එකක දැක්ක මහාචාර්යවරැ කට්ටියක් යෙටීගෙ යැයි සිතන ලෝම ගහක් හොයාගෙන තියෙන එකක් ගැන.

    දිය කිදුරියෝ
    ඉන්නවා කියල හිතෙන්නෙ නම් නැ මට.

    තරු දොර‍ටු
    මේගැන අවබෝධයක් නැ. ඇහුවෙත් අද. Star Gate ‍ෆිල්ම් එක බලලා නැත. :D

    ReplyDelete
  2. @මැජික්
    කමෙන්ට් එකට බොහොම ස්තුතියි...
    ඇත්ත.. මිසරයේ පිරමිඩ ගැන කථාකරනවිට මමිගැන අපිට අමතක කරන්න බැ.
    එම තක්ෂණය පරම්පරාවෙන් ආවෙ නැති එක පුදුමයක් තමයි..
    මම අහල තියෙනවා අහසින් පැමිණි සිංහ මිනිසුන් ඔවුන්ට මෙම පිරමිඩ හදන්න උදාව් උනා කියලා. ඔවුන් එම සිංහ මිනිසුන් යැයි කියලා තියෙන්නේ රාවණා වංශිකයන්ටලු.

    ReplyDelete
  3. බර්මියුඩා ත්‍රිකෝණය
    its a CIA.. PROGRAM

    ReplyDelete
  4. පෝස්ට්ෙක එල.බර්මියුඩා ත්‍රිකෝනයේ ලොකු අභිරහසක් තියෙනවා.ගුරුත්වාකර්ශන බලය වැඩි නිසා නැවු ගිලුනත් තෙල් පාවෙන්න ඕන.
    Site එක දිගටම කරගෙන යන්න.මගේ බ්ලොග් ෙක්ත් තේමාව විශ්ව ාභිරහස්.මේ පැත්තටත්විල්ල යන්න
    Www.mithquest.blogspot.com

    ReplyDelete
  5. පෝස්ට් ෙක නන් නියමය්

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්