ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 14 April 2012

Google ඇඩ්සෙන්ස් චෙක්කුවක් ගෙදරටම ආවෝ....

හැමෝටම ලැබුවා වු අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
ඉතින් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා දාන්න යන්නේ සතු‍ටු හිතෙන කාරනයක්... ඔන් මට google adsense චෙක්කුවක් ගෙදරටම ලැබුනා.. චෙක්කුවේ වටිනාකම් ඩොලර් 103ක්.. අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම නරක නැ වගේ... ඇඩ්සෙන්ස් එක්ක ඔට්‍ටුවෙලා හා හා පුරා කියලා ලබා ගත්තු මුල්ම මුදල...
දැන් ඉතින් තියෙන්නේ මේක මාරු කරගන්න එක තමයි..

මගේ කොමර්ෂල් බැංකුවේ ගිනුමට මේක දාගන්න පුළුවන් වේවිද? දන්න අය ඉන්නවනම් කමේන්‍ටුවක් දාලා විස්තරේ කියලම යන්න කෝ... කොහොමද මේක සල්ලි කරගන්න පුළුවන් විදිය කියලා...

ඉහෙනම් ඉතින් ඇඩ්සෙන්ස් තවදුරටත් හිනයක් නොවෙයි..


19 comments:

  1. Replies
    1. කොමර්ෂල් බැංකුවේ ගිණුමකට දාන්න පුළුවන්
      1. ඔයාගේ නමට ගිණුමක් තියෙන්න ඕනේ.

      2.මොනම බැංකුවක තැන්පත් කලත් cash වෙන්න මාසයකට අසන්න කාලයක් යනවා ( හේතුව මහ බැංකුවේ අවසරය ලැබුනට පස්සේ තමයි සල්ලි ලැබෙන්නේ)

      3.බැංකුවට ගිහින් සාමාන්‍ය චෙක් තැන්පත් කරන කොලයක් අරගෙන බැංකුවේ නිලදාරියකුට කියලා ඩොලර් චෙක් එකක් තැන්පත් කරන්න ඕන කරන මහ බැංකුවට විස්තර යවන ෆෝම් එකකුත් ඉල්ලගෙන ඒ දෙකම පුරවලා චෙක් තැන්පත් කරන කවුන්ටරේට දෙන්න

      4. චෙක් තැන්පත් කරන කොලය පුරවන කොට රුපියල් වෙනුවට ඩොලර් මාර්ක් එක දාලා පුරවන්න උදා: $103 ලෙස

      Delete
    2. මචෝ..මේ දුන්න උපදෙස් ටික නම් ගොඩාක් වටිනවා... ස්තුතියි

      Delete
  2. ඔව් කොමර්ෂල් පුලුවන් ....
    දවස් 21 විතර යනවා
    මතක ඇතිව ඕකට ෆොම් එකක් පුරවන්න උන්ගෙන් ඉල්ලලා නැත්නම් ආයේ යන්න වෙයි

    ReplyDelete
    Replies
    1. @Ano-
      සිතුතියි මචෝ උපදෙස් වලට

      Delete
  3. yeap Congratulations.you can deposit it to that bank and it will take 21 working days to issue cash .it means max you have to wait for another 45 days to get cash.

    ReplyDelete
  4. meka labunu,obe site ekath apitath
    balanna link ekak dandoooooo

    ReplyDelete
  5. ow commercial bank eken maru karanna puluwan.

    Thanks.
    TimmBlog

    .

    ReplyDelete
  6. ඕක කොමර්ෂල් බැංකුවෙන් මාරු කරගන්න පුලුවන්. අන්ත්‍ර්ජාතික චක් පතක් නිසා සති 3 ක් විතර යයි. සල්ලි කෙලින්ම අතට ගන්නත් බෑ. ගිනුමට බැර කරන්න ඕන..

    ReplyDelete
  7. නියමයි ! ඇඩ්සෙන්ස් ගත්ත හැටිත් ලිපියක් දාන්න පුළුවන්නම් වටිනවා :)

    ReplyDelete
    Replies
    1. @Kasun
      මචෝ මම ඇඩ්සෙන්ස් ගත්තේ 2010දි විතර...

      Delete
  8. ඔව් commercial Bank Account එකට දාන්න පුලුවන්.. තව form එකක් දෙනවා ඒකත් පුරවන්න වෙනවා.. හැබැයි සහෝ ඕක මාරු වෙන්න නම් තවත් සති 3-4 යනවා... god luck...

    ReplyDelete
  9. commercial bank එකට දාන්න පුලුවං. මාත් දාලා තියේ.. හැබැයි සල්ලි එන්න සති 3ක් වත් යයි.

    ReplyDelete
  10. Congratulations!

    ReplyDelete
  11. @Chandana/Ano/Timmblog/මලින්ද/ කණියා/
    හැමෝටම ගොඩක් ස්තුතියි.. මට මේක සල්ලි කරන විදිය කියලා දුන්නට...

    ReplyDelete
  12. iPlus:

    $1= Rs.125+

    සම්පත් බැංකුවෙන් මාරු කරන්න පුලුවන්,
    ඔයාගේ නමට ගිනුමක් තියෙන්න ඕනෑ. නැත්නම් එවෙලේම ගිනුමක් හදලා චෙක්කුව ඒකට දාන්න පුලුවන්.
    සල්ලි ගිනුමට වැටෙන්න දවස් 21ක් යනවා,
    සල්ලි ගිනුමට වැ‍ටුනාම ලියුමක් බැංකුවෙන් එවනවා.

    ඔබට ජය!

    ReplyDelete
  13. godakma sathoshayi mage yaluwe...godakma... math thama mekata ottu wenawa..thma track ekata watune na... ada ude idala oyage okkoma lipi tika kiyewuwa,,, math danna ekama de auto cad witharayi... fiverr eke gig 2k damma kisi prethi charayk na..iplus ta godak pin...
    oya gig ekata vedio ehemath dammada?matath udawu karanna...

    mama me hugak ayage blog kiyewuwa... hamogema ekama karanayak dakka... dan eka oyageth dakinawa... salli hoyana parata watunama a dawas wala dukata sapata idapu sinhala blog eka amathaka wenawa... mama harida manda.. punchi chodanawak poduwe kale..

    kamak na api hamoma me wali kannae asiri lankawe sitha siriyen jeewath wenna salli hoyana ekane...ela ... budunge saranayi.. dewinge pihitayi,,,


    welawata ape loku unnahe kollo 3k witharak haduwe... thawa ekek ehema haduwanam apita monawa weyida manda.... wurthiya sudusu kamtath hettu karala thuttu 2k dena rate, ekath kada karayoyi ,bas karayoyi, thel mamalayi hooran kanna maana balanakota ubalata apita api witharakmayi hagena kota me wage dekin hari nagitinna api apima ath wal bada gamu... ubata asiri lankawe supiri anagathaykata, hada pathlen nagena unusum ashirwada....!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  14. දින 21 යයි කාඩි අකකුත් හදාගනින් ඉස්සරහට ඔන ෙවයි

    xxxxxxx http://www.marulanka.tk xxxxxxxx

    ReplyDelete
  15. Adsense account ekath hadana hati dapan macho

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්