ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 29 January 2010

කුමක්ද ඇත්ත.........

මම හිතාගෙන හිටියේ අපේ මහරජතුමා තමන්ගේ විරුද්දවාදින් කෙරෙහි සුබවාදි විදියට බලනවා කියලා.( එතුමා එහෙමතමයි, ඒත් සහොදරයෝ) එත් බලාගෙන යනකොට රාජාන්ඩුව ක්‍රියාකරන ආකාරය ඡන්දය ඉවරවෙලා දින දෙකක් තුනක් යනවිටම මෙහෙමනම්... lanka Truth වෙබ් අඩවියේ පලවිතිබෙනවා ගෝඨබය මහත්තයා ජ.වි.පේ නායක සෝමවංශ මහත්තයාට තර්ජන එල්ල කරා කියලා. මේක ඇත්තක්ද? කවුරු හරිද කියලා තෙරුම් ගන්න අමාරුයි.
ලිපියේ පලවි තිබුනේ මේ ආකාරයටයි.
(2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 11:36)
"උඹගේ ලංකා පත්තරේ ගිනි තියනව. උඹත් පරිස්සම් වෙලා ඉඳපන්" යනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන තමාගේ දුරකතනයට ඇමතුමක් ලබා දී තර්ජනය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්තේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.


"අද උදේ 9.21 ට විතර ගෝඨාභය රාජපක්ෂ මහත්ත්ය එයාගේ දුරකතනයෙන්ම මට ඇමතුමක් දීල මරණ තර්ජණය කළා. ඒ දුරකතන ඇමතුම ආපු අංකය තමයි 0773501626 කියන අංකය. මම කිව්ව අපි කවුරුත් මැරෙන්නෙ එක පාරයි. ඒ නිසා මම ඒකට බය නැහැ කියල. පස්සේ ඔහු කිව්ව "උඹ රට පැනල හිටය නේද?" කියල. ඉතින් මම ගෝඨාභය මහත්තයට උත්තර දුන්න "ඔයත් රට හිටිය කෙනෙක්, මමත් රට හිටිය කෙනෙක් නේද?" කියල. පස්සේ කිව්ව "උඹේ ලංකා පත්තරේ මම ගිනි තියනව" කියල.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දේමින් ඒ මහතා සිය ජගලම දුරකතනයේ ලැබුණු ඇමතුම් ලේඛණය ප්‍රසිද්ධියේ පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දුරකතන ඇමතුම දුන් වේලාව හා දුරකතන අංකය පෙන්වා සිටියේය. "මේ වෙලාවේ මගේ ෆොන් එකේ ලවුඩ්ස්පීකර් දාන්න පුළුවන්. ඒ දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදීම මම ලවුඩ්ස්පීකර් දාල තමයි පිළිතුරු දුන්නේ. මගේ ආරක්ෂාවට ඉන්න සහෝදරයිනුයි, මගේ රියැදුරු ලෙස කටයුතු කළ සහෝදරයයි සියලුදෙනාම මේ ඇමතුම අහගෙන හිටියෙ" යනුවෙන් ද පැවසීය
(www.lankatruth.com වෙබ් අඩවියේ තිබු ලිපිය හා බැදේ)
වැඩි තොරතුරු ගන්න මෙතනට යන්න.

2 comments:

  1. Mona subawaadeeda?SF ta deela thibuna security eka nethikale mokada.Den kiyai LTTE eka nethi nisa kiyala.Maitreepala kiyala thiyanawa minissu MR ta chande dunne Executive Prident system ekata kemthi nisaya e nisa eka wenas karanna one ne kiyala.

    ReplyDelete
  2. බල්ලො රජ වුණාම ඔහොම වෙන එක කියන්නත් දෙයක්ද? මේ රටේ අමන මිනිස්සුන්ටත් ඕනි ඒකනෙ එක එකාගේ වහල්ලු වගේ ජීවත්වෙන්න. අතීතයේ ඉඳන්ම

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්