ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday, 15 January 2010

අපේ ක්‍රමය


ජනාධිපතිවරන්යේ උනුසුම එන්න එන්නම වැඩිවිගෙන එනවා. ඕං පලමු බිල්ල තංගල්ලේන් කියලා ආරංචියි. අනේ මුන් වගේ බත් කන හරක් වෙන කිසිම රටක නැතුව ඇති. ජන්දයක් නිසා දෙපැත්තට බෙදිලා ගහා මරාගන්න හැටි විතරක්. මෙහෙම දෙපැත්තට බෙදිලා ගහමරා ගත්තත් අන්තිමට මොනවද මේ අයට ලැබෙන්නේ. මොකුත්ම නැ... හැමදාම ජන්ද කාලයෙදි ජන්දදායකයාට වෙන්නේ දෙපැත්තට බෙදිලා ඉන්න තමයි. එහෙම බෙදිගෙන ඉදලා තමන්ව මහා ඉහලින් බලාපොරොත්තු තියගෙන ඉන්න නායකයාව දිනවලා උඩින් තියනවා. අවසානයේ ඒ නායකයා දුප්පත් ජන්දදායකයාගේ ජන්දටික අරගෙන (අර තමන්ගේයකියා ගන්නා නායකයා) සුර සැප විදිනවා. අනේ ඉති දුප්පත් ජන්දදායකයා ආයෙමත් පරාදයි. 48 ඉදලා මේ දේ අපේ රටේ සිදිද්වෙනවා. එත් තවමත් ඒ දේ තෙරුම් ගන්න තරම් අපේ ජන්දදායකයා දියුනු නැද්ද? අද අපේ රටේ රාජ්්‍ය සාම්පත් බෙදිගිහිල්ලා තියෙන්නේ පර්ලිමේන්තුවෙ සිටින 225 දෙනා හා ඔවුන්හට කත් අදින කිහිපදෙනකු අතර පමනි. මෙතරම් පුංචි රටකට දරාගන්න බැරි තරමේ කැබිනෙට්‍ටුවක් නඩත්තුකරමින් මහජන මුදල් නැති නාස්ති කරමින් මහජනතාවට ලැබියයුතු සම්පත් කොල්ලකමින් වැජබෙන මේසා විශාල කැබිනෙට්‍ටුවකින් සත පහක තරම්වත් වැඩක් රටට නම් නොලැබේ. ඉතින් තවදුරටත් මෙම ක්‍රමය අපි අනුමත කල යුතුද?

1 comment:

  1. කල්පනා කරලා බලල හොද තිරනයක් ගමු. නෙද...?

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්