ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 16 January 2010

සුභ අනාගතයක්



ලියන්න කියලා මේ දවස්වල කිසිම විදියකින් ඔලුව නිදහස් නැ. ඇයි ඉතිං ජනාධිපතිවරන උනුසුම එන්න එන්නම වැඩි වේගෙන එනවා. T.V චැනල් එකක් දැම්මොත් යන්නේම අරයා මේක හොරකම් කරලා , මෙයා රට පාවාදෙනවා, අරයා දේශදොහියා, මෙන්න මෙයා දෙශප්‍රෙමියා, අරකට්ටිය කොටින් එක්ක හොර ගිවිසුම් ගහලා. ඔබේ ජන්දයෙන් මවුබිම දිනවන්න, දෙවන මෙහෙයුම සුදානම් මෙකි නොකි විකාර ලොකයක්. ඒ අතරට චැනල් ඔක්කොමලා සති අන්ත දවස්වල ‍රැට ‍රැට ස්ටාස්ලත් තොරනවා. මේ ස්ටාස්ලා තොරන්න එන අය අතරෙත් ජොකර්ලත් ඉන්නවා. අනේ ඇත්තට මටනම් හිතෙන්නේ මේ කලියුග කාලය වෙන්න ඇති. නයි මුගටි වාගේ හිටපුඅය එකට වාඩිවෙලා, කලාකාරයො දෙපැත්තට බෙදිගෙන, තාරුන්‍යයට හොටක් දිගෙන, තරුණ තරුණියන්ගේ හොට බිම ඇනලා, සංවේදි නායකයාට රටේ තියෙන සංවේදිම ප්‍රශ්න අමතකවෙලා, දෙවන මෙහෙයුමට යන්න හදනකෙනා පලමු මෙහෙයුමටවත් සහයෝගය නොදිපු අයත් එක්ක අත්වැල් බැදගෙන... අනේ මංදා . මටනම් මේ කිසිදෙයක් ගැන හිතා ගන්නවත් බැ. මෙහෙම ගියොත් අපේ රට ආසියාවේ අශ්චර්්‍ය නෙවෙයි... අසියාවේ අපාය වෙවි. 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට යන්න තියෙන රට තුන්වන ලෝකයේ රටකත් වඩා ආපස්සට යාවි.

5 comments:

  1. අර උඩ තියෙන පින්තූරෙ හංසයා නෑනේ.

    ReplyDelete
  2. Suba anagathayak kiyannay warthamana upset nisai

    ReplyDelete
  3. ඔක්කොම කනපිට හැරිලා නෙද...මුකුත් හිතාගන්න බැහැ මිනිස්සු කරන දෙවල් වලට මිනිස්සුමයි විදවන්නෙ. ඉතින් අපිත් එ අතර කෙනෙක් දෙන්නෙක්. ඉහල ස්තරය බිලියන ගනන් ගහද්දි අපෙ ගොඩක් මිනිස්සු(පහල ස්තරය) කරෙ මිලියන ගනන් ගැහැවුවා. ඉටත් පහල සෙට් එක දාහස් ගනන් ගැහැවුවා. ඔහොම ඇවිල්ලා එලවලු විකුනන මනුස්සයත් අපෙන් (ගොවි) 10000 ක් විතර ගැහැවුවා. මිනිස්සු හොරකන් කර කර අනිත් අයට ඇගිල්ල දික් කරනවා.මිනිස්සු දියුනු නම් රට දියුනුයි. මිනිස්සු පහත් නම් රට පහලයි. එ වගෙම තමයි දෙශය පාලනය කරන මිනිසුන්ගෙ ප්‍රතිපත්ති.. බලන්න එබ්‍රහම් ලින්කන් වගෙ කෙනෙක් ඉන්න රටක දියුනු උනෙ නැත්තම් තමයි පුදුමෙ. අපෙ රටෙ ලින්කන්ලා ගොඩක් ඉන්නවා. අර බල්ලො ටික ඉස්සරහා ඉදගෙන එ ලින්කන්ලට ගල් පෙරලන එක කරන්නෙ. දවසක මෙ අතරින් සැබැම ලින්කන් කෙනෙක් එයි නෙද..?

    ReplyDelete
  4. අනිවාර්යයෙන්ම ලිංකන් කෙනෙක් එවි. එදාට එ රටටත් කිරි ඉතිරෙවි. එත් ඒ කවදද කියලා තාම හිතාගන්නවත් බැ

    ReplyDelete
  5. මම හංසයාට බයයි මල්ලියේ.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්