ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 4 December 2010

මෙන්න ලංකාවේ ඇමතිවරයේකුගේ මාසික වැ‍ටුප..(දළ වශයෙන්)



ශ්‍රි ලංකාව යනු අසියාවේ අශ්චර්ය්‍ය යැයි කියන කථාව බොරුවක් නොවේ. අමුලික ඇත්තකි. මෙතරම් කුඩා රටක සිටින් ඇමති මන්ඩලය වෙනත් කිසිම රටක නොමැති තරම්ය. පුදුමයට කාරණාව මෙය නොවේ මේ ඇමතින්ට ලැබෙන වරප්‍රසාද ගැනය. අද මම ලියන්න යන්නේ අපේ රටේ ඇමතින්ට ලැබෙන සුර සැප ගැනය.
වර්ථමානයේ ඇමතිවරයකුගේ මුලික වැ‍ටුප රු 65 000කි. නියෝජ්‍ය ඇමතිකෙනෙකුගේ වැ‍ටුප රු 63 500කි.තවද ඇමති හා නියෝජ්‍ය ඇමති තනතුරු දැරු විට ලැබෙන විශ්‍රාම වැ‍ටුපද වැඩිය. සැම ඇමතියෙකුටම උපරිම වශයෙන් වාහන 03ක් පාවිච්චි කල හැක.(බොහෝ ඇමතින් වාහන 03කට වඩා පාවිච්චි කරති) අමත්‍යාංශය යටතේ තිබෙන වාහනද වැඩි හරියක් එම අමාත්‍යාංශය බාර ඇමතිට අවශ්‍ය වෙලාවට පාවිච්චි කල හැකිය. බස්නාහිර පළාත නියෝජනය කරන (කොළබ, ගම්පහ, කළුතර) ඇමතින්ට මෙන්ම නියෝජ්‍ය ඇමතින්ටද ඩිසල් වාහනයක් සදහා මාසිකව ඩිසල් ලිටර 500ක්ද , පෙට්‍රල් වාහනයක් සදහා පෙට්‍රල් ලිටර 600ක්ද ලැබේ. බස්නාහිර පළාතෙන් පිට ඇමති හා නි. ඇමතින් හට පෙට්‍රල් වාහනයක් සදහා පෙට්‍රල් ලිටර 750ක්ද, ඩිසල් වාහනයක් සදහා ඩිසල් ලිටර 600ක්ද ලැබේ. (මෙම දිමනාව එක් වාහනයක් සදහා පමණකි. වාහන 03ක් පාවිච්චි කරන නිසා මෙවැනි තුන් ගුනයක් ලැබේ) මෙවා ගෙවනුයේ මුදල් වශයෙනි. තවද ඇතැම් ඇමතින් හා නි. ඇමතින් මෙමෙ ඉන්දන දිමනාවට අමතරව තවත් ඉන්දන සදහා වියදම් ඌයේ යැයි පවසා බිල්පත් ඉදිරිපත් කරමින් මුදල් ලබාගනිතියි සමහරු චොදනා කරති.

මේයට අමතරව කාර්ය මණ්ඩලය සදහා ඇමතිකෙනෙකුට හා නි. ඇමතිකෙනෙකුට 15 දෙනෙකුගෙන් යුත් කාර්ය මන්ඩලයක් තබා ගත් හැක. පෞද්ගලික ලෙකම්වරයෙක්,සම්බන්දිකරන ලේකම්වරු දෙදෙනෙක්,මාධ්‍ය ලේකම්වරයකු,මහජන සම්බන්ධතා නිලධාරියකු,පෞද්ගලික සහකාරයකු,කළමණාකරන සහකාරයන් පස්දෙනෙකු,කාර්යාල කාර්ය සහයකයන් දෙදෙනෙකු,රියදුරන් දෙදෙනෙකු වශයෙන් මෙම කාර්ය මන්ඩලය සමන්විතවේ. කොහොමද වැඩේ. මෙන්න එහෙනම් මේ අයට ගෙවන පඩිනඩි විස්තරේ. පෞද්ගලික ලේකම්ට මාසිකව පෙට්‍රල් හෝ ඩිසල් ලිටර 240ක් ඉන්දන දිමනාවක්ද, සම්බන්ධිකරණ ලේකම්,මාධය ලේකම්,මහජන සම්බන්දතා නිලධාරි සදහා මාසිකව ලිටර් 218ක ඉන්දන දිමනාවක්ද ලැබේ. පෞද්ගලික ලේකම්,මාධ්‍ය ලේකම්,සම්බන්ධිකරන ලේකම් ,මහජන සම්බන්දිකරන නිලධාරි යන නිලඩාරින්ගේ මාසික මුලික වැ‍ටුප රු 22 500කි. පෞද්ගලික සහකාරයාගේ මුලික වැ‍ටුප 20 000කි. කළමනාකරණ සහයකයකුගේ වැ‍ටුප රු 12 800ක්ද ,කාර්යාල කාර්ය සහයකයකුගේ මුලික වෙ‍ටුප රු 11 750ක්ද, රියදුරකුගේ මුලික වැ‍ටුප රු 12 500ක්ද වේ. මේ අනුව ඇමතියකු හෝ නි.ඇමතියකුගේ කාර්ය මණ්ඩලයක් නඩත්තුවට මාසික වැ‍ටුප් ලෙස රු 245 000ක් වැයවේ. අතිකාල හා අමතර දිමනා නොමැතිව.

ඇමතිවරයකුට හා නි.ඇමතිවරයකුට නිල වශයෙන් දුරකථන 05ක් ලැබේ. කාර්යාලයට 02ක් ,නිවසට 02ක් හා ජංගම දුරකථනයක් වශයෙනි.කාර්යාල දුරකථන 02ක් සදහා උපරිමය රු 20000ක්ද, නිවසේ දුරකථන 02 සදහා රු 20000ක්ද ජංගම දුරකථනය සදහා උපරිම රු 10000ක්ද වශයෙන් මාසිකව රු 50000ක් දක්වා දුරකථන බිල්පත් වියදම් ලැබේ.මෙයට අමතරව ඇමති කාර්ය මණ්ඩලය සදහා දුරකථන 15ක් වෙන් කර ඇත. පෞද්ගලික ලේකම්ට,සම්බන්දිකරන ලේකම්වරු දෙදෙනාට,මාධය ලේකමට හා මහජන සම්බන්ධතා නිලධාරියාට තම තමන්ගේ කාර්යාලවලට එකක්, නිවසට එකක් හා ජංගම දුරකථනක් බැගින්ය. මේ සදහා මෙම දුරකථන 03ට පෞද්ගලික ලේකම්ට රු 6000ක උපරිමයක්ද අනිත් නිලධරින් දෙදෙනාට රු 5000 ක උඅපරිම දුරකථන බිලක් ලැබේ.
මිට අමතරව රජයේ නිල නිවාස නොමැති ඇමතියෙකුට හෝ නි. ඇමතියෙකුට රු 50 000ක ගෙවල් කුළි දිමනාවක් හිමිවේ. තවද මුද්‍රන කටයුතු හා කාර්යාලිය උපකරන සදහා තවත් මුදලක් ද වැයවේ. මිට අමතරව ඇමතිවරුන්ට ලැබෙන සන්තෝසම් මිටවඩා දහස් ගනනින් විශාලය...
ඉතින් මේ කාරනා සැලකිල්ලට ගෙන බැලුවහොත් අපේ රටේ ඇමතිවරයකු නඩත්තුවට රජය රුපියල් දශලක්සයකට වඩා වැඩි මුදලක් මාසිකව වැය කරයි..... ඉතින් මෙය ආසියාවේ ආශ්චර්ය්‍ය නොවන්නේද?..
(තොරතුරු : රිවිර පුවත්පත ඇසුරින්)



Click Here!

6 comments:

  1. ඉන්නකන්නෙ........ඒ ටිකේ හම්බ කර ගත්තු දෙයක් තමා.

    ReplyDelete
  2. ithin dan mokada karanna kiyanne? apitath ae gaanata padi gewanna kiyalada kiyanne ???

    ReplyDelete
  3. අයියෝ මෙච්චර සුලු මුදලක් නම් වැය වෙන්නේ ඇමති මණ්ඩලය 200ක් විතර උනත් කමක් නෑ නේ . .

    බලන්න එතකොට කී දෙනෙක්ගේ රකියා ප්‍රශ්නේ එහෙම විසඳෙනවාද කියලා . ..

    ReplyDelete
  4. @දුකා
    එහෙනම් මහරජතුමාට කියමු තව 100ක් විතර වැඩි කරන්න කියලා

    @dinesh
    ඒක ඇත්ත.. ඉන්න ටිකේ උන් ජොලි කරයි.. දුප්පතට පාන් කැල්ලක්වත් නැ

    ReplyDelete
  5. ඇමති කෙනෙක් වෙන්න හිතෙනවා

    ReplyDelete
  6. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න නිකම්මු දෙසිය ගානට ම මාසෙකට කීයක් වියදම් යනව ඇතිද... අනේ අම්මපා මෙහෙමත් හොරු

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්