ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 1 April 2011

අපිට සුභ උපන්දිනයක් වේවා!.. (April 1 st)



මෙහෙම ලියුවයි කියලා කවුරුත් අමනාපවෙන්න ඔනි නැ. මොකද අපේ රටේ වැඩි දෙනෙක් ඉපදිලා තියෙන්නේ අදද කියලා කරන කියන වැඩවලින් පෙන්නේ.
සමාජ අසාධාරණය පෙනි පෙනිත් නිහඩව කට පියාගෙන ඉන්න අපි වගේ අය මේ ලොකේ වෙන කොහේවත් නැතුව ඇති.
බොරු සාස්ථර කාරයින් පිටිපස්සේ ගිහින් ‍රැවටෙන... විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරගන්නා... විශ්ව ශක්තිය රුපවාහිනි හා ගුවන් විදුලි තරංග හරහා රටටම විසුරුවාහරින... විනාඩි පහෙන් වැවක් උනත් පිරිත් පැන් කරන...පවුම් රත්තරම් වලට ලෙඩසුව කරන ගිහි පැවිදි සාන්තුවරුන්ට ‍රැවටෙන් එකම මිනිස්සු ඉන්න රට අපේ රට වෙන්න ඇති...
උදාහරනයකට අද සති අන්ත පුවත්පතක් අරගෙන බලන්න කොයිතරම් සාත්තර කාරයිගේ ඇඩ් තියෙනවද කියලා. ඒ මදිවට දැන් ටි.වි චැනල් වල යටිනුත් මුන්ගේ ඇඩ් යනවා... බිරිද ඔබ හැර ගියාද?...නොවරදින ස්ත්‍රි පුරුෂ වශි.. ලොත‍රැයි ජය...විභාග ජය.... මේකි නොකි හැම දෙයක්ම මේ .....වල්ලියලා හා ගුරු මැණිවරු කරලා දෙනවලු. අනේ අම්මපා අපේ මිනිස්සු දවසකට දහස් ගනනින් මුදල් මුන්ට පුදන හැටි..
මෙතනදි තවත් කාරනාවක් මතු කරන්න කැමතියි...
මේ කරුනට නම් දේශපාලනය ගාව ගන්නම වෙනවා. මොකද උපතින්ම කැපුවත් කොල හා කැපුවත් රතුයි කියාගන්නා දේශමාමක ජනතාවක් සිටින එකම රටත් අපේ රට වෙන්න ඇති...
රටේම අවුරුදු 30ක් පමන පැවති යුද්ධයකට සක්‍රියව තම ලේ මස් නහර කැපකල යුධ හමුදාපති කෙනෙක්ව, එම යුද්ධය අවසානයේ හිරගත කරන්න ඇරලා බලන් ඉන්න ජනතාවක් ඉන්න එකම රටත් අපේ රට වෙන්න ඇති.....
දහස් ගනනක් අපේ මිනිසුන් මරන්න අනුබල දිපු කරුණාලා,කේ.පිලා,පිල්ලේයාන්ලාට රජ සැප දිදි අමාත්‍ය තනතුරුත් පුදපු එකම රට හා එහි ජිවත් වෙන ජනතාව අපි වෙන්න ඇති.....
මිනිස්සුන්ගේ බදු මුදල් මිලියන ගනනින් වංචා කරපු උන්ට තවතවත් ඉහල තාන්න මාන්න පුදන එකම රටත් අපේ රට වෙන්න ඇති.....
කෝප් වාර්තාවලින් සාක්ෂි ඇතුවත් පෙන්නලා දුන්නත් උන්ට දඩුවම් නොදි තවමත් ගසාකන්න ඉඩදිලා බලන් ඉන්න ජනතාවක් ඉන්න එකම රටත් අපේ රට වෙන්න ඇති.....
මේලෝ රහක් නැති, සල්ලි වලට ආචාර්ය්‍ය උපාධි ගත්ත, උගත් කමක් ගැවිලාවත් නැති, මැරයින්,සල්ලාලයින්,මිනිමරුවන්,සිනි බෝල නිළියන් පාර්ලිමේන්තුවට හා පළාත් සභා වලට පත්කරලා යවන ජනතාවක් ඉන්න එක ම රට අපේ රට වෙන්න ඇති......
කටපිරෙන්න පුරෝපු කැබිනට් එකක් ඉන්න,ඒ කැබිනට් එකට සුඛෝපබෝගි විදියට ජනතා බදු මුදල් වලින් නඩතිතු කරන, ඒ කැබිනට් එකේ එක ඇමතිකෙනෙක් වාහන පෝලිමක් එක්ක පාරේ යද්දි අපේ වැඩ නවත්තගෙන ඒ වාහන පෝලිමට යන්නකන් ඉදලා පාරේ යන එකම ජනතාව ඉන්න වන් ඇන් ඔන්ලි රට....
රුපවාහිනි නාලිකා සියල්ලම වාගේ අපිව ගොනාට අන්දගෙන කරන නාටක,විගඩම් බලලා සතු‍ටු වෙන , නිවුස් වෙනුවට ප්‍රශස්ති ගි අහන,අනුන්ගේ දුක නිවුස් කරලා මාකට් කොරන, ස්ටාස් මේනියාවකින් පෙලෙන එකම ජනතාව අපි වෙන්න ඇති..


එහෙව් ජනතාවක් ඉන්න රටේ අද උපන් දිනය සමරන සමස්ථ ජාති හිතෙයිශි,ජාති මාමක,දේශප්‍රේමි ජනතාව වන අපිට සුභ උපන්දිනයක් වේවා!.....

5 comments:

  1. ඒ වගේම මෙලො මළදානයක් නොදන්න වන්දිභට්ටයෝ මාධ්‍ය ආයතනවල ලොක්කො වෙලා ඉන්න, උගත්තුන්ගෙන් විද්වත්තුන්ගෙන් වැඩිහරිය හොරු, තක්කඩි බවට පත්වෙලා ඉන්න, මැරයො වීරයන් ලෙස අභිෂේක කරන ජවතාවත් අපිම තමයි.

    ReplyDelete
  2. Well said. Very true.Add this bit also.Most ungreatful nation in the world.

    ReplyDelete
  3. ටි සුමංගල හිමි1 Apr 2011, 19:50:00

    අහමිබෙන් මෙ බිලොග් එකට ආවෙ.බොහොම කෙටියන් කිවයුතු බොහො දේ පවසලා තියනවා.අද ඔය පිරිහීමෙ ගොඩට අපේ ස්වාමින් වහ්සේලාත් වැටිලා තිබෙන එක ගැන කනගාටුයි.උන් වහන්සේලාත් බුදු සසුන වෙනුවෙන් ඇපකැප වීම වෙනුවට දේශපාලන වන්දි බටිටයන් වීම කනගාටුවට කරැණක්.බදුගුණ වෙනුවට පාදඩ මැර දේශපාලකයන්ට ප්‍රශස්ති ගී ගායනා කරනවා.මා ඔබෙ පරණ ලිපි කියවලා බැලුවා.සමබර ලපි සංගුහයක්.දිගටම ලියන්න සුභ පතනවා

    ReplyDelete
  4. @ටි සුමංගල හිමි
    ඒක ඇත්ත... දැන් ඔය ධර්ම රාජ්ජේට යනවයි කියලා අපු හමුදුරුවරු ටික කොහේද යන්නේ....

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්