ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 1 June 2011

බුද්ධිකගේ සමාධි පදනම විසුරුවන්න රනිල් නියෝග කරලා


මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා විසින් පවත්වාගෙන යන වසර කිහිපයක සිට පවත්වාගෙන එන සමාධි ප්‍රජා සංවර්ධන පදනම විසුරුවා හරින ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇතැයි වාර්තා වේ. බුද්ධික පතිරණ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමෙන් පසු මේ දැන්වීම කර ඇතැයි වාර්තාවේ.

වසර පහක් පළාත් සභා මන්ත්‍රීවරයකු වසරක් පළාත් සභාවේ විපක්ෂ නායකයකු ලෙසද දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බුද්ධික පතිරණ මහතා පසුගිය මැතිවරණයේ මනාප 62,499 ලබාගනිමින් මාතරින් පළමුවැනියා විය.

දිස්ත්‍රික්කයේ විවිධ වැඩසටහන් හා ප්‍රජා සේවාවන් කරන ආයතනයක් බව සමාධි ප්‍රජා සංවර්ධන පදනම ප්‍රචලිතව ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ හා සාගල රත්නායක මහතාගේ ඉල්ලීමක් අනුව මේ සංවිධානය විසුරුවාලීමට නියෝග කිරීමට නායකත්වය කටයුතු කර ඇතැයි ද සඳහන්ය.
මුලාශ්‍ර:දිනමිණ

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්