ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 27 June 2011

ඩෙංගු සුවකිරිමට ගස්ලබු කොල යුෂ .....


මම මේ පොස්ට් එක දැක්කේ පරන Sunday Observer ලිපියක තිබිලා. මෙහි සදහන් වන ආකාරයට ඩෙංගු රෝගින් හට ගස්ලබු කොළ යුෂ පානය කිරිමට දිමෙන් මෙම ඩෙංගු රෝගය නිවාරනය කරගැනිමට පුල්ළුවන් බව පැවසෙනවා.
මෙම යුෂ සදා ගැනිමට හොද නිරෝගි ඵල දරන ගස්ලබු ගසකින් කොළ අරගෙන හොදින් සෝදා වියලා , කොළේ නාරටි අයින් කර කොළටික විතරක් වංගෙඩියක දමා කොටා(ලි වංගෙඩියක් නම් වඩා හොදයි) යුෂ ටික අරගන්න.
මෙය ලබාදිය යුතු මාත්‍රාව වන්නේ..
වැඩිහිටියකුට 10ml බැගින් දවසට දෙපාරක්
ළමයකුට (වයස5ත් 12ත් අතර) 5ml බැගින් දවසට දෙපාරක්

මේ ලිපිය පරන උනත් දැම්මේ යලිත් ඩෙංගු මාරයා හිස ඔසවා ඇති බැවිනි..
සන්ඩේ ඔබ්සර්වර් ලිපිය මෙතැනින්

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්