ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 3 June 2011

ශ්‍රි ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ(SLPL) අපි නොදකින ඇත්ත.....


ඉන්දීය ක්‍රිකට් ප්‍රිමියලීග් තරගාවලියට(IPL) සමාන ක්‍රිකට් තරගාවලියක් ශ්‍රි ලංකා ප්‍රිමියලීග් (SLPL) නමින් ශ්‍රිලංකාවේ පැවැත්විමට දැන් සියළු මුලික කටයුතු සුදානම් කර හමාරය. ලබන ජුලි 19 සිට අගෝස්තු 04 දක්වා මෙහි සියළු තරග කොළබ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්විමට කටයුතු යොදා ඇත. මේ සදහා කණ්ඩායම් 07ක් දැනටමත් සුදානම් කර ඇති අතර එම කන්ඩායම් හත වනුයේ ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් බස්නාහිර බෙයාර්ස්, ජයසුරියගේ නායකත්වයෙන් රුහුණු රයිනෝ,සංගාගේ නායකත්වයෙන් කදුරට කයිට්ස්,මහේලගේ නායකත්වයෙන් යුත් වයබ වුල්ෆ්ස්, විටෝරිගේ නායකත්වයෙන් යුත් උතුරු ඔරික්ස්, අෆ්-රිඩිගේ නායකත්වයෙන් යුත් නැගෙනහිර නාගාස් හා චමින්ද වාස්ගේ නායකත්වයෙන් යුත් ඌව යුනිකෝන්ස්ය.

මෙහි ඇති වැදගත්ම දෙය නම් මෙම තරගාවලිය ශ්‍රි ලංකා ක්‍රිකට් තරගාවලි කමි‍ටුවේ වාර්ෂික තරගාවලි සැලැස්මට ඇතුලත්ව තිබුනත් මෙහි සංවිධානය පිලිබදව ශ්‍රි ලංකා ක්‍රිකට් තරගාවලි කමි‍ටුව කිසිවක් නොදැන සිටිමයි.වාර්ථා වන අව්දමට මෙහි සියළු කටයුතු මෙහෙයවනු ලබන්නේ හිටපු තේරිම් කමි‍ටු සභාවති අරවින්ද ද සිල්වා හා ක්‍රිකට් අතුරු කමි‍ටු ලේකම් නිශාන්ත රනතුංගත් වසර 05කට ශ්‍රිලංකා වේ අන්තර් පළාත් ක්‍රිකට් තරගවල අයිතිය ලබා ගත් සිංගප්පුරුවේ සමර්සෙට් වෙන්චර්ස් සමාගමත් පමණි.

අපේ රටේ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලිය පවත්වන්නට යන්නේ කොළබය. මෙම SLPL තරග සියල්ලක්ම කොළබ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්විමට නියමිතය.ඒ අනුව තම පළාතේ කණ්ඩායම තරග වදිනු සියසින් දැක ගැනිමට සැම පළාතකම ක්‍රිඩාලෝලින්ට කොළබ පැමිනිමට සිදුවනු ඇත. එසේනම් කෝටි ගනන් වියදම් කර සුරියවැව,පල්ලේකැලේ,දබුල්ල වැනි පළාත්වල ක්‍රිඩාංගන ඉදිකිරිමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? මේ ක්‍රිඩාංගන කා සදහාද?


මෙහිදි එක් කණ්ඩායමක් සදහා විදෙස් ක්‍රිඩකයින් 04 දෙනෙකුට ක්‍රිඩා කිරිමට අවස්ථාව උද කර ඇත. ඒ අනුව තවත් ශ්‍රිලංකා ක්‍රිඩකයින් 04ක් හා 21 පහල ක්‍රිඩකයකු ඇතුලත් ක්‍රිරිමට නියමිතයි. ඒ අනුව බලන කල තවත් අවස්ථව ඉතිරි වනුයේ එක් කණ්ඩායමට ක්‍රිඩකයින් 06ට පමනි. මේ අනුව බලන කල ක්‍රිඩා සමාජ මට්ටමින් "ඒ" කොටසින් පමණක් කණ්ඩායම් 11ක ක්‍රිඩා කරන ක්‍රිඩකයින් 165 දෙනෙකුගෙන් මෙම තරගාවලියට සහභාගි විමට අවස්ථාව හිමිවනුයේ 42නෙකුට පමණි. මෙයිනුත් හොදම ක්‍රිඩකයින් 16 දෙනෙකු ශ්‍රිලංකා A කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගය පැවැත්වෙන කාල සිමාවේදි එංගලන්තයේ සංචාරය කිරිමට නියමිතයි. එවිට මෙම නවක ක්‍රිඩකයින්ට මෙම තරගාවලියට සහභාගිවිමට නොහැකිවේ. එසේනම් වැරදි කාලයක වැරදි අන්දමින් මෙවැනි තරගාවලියක් පැවැත්විම ඇති උවමනාව කුමක්ද?

වාර්ථා වන අන්දමට මේ සදහා ක්‍රිඩකයින් මේවන විටත් ‍තෝරාගෙන අවසන්ය. එම තේරිම සිදුකර ඇත්තේ වත්මන් තේරිම් කමි‍ටුව මහින් නොව හිටපු තේරිම් කමි‍ටු සභාපති වරයා විසින්ය.මෙවර අන්තර්ක්‍රිඩා සමාජ තරගාවලිය නොපැවැත්විම නිසා මේ සදහා ක්‍රිඩකයින් ‍තෝරා ගත්තේ කුමන පදනමකින්ද යන්නද සැක සහිතය.වසර 05ක් සදහා ශ්‍රි ලංකාවේ අන්තර් පළාත් ක්‍රිකට් වල වෙලද අයිතිය ලබාගත් සිංගප්පුරුවේ ලියාපදිංචි සමර්සෙට් වෙන්චර්ස් සමාගම අපේ ක්‍රිකට් බලධාරින් සමග ගණුදෙනු කල ආකාරයද සැක සහිතය. මෙම තරගාවලිය සදහා වෙළද අයිතිය විකිණිම සම්බන්දව ක්‍රිකට් අතුරු කමි‍ටුව ප්‍රසිද්ධියට පත් කලේ තම නිල වෙබ් අඩවියෙන් පමනි. පසුගිය අප්‍රේල් 15 වනදා අයදුම්පත් කැදවිම අවසන් උවද මෙම සිංගප්පුරු සමාගම සිංගප්පුරුවේ පිලිගත් සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ අප්‍රේල් 23 වනදාය.අයදුම්පත් එවන විට මෙම සමාගමට වෙබ් අඩවියක් හෝ විද්්‍යුත් ලිපිනයක්ද නොමැතිවිම තවත් විමතියට කරුනකි. ඉන්දියන් ජාතිකයින්ගෙන් සමන්විටහ් මෙම සමාගමට අන්තර් පළාත් ක්‍රිකට් අයිතිය විකිණුවේ වසරකට 5%ක වැඩිවිමක් සමග වාර්ෂිකව මිලියන 30කටය. ඒ අනුව අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අයත් වනුයේ එපමනකි.අනුග්‍රාහක මුදල් හා ජත්‍යාන්තර හා දේශිය රුපවාහිනි විකාශ අයිතින් විකිණිමේ හා එහි ලාබ ඉපයිමේ අයිතියද ඇත්තේ මෙම සමාගම සතුවය.මෙම සමාගම විදේශිය ක්‍රිඩකයකු හට ඇ.ඩොලර් 30 000ක මුදලක් ලබාදෙන අතර අපේ ක්‍රිඩකයින්ට ලැබෙනුයේ සොච්චමක් පමණි.

ශ්‍රි ලංකාවේ අන්තර් ක්‍රිඩාසමාජ t20 තරගාවලියත් අහෝසිකර පැවැත්විමට යන මෙම SLPL තරගාවලිය ලාංකික ක්‍රිකට් වලට වසන්තයක්ද? එහෙමත් නැතිනම් තවත් එක් මුදල් කොල්ලකන වියාපෘතියක්ද යන්න සොයා බැලිම ක්‍රිඩා ඇමතිවරයාගේද වගකිමකි..
වැඩිපුර තොරතුරු

SLPL තරගාවලිය සදහා දැනට සහභාගි විමට නියමිත විදේස් ක්‍රිඩකයින්ගේ නම්

Australia: David Warner, Shaun Tait, Callum Ferguson, Daniel Christian

Bangladesh: Tamim Iqbal.

India: Dinesh Karthik, Irfan Pathan, Manish Pandey, Manoj Tiwary, Munaf Patel, Paul Valthaty, Praveen Kumar, Ravichandran Ashwin, Ravindra Jadeja, Saurabh Tiwary, Umesh Yadav, Vinay Kumar.

Ireland: Kevin O'Brien.

New Zealand: Daniel Vettori.

Pakistan: Imran Nazir Shahid Afridi, Shoaib Akhtar, Sohail Tanvir, Umar Akmal, Wahab Riaz.

South Africa: Albie Morkel, Herschelle Gibbs, Lonwabo Tsotsobe, Makhaya Ntini.

West Indies: Chris Gayle Danza Hyatt, Darren Bravo, Kieron Pollard.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්