ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 18 March 2009

ත්‍රිපිකටයේන් බිදක් ....

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය - උද්දාන ගාථා)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!


පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව, කාම සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. තරහ සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ තරහ සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. හිංසා සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ හිංසා සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. ඇති වෙන සෑම පාපී අකුසලයක් ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ පව් සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා.
පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණ පාවිච්චි කරල දුරු කළේ නැත්නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හට ගන්නවා. යම් දෙයක් නුවණ පාවිච්චි කරල දුරු කළොත් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හට ගන්නෙ නෑ.
පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව කිව්වෙ මේවට යි.

(ත්‍රිපිකටය ගැන වැඩි විස්තර ඉගනගන්න කැමති නම් www.tipitaka.mahamevna.org/ අඩවියට පිවිසෙන්න)

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්