ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 9 November 2009

කඩමන්ඩියේ දොල අයිනේ නුබව පෙනේ

මගේ හදවතේ ගැබුරුම තැනට ලන් උන ගිතයක්.ඇත්තටම මේ ගිතය කොයිතරම් සුන්දරද බලන්න
මේ ගීතය ගයනා කරන්නේ විශාරද නන්දාමාලනියන්. හැබැයි පද රචනය කාගෙද දන්නේ නම් නැ...

කඩමන්ඩියේ දොල අයිනේ නුබව පෙනේ
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතිව හිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කිමට බැරුව වැසි

ගහකොල වලට දහසක් ඇස් ඇති හින්දා
සුළගට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දොතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලන් වී රොන් ගන්න බැරි

3 comments:

  1. මම ජිවිතේ අහපු හොදම සින්දුව කියවලා අඩන්න පුලුවන්

    ReplyDelete
  2. මම කැමති මගේ ප්‍රියතම ගීතයක් මේක. දැන් ‍මේ වගේ ගීත බිහිවෙනවා බොහොම අඩුයි.

    ReplyDelete
  3. ඇත්තම කියනව නම් ඉස්සර මං මේවගේ සිංදු නිකං හම්බ වුනත් අහන්නෙ නෑ. කොහෙදි හරි ඇහුනත් තරහ යනව. ඒත් එකදවසක් මගෙ යාලුවෙක් තමයි මේක මට බලෙන්ම ඇස්සුවේ. එදා ඉදන් අද වෙනකම් මගේ කැමතිම සිංදු වලින් එකක් තමයි මේක. මේක ඇහුවයින් පස්සෙ දැන් මම මේ වගේ සිංදු වලටත් ගොඩක් කැමතියි. මේ සිංදුව මගෙ ජීවිතයේ සංදිස්ථානයක් වෙන්නෙ ඒක හින්දයි. කෙටියෙන් කියනවනම්, ඇත්තමට මාර සිංදුවක්. අහන හැම වෙලේම දැනෙන්නෙ අමුතුම හැඟීමක්...

    මේ සිංදුව මට බලෙන්ම ඇස්සවු මාගේ මිතුරාටත් ස්තූතිවන්ත වෙමි. මෙය ගායනා කරන නන්දා මාලනියන්හට මෙවැනි ගීත තව තවත් එලිදැක්වීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්