ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 26 January 2010

ඕං මමත් ජන්දය දැම්මා.

අද කවුරු කවුරුත් බලාගෙන එන්නවා ඇති කවුද මිලග ජනාධිපති වෙන්නේ කවුද කියලා. ඕං මාත් අපේ තාත්තාගේ බලවත් ඉල්ලිම මත ගොසින් මාගේ සර්වඡන ඡන්ද බලය පාවිච්චි කරලා ආවා. හැබැයි අපේ ප්‍රදෙශයේනම් එතරම් ජනතාවක් ඡන්දය පාවිච්චිකිරිම සදහා මම යන වෙලාවේ නම් සිටියේ නැ. මම විතරයි පොලිමෙත් හිටියේ( පොලිමක් නැ මම තනියම) මම ඡන්දය දාලා එනවිටනම් දෙතුන් දෙනෙක් තව එනවා දැක්කා. එත් ඉතිං මට පෙනේන්න තිබුනු විදියට එතරම් ජනතා උනන්දුවක් නැ වගේ.( මම ඡන්දය දමන්න ගිය වෙලාව වැරදිද දන්නැ. ගියේ 11.45 ට විතර) ඡන්දය දාලා ආවා විතරයි ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න sms එකක් එනවා පොන්සෙකා මහත්තයාට ඡන්දය නැ කියලා. එක බරපතල නිති ගැටලුවක්ලු. ඔබේ ඡන්දය නැති නොකරගෙන මහින්ද මහත්තයට ඡන්දයදිලා රට දිනවන්නලු.( මම කොහොමත් රට දිනවන්න ඕන නිසා සමානාත්මතාවය පෙරදැරි කරගෙන ඡන්දය දුන්නා :- ) අනේ මන්දා පොන්සෙකා මහත්තයා ඇයි ඡන්ද නාම ලෙඛනයට නම දැම්මේ නැත්තේ කියලා. ( මං හිතන්නේ පොන්සෙකා මහත්තයා මේ පාරත් තැපැල් ඡන්ද දන්න කියලා හිතන් ඉන්නෑති.) දැන් ඉතිං හැමොම ඡන්දය දාලා ඉවර ඇති. ඉතිං මොන ප්‍රතිපලය ආවත් බුද්දිමත් ජනතාවක් විදියට අපි සාමකාමිව කටයුතු කරමු......

1 comment:

  1. මමත් දැම්මා නොවැ !!
    අපේ පැත්තේ නම් පෝලිම ජුන්ඩක් තිබ්බා

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්