ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 27 January 2010

ජය ජය වේ.........

දෑසේ නැගුන කදුලු....
පිසදලන්න එන්න....
බෙදුනු යුගය ඉවරයි.....
එන්න එන්න එන්න....
ලක් මවගේ දරුවෝ.....
සියලු දෙනා එන්න........
රට හදන්න එන්න.................

දැන් ඉතින් මුලු රටම දන්නවා කවුද මිළග ජනාදිපති කියලා. ඡන්දෙන් පස්සේවත් දෙපැත්තට බෙදිලා හිටිය අපිට ආයෙත් රට වෙනුවෙන් එකතුවෙන්න පුලුවන්නම් අපිට පුලුවන් මේ රටට සුබ අනාගතයක් උදාකරන්න. ඡන්දෙට බෙදිලා වෙන්වෙලා හිටපු කලා කරුවෝ, දේශපාලකයින්, හා බුද්ධිමතුන් සියලු දෙනාම එකට එකතුවෙයි කියලා බලපොරොත්තු වෙනවා.
අප ජනතාව "විශ්වාසනිය වෙනසකට" වඩා "සුභ අනාගතයක්" කෙරෙහි විශ්වාසය තබා තියනවා. එසේ නම් හෙට අප රට ආසියාවේ අශ්චර්ය්‍ය බවට පත් කිරිමට මෙම කළගුන දන්නා නායකයාගේ යුතුකමකි.

හෙට හිරු පායන්නේ අලුත් රටක් උදෙසාය. ඒ රට අප සියලු දෙනාගේය. ඉතින් එහෙනම් තවත් කුමටද පමා වෙන්නේ...... අප එක්සත්ව, එක්සිත්ව අප රට වෙනුවෙන් පෙල ගැසෙමු.
ජය ජය වේ.........

1 comment:

  1. ''සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
    මහා බලයක් විහිදුවාලමු
    අපේ රට හෙට එකම එක සුරපුරයක්''

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්